Watch Trailer

Delhi Crime [S01 : E01] Sinhala Subtitles | අපරාධයට දඬුවම… [සිංහල උපසිරැසි සමඟ]

2012 අවුරුද්දෙ දෙසැමබර් මාසෙ 16 වෙනිදා රාත්‍රියේ වෛද්‍ය ශිශ්‍යයින් වූ 23 හැවිරිදි ජ්යෝති සිං පාන්ඩේ සහ ඇයගේ යහලුවා අවින්ද්‍රා ප්‍රතාප් පාන්ඩේ දකුණු දිල්ලියෙන් බස් රථයකට නගින්නේ නිවසට යාමට. බස් රථයේ රියදුරු ඇතුලුව හය දෙනෙක් ඇයව දූශනය කර ඇගේ යහලුවාට පහර දෙනවා. ප්‍රහාරයෙන් දින 11 කට පසුව සිංගප්පූරුවේ…

2012 අවුරුද්දෙ දෙසැමබර් මාසෙ 16 වෙනිදා රාත්‍රියේ වෛද්‍ය ශිශ්‍යයින් වූ 23 හැවිරිදි ජ්යෝති සිං පාන්ඩේ සහ ඇයගේ යහලුවා අවින්ද්‍රා ප්‍රතාප් පාන්ඩේ දකුණු දිල්ලියෙන් බස් රථයකට නගින්නේ නිවසට යාමට. බස් රථයේ රියදුරු ඇතුලුව හය දෙනෙක් ඇයව දූශනය කර ඇගේ යහලුවාට පහර දෙනවා. ප්‍රහාරයෙන් දින 11 කට පසුව සිංගප්පූරුවේ රෝහලකට ප්‍රතිකාර සදහ ඇයව මාරු කලත් සිදුවූ බරපතල තුවාල නිසා දින දෙකකට පසුව ඇය මිය යනවා.

CCTV දර්ශන වලින් ලබා ගත් තොරතුරු මගින් පැය 24ක් ගත වීමටත් පලමුව පොලීසිය විසින් දූශකයින්ව අත් අඩංගුවට ගන්නවා. බස් රථයෙ රියදුරු සහ ඔහුගෙ සොහොයුරා, දකුණු දිල්ලියේ මුඩුක්කු පැල්පත් වාසීන් දෙදෙනෙක්, ජිම් උපදේශක වරයෙක්, පළතුරු වෙලෙන්දෙක්, රැකියාවක් සොයා දිල්ලියට පැමිනි අයෙක් වගේම අවුරුදු 17ක බාලවයස්කාරයෙක්ද ඔවුන් පිරිසට අයත් වෙනවා. වාර්තාවල සඳහන් වුන පරිදි ඔවුන් එදින සාදයකදී මත් පැන් පානය කර සිටි බවද තහවුරු වුනා. එම දූශනයට පෙර ඔවුන් කල්ලිය තවත් පුද්ගලයෙක් මංකොල්ල කා ඔහුගේ ජංගම දුරකතනයද සොරාගෙන තිබෙනවා. 2013 මාර්තු මාසෙ 11 වෙනිදා බස් රථයෙ රියදුරු ටිහාරා බන්ධනාගාරයේ ඔහුගේ සිර කුටිය තුලදී ගෙල වැලලාගෙන මිය යනවා.2013 සැප්තැම්බර් 10 වෙනිදා නඩුව ඉහල අධිකරනයේ කැඳවනු ලැබුවා. බාල වයස් කරුවෙකු වී ජුවෙනිල් හට වසර 3ක සිර දඬුවම්ද සෙසු සිව් දෙනාට ලිංගික දූශනය සහ මිනීමැරීමට වරදකරුවන්කොට දින තුනකට පසු එල්ලා මරනු ලැබුවා.

ඔබට සමහරවිට මතක ඇති ඒ කාලයේ ලංකාවෙ ජනමාධ්‍ය වලත් මේ සිද්දිය ගැන ප්‍රචාරය වුනා. මේ සිද්දිය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද පුළුල් ලෙස හෙලා දකිනවා. දූශනයට පත් වූ පුද්ගලයාගේ නම ප්‍රකාශයට පත් කිරීමට ඉන්දියානු රජයට අවසර නොමැති බැවින් ඇය නිර්භීත යන අර්තය ඇති නිර්භයා ලෙස හඳුන්වනු ලැබුවා. ඇගේ අරගලය සහ මරනය ලොව ස්ත්‍රී දූශනයට එරෙහි ප්‍රතිරූපයේ සංකේතයක් වුනා.

2012 දෙසැම්බර් මස 29 දින ජ්යෝති මිය ගිය පසු කාන්තාවන්ට ප්‍රමානවත් ආරක්ශාවක් සැපයීමට රජය අපොහොසත් වීම ගැන නවදිල්ලියේ උද්ගෝශන ආරම්බ වුනා. විරෝධතාකරුවන් දහස් ගනනින් ආරක්ශක අංශ සමග ගැටුනා. මුලින් Raisina Hill හිදී ආරම්බ වූ විරෝධතාව India Gate සහ ඉන්දියානු පාර්ලිමේන්තුව දක්වා පැතිරුනා. විශ්ව විද්‍යාල ශිශ්‍යයන් දස දහස් ගනනින් එක් වුනා.බැංගලෝරයේ කාන්තාවන් 600කට අධික පිරිසක් මේ විරෝධතාවට එක් වුනා. එම විරෝධතාකරුවන් බොහෝ දෙනෙක් කලු ඇදුමින් සැරසී ඉටි පන්දම් රැගෙන විත් තිබුනු අතර මුව වැසෙන සේ කලු රෙදි පටියක් බැඳ තිබුනා. පැරීසියේ ඉන්දීය තානාපති කාර්‍යාලයටද ඉන්දියාවේ කාන්තාවන් සුරකින ලෙස ලියූ පෙත්සමක් ගෙනවිත් බාර දෙනවා.

මියගිය අයට උපහාරයක් ලෙස ගූගල් ආයතනයද විශේශ ප්‍රකාශයක් කර තිබුනා. ඒ වගේම සමාජ මාද්‍ය ජාල වලද මේ පිලිබඳ බොහෝ විරොධතා ඇති වුනා. Facebook, Messenger හි Profile Picture ලෙස කලු පැහැති තිත් සංකේතය භාවිතා කලා. එමෙන්ම දස දහස් ගනනක් අන්තර්ජාලයේ පෙත්සමක්ද අත්සන් කලා.

රට පුරා පැතිරුනු විරෝධතා මධ්‍යයේ කාන්තාවන්ගෙ ආරක්ශාව තහවුරු කිරීමට පියවරයන් ප්‍රකාශයට පත් කලා. රාජ්‍ය පොලීසිය විසින් මෙහෙයවනු ලබන 24/7 චාරිකා සේවාව දියත් කලා. ලිංගික අපයෝජන සිදු කිරීම බරපතල වරදක් ලෙස සලකා, ඉහල නිලධාරීන් හටම යොමු කරනු ලැබුවා. ලිංගික අපරාධකරුවන්ට ඉක්මනින් පරීක්ශන පවත්වා නීතිමය පියවර ලබා දීම සඳහා නීති සංශෝදනයට මහජන යෝජනා ඉදිරිපත් කිරීමට අධිකරන කමිටුවක් පත් කලා. 2013 වසරේදී ප්‍රනාබ් මුකර්ජි විසින් අපරාධ නීතිය ප්‍රකාශයට පත් කල අතර එමගින් නව නීති කිහිපයක් සම්මත වුනා. ස්ථිර දූශන නඩු විභාග සඳහා නව වේගවත් උසාවියන් 6ක් නිර්මානය වුනා.

කෙසේ නමුත් එම ප්‍රහාරය එල්ල වී වසරක් සපිරෙන 2013 වසරේ දෙසැම්බර් මසදී ඇගේ පියා කියා සිටියේ ප්‍රතිසංස්කරන පොරොන්දු ඉටු නොවුන බවත්, තම දියනිය සහ තවත් එවන් අයට යුක්තිය හා සාධාරනය ඉටු කිරීමට නොහැකි වීම ගැන කනගාටු වන බවයි. 2013 වර්ෂයේ දෙසැම්බර් මාසයේ, මියගිය අයගේ පවුලේ අය විසින් හිංසනයට ලක් වූ අයට නිවහනක් සහ නීති ආධාර ලබා ගැනීම සදහා “නිර්භයා” නමින් පදනමක් පිහිටුවනවා.

මෙම සිද්දිය පිලිබඳව 2015 මාර්තු මස 4 වනදා එක්සත් රාජධානියේදී BBC වාර්තා වැඩසටහනක් විකාශය වුනා. ඉන්දියානු – කැනේඩියානු චිත්‍රපටි නිශ්පාදිකා දීපා මෙහ්තා විසින් නිශ්පාදිත Anatomy of Violence නමින් 2016 වර්ෂයේ තිරගත වූ චිත්‍රපටියට පාදක වුනෙත් මේ සිදුවීමමයි. මේ සිදුවීම පාදක කරගෙන 2019 වර්ෂයේ Netflix නාලිකාවේ විකාශය වූ කොටස්ක 7කින් යුත් කතා මාලාවෙ පලවෙනි කොටස තමයි මේ අරගෙන ආවෙ.

පලවෙනි සීසන් එකට ගොඩක් හොඳ විචාරක ප්‍රතිචාර ලැබුනා. Rotten Tomatoes 100% ක්ද, IMDb 8.8 ක්ද හිමි වෙනවා. අධ්යක්ශනය කරන්නේ Richie Mehta. රංගනයෙන් Shefali Shah, Rasika Dugal, Adil Hussain, Rajesh Tailang, Denzil Smith, Yashaswini Dayama, Avijit Dutt, Gopal Dutt, Sanjay Bishnoi, Mridul Sharma, Jaya Bhattacharya, Swati Bhatia දායක වෙනවා.

ඉතින් දෙවෙනි කොටස තවත් සහෝදරයෙක් අරන් එයි. තවත් උපසිරැසියකින් හමු වෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,392 downloadsDownload delhi-crime-e01.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

9,392 downloadsDownload Subtitles32 KB

26 comments

  1. kalana

    Thanks

  2. ishara

    Thanks ....

  3. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන්

  4. Kalana Ganganath

    Download Link ekak denawada saho...

  5. Prabodha Madhusankha Hettiarachchi

    Ammo balagenama hitapu tv series ekak. Godak sthuthi sis sub ekataa....

  6. Nerun Kalpajith Fernando

    webrip hariyanawa neda

  7. Stranger

    thanks

  8. rangika Kariyawasam

    නියම වැඩක් බෝම තුති..ජය

  9. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Ruk96

    sub ekata godak sthuthi..

    baiscopedowload eke dala tiyenne episode 2 bro 1 kiyala poddak balanna

    Thank you!

  11. Tharindu07

    Thank You.....!!!!

    1. Hiranhiru

      උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
      මං හින්දි පිලුම් වලට ආස නෑ.
      ඒත් සත්‍ය කතාවක් නිසා බලන්න හිතුනා.
      ජයවේවා....!

  12. Nirosh C

    ස්තුතියි දහරා.ජයවේවා !

  13. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි අක්කේ.. අනිවාර්යෙන්ම බලන්න හිටපු වෙබ් සීරීස් එකක්.. නෙට්ෆ්ලික්ස් නම් අතාරින්නේම කොහොමද..? ඔන්න ඉතින් බලන්න පටන් ගත්තා!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Rasika

      Thnkx..but subtitle samahara ewta dala ne

  15. බොබී

    ඔව්. මටත් මේ සිද්ධිය ටීවී එකේ යනවා මතකයි. මට මතක හැටියට වැරදිකාරයන්ගේ පැත්තට කතා කරන්න නීතිඥයෙක්වත් ඉදිරිපත් වුනේ නෑ මුලදි. පස්සේ කවුද එකෙක්ව සල්ලිවලට හොයාගෙන තිබුනා. කොහොම වුනත් වරදකරුවන්ට සුදුසු දඬුවම ලැබුන එක ලොකු දෙයක්. උපසිරැසියට ස්තූතියි. අක්කේ.

  16. Kasunbaba

    Aiye meke complete season ekata sub daganne kohomda

  17. sahancharuka

    Thank YOU

  18. Tharindu07

    Godaak Thanks Meeka sub Karanna mahansi una hemootama......!!!! Jayaweva....!!!

  19. melinda

    thank you...

  20. Lahiru Lakshan

    thanks....

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි .....!

  22. srgtd321

    Thanks Sis...

  23. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  24. Malith samarawickrama

    Thanks so much sub ekata.