Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… මේ කොටස ආරම්භයේම දකින්න ලැබුණේ රාජ්, පෙයිරි, මීර් සහ බුෂ්රා අවන්හලක ආහාර ගනිමින් විනෝද වෙමින් ඉන්නවා. මෙයාලා හැමෝම සතුටින් එකතු වෙලා තමන්ගේ කඩ ව්‍යාපාර ජාලයේ සාර්ථකත්වය සමරනවා. මෙතන මෙයාලා දිහා එක ආගන්තුක පුද්ගලයෙක් ඈත ඉඳන් හොරෙන් බලාගෙන ඉන්නවා. පෙයිරි FBI න…
Deli Boys Sinhala Subtitles
පෙර කොටසින්…
මේ කොටස ආරම්භයේම දකින්න ලැබුණේ රාජ්, පෙයිරි, මීර් සහ බුෂ්රා අවන්හලක ආහාර ගනිමින් විනෝද වෙමින් ඉන්නවා. මෙයාලා හැමෝම සතුටින් එකතු වෙලා තමන්ගේ කඩ ව්‍යාපාර ජාලයේ සාර්ථකත්වය සමරනවා. මෙතන මෙයාලා දිහා එක ආගන්තුක පුද්ගලයෙක් ඈත ඉඳන් හොරෙන් බලාගෙන ඉන්නවා. පෙයිරි FBI නිලධාරින්ව හම්බවෙන්න යනවා. මෙතනදි FBI එකෙන් දාර්ලා ගැන ඔත්තු බලන්න පෙයිරිට රහස් වයර් උපංගයක් පැලදගන්නයි කියලා ලබා දෙනවා. පෙයිරි මෙතනදි කියනවා තමන්ට විශ්වාසයි රාජ් නීති විරෝධි දේවල් කරන්නේ නැහැයි කියලා නමුත් තමන් මේ උපංගය පැලදගෙන ඒ බව ඔප්පු කරන්නම් කියලා. රාජ් සහ පෙයිරි දෙන්නා යනවා නන්දිකාලගේ කඩේට. මේ යන්නේ මත්ද්‍රව්‍ය තිබෙන අච්චාරු බෝතලයක් අරගන්නයි. මේ ගැන පෙයිරිට කිසිම අදහසක් නෑ. වාහනේ ඇතුළෙදි දෙන්නගේ වෙන කතා බහට FBI නිලධාරිනී මර්සර් සහ එයාගේ ඉහළ නිලධාරියා සවන් දීගෙන ඉන්නවා. මෙතනදි රාජ් කෙනෙක් එක්ක දුරකථනයෙන් වෙන සංවාදයක් නිසා පෙයිරිට වේලපහම තේරුම් යනවා රාජ් මත්ද්‍රව්‍ය සම්බන්ධ දෙයකට සම්බන්ධව ඇති කියලා. දුරකථනයෙන් රාජ් එක ලිපිනයක් හොයනකොට ඉක්මනටම ඒක FBI එකට ඇහෙන එක වළක්වන්න කෙල්ල රාජ්ව සිප ගන්නවා. නමුත් මේ වැඩේ සාර්ථක වුණේ නෑ. රාජ්ගේ දුරකථනයෙන් මේ ලිපිනය හඬ එකපාරටම කියනවා. මේකෙන් FBI එක තැන දැනගන්නවා.
මේ තැනට යන රාජ් කොටු වෙනවා ෆෝ සහෝදරයින්ට. මෙතනදි මෙයාලා එක්ක ලොකු ගැටුමක් ඇතිවෙනවා. මේකට පෙයිරිත් පැටලුනා. මේ පිරිස අතින් පෙයිරිගේ ඇඳුම ගැලවිලා විවෘත වෙනවත් එක්ක රාජ් ඇතුළුව හැමෝම දකිනවා කෙල්ලගේ ඇඟ පුරා තියන වයර්. ෆෝ සහෝදරයෝ හැමෝම ඒක දැකලා FBI එක එයි කියලා බයවෙලා දුවනවා. මෙතනදි පෙයිරි ගැන රාජ්ට හොඳටම කලකිරෙනවා. පෙයිරි මේ ගැන මිනිහට පැහැදිලි කරන්න උත්සහා කරත් ඒක සාර්ථක වුණේ නෑ.
ඉතින් මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්,
මේ එපිසෝඩ් එක ටිකක් දුක හිතෙන එකක් වුණා. විශේෂයෙන්ම රාජ් සහ පෙයිරි අතර තිබ්බ විශ්වාසය බිඳ වැටෙන හැටි දැක්කම. මුලින්ම බලද්දි හැමෝම සතුටින් හිටිය හැටි පේනවා. ව්‍යාපාර සාර්ථකයි, යාළුවෝ එකට ඉන්නවා. හැබැයි ඒක වෙනස් වෙන්න පටන් ගත්තා FBI එක මැදිහත් වුණාට පස්සේ.
පෙයිරිගේ තීරණය ගැන මට හිතෙන්නේ කෙල්ල හරි අසරණ තත්වයක හිටියා කියලා. එක පැත්තකින් රාජ් ගැන තියන ආදරය, අනිත් පැත්තෙන් නීතිය ඉදිරියේ තියන වගකීම. කෙල්ල හිතන්න ඇති රාජ් වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. ඒත් අවසානයේදී ඒක වෙනස් වුණා.
රාජ්ගේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකලාපය එළියට එන හැටි දැක්කම මට හිතෙන්නේ ඉස්සරහට මිනිහට නීතියෙන් ලේසි වෙන එකක් නැතිවෙයි කියලා. ෆෝ සහෝදරයින්ගේ මැදිහත්වීමත් එක්ක මේක තවත් භයානක අතට හැරෙන්න පුළුවන්.
මට හිතෙන විදිහට ඉස්සරහට රාජ් සහ පෙයිරි අතර සම්බන්ධය තවත් අවුල් වෙන්න පුළුවන් වගේම FBI එක රාජ් පස්සේ එක දිගටම පන්නාවී. ෆෝ සහෝදරයින්ගෙන් ප්‍රශ්න තවත් වැඩි වෙන්න පුළුවන්. රාජ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් හැමෝටම එළි වෙන්නත් ලොකු ඉඩක් තියනවා.
මේ වුණ සිදුවීම් නිසා හැමෝගේම ජීවිත වෙනස් වෙන්න පටන් අරන්. දැන් තියෙන්නේ බලන් ඉන්න විතරයි මේක කොහෙටද යන්නේ කියලා.
Deli Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
354 downloadsDownload Deli-Boys-S01E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Deli Boys [S01 : E08] Sinhala Subtitles | අච්චාරු බෝතල් එක්ක ඔට්ටු වෙන අසරණ FBI නිලධාරිනිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/08/deli-boys-S01-2.jpg)



Thanks