Watch Trailer

Deli Boys [S01 : E07] Sinhala Subtitles | FBI එකට ඔත්තු සපයන පාවාදෙන්නා [සිංහල උපසිරසි]

Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… රාජ් තාත්තගේ අභාවය ගැන කතා කරනවා. මිනිහා විශ්වාස කරනවා තාත්තා දැන් පූසෙක් බවට පත්වෙලා කියලා. මීර් මේ ගැන සැක කරනවා, රාජ් කියනවා තමන් තාත්තා-පූසාට කෑම දීලා බලා ගන්නවා කියලා. ඊළඟට මෙයාලා මංගල උත්සවයේ වැඩ කටයුතු ගැන කතා කරනවා. ලකී එන්න පරක්කු එක ගැන මෙයාලා ටිකක…

Deli Boys Sinhala Subtitles

පෙර කොටසින්…

රාජ් තාත්තගේ අභාවය ගැන කතා කරනවා. මිනිහා විශ්වාස කරනවා තාත්තා දැන් පූසෙක් බවට පත්වෙලා කියලා. මීර් මේ ගැන සැක කරනවා, රාජ් කියනවා තමන් තාත්තා-පූසාට කෑම දීලා බලා ගන්නවා කියලා. ඊළඟට මෙයාලා මංගල උත්සවයේ වැඩ කටයුතු ගැන කතා කරනවා. ලකී එන්න පරක්කු එක ගැන මෙයාලා ටිකක් වද වෙනවා. රාජ් සහ මීර් කඩේට ගිහින් හම්සා ගැන තොරතුරු හෙව්වා. මෙතනට හම්සගේ සහෝදරයෝ දෙන්නෙක් එනවා. ඇවිත් රාජ් සහ මීර්ගෙන් අහනවා හම්සා කියලා කෙනෙක් දන්නවද කියලා. මීර් කියනවා හම්සා කියලා කෙනෙක් නොදන්නා බව. මෙතනදි හම්සගේ ඉෆ්තිකාර් කියන සහෝදරයා මීර්ට පාරක් ගහනවා. ලකී තමන් ගාව ඉන්නේ කියලා මෙයාලා රාජ්ටයි මීර්ටයි තර්ජනය කරලා හම්සව 6 වෙද්දි වරායට එක්කන් එන්න කියනවා.

රාජ් සහ මීර් පවුලේ සංකීර්ණ සම්බන්ධතා ගැන කල්පනා කරනවා. ලකීගේ ජීවිතයට තර්ජන එල්ල වීම ගැන රාජ් දුකට පත් වෙනවා. ලකී නැන්දව බේරගන්න අහ්මඩ් මාමා උදව් නොකරන එක ගැන දෙන්නම කනගාටු වෙනවා. එකපාරටම රාජ්ට මතක් වෙනවා ඉස්කෝලේ කාලේ පාටි තිබ්බ ඩ්‍රේක් ප්ලාසා එක. ලකී එතන ඇති කියලා හිතනවා. මෙයාලා මෙතන පිළිගැනීමේ අංශයට යනවා. එතන ගිහින් රාජ්ගේ බ්‍රිතාන්‍ය උච්චාරණයට මීර් හිනා වෙනවා. මෙයාලා ඩ්‍රේක් ප්ලාසා එකේ ලකී ඉන්න කාමරයට ළඟම එක වෙන් කරවා ගන්නවා. ලකීව බේරා ගන්න සැලසුමක් හදනවා. රාජ් අවදානම් සහගත සැලැස්මක් යෝජනා කරනවා.

 


රාජ්ගේ මෝඩ සැලසුම ක්‍රියාත්මක කිරීම නිසා දෙන්නම හම්සගේ සහෝදරයන්ට අහුවෙනවා. මෙයාලා එක්ක ගැටුමක් ඇති වෙනවා. ලකී දක්ෂ ලෙස නිර්භීතව සටන් වැදිලා තත්ත්වය පාලනය කර ගන්නවා. ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙනවා.ලකීගේ සටන් හැකියාව නිසා මෙයාලා තුන්දෙනාම මෙතනින් බේරිලා එළියට යන්න සමත් වුණා.

මේ කොටස ගැන බැලුවොත්,

මේ එපිසෝඩ් එකේ රාජ් හොඳ සිහියකින්ද ඉන්නේ කියන එක ගැන මට සැකයි. මිනිහා තාත්තව පූසෙක් විදිහට දකිනවා කියන එක අමුතු දෙයක්. මට හිතෙන්නේ තාත්තගේ මරණය මිනිහට ලොකු බලපෑමක් කරලා තියෙනවා වගේ කියලා. මේක ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ලකී සහ හම්සාගේ ප්‍රශ්නේ දැන් තවත් සංකීර්ණ වෙලා. හම්සාගේ සහෝදරයෝත් මේකට මැදිහත් වුණානේ. මට හිතෙන විදිහට මේක ඉස්සරහට තවත් අනතුරුදායක තත්වයකට යන්න පුළුවන්.

රාජ් සහ මීර්ගේ මිත්‍රත්වය හරිම ලස්සනයි. දෙන්නා එකිනෙකාට උදව් කරගන්නවා. හැබැයි රාජ්ගේ මෝඩ තීරණ නිසා දෙන්නම අමාරුවේ වැටෙනවා. ලකීගේ සටන් හැකියාව නිසා තමයි මේ පාර බේරුණේ. ඒත් ඊළඟ පාර එහෙම වාසනාවක් නැති වෙන්න පුළුවන්.

මට හිතෙන්නේ ඉස්සරහට මේ කතාව තවත් දරුණු වෙයි කියලා. හම්සාව හොයාගෙන එන අය වැඩේ අත අරින එකක් නැති වෙන්න පුළුවන් එකක්. ඒ වගේම රාජ්ගේ මානසික තත්වය ගැනත් බලන්න වෙයි. මේක දැන් තව දුරටත් සරල ආදර කතාවක් නෙවෙයි, ජීවිත අනතුරේ දාලා කරන සටනක් බවට පත්වෙලා.

 


ඊළඟ කොටසෙන් හෙට හම්බවෙමු.

Deli Boys Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

359 downloadsDownload Deli-Boys-S01E07.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Deli Boys Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

359 downloadsDownload Subtitles19 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks