Watch Trailer

The Defects [S01 : E02] Sinhala Subtitles | අසතුටුදායක ගුණාත්මකභාවය [සිංහල උපසිරසි]

The Defects Sinhala Subtitles ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාර…

The Defects Sinhala Subtitles

ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාරයක් කරනවා කියලයි.  අද උදේ (25.07.24) මම ආයෙත් ඒ මනුස්සයා ගැන පෝස්ට්  එකක් දැක්කා FB එකේ. ඒකෙ තිබුනෙ ඒ මනුස්සයා කතා කරන විදිහට..මම ළමයි ගොඩකට මේ ලෝකෙ හොඳ ජීවිත හදල දුන්නා කියලා..අපරාදෙ කියන්න බැහැ ඒකෙ කමෙන්ට් වල, හැමදාම වගේ ඉතිහාසෙ ඉක්මනට අමතක වෙන අපේ මිනිස්සු ඒ මනුස්සයට දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට පතල තිබුනා.

දරුවො හදාගන්න ගන්න වගේම දෙන අය අදටත් මේ සමාජෙ ඉන්නවා. ඒවා කොච්චර දුරට සාධාරණද සාර්ථකද කියල දන්නෙ ඒ අත්දැකීම විඳපු අයම විතරයි. අද මම ගේන්න යන මේ කතාවත් ඒ වගේ කතාවක්.

The Defects, අධ්‍යක්ෂක Oh Ki Hwan ගෙ අධ්‍යක්ෂණයෙන් වගේම Eom Se-Yoon (webcomic), Ryu Ga-Myeong (webcomic), An So-Jung යන අයගෙ රචනයෙන් නිර්මාණය වුන Action, Thriller, ශානරයට අයිති වෙන නිර්මාණයක්.

ප්‍රධානවම මේ කතාව ගැන ගන්නව නම්, කිම් සේ හුයි කියන්නෙ ප්‍රසිද්ධ රෝහලක අධ්‍යක්ෂකවරියක් වගේම පුණ්‍යාධාර පදනමක ක්‍රියාකාරිනියක්. සමාජය ඉස්සරහා ගෞරවනීය චරිතයක් වෙන මේ කිම් සේ හුයිට ඇත්තටම මූණු දෙකක් තියෙනවා. ඒ අනිත් මූණෙන් සේ හුයි කරන්නෙ තනිකරම ව්‍යාපාරයක්. ඒ තමයි දරුවො විකුණන එක. ජීවත් වෙන්න ඕනෙ උසස් ජාන තියෙන අය විතරයි කියල විශ්වාස කරන මේ සේ හුයි තමන් විකුණන ළමයි අතරෙ ඉන්න පහත් ජාන සහිත දරුවන්ව විනාශ කරල දානවා. ඒ දරුවන්ව ගත්ත දෙමව්පියො ඒ දරුවො එපා කියලා ආපහු එව්වම සේ හුයි කරන්නෙ ඒ ළමයින්ව මරල දාන එක…

ඔයාලගෙ බලාපොරොත්තුව සැහැල්ලු, විනෝදජනක කතාවක් බලන්න නම්..එහෙනම් මේක බලන්න ගන්න එපා.. මොකද මේක, ළමා ජාවාරම, ළමා අපයෝජනය, ලිංගික අපයෝජනය වගේ තවත් කම්පනසහගත දේවල් ඇතුලත් වුන කතාවක්.

කතාවෙ මුලු කොටස් ගාන 8 යි. ජූලි 21 පටන් ගන්න කතාව අගෝස්තු 12 වෙද්දි අවසන් වෙනවා වගේම  හැම සතියකම කොටස් 02ක් විකාශනය වෙනවා. කතාව ඉවර වුනාම උපසිරැසි දෙන්න හිතාගෙන තමයි මම කතාව පටන් ගත්තෙ…එහෙනම් අපි කතාව බලන්න ගමු..

හරිම ආදරෙන් ළමයින්ව හදාගන්න මිනිස්සු තමන් බලාපොරොත්තු වුන විදිහට ඒ ළමයා නැති වුනාම ආයෙමත් භාණ්ඩයක් වගේ ආපහු යවන හැටි කලින් කොටසෙන් ඔයාලා දැක්කනෙ. ටේ සික් තමන්ට පුලුවන් හැටියට ඒ දරුවො බේරගෙන හංගගෙන බලාගත්තත් එක පුංචි දරුවෙක් නොදන්නාකමට කරන වැරැද්දක් නිසා ටේ සික්ට තමන්ගෙ ජීවිතේ නැති වෙනවා.

තමන්ට ආදරේ කරපු අම්මයි තාත්තයි තමන්ව මරන්න හදනවා කියන දේ විස්වාස නොකරන නිසයි ඒ පුංචි දරුවා ඒක කරන්නෙ. ඒත් තමන්ගෙ කන් වලටම ඒ දේ ඇහුනම ඒ පුංචි හිත ගොඩක් දුක් වෙනවා.

කොයි විදිහට හරි, මේ දරුවන්ගෙ නිවහන වුන, ලෝකෙන් අතහැරිලා තියෙන පොදු නානස්ථානයට එන මේ දරුවව එතන ඉන්න අයියලා අක්කලා ආදරෙන් පිලිගන්නවා. අද කොටසින් ඔයාලට දැනගන්න පුලුවන් මෙතන ඉන්න අනිත් ළමයි මෙතනට එන්න හේතුව මොකක්ද කියලා..

The Defects Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

429 downloadsDownload The-Defects-S01E02.zip22 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Defects Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

429 downloadsDownload Subtitles22 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට