Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles 2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 2 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. අලුත් කතා සමයේ ආරම්භය…

 

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 2 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. අලුත් කතා සමයේ ආරම්භය ගැන කියනවා නම් Ufotable Studio හි ඇනිමේෂන් නම් පෙර සිරිත් පරිදි සුපුරුදු මට්ටමේම තිබුනු විදිහ අපිට දකින්න ලැබුනා. ආරම්භක කොටසේදීම කලින් දකින්න නොලැබුනු හෂිරාවරුන් දෙන්නෙකුගේ වැඩ කෑල්ලක් එක්කම අලුත් කතා සමයේ ආරම්භය ගත්තු එක නම් ඇත්තෙන්ම හොඳ Interesting moment එකක් වුනා. ඒ වගේම තමයි තේමා ගීතය. කොටස අවසානයේදී දකින්න ලැබුනු තේමා ගීතයත් ඇනිමේෂන් වලට නොදෙවෙනිව රසවින්දනය අතින් හොඳ මට්ටමක තියෙන බව දකින්න ලැබුනා.

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

ඒ විදිහට ඇරඹුනු කතාවෙ දෙවෙනි කොටසට යන්නට මත්තෙන්, මුලින්ම උපසිරැසිය අරන් එන්න සිද්ධ වුනු අධික ප්‍රමාදය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. මේ තරම් Hype සීරීස් එකක් හිතාමතා ප්‍රමාද කරන්නේ නම් නෑ කොහොමවත්. මේ වතාවෙ අපෙන් අත් වැරැද්දක් වුනා. ඒක නිවැරදි කරමින් ගත වුනු කාලය එක්කයි මේ ප්‍රමාදය. තවත් ඒ ගැන හේතු කාරණා වලින් ඵලක් නැති නිසා, අපි පෙර සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

අසිපත් සාදන්නන්ගේ ගමේ සිද්ධ වුනු සටනින් පස්සේ සියලුම හෂිරාවරුන්ගේ සහභාගිත්වයෙන් හෂිරා රැස්වීමක් යක්ෂ නාශක බලකා මූලස්ථානයේදී පවත්වනවා. මේ රැස්වීමේදී පෙර සටනින් ප්‍රකෘති තත්වයට පත් වෙමින් ඉන්න මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ සටනේ තමන්ගේ අත්දැකීම් විස්තර කරමින්, සටනේදී තමන්ගේ සිරුරේ මතුකරගත්තු සලකුණ ගැන විස්තර ඉදිරිපත් කරනවා. ඒ වගේම කතාවේ කතා නායකයා වෙන තන්ජිරෝ කමාඩෝත් රෝහලේ සුවය ලබන ගමන් තමයි ඉන්නෙ. ඒ අතරෙදි ඈත මෙහෙයුම්වලට ගිහින් හිටපු සෙනිට්සු සහ ඉනොසුකේ බලකා මූලස්ථානයට එනවා. ආයෙත් වතාවක් අලුත් අසිපතක් හගනෙසුකාගෙන් තන්ජිරෝට ලැබෙනවා.

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දි මීදුම් හෂිරාගේ සටන් පැහැදිලි කිරීමට අනුව වගේම සූර්යාලෝකය ජයගත්තු, ඒ කියන්නෙ හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව ලබාගත්තු නෙසුකො කමාඩෝගේ තත්වය අනුව ඉදිරියේදී මුසාන් ඇතුළු යක්ෂයින් නෙසුකෝ පසුපස හඹා ඒවි කියන අනුමානය මත යක්ෂ නාශක බලකායේ සියලුම අසිපත් ශිල්පීන්ව, හෂිරාවරුන් යටතේ හෂිරා පුහුණුවකට ලක් කළ යුතු යැයි තීරණයක් හෂිරා රැස්වීමේදී ගනු ලබනවා. ඒ කියන්නෙ ඉදිරියේදී එන යුද්ධය වෙනුවෙන් සූදානම් වෙන්න දැනට ඉහළම තනතුර වෙන හෂිරාවරුන් යටතේ තමයි හැමෝම පුහුණු වෙන්න ඉන්නෙ. හැබැයි ජල හෂිරා වෙන ටොමියූකා ගියූ මේ පුහුණුවට සහභාගී නොවෙන්න තීරණය කරනවා. ගියූගේ මේ තීරණය හැමෝටම ප්‍රශ්නයක්. ගියූ මේ වගේ තත්වෙක ඉන්නෙ ඇයි? සැඟවුනු ජීවිතයක් ගෙවන්නෙ ඇයි? මීළඟට මොකද වෙන්නෙ කියල මේ කොටසින් බලමු. එහෙනම් Demon Slayer Season 4 හි තුන්වෙනි කොටසින් මීළඟ සතියෙදි හමුවෙමු.

ලංකන් Weebs වෙනුවෙන් – ඉසුරු සන්දීප

 


Episode Name – Water Hashira Giyu Tomioka’s Pain

Aired Date – 2024.05.19

IMDB Rating – 7.7 (2024.05.25)

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

6,079 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S04E02.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

6,079 downloadsDownload Subtitles17 KB

13 comments

  1. හශාන්

    Thank u bro... ilaga eka ikmanin denna

  2. Umesh Bandara

    Thank you very much

  3. Dimuthu

    තැන්ක්ස් මිතුර

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Anonymous

    thanks

  6. Akila Dilhara

    Thanks for Sub...

  7. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

  8. KALANA

    Thanks

    1. කිරන්

      ඉක්මනින් episode 3 ඔනේ ❤️‍

  9. Anonymous

    Nice..keep it up

  10. Anonymous

    Epi 3 avith thiyenne ekath oni ❤

  11. lahru

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  12. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...