Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles 2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 6 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් ක…

2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 6 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් කතා සමයට දැන් හැම චරිතයක්ම පාහේ එකතු වෙලයි ඉන්නේ. ඉතින් රසවින්දනයේ කිසිම අඩු පාඩුවක් නැතුව අපිට කතාව රසවිඳින්න පුලුවන්. හැබැයි තාම අපිට අඩු පාඩුවකට තියෙන්නෙ යක්ෂයෙක් සමඟ සටනක් විතරයි.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesශබ්ද හෂිරා, මීදුම් හෂිරා දෙදෙනාට පස්සෙ ආදර හෂිරා වෙත පුහුණුවට ගිය තන්ජිරෝ කවදාවත් අත් නොවිඳි මට්ටමේ ශරීර ඇදීමකට මුහුණ දෙන්න වුනා. නම්‍යශීලී බව ගොඩනැගීම වෙනුවෙන් මේ පුහුණු සැසිය පැවැත්වුනත් අවසානයේදී තන්ජිරෝට ආදර හෂිරාගේ පැණි රස කෑමවල රස බලන්නත් ලැබුනා. ඊට පස්සෙ සර්ප හෂිරා වෙන ඉගුරෝ ඔබනායි වෙත යන තන්ජිරෝට තවත් අලුත් පුහුණුවකට තමයි මුහුණ දෙන්න වුනේ. පුහුණු වෙන ලී අසිපත පවා සර්පයෙක් වගේ නමමින් එල්ල කරන සර්ප හෂිරාගේ ප්‍රහාරයන් කොහොමහරි මැඩ පවත්වගෙන ඒ පුහුණුවත් තන්ජිරෝ සම්පූර්ණ කරනවා. හැබැයි තන්ජිරෝට ආදර හෂිරාව මුණ ගැහෙන එක සර්ප හෂිරා තහනම් කරනවා. ඊට පසුව එළබුනේ තවත් දරුණු ශක්තිමත් හෂිරා කෙනෙක් වෙන සුළං හෂිරා ෂිනසුගවා සනෙමි එක්ක තියෙන පුහුණුව. ඒ පුහුණුවේ තියෙන දරුණු බියජනක බව පුහුණුවේදී මුණ ගැහුනු සෙනිට්සුගෙන් තහවුරු වෙනවා. සනෙමි සහ ගෙන්යාගේ රණ්ඩුවක් අතරට පනින තන්ජිරෝ අන්තිමේදී ලොකු ගුටි බැට හුවමාරුවකට මැදි වෙනවා. මේ සිද්ධියත් එක්ක තන්ජිරෝට සුළං හෂිරා එක්ක පුහුණුව තහනම් කරනවා. අන්තිමට තන්ජිරෝට අයිය මලෝ යාළු කරන්නත් බැරි වුනා වගේම පුහුණුවත් නැති වුනා.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesඑහෙනම් දැන් එක හෂිරාවරයෙක් විතරයි තන්ජිරෝට ඉතුරු. ඒ තමයි පාෂාණ හෂිරා වෙන ගියොමෙයි හිමෙජිමා. මෙයාගෙ පුහුණුව අනිත් හැම කෙනාගේම පුහුණුවට වඩා දරුණුයි බියජනකයි වගේම අසීරුයි. මීළඟට ඇරඹෙන්නෙ සෙනිට්සුත් එක්ක තන්ජිරෝ මුහුණ දෙන අසීරුතම පුහුණුවටයි. ඒකෙදි මොකක් වේවිද? තන්ජිරෝ මොන විදිහේ පුහුණුවකට මුහුණ දේවිද? බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. ඒ වගේම අපිට මේ Hashira Training Arc එකට අනුව තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. එහෙනම් Demon Slayer Season 4 හි හත්වෙනි කොටසින් මීළඟ සතියෙදි හමුවෙමු.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitlesලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ
Episode Name – The Strongest of the Demon Slayer Corps
Aired Date – 2024.06.16
IMDB Rating – 7.2 (2024.06.18)
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
5,891 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S04E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala SubtitlesSubtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer Season 04
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 04
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Geun dae
Sineth
denakam balan hitiye ela bro jayaveva
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Lihini
Thanx for sub , vinland saga anime ekatath sinhala sub puluwannam dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



THANK YOU FOR THE SUBTITLES