Watch Trailer

Star Wars: Tales of the Empire [E01 & E02 & E03] Sinhala Subtitles | පළිගැනීම වෙනුවෙන් දරණ වෑයම [සිංහල උපසිරසි]

Star Wars. ස්ටාර් වෝර්ස් කියන්නෙ 1977 ඉඳන් එන ජෝර්ජ් ලූකස් මහත්තය පටන් ගත්ත ස්පේස් ඔපෙරා එකක්. එදා ඉඳන් අද වෙනකල් එක එක කතාන්දර මේ යුනිවර්ස් එකේ නිර්මාණය උනා වගේම අනාගතයෙත් කියන්න පුලුවන් කතාන්දර අප්‍රමාණ ගාණක් මේ යුනිවර්ස් එකේ ඉතුරු වෙලා තියෙනවා. ස්⁣ටාර් වෝර්ස් වල ලයිව් ඇක්ෂන් ෆිල්ම් ටික හැමෝම ද…

Star Wars. ස්ටාර් වෝර්ස් කියන්නෙ 1977 ඉඳන් එන ජෝර්ජ් ලූකස් මහත්තය පටන් ගත්ත ස්පේස් ඔපෙරා එකක්. එදා ඉඳන් අද වෙනකල් එක එක කතාන්දර මේ යුනිවර්ස් එකේ නිර්මාණය උනා වගේම අනාගතයෙත් කියන්න පුලුවන් කතාන්දර අප්‍රමාණ ගාණක් මේ යුනිවර්ස් එකේ ඉතුරු වෙලා තියෙනවා.

ස්⁣ටාර් වෝර්ස් වල ලයිව් ඇක්ෂන් ෆිල්ම් ටික හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එතනින් මේ කතා නතර වෙන්නෙ නැ. ඇනිමේෂන් ෆිල්ම්, ඇනි⁣මේෂන් සීරිස්, ලයිව් ඇක්ෂන් සීරිස්, ගේම්ස්, කොමික්ස්, ⁣ග්‍රැෆික්ස් නවල්ස් මේ යුනිවර්ස් එකට අයිතියි වගේම සමහරක් ඇරෙන්න බහුතරයක් ⁣ප්‍රධාන ටයිම්ලයින් එකට කැනොන් වෙනවා.

ෆිල්ම් වල තිබුනු සමහර සිද්දි ඉවර උනේ ඇනිමේෂන් සීරිස් වල. එක සීරිස් එකක තියෙන සමහර ස්ටෝරි ඉවර උනේ වෙනත්ම සීරිස් එකකදි. සමහර කොමික් වල තියෙන සිද්දි ඉවර වෙනනෙ ඇනිමේෂන් හෝ ලයිව් ඇක්ෂන් වලදි. ඉතින් මේ වගේ හැමදේම එකට කනෙක්ට් උන ලස්සන යුනිවර්ස් එකක් මේක.

ඉතින් මේ විදියට යද්දි අපි හැමෝම ආදරය කරන ඩේව් ෆිලෝනි මහත්තය නිර්මාණය කරනවා තවත් ලස්සන සීරිස් එකක්. මේක නමින් Tales Of The Jedi. විනාඩි 12-17 අතර එපිසෝඩ් 6කින් මේ සීරිස් එක සමන්විත උනා. ක්ලෝන් වෝර් සීරිස් එකට සම්බන්ද සීරිස් එකක් විදියට මේක නිර්මාණය උනා. ෆෑන් ෆේවරිට් Ahsoka මේ සීරිස් එකේ හයිලයිට් කැරැක්ටර් එක උනා.

ඒ සීරිස් එක සාර්තක උන නිසාම Tales නමින් සීරිස් තවත් නිර්මාණය කරන්න තීරණය උනා. පලවෙනි පාර ජෙඩායිලට චාන්ස් එක දුන්න නිසා ඊලඟ පාර විලන්ස්ලට චාන්ස් එක ලැබෙනවා. මේක නමින් Tales Of the Empire. මේක එපිසෝඩ් හයකින් සමන්විත උනා වගේම ස්ටෝරි දෙකකින් සමන්විත උනා. The Mandalorien S2 එකෙන් අඳුන්වල දීල Ahsoka සීරිස් එකේ ප්‍රධාන චරිතයක් උන Morgan Elsbeth ගේ අතීත කතාවක් වගේම Episode II වල ෆස්ට් ඇපියරන්ස් එක අරන් ක්ලෝන් වෝ වල එපිසෝඩ් ගනනාවක වගේම ග්‍රැෆික් නවල්ස්, ඕඩියෝ බුක් වල දැකගන්න ලැබුනු Barriss Offee ගේ කතාන්දරයක් දැකගන්න ලැබෙනවා.

අද සබ් එක අරන් ආපු පලවෙනි එපිසෝඩ් තුනේ ස්ටෝරිය කන්ටිනියු වෙනවා Mandalorian S02E05 එපිසෝඩ් එකෙන්. ඒ වගේම ඒ එපියෙන් පස්සෙ Ahsoka පලවෙනි සීසන් එකෙන් ස්ටෝරිය දැවැන්තවම කන්ටිනියු වෙනවා.

—————–

ඔන්න මෙදාපාර අලුත්ම ෆ්‍රැන්චයිස් එහෙකට උපසිරැසි ගන්වන්න ඕන කියලා හිතුනා. අලුත් කිව්ව්ට අලුත් වෙන්නෙ මට විතරයි, ෆ්‍රැන්චයිස් එක නෙවෙයි. ඉතිං කාලෙක ඉඳන් ස්ටාර්වෝස් යුනියට අදාලව උපසිරැසි ගන්වන්න සෑහෙන ආසාවෙන් හිටියෙ. එහෙම වෙලාවක තමා මේ සීරිස් එකට උපසිරැසි ගන්වන්න හිතුවෙ. Tales කියන මේ සීරිස් එකෙ මේ වෙද්දි පලමු වැන්නක් නිකුත් වී අවසන්. ඒ වගේම ඒකට උපසිරැසි අපි ගෙනාවා ඔයාලට මතක ඇති. ඉතින් මේ යුනිය මට අලුත් වුනාට ස්ටාර්වෝස් රසික ඔබට නං අලුත් නොවන්නක් බව නොඅනුමානයි. ඒ කොහොමවුනත් මේ සීරිස් එකට අදාලව වගේම ස්ටාර්වෝස් ෆ්‍රැන්ස්චයිස් එක ගැන මූලික සවිස්තරාත්මක විස්තරයක් ඔයාලට ඉහළින් බලාගන්න පුළුවන්. මට මේ සීරිස් එක උපසිරැසි ගන්වන්න අවස්ථාව ලබාදුන්, උපසිරැසි අධීක්ෂණය කෙරූ වගේම ඉහළ සඳහන් වන සවිස්තරාත්මක ලිපිය ලියූ අපේ තිසර නියෝ සහෝදරයාව ආදරෙන් මතක් කරනවා.

එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු. කතාව ස්පොයිල් වෙනවට අකමැති අය ඉතුරු ටික නොකියවා ඉන්න කියලත් මතක් කරනවා.

අද කතාව ගැන කෙටියෙන්…,

” විචර්ස්ලා කාණ්ඩයක් වන නයිට්සිස්ටස්ලා වංශයට ඩ්‍රොයිඩ්ලා විසින් පහර දීමක් සිද්ධ වෙනවා. එහිදි මුළු වංශයම ඝාතනයට ලක් වෙද්දි එයින් නයිට්සිස්ටලාගෙ සෙලේනා කියන කෙනාගෙ දියණිය වන මෝගන් පමණක් දිවිගලවා ගන්නවා. එහිදි ඇයට උපකාර කරන්නෙ සාමකාමී දිවිපෙවතක් ගත කරන කඳුකර වංශය විසින්. තම වංශයට අත් වූ ඉරණම සහ තම මව තමන්ගේ දෑස්පිට ඝාතනයට ලක්වූ දුටු නිසා මෝගන් සිටින්නෙ මහත් කෝපයෙන්. එයට වාඩුව ගැනීමට ඇය විටින් විටද නොයෙකුත් උත්සහයන් දරනවා. කඳුකර වංශයේ නායිකාව විසින් මෝගන් හට කීප වතාවක් අවවාද කළත් එය තඹ දොයිතුවකට මායිම් නොකරන මෝගන් ඩ්‍රොයිඩ්ලාගේ අවදානයට නතුවන්නෙ මුළු කඳුකර වංශයද අනතුරේ හෙලමින්. මෝගන්ගෙ මුරණ්ඩුකම නිසා ඇයව එතනින් ප්‍රතික්ෂේප වුවද කාලයත් සමඟ තරුණ මෝගන් වැඩිවියට පත්වන්නෙද පිටට නොපෙන්වන යම් දිනක අනිවාරෙන්ම පළිගන්නා සුළු වෛරීය චේතනාව ඇතිවයි. “

මෙතනින් එහාට මෝගන් මොකක් කරයිද? මෝගන් තම මව ඝාතනයෙ පළිගැනීම අරගන්නෙ නැතිවෙයිද? නැත්තම් ඇයට වෙනත් සැලැස්මක් තියෙනවද?

මේවට උත්තර කතාව බලලම දැනගමු.. එහෙනම් ඔන්න අදට සමුගන්නවා.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

218 downloadsDownload Star.Wars_.Tales-of-the-Empire-S01E01-02-03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous Season

All BT1

Next BT1

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

218 downloadsDownload Subtitles16 KB

2 comments

  1. Amila

    Film wlt sub krnne ndda machn dn biaiscope eken

  2. Sandaru Nimsara

    Thanks ruka❤️