Devil May Cry Sinhala Subtitles Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry ඇනිමේෂන් කතා මාලාවේ 5 සහ 6 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඇමෙරිකානු උප ජනාධිපතිතුමාගේ විශේෂ කණ්ඩායම සාර්ථකව සුදු හාවා කියපු, යක්ෂ ද…

Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry ඇනිමේෂන් කතා මාලාවේ 5 සහ 6 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.
ඇමෙරිකානු උප ජනාධිපතිතුමාගේ විශේෂ කණ්ඩායම සාර්ථකව සුදු හාවා කියපු, යක්ෂ දඩයක්කාර ඩාන්ටේව අරගෙන මූලස්ථානයට පිටත් වෙනවා. ඩාන්ටේගේ විශේෂ හැකියාවන් දැකපු ජනාධිපතිතුමා ඩාන්ටේගේ ඒ හැකියාවන් එක්ක ඔහුගේ ප්‍රයෝජනවත්කම දකිනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් වුනු ඩාන්ටේගේ සන්තකයේ තියෙන, කුඩා කාලයේදි අම්මාගෙන් උරුම වුනු මාලයත් දැන් තියෙන්නෙ මේ කණ්ඩායම අතේ. ඇත්තටම කිව්වොත් ඒක මාලයක් නෙමෙයි, ඒ තමයි සුදු හාවා හොයන සුරයේ අනිත් කොටස. ඔන්න ඔය අතරෙදි තමයි සුදු හාවාගෙන් තවත් ප්‍රහාරයක් මේ ඩාන්ටේව අරන් යන වාහන පෙළට එල්ල වෙන්නෙ. ප්‍රහාරයෙන් කණ්ඩායමේ හුඟ දෙනෙක් තුවාල වෙද්දි, සුරයේ ඉතුරු කොටසත් ලබා ගන්නා හාවා, ඩාන්ටේ එක්ක වෙනම සැලසුමකින් සටන් කරනවා.
ඒ සටනින් ඩාන්ටේ දිනන්න ළං වෙද්දි, ආයෙමත් අර කණ්ඩායමේ උපායක් නිසා ඩාන්ටේට දරුණු තුවාල සිද්ධ වෙලා හාවාගේ හිරකාරයෙක් බවට ඩාන්ටේ පත් වෙනවා. එතනදි තමයි ඩාන්ටේ ඇත්තටම කවුද කියල හාවා හෙළි කරන්නෙ. කණ්ඩායමේ ඉතුරු පිරිසත් එක්ක කණ්ඩායම් නායිකාව සුරය හාවාගෙන් ගන්න හාවා හොයාගෙන යන මෙහෙයුම ආරම්භ කරනවා. ඒ මෙහෙයුම සාර්ථක වේවිද? ඩාන්ටේ ඇත්තටම කවුද? හාවාගේ මෙහෙයුම සාර්ථක වෙයිද? ඒ වගේම හාවාගේ අතීත කතාවත් අපිට දකින්න ලැබෙනවා. එහෙනම් නරඹන්න මේ කොටස් දෙක. ලේ නෑවෙන ක්‍රියාදාම ගොන්නක් එක්ක මේ Devil May Cry එහි නමේ විදිහටම කතාව දිව යන බව සහතිකවම කියන්න පුලුවන්. ඒ වගේම කතාවේ අවසානයට අපි ළං වෙලයි ඉන්නෙ. එහෙනම් ඩාන්ටේගේ වික්‍රමයන් සමඟින් හමුවෙමු Season 1 හි අවසාන කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Devil May Cry Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
879 downloadsDownload Devil-May-Cry-S01E05-06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Devil May Cry Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Devil May Cry [S01 : E05 & E06] Sinhala Subtitles | ඛේදනීය අතීතයන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Devil-may-cry-fi.jpg)



