Devil May Cry Season 2 Sinhala Subtitles පසුගිය මැයි 12 වෙනිදා නිකුත් වුනු Netflix තුළින් දිග හැරෙන, Capcom හි සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩාවක් ඇසුරෙන් නිමවුනු Devil May Cry Season 2 හි සිංහල උපසිරැසි අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ. පසුගිය 2025 වසරේ අප්‍රේල් 3 වෙනිදා නිකුත් කරපු Season 1 සාර්ථකව අවසන් වීම…

පසුගිය මැයි 12 වෙනිදා නිකුත් වුනු Netflix තුළින් දිග හැරෙන, Capcom හි සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩාවක් ඇසුරෙන් නිමවුනු Devil May Cry Season 2 හි සිංහල උපසිරැසි අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ. පසුගිය 2025 වසරේ අප්‍රේල් 3 වෙනිදා නිකුත් කරපු Season 1 සාර්ථකව අවසන් වීමත් එක්ක Season 2 නිළ වශයෙන් නිවේදනය කෙරුනා. ඉන් පසුව නිකුත් වුනු මේ Season 2 ත් ඒ රසයන්ගෙන්ම යුතුව අරන් ඇවිත් තියෙනවා.

IMDB හි 7.4 ක අගයක් වගේම Rotten Tomatoes හි 98% ක අගයක් ලබා ගෙන තියෙන මේ Devil May Cry Season 2 ට Season 1 හි වගේම මිනිත්තු 21-39 අතර දිවෙන සම්පූර්ණ කොටස් 8 ක් ඇතුළත් වෙනවා. පෙර පරිදිම Adi Shankar අතින් නිමවුනු කතාව Studio Mir හි ඇනිමේෂන් තුළින් වර්ණ ගැන්වෙනවා. Music ගැන කියනව නම් මේ Season 2 හි Main Theme එක විදිහට “See U in Hell” ගීතය Papa Roach කණ්ඩායම සහ Hanumankind එක්ව අරන් එනවා. ඒ වගේම මේ Season 2 එක intense, high energy metal remix tone එකක් සහිත sound tracks කිහිපයකින්ම සමන්විතයි. ඉතින් කතාවේ රසය අපිට පුරුදු DMC රසයෙන් යුතු බව සැකයක් නෑ.

Theme Song Poster
මේ වෙද්දි Netflix හි Devil May Cry ඇනිමේෂන් සීරීස් එක 2025 වසරෙදි Best TV Production, Best Original Song TV show/Limited Series, Best Adaptation සහ Best Game Adaptation යටතේ nominee ලබන්නත්, 2026 වසර වෙනුවෙන් Best New Series, Best Animated Series, Best Song Written සහ Best Music යටතේ nominee වෙන්නත් සමත් වෙලා තියෙනවා.

කතාව පැත්තට හැරෙද්දි පසුගිය Season 1 හි අවසානය ගැන මතක් කළ යුතුමයි. Season 1 හි සතුරා විදිහට දකින්න ලැබුනේ White Rabbit හෙවත් සුදු හාවා කියල හඳුන්වපු අයෙක්. එක්තරා සිද්ධියක් නිසා නිරයේ රාක්ෂයන්ගේ පැත්ත ගන්නා මේ Rabbit, කතාවේ ප්‍රධාන චරිතය වෙන ඩාන්ටේගේ යක්ෂ පරිවර්තනය බලාපොරොත්තු වුනු කෙනෙක් වුනා. ඒ හරහා නිරය මිහිපිටට අරන් එන එක තමයි මේ Rabbit ගේ අරමුණ වුනේ. ලොකු සිදුවීම් දාමයකින් සහ උත්සහයකින් පස්සෙ, ඩාන්ටේගේ එදිරිවාදියෙක් විදිහට වැඩ කරපු ‘මේරි ඈන් ආකම්’ කියන ගැහැණු සොල්දාදුවාගෙත් උදව් එක්ක Rabbit ව විනාශ කරන්න ඩාන්ටේ සමත් වුනා. හැබැයි ඒකට පස්සෙ ඒ සොල්දාදුවා අතින්ම ඩාන්ටේ මිනිසුන්ගේ සිරකරුවෙක් වුනා. ඒ වගේම අවසානයටම ඩාන්ටේගේ සහෝදරයා වෙන වර්ජිල්ගේ පුදුම කිරීමේ පැමිණීම එක්ක Season 1 අවසාන වුනා.

ඉතින් මීළඟට මොන වගේ දෙයක් ඒවිද? ඩාන්ටේ ඉන්නෙත් සිරගතව, ඒ වගේම වර්ජිල්ගේ පැමිණීමත් සිද්ධ වුනා. මිනිස් ලෝකයට එල්ල වීමට නියමිත කරදර තාම අවසන් නෑ. මේරි ආකම් මීළඟට මොකක් කරාවිද? වර්ජිල්ගේ පියවර මොකක්ද? මෙවර එන සතුරා කවුද? වර්ජිල් විතරද? කෙසේ වෙතත් මේ Season 2 එක, ඩාන්ටේ සහ වර්ජිල් සහෝදරයින්ට වැඩි ඉඩක් වෙන් කරපු කතා සමයක් බව මතක් කළ යුතුමයි. අපි තාම නොදන්න දේවල් කතාවෙ හැංගිලා තියෙනවා. එහෙනම් ඒව හොයාගන්න මේ Season 2 හි ආරම්භය ගන්න එක ඔබට භාරයි. කතාව වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් තුළින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode 01
Episode Name – The Fallen
IMDB Rating – 8.2 (at 2026.05.17)
Released Date – 2026.05.12
• Episode 02
Episode Name – Shades
IMDB Rating – 8.1 (at 2026.05.17)
Released Date – 2026.05.12
Devil May Cry Season 2 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
621 downloadsDownload Devil-May-Cry-S02-E01-E02-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Devil May Cry Season 2 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
නිශාන් සමීර
Dhanuka
Thank lot for sub❤️
uv
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Devil May Cry [S02 : E01 & E02] Sinhala Subtitles | ලෙයින් සැඟවූ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Devil-may-cry-s2-banner-02.jpeg)




ඔයා මේක අරගෙන එනකම්මයි හිටියේ ❤️
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●