ඔන්න එහෙනම් අද අරගෙන ආවේ Duty After School සීරීස් එකේ අවසාන කථාංගය වෙන දහවෙනි එපිසෝඩ් එක. ඉතින් මෙතනින් දෙවෙනි පාර්ට් එක ඉවරයි. 2023 මාර්තු 31 වෙනිදා පළවෙනි පාර්ට් එක රිලීස් වුනු මේ සීරීස් එක ප්‍රේක්ෂකයින් අතරේ අතිශය ජනප්‍රියත්වයක් ගන්න සමත්වෙනවා. ප්‍රේක්ෂකයින් ඇගිලි ගැන ගැන ඉදපු දෙවෙනි පාර්ට් එක අ…

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ Duty After School සීරීස් එකේ අවසාන කථාංගය වෙන දහවෙනි එපිසෝඩ් එක. ඉතින් මෙතනින් දෙවෙනි පාර්ට් එක ඉවරයි. 2023 මාර්තු 31 වෙනිදා පළවෙනි පාර්ට් එක රිලීස් වුනු මේ සීරීස් එක ප්‍රේක්ෂකයින් අතරේ අතිශය ජනප්‍රියත්වයක් ගන්න සමත්වෙනවා. ප්‍රේක්ෂකයින් ඇගිලි ගැන ගැන ඉදපු දෙවෙනි පාර්ට් එක අප්‍රේල් 21 වෙනිදා නිකුත් වෙනවා. ගොඩක් අයට අවසානය ගැන පැහැදීමක් නෑ කියන එක ගෲප් වල ශෙයාර් වෙන පෝස්ට් වලින් තේරුනා. ඉතින් මන් අවසානය වගේම මුළු කතාමාලාවම ගැන විස්තරයක් කරන්න හිතුවා. Duty After School ප්‍රේක්ෂකයින් හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා.
DUTY AFTER SCHOOL

Duty After School සීරීස් එක වෙබ්ටූන් එකක් පාදක කරගෙන හදලා තියෙන්නේ කියලා දන්නවා ඇතිනේ. හැබැයි මේකවත් දන්නැති උන් ගෲප්වල පෝස්ට් දාලා තියෙන විදිය දැක්කම ඇත්තටම දුකයි😅 එහෙනම් විස්තරය පැත්තට යමු.
හා ඉල් ක්වොන් විසින් නිර්මාණය කරපු After School War Activities කියන විශිෂ්ට වෙබ්ටූන් එක පාදක කරගෙන තමා Duty After School සීරීස් එක සම්පූර්ණයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. Annarasumanara කියන වෙබ්ටූන් එකත් හා ඉල් ක්වොන්ගෙම වැඩක් තමා. ඉතින් ඒකෙත් Drama Adaption එකක් ගිය අවුරුද්දේ Sound Of Magic කියලා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනා. ඉතින් මේ වගේ විශිෂ්ට වෙබ්ටූන් රැසක් නිර්මාණය කරපු කෙනෙක් තමා හා ඉල් ක්වොන් කියන්නේ.
2012 අවුරුද්දේ Naver Webtoon හරහා එළිදක්වපු මේ වෙබ්ටූන් එක Chapters 51කින් යුක්ත වෙනවා. ඉතින් හරියටම අවුරුදු 11කට පස්සේ තමා මේ විදියට Afterschool War Activities වෙබ්ටූන් එකේ Drama Adaption එක විදියට Duty After School එළියට එන්නේ.

• වෙබ්ටූන් එකෙයි, සීරීස් එකෙයි වෙනසක් තියේද?
ඔව්, ඇත්තටම කිව්වොත් සීරීස් එක හදද්දි වෙබ්ටූන් එක 100%ක් ෆලෝ කරලා නෑ. වෙබ්ටූන් එකේ ඉන්න කැරැක්ටර්ස් කිහිපයක් සීරීස් එකේ ඇත්තෙම නෑ. තව සීරීස් එකේදි ක්ලාස් ටීචර්, ලුතිනන් ලී දෙන්නම මැරෙනවනේ. ඒත් වෙබ්ටූන් එකේ ඒ දෙන්නම අන්තිම වෙනකම් ඉන්නවා.
• එහෙනම් වෙබ්ටූන් එකේ අවසානයත් වෙනස්ද?
නෑ, වෙබ්ටූන් එකේ අවසානයත් මේකමයි. හැබැයි සීරීස් එකේ අවසානයට මුල පිරුව කුක් යොන් සූගේ අතින් හතරදෙනෙක් ඇරෙන්න අනිත් සේරම මැරිලා ගියාට, වෙබ්ටූන් එකේ අවසානයේ කුක් යොන් සූගේ අතින් මැරෙන්නේ චෝ ජන්ග් සූ යි තව සීරීස් එකේ නැති කැරැක්ටර්ස් දෙකකුයි විතරයි. ලී නාරාගෙන් වෙඩි කාලා තමා වෙබ්ටූන් එකේ යොන් සූ මැරෙන්නේ.
• Duty After School කතාමාලාවේ යථාර්තය මොකක්ද?
ඇත්තටම හා ඉල් ක්වොන්ට මුල ඉදලම වෙබ්ටූන් එකෙන් focus කරන්න ඕනේ වෙලා තිබ්බේ Alien Invasion එක නෙවේ. CSAT ලියන්න ලං වෙලා ඒ වගේ දෙයක් වුනාම ළමයි ක්‍රියා කරන විදිය, ටීම්වර්ක් එක, එකමුතුව, මානසික තත්වය වගේ දේවල් තමා හා ඉල් ක්වොන්ට ගොඩක්ම focus කරන්න ඕන වෙලා තිබ්බේ. CSAT විභාගය කියන්නේ කොරියාවේ ළමයින්ට ගොඩාක් පීඩනයක් දෙන විභාගයක්. හරියට මෙහෙ A/L වගේ. ඉතින් වෙබ්ටූන් එකේ අවසානයෙන් පස්සේ පසුවදන විදියට නිකුත් කරපු 51 වෙනි Chapter එකේ පසුවදනේ කියලා තියෙන විදියට හා ඉල් ක්වොන්ට මේ වෙබ්ටූන් එකෙන් කොරියාවේ අධ්‍යාපන ක්‍රමය සහ විශ්වවිද්‍යාලවලට යන්න තියෙන දැඩි තරගකාරී බව විවේචනය කරන්න ඕන වුනා කියලා. තව යොන් සූ වගේ කැරැක්ටර් එකකින් රාක්ෂයින්ටත් වඩා මිනිස්සු දරුණුයි කියන එක තේරුම්කරන්න හා ඉල් ක්වොන්ට ඕන වෙලා තියෙනවා. ඉතින් යොන් සූ එහෙම දරුණු වෙන්න හේතු වුනේ වෙන මොනවත් නෙවේ CSAT විභාගයම තමා. වෙනස්කම් තිබ්බත් හා ඉල් ක්වොන්ට වෙබ්ටූන් එකෙන් පෙන්නන්න ඕන වුන යථාර්තය ඒ විදියටම දෙන්න සීරීස් එක සමත් වුනා කියන එක නම් පැහැදිලියි. මේක හරියට තේරුම් ගත්තනම් සීරීස් එක ගැන එහෙම Disappoint වෙන්න විදියක් නෑ.
• Duty After School කතාමාලාවේ සාර්ථකත්වය කොහොමද?
පෞද්ගලිකව මට නම් Overall සීරීස් එක ගැන Disappointment එකක් නෑ. වෙබ්ටූන් එක 100% ක් ෆලෝ කලා නම් හැබැයි මීට වඩා අනර්ඝ නිර්මාණයක් එළියට එන්න තිබ්බා. ඒත් එතකොට වෙබ්ටූන් එක කියවපු අයට කුතුහලයක් නෑනේ. ඒකහින්දා මේ වෙනස්කම් ටික කරන්නැත්තේ කියලා හිතෙනවා. තව දැනුන දෙයක් තමා සීරීස් එක එපිසෝඩ් 10කට නැතුව 12කට කැඩුවනම් හොදයි කියලා. කොහොමහරි ඉතින් Survival කැටගරියට විතරක් කොටු නොවුන සාර්ථක නිර්මාණයක් කියන්න පුළුවන්.
• තුන්වෙනි පාර්ට් එකක් එයිද?
ඉතින් ගොඩක් ප්‍රශ්න ඉතුරු කරලා තමා දෙවෙනි පාර්ට් එක ඉවර වුනේ. පළවෙනි පාර්ට් එකේ ඉදපු වොන් බින්ට මොකද වුනේ (වෙබ්ටූන් එකේ නම් මැරෙනවා), ස්ෆියර්ස් විනාස කරන මෙහෙයුම වුනේ කොහොමද, ඔයවගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු හින්දා ඒවට උත්තර දෙන්න තුන්වෙනි පාර්ට් එකක් එනවා කියලා දැනටමත් ඉගි පලවෙනවා. ඉතින් ඒකෙන් සමහරවිට ඔය ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න පුළුවන්. එහෙනම් මෙතනින් මන් විස්තරය ඉවර කරනවා, දැන්වත් සීරීස් එක ගැන හරි අදහසක් එන්නැති කියලා හිතනවා.

-අවසන් කථාංගය-
එහෙනම් එපිසෝඩ් එක පැත්තට යං, ඔන්න ඉතින් දැන් දවස් දෙකක් තිස්සේ ඇවිදලම කට්ටියට මහන්සියි හොදටම. ඉතින් එහෙම ගිහින් විනෝද උද්‍යානයක් ගාව තැනක රෑට නවතිනවා. ඉතින් එහෙදි හොදට කාලා පස්සේ විනෝද උද්‍යානෙට ගිහින් හොදට විනෝද වෙනවා. ඉතින් ඔය අතරේ යොන් සූ තනියම CSAT ගැනම කල්පනා කර කර ඉද්දි එයාට CSAT අවලංගු කරලා නෑ කියලා තියෙන පත්තරයක් හම්බෙනවා. ඉතින් මේක දැකලා කලබල වෙච්ච යොන් සූ ඒක අරන් ගිහින් සෝ යොන්ට පෙන්නනවා. ඒක පරණ පත්තරයක් කියලා සෝ යොන් කියද්දි යොන් සූ ඒක පිළිගන්නෑ. ඉතින් ඔහොම වාද කරලා යොන් සූගේ අතින් සෝ යොන්ව තල්ලු වෙනවා. ඔළුව බිම වැදුනු පාර සෝ යොන්ට සිහිය නැති වෙනවා. ඉතින් එහෙම සිහිය නැති වෙලා ඉද්දි යොන් සූ, සෝ යොන්ට අතවර කරනවා. එතනින් යනගමන් ඉදපු ක්වොන් ඉල් හා මේක දකිනවා. ඉල් හා දැක්ක හින්දා යොන් සූ ඉල් හාට වෙඩි තියලා මරලා මුහුදට දානවා. ඉතින් වෙඩි සද්දේ ඇහිලා අනිත් හැමෝම එතනට එනවා. එතකොට ස්ෆියර්ස් ඇවිත් ඉල් හාව අරන් ගියා කියලා යොන් සූ බොරු කියනවා. ඇත්තටම ස්ෆියර් ට්‍රැකර් එකෙන් ස්ෆියර්ස් ඉන්නවා පෙන්නපු හින්දා හැමෝම එතනින් ඉක්මනට යනවා. ඉතින් රෑත් වෙලා වහින හින්දා ළගම තිබ්බ ඉස්කෝලෙක නවතිනවා. එහෙම ගිහින් ඉද්දි යොන් සූ, සෝ යොන්ට අතවර කලා කියලා හැමෝම කේන්ති අරන් ඉන්නවා යොන් සූට මැවිලා පේනවා. ඉතින් දැන් කරගන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්න යොන් සූ වැරදි තීරණයක් ගන්නවා. ඒ තමා තමන්ගේ යාළුවෝ සේරම මරලා දාන එක. ඉතින් යොන් සූ තුවක්කුවක් අරගෙන යාළුවෝ හැමෝටම අනුකම්පාවක්වත් නැතුව වෙඩි තියාගෙන යනවා. කිම් චි යොල්, ලී නාරා, නෝ ඒ සොල්, යූ හානා හතරදෙනාට විතරයි බේරෙන්න හම්බවෙන්නේ, අනිත් සේරම මරනවා. යොන් සූ ලී නාරාටත් වෙඩි තියන්න හදද්දි නෝ ඒ සොල් යොන් සූට වෙඩි තියනවා ඒකෙන් යොන් සූත් මැරෙනවා.
දැන් ඔන්න මාස කීපයකින් ස්ෆියර්ස් සේරම වගේ විනාශ කරලා CSAT විභාගේ පටන්ගන්නයි හදන්නේ. කිම් චි යොල් විභාග ශාලාවේ ඉද්දි මෙහෙම කියනවා.
“මේ වේදනාකාරී යුද්ධෙන් මන් ඉගෙන ගත්ත දේ ඉස්කෝලේ උගන්නන්නේ නැති දෙයක්… ජීවිතේ බේරගන්න ළගම යාළුවව බිලි දෙන එක නෙවේ කරන්න ඕනේ, උදව් කරගෙන එකිනෙකාව ආරක්ෂා කරන එකයි❤️”
දුකත් ඇතිනේ හැමෝටම ඒකහින්දා සතුටුදායක අවසානයක් දෙන්න පෙන්නපු නැති කලින් වෙච්ච සිද්ධියක් දාලා තියෙනවා. ඒකත් බලන්නකෝ.
ඉවරයි කියලද හිතුවේ. නෑ නෑ තාම ඉවර නෑ, ක්‍රෙඩිට් සීන් එකෙන් පස්සේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකේ රැප් සෝන්ග් එකකුත් තියේ😁. ලුතිනන් ලී කම්බැක් එකකුත් දෙනවා අන්තිමේදි කොහොමහරි🔥

එහෙනම් දැන්නම් ඇත්තටම සමාප්තයි. ඉතින් එපිසෝඩ් 10ක් පුරාවට Duty After School බලන්න බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉදපු හැමෝටම ස්තූතියි. කමෙන්ට් කරපු හැමෝටමත් ගොඩක් ස්තූතියි. ඉතින් දැනටමත් තුන්වෙනි පාර්ට් එක එනවයි කියලා ඉගියක් තියේ හින්දා තුන්වෙනි පාර්ට් එකක් ආවොත් ඒකටත් උපසිරැසි බයිස්කෝප් අපි අරන් එන්නම් කියන පොරොන්දුවත් එක්ක Duty After School සමගින් අදට මන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,592 downloadsDownload Duty-After-School-S01E10.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- Action
- Thriller
- Horror
- War
- Crime
- Sci-Fi
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Coming-of-age
- Military Sci-Fi
- #2023
- #Duty After School Sinhala
- #Duty After School Sinhala Sub
- #Duty After School Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
sachintha
Naveen Mbr
බොහෝම ස්තූතියි සහෝ!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara Yashan(ඔලිව)
ලිපියට වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
යුරාන් ධනුක (දනුවා)
පට්ට ලිපිය... උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි.
Janindu
Thanks Ah...❤️
Anonymous
Thanks for Sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Duty After School (2023-) [S01: E10] Sinhala Subtitles | යුද්ධයේ අවසානය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Duty-After-School-01.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි