Watch Trailer

Echo [S01 : E04] Sinhala Subtitles | ආපහු ගෙදර එන්න [සිංහල උපසිරසි]

Echo [S01 : E04] Sinhala Subtitles කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ECHO කතා මාලාවේ හතරවෙනි එපියත් අරගෙන ආවා ඔන්න. තුන්වෙනි එපියේ ending එකත් එක්ක මේක බලනකන් කට්ටිය ඉවසිල්ලක් නැතුව ඇත්තේ. ඒ නිසා අපි ඉක්මනට කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉඳිමු. පසුගිය කොටසින්… තුන්වෙනි එපිසෝඩ් එක පටන්ගන්නකො…

Echo Sinhala Subtitles

කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ECHO කතා මාලාවේ හතරවෙනි එපියත් අරගෙන ආවා ඔන්න. තුන්වෙනි එපියේ ending එකත් එක්ක මේක බලනකන් කට්ටිය ඉවසිල්ලක් නැතුව ඇත්තේ. ඒ නිසා අපි ඉක්මනට කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන ඉඳිමු.

පසුගිය කොටසින්…

තුන්වෙනි එපිසෝඩ් එක පටන්ගන්නකොටම Marvel Spotlight ලෝගෝ එක ටිකක් වෙනස් කරල තියෙනවා දකින්න ලැබුණා. 1800 ගණන්වල නිකුත්වුණු චිත්‍රපටිවල feel එක දෙන විදියට aspect ratio එක පවා වෙනස් කරලා, වර්ණ භාවිත නොකර පටිගත කරලා තිබුණා. ඒ කොටසේ පෙන්නුවේ 1800 ගණන්වල ජීවත් වුණු, ඒ කාලේ ග්‍රෝත්‍රික පොලීසිය වෙච්ච Lighthorsemen ලට බැඳුණු, මායා ලෝපෙස්ගේ මුතුන් මිත්තෙක් වෙච්ච Tuklo (ටුක්ලෝ) ගැනයි. මේ වෙනකන් හැම එපිසෝඩ් එකක්ම ආරම්භයේ මායාගේ මුතුන්මිත්තන් ගේ ජීවිත ගැන පෙන්නුවා. හැබැයි මේ ඔක්කොම එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක නම් තාම පැහැදිලි කළේ නෑ. ඒ ගැන වැඩි විස්තර අද එපියෙන් හොයාගන්න පුළුවන් වෙයි.

පාතාලය තාම හිතාගෙන ඉන්නේ කින්ග්පින් මැරුණා කියලයි. ඒක එහෙම නොවන බව අපි පළවෙනි එපිසෝඩ් එක අන්තිමේදී දැක්ක නේ. කොහොම හරි, දැන් මායා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ “King Killer” හෙවත් “කින්ග්පින්ව මැරූ කෙනා” කියලයි. ඒ නිසා එයාට බවුන්ටියක් තියෙන බව පළවෙනි එපිසෝඩ් එකෙන්ම එළි වුණා. තුන්වෙනි එපිසෝඩ් එකේ අපට දකින්න ලැබුණේ ඒ බවුන්ටිය ගන්න විකී, මායාව අල්ලලා දෙන්න හදන විදිය. ඒකට අන්තිමේදී බොනීවත්, හෙන්රි අංකල්වත් පැටලුණානේ. දන්න දහංගැට ඔක්කොම ගහල එයාලව බේරගන්න හැදුවත්, අන්තිමේදී එයාලා බේරෙන්නේ “අබිරහස් පුද්ගලයෙක්” කෝල් කරලා එයාලව අතාරින්න කිව්වාමයි. එපිසෝඩ් එක අවසන් වෙන්නේ ෆිස්ක්, මායාව හම්බවෙන්න එන තැනිනුයි.

ඉතින් එතන ඉඳන් මොකක් වෙයිද? ෆිස්ක් සහ මායා අතර තියෙන සම්බන්ධය මොන විදියට ඉදිරියට යයිද? මේ එපිසෝඩ් එක බලලම හොයාගන්න කියලා ආරාධනා කරමින් සමුගන්නම්. අන්තිම කොටසේ උපසිරසිය නිර්මාල් අයියා අරන් ඒවි. ලිපිය ලියන්න දුන්න අවස්ථාවට ලහිරු අයියට තුති වෙන්න ඕනේ. එහෙනම්, තව උපසිරසියකින් හමුවෙන තුරු, පීස් ✌️.

ලිපිය:- සනුප රන්මෙත්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,593 downloadsDownload Echo-S01-E04-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

6,593 downloadsDownload Subtitles14 KB

10 comments

  1. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි LaHIRU සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  4. Sahan Gayantha

    thanks a lot Lahiru saho

  5. Sashen

    Thank u bro

  6. chanaka sasalanka

    thanks

  7. chinthaka chathuranga

    thanks malli

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Thisara Prabhath Senarathne

    Thanks bro