Echo [S01 : E05] Sinhala Subtitles Marvel Spotlight වල ආරම්භය වන Echo කතාමාලාවේ අවසාන කතාංගය අරගෙන ඕන්න ආවා. හොයලා හොයලා අන්තිම එපිසෝඩ් එකම දුන්න අශාන් ඇඩ්මින්තුමාට ස්තූතිවන්ත වෙනවා. ඒකට දක්වන කෘතගුණයක් හැටියට සෑහෙන දිග හෑල්ලක් ලියන්න බලාපොරොත්තු වෙනවා. (හෑලි ලියන එක කලාවක් නම් මම තමා ඒකේ තපස්සු භල…

Marvel Spotlight වල ආරම්භය වන Echo කතාමාලාවේ අවසාන කතාංගය අරගෙන ඕන්න ආවා.
හොයලා හොයලා අන්තිම එපිසෝඩ් එකම දුන්න අශාන් ඇඩ්මින්තුමාට ස්තූතිවන්ත වෙනවා.
ඒකට දක්වන කෘතගුණයක් හැටියට සෑහෙන දිග හෑල්ලක් ලියන්න බලාපොරොත්තු වෙනවා.
(හෑලි ලියන එක කලාවක් නම් මම තමා ඒකේ තපස්සු භල්ලුක..)
ඉතින් හිරාන් අයියවත්,කලින් කතාංග උපසිරසි ගන්වපු සනූප මල්ලි, බන්දුල අයියා, දුලක්ෂ මල්ලි,
ලහිරු අයියා කියන හැමෝටම ස්තූති කිරීමකුත් කරලම පටන් ගමු.
ගොඩක් අය බලාපොරොත්තු වුන තරම් දෙයක් ලැබුනේ නැති වුනත්
ආරම්භයක් හැටියට මේක සෑහෙන හොඳ කතාමාලාවක් කියලා කියන්න පුළුවන්.
ඉතින් ට්‍රේලර් එකෙන් පෙන්නපු තරම් යකා නම් කළු වුනේ නැහැ.
හැබැයි ඩෙයාඩෙවිල්ගේ ෆයිට් සීන් එක නම් සුපිරි (ඌ ටිකක් මහත් වෙලාද මන්දා හැබැයි)
එතනින් එහාට ලොකූවට කතාවක් අරගෙන ගිහින් තිබුනේ නම් නැහැ.
හැබැයි මේ චොක්ටෝ ගෝත්‍රිකයෝ අරගෙන කරපු පාට් එක නිසා ගොඩක් අයට එන්ඩින් එක මදිලු.
මම හිතන හැටියට මේ ගෝත්‍රය වකන්ඩා,ටලෝකාන්ලා වගේ කොමික් වන එන කට්ටියක් නෙමේ.
අළුතෙන්ම මාවල් යුනිවර්ස් එකට අරගත්තු පිරිසක් වෙන්න ඕනේ.
මේකේ තව සීසන් එකක් ඇවිත් ඒ ගෝත්‍රය ගැන තව ටිකක් පැහැදිලි කළා නම් වටිනවා.
එයාලට ගහෙන් ගෙඩි එනවා වගේ පවර්ස් එන්න බැහැනේ.
මොනවා වුනත් මේ Echo කියලා මේ සීරීස් එකට නම දාලා තියෙන්නේ කැරැක්ටර් එක නිසා නෙමේ.
මේ කැරැක්ටර් එකට එකතු කරලා තියන ස්පිරිචුවල් සයිඩ් එක නිසා කියලා මට හිතුනා.
කොමික් වල තරම් නම් මායාගේ හැකියාවන් එච්චර මේකේ පෙන්නුවේ නැහැ.
හැබැයි කින්ග්පින් කොච්චර දරුණු වුනත් මිනිහගෙත් සංවේදී සයිඩ් එකක් තියනවා කියලා අපි දැක්කා.
මූ නම් තානෝස්ගෙම ස්ට්‍රීට් ලෙවල් එකට ගැලපෙනවා. (සයිස් එකෙනුයි ඉමෝෂන් වලිනුයි)
කොහොමත් ස්ට්‍රීට් ලෙවල් එකේ තානෝස් කෙනෙක් හදන්නත් ගොඩකාලයක් යනවනේ.
ඉස්සරහට එන Daredevil Born again සීරීස් එකෙත් කින්ග්පින්ව බලාගන්න පුළුවන් වෙයි.
කලින් කොටසෙදි අයිස්ක්‍රීම් මාමට තඩියා නෙළුවා හොඳටම
අපේ මායා කෙල්ලත් ඇවිත් පයින් ගැහුවා.
මායාගේ හීනවල තේරුමත් දැනගන්න ලැබුනා.
අද කතාව පටන්ගන්නේ මායා ඔක්ලහෝමාවලින් යන්න හදන තැනින්ම තමා.
කින්ග්පින් මායාට එහෙම ලේසියෙන් යන්න දෙයිද?
මායාට පේන මේ හීනයේ තේරුම මොකක්ද??
සිරාවටම ඔය කියන තරම් බලයක් මායටත් තියෙයිද???
එහෙනම් ඔයාලම බලාගන්නකෝ.
තවත් කතාමාලාවක් අවසාන කරමින් මම යමි.
එක්සෙල්සියෝ!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,096 downloadsDownload Echo-S01-E05-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-09
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #Echo
- #Echo [S01 : E05] Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #නිර්මාල් විමුක්ති
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Nishan S Ariyarathna
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නිර්මාල් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
Sahan Gayantha
thanks a lot Nirmal saho sub ekata
SUMITH JAYASEKARA
thanks
Thilina
Sub 1ta thanks enamel balan hitapu series 1kak
Sahan
Thank you very much brother.
chinthaka chathuranga
thanks machan
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Prabhath Senarathne
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Advertisement
![Echo [S01 : E05] Sinhala Subtitles | අතීතයේ දෝංකාරය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/ECHO-1.jpg)



✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿