ඔන්න අදට ලිපි 2000යි. ඒත් හැබැයි 2000 ලිපිය 1000 ලිපිය පටන්ගත්තා වගේ පටන් ගන්ඩ හැටියක් නෑ… හේතුව? 1000 ලියනකොට අපට සමරන්ඩ තරම් දේවල් තිබ්බෙ දෙකයි. සිහිපත් කළ යුතු පුද්ගලයන් අතර විශේෂත්වයකින් සඳහන් කළ යුතු අය හිටියේ ටිකයි. එදා එහෙම වුණාට අද එහෙම නෑ! අද ඒ ගණන කිහිප ගුණයකින් වැඩි වෙලා. ඒ නිසා වැඩිය අ…
ඔන්න අදට ලිපි 2000යි. ඒත් හැබැයි 2000 ලිපිය 1000 ලිපිය පටන්ගත්තා වගේ පටන් ගන්ඩ හැටියක් නෑ… හේතුව? 1000 ලියනකොට අපට සමරන්ඩ තරම් දේවල් තිබ්බෙ දෙකයි. සිහිපත් කළ යුතු පුද්ගලයන් අතර විශේෂත්වයකින් සඳහන් කළ යුතු අය හිටියේ ටිකයි. එදා එහෙම වුණාට අද එහෙම නෑ! අද ඒ ගණන කිහිප ගුණයකින් වැඩි වෙලා. ඒ නිසා වැඩිය අනම් මනම් නැතුව ඒ ඒ අවස්ථාවන් පුද්ගලයන් ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.
2009 මාර්තු 10 තමයි පොතේගුරාගේ හිත අස්සෙ ගැබ්බරේ හිටිය බයිස්කෝප් වෙබ් බිළිඳා සයිබර්-ලෝකයට බිහිවුණේ. මේ බිළිඳාගෙ අම්මයි තාත්තයි දෙන්නම අපේ ගුරා තමයි. ගුරා නොහිටින්න සිනමාව වෙනුවෙන්, සයිබර්-අවකාශයේ කිසිදු සිංහල නියෝජනයක් නොතිබෙන්නටත් ඉඩ තිබ්බා.
ඊගාවට බලමු බයිස්කෝප් පොඩි ළමයා පසු කරගෙන ආ කඩඉම් මොනවාද කියලා.
- ආරම්භය ගැන කලිනුත් කිව්වනේ 2009 මාර්තු 10 තමා උප්පත්තිය සිද්ධ වුණේ.
- මුල්ම උපසිරැසි නිකුතුව සිදු කෙරුණේ 2009 ජුනි 26. ඒකත් කලින් කිව්වා.
- ඊගාවට ලිපි 1000 නිකුතුව. ඒක තමා මුල්ම සැමරුම් අවස්ථාව බවට පත් වුණේ. ඒ හරියටම මෙයා ඉපදිලා අවුරුදු 03යි මාස 05 දින 05කින්. ඒ කියන්නේ 2012 අගෝස්තු 15.
- ඉන්පස්සෙ එළඹුණේ තවත් 1000 ක සැමරුමක්. ඒ උපසිරැසි 1000ක් පිරුණ සැමරුම. ලිපි 1000ක් වෙද්දි අවුරුදු 03යි මාස 05කුත් දින 05ක් ගෙවෙනකොට ලබා දෙන්නට හැකිව තිබූ උපසිරැසි ගණන (උපසිරැසි 300ක්) වගේ තුන් ගුණයකුත් ඉක්මවා යන්නට ලිපි 1000 සැමරුමෙන් පසුව ගත වුණේ හරියටම මාස 08යි දින 22යි. ඒ කියන්නෙ 2013 මැයි 07 වැනිදා තමයි උපසිරැසි 1000 සපිරුණේ.
- නවතම සිනමා රූපවාහිනී තොරතුරු ගෙන එන ‘බයිස්කෝප් මංසල‘ ඇරඹුණා.
- රූපවාහිනී කතාමාලාවන් සිංහල ගැන්වීම ඇරඹුණා.
- උපසිරැසි ශිල්පීන් 06 දෙනෙක් උපසිරැසි 50 ඉක්මවා ගියා. ඉන් එක් අයෙක් 100 ද පසු කර ගියා.
- ඔබේ මනාපයට වැඩි ඉඩක් සලසන මනාප විමසීම් ක්‍රමයක් ඇරඹුණා.
ආරම්භයේදී බොහොම හෙමින් ගමනක් ඇවිදින් ටිකෙන් ටික සංවර්ධනය වෙලා, ශක්තිමත් වෙලා අද වෙනකොට ලිපි 2000ක සීමාවට ඇවිදින්. මේ අපේ තුන්වෙනි දහසේ සැමරුම. ලිපි 1000ක් කරා එන්නට ගතවූ වසර 03කට අධික කාලයත් එක්ක සසඳලා බලද්දි, 2000ට අපි ආවේ අධික වේගයකින් කියලා කිව්වැකි කිසි දෙගිඩියාවක් නැතුවම. මොකද ලිපි 1000 සිට ලිපි 2000ට එන්ඩ ගත වුණේ හරියටම වසර 1කුත් දින 13ක් පමණයි.
මුලදී මුලදී අපි වැඩිපුර දුන්නේ ලිපි. කොටිම්ම පටන්ගනිද්දී දුන්නේ ලිපිම විතරයි. ඉන් පස්සෙ ටික ටික උපසිරැසි දෙන්ඩ ගත්තේ මාසෙටම එකක විතර දළ වේගයක් ඇතුව. පස්සෙ වේගෙ, සති දෙකකට එකක් වෙලා, සතියට එකක් වෙලා, දවසට එකක් වෙලා, දැන් අපේ සාමාන්‍ය අවම වේගය දවසට උපසිරැසි තුනක මට්ටමේ තියෙනවා. මේක තමා අපේ ලොකුම ජයග්‍රහණය. මුලදී ලිපි විතරක් දුන්නු අපි අද එකම එක ලිපියක්වත් උපසිරැසි නැතුව දෙන්නෙ නෑ. ඒ කියන්නේ ආරම්භයේදී තිබුණු තත්ත්වය එහෙමපිටිම්ම නොපිට හරවලා තියෙන්නේ දැන්.
මේකනම් කොහෙත්ම ඉබේ වෙච්චි දෙයක් නොවෙයි. රොයිලිගේ ගුරුහරුකම්, දැනමුතුකම් අරගෙන ඒ පාරේ ගිය උදවිය තමා මේ වෙනුවෙන් වගකිවයුතු. ඒ උදවිය අතරේ ශතකලාහියෝ ගණන 01ක්, අර්ධ ශතකලාභියෝ ගණන 05ක්. ඒ 05නුත් ශතකය පෙනෙන මානයේ දෙන්නෙක් ඉන්න බව ආඩම්බරයෙන් සිහිපත් කරනවා. ඔක්කොම ගත්තාම 100 ට ආසන්න පිරිසක් මෙතරම් දුරක් එන්න දර දිය ඇදලා තියනවා. මේ පහලින් තියෙන්නේ ඒ අයගේ ලිස්ට් එකක් තමයි. (මෙතන හැමෝගෙම නම් නොතිබෙන්නට පුලුවන්. මෙහි නැති අය ඉන්නවනම් අපට ඒ පිළිබඳව දැනුවත් කරනවනම් එය අගය කරනවා.)
ඒ අතරේ අපේ මේ අඛණ්ඩ ඉණිම තවත් ශක්තිමත් කරන්නට අලුතින් එකතුවන උපසිරැසිකරුවන්ගේ ආගමනය හරිම සුවිශේෂී තත්ත්වයක් පෙන්නුම් කරනවා. අප හා අලුතින් එක්වන කුලුදුල් උපසිරැසි කරුවන් සංඛ්‍යාව මාසකට 10+ ප්‍රමාණයේ අවමයක රැඳෙනවා පසුගිය වර්ෂයක පමණ කාලය තුළ! අප ලද අගනාම බෝනස් එක තමා ඒ…
අපේ රටේ තරුණ පිරිස අතරින්; සිය දැනුමෙන් අනුන් වෙනුවෙන් වැඩදායී යමක් කරන්නට අදහස් කරන්නා වූ පිරිස දිනෙන් දින ඉහළ යන අපගේ පිරිස් ශක්තියෙන් පෙන්නුම් කෙරෙන බවට විවාදයක් නෑ. තමන් වෙහෙස ගෙන උපයා ගත් දැනුමින් අන් අයගේ රසවින්දනයට සහයක් දෙමින් සහ හැකි උපරිම තරම් පිරිසකට සතුට බෙදීමේ අරමුණින්, කිසිදු දෙයක් අපේක්ෂා නොකර ස්වේච්ඡාවෙන් ඔවුන් කරනා මේ මහගු මෙහෙය අතිශය අගය කළ යුත්තක්. ජල බිදත් මිල වෙන සමයක, දැනුම විකුණන යුගයක තමන්ගේ දැනුමින්; කිසිදාක හමු වී නැති, කිසිදාක නොහදුනන තවත් මිනිසුන් පිරිසක් වෙනුවෙන් ඔවුන් කරනා මානුෂීය මෙහෙවරෙහි අගය ගණනය කළ නොහැකි තරම්. එවන් මිනිසුන්ගේ ගහණය දිනෙන් දින ඉහළ යන බව පසක් වීම තමා අප ලද උසස්තම ත්‍යාගය.
බයිස්කෝප් අපි කරන්නේ, මේ මහගු මෙහෙවරෙහි යෙදෙන්නන් අතර මනා සබැදියාවක් ඇති කරමින්, අපගේ සීමිත සම්පත් ඇසුරින් හැකි උපරිම ආකාරයේ සේවයක් ඔබ වෙත ගෙන ඒමට හැකිවන ලෙස මේ කාරණා කටයුතු කළමනාකරණය කිරීමත්, ඔබ සහ ඔවුන් අතර සම්බන්ධීකරණය ඇති කිරීමත්, ඔවුනගේ දායකත්වයට නිසි ඇගයීමක් ලබාදීම සදහා හැකි උපරිමයෙන් කටයුතු කිරීමත් පමණමයි. මෙය තනිකරම අපගේ සම්පත්දායකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිරියට ගිය ගමනක් බව අප අවංකව හා නිහතමානීව සිහිපත් කරනවා.
එනිසා අප ලද ඉහළතම වටිනාකම එය බවයි අපගේ අදහස. එහෙමනම් ලිපි 2000ක් තෙක් ආ මේ ගමනට ශක්තිය ලැබදුන් ලිපි-සපයන්නන්/ උපසිරැසි ශිල්පීන් හට අපගේ ස්තුති පූර්වක ප්‍රණාමයත්; අගය කරන්නන්/ දැනුවත් කරන්නන්/ අප වෙනුවෙන් පෙනී සිටින්නන් හට හෘදයාංගම ගෞරව ප්‍රණාමයත්; දෝෂාරෝපණකරුවන්/ විවේචකයන්/ විචාරකයන්/ පහර දෙන්නන් හට අපගේ සුවිශේෂී ශීර්ෂප්‍රණාමයත් පුද කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මේ මහගු මෙහෙවර නොකඩවා ඉර හද පවත්නා තාක්, සිංහල බස පවත්නා තාක් සිදු කරගෙන යාමට ඔබ ගේ දායකත්වය අපට ඉතාම අවශ්‍යයි. එනිසා අප තදින්ම අවධාරණය කර සිටිනවා මේ අපගේ ව්‍යායාමය ඉංග්‍රිසියෙන් හෝ වෙනත් කිසිදු භාෂාවකින් ඔබ ඈත් කරලීමටනම් නොවෙයි. ඔබව ඊට තව තවත් ළං කරලීමටයි. අද ඔබ ලබන, විදින රසය හෙට තවෙකෙකුට බෙදන්නට අපට හැකිවන්නේ එය එසේ සිදුවූවොත් පමණයි. එනිසා තව තවත් අයගේ දායකත්වය අප බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් දිනෙන් දින ඉදිරියට ඇදෙමින්; ශ්‍රී ලාංකික සොහොයුරු කැළක’ගේ ශක්තියෙන් ඔදවැඩෙන, ඔපවැටෙන බයිස්කෝප් සිංහලෙන් සමග තව දුර ගමනක් යන්නටයි ඔබට අපේ මේ ආරාධනය!
අද දවසේ ඔබ වෙනුවෙන්, ඔබගේ දැනුම් පිපාසය වෙනුවෙන්, වාර්තාමය රූපවාහිනී වැඩසටහනක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට අපගේ සොහොයුරන් සූදානමින් පසුවෙනවා. වසර මිලියන ගණනක ලෝකයේ වසර දහස් ගණනක මිනිස් ඉතිහාසය සොයා ගිය විදුදරයන්ගේ අනුපමේය සොයාගැනීම්/ හෙළිදරව්වන් ගැන තතු විත්ති රැගත් එය කුතුහලයෙන් පිරී’තිරුණක් බව නිසැකයි. කිසිදා නොසන්සිඳෙන කුතුහලයට උල්පතක් වූ මිසර දේශයේ යටගිය තාක්ෂණයන්/ විශ්මයන් ලෝකයට හෙළි දරව් කළ ඒ විද්වතුන් ගේ ගමන් මග දැන කියාගෙන, දැක බලාගෙන ඔබේ දැනුමේ පරාසය තවත් වැඩි දියුණු කරගන්නට මෙය අවස්ථාවක් කරගන්නා මෙන් මේ වෙනුවෙන් මහන්සි වූ සියල්ලන්ම වෙනුවෙන් අප ඉල්ලා සිටිනවා.
රැදෙන්න අද දවස පුරා අපත් සමග මිසරයේ සැගවුන අභිරහස් සොයන්නට
1 Egypt | කවුද මේ ටුටන්කාමුන්???

4 Egypt | Egypt | පාදුවාවේ අචාරසම්පන්න දැවැන්තයා…
5 Egypt | රොසෙටා සෙල් ලිපිය සහ කාර්ටුෂ් කලංකරණය
195 comments
ccnp
nihal
all the best guys :)
kalinga
පට්ට උණුසුම් සුභ පැතුම්!!!
geeth
all the best baiscope my no1 best site
nalaka
එල එල බයිස්කෝප් වෙබ් අඩවිය සුපිරි ගමනයක් යාමට උපසිරසි ලබාදෙන සියලුම සොයුරු සොයුරියන්ට සියලු ශක්තිය හා වාසනාව උදාවේවා යි මම හදවතින් ප්‍රාර්ථනා කරමි
mihin ලංකා
නියමයි සහෝලා බයිස්කෝප් තමා පට්ටම සයිට් එක මම දැකපු ඔහොමම යමු
ජයම වේවා!Budditha Fernando
මාගේ උණුසුම් සුභපැතුම්!! සුළුවෙන් හෝ දායක වීමට ලැබීම ගැන අත්ත්ටටම සතුටුයි..
quik
thanks for baiscope teem
h[a]s
සුභ ගමන් ජය වේවා සහෝලට
නවින්ද ප්‍රමෝද්
එල එල! මැක්සා. ඔහොම යන්.....ලගදීම 3000ත් අපිට බලාගන්න පුලුවන් වෙයි
රිෂාන්
ලොවෙත් නෑ...
උණුසුමි සුබ පැතුමි....!!!!
f_live
බොහොම තුති !! දිගු ගමනක් යන්නට ආසිරි
was
ලොවෙත් නැති සයිට් එක බයිස්කෝප් හද පත්ලෙන්ම සුභ පතනවා!
isuru sadaruwan
all the best
නලින්
ලිපි 2000 සමරන අද දවසේ මුලින් අඩවියට මගේ උණූසුම් සුභ පැතුම් පිලිගන්වනවා.
උපසිරැසි කරුවෙක් හැටියට අද මටත් ලොකු සතුටක්. මොකද මේ සැමරුමට සුළුවෙන් හෝ මටත් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් විම ගැන.ඉතිං ආඩම්භරයි බයිස්කෝප්!
චිරං ජයතු!
සoජය
පළමුවෙන්ම උපසිරසි 2000 පසුකරන බයිස්කෝප් වෙ අඩවියට මගේ උනුසුම් සුබ පැතුම්. මේ වෙනුවෙන් වෙබ් අඩවිය මේ තත්වයට ගෙන ඒමට ඇපකැප වුනු අපේ ඇඩ්මින් සහෝලට බෙහෙවින් ස්තූතිවන්තා වෙනව, අනෙක දිනෙන් දින වැඩිවන බයිස්කෝප් සහෝදර සහෝදරියන් කැල බොහෝම මහන්සියෙන් කැපවීමෙන් මේ සද්කාර්යයට දුන් සහයෝගට මගේ හද පිරි ස්තුතිය පුදකරනව. තවදුරටත් මෙහි සාමාජිකයින් ගනන දිනෙන් දින වැඩිවී වැඩි වඩියෙන් සබ් දීමට හැකිවේවායි පතනව....
lasidu
චිරං ජයතු බයිස්කෝප්
“චූටී මල්ලි”
අඩේ 2000 යි,,,,,,,,,,,,,,,
මේ තත්වෙට සයිට් එක ගේන්න මහන්සි වෙච්ච හැමෝටම
මගෙ හද පිරි සිතුතිය
මේක තමා ලංකාවෙ හොදම සයිට් එක
ආයෙ කතා 2ක් නෑ..
ඉක්මන්ටම ලිපි 3000 කරායන්න ලැබේවා
සයිට් එකට ජය එහෙනම්........ravindra hansaka
jaya wewa...........jayama wewa
vernie
උණුසුම් සුභ පැතුම්!!!
tharindu
ela ela.....kattiyatama jaya wewa.........mehema digatama yamu kollaneeee...................
රෙහාන් චානක
ඇත්තටම ගොඩක් සතුටුයි බයිස්aකෝප් අඩවිය අද තියෙන තත්වය ගැන.. මේක නොතිබෙන්න ගොඩක් ලස්සන සිනාම කෘති අපිට අනන්තවත් මගහැරෙන්න තිබ්බා. ඉතින් බයිස්කෝප් ඉදිරි ගමන සදාහා හදවතින්ම සුබපතනවා
charith
pattaaaaaaa jaya
යසස්
උණුසුම් සුභ පැතුම්
Sisira Hegoda
Api Oba Samaga sitinawa. Dinen Dina Diyunu Wewa.
naleen
good luck guys :)
M.D.A Pradeep ( අමිල මනනදේව)
ජය වේවා!!!
tharanga
හදවතින්ම සුභ පතනවා තවත් දස දහස් ගණන් දෙන්න ලැබේවා!!!!
Wishvanath
ආ මග කෙටියි යා යුතු මග දුරයි
නිරතුරැ නුවනැසින් තරණය කළ යුතුයිNM
උණුසුම් සුභ පැතුම්!!!.....
Roshan
>>>>>>>>>>>>>>I lOve BAisCOpe <<<<<<<<<<<<<<
Hitha Honda kolla
jaya api hamadaama baiscop eken film gannawa :) thnx oyalata
chamath cafe
ජයග්‍රාහි 2000ට සුභ පැතුම්
amilatk
jayen jaya!!!!
කැලුම් රණවක
බයිස්කෝප් අඩවියට මාගෙ උණුසුම් සුභ පැතුම්...!!!
එහෙනම් දැන් ඊ ලඟ දහසට පියවර ඔසවමු ශක්තිමත්ව.. :)ositha
all the best :)
shajan
උණුසුම් සුභ පැතුම්!!!
#ChalinduDeshan (කිනා)
ඉස්සෙල්ලම බයිස්කෝප් එකට සුභ පතන්න කැමතියි උපසිරැසි 2000 සමරණ මේ මොහොතට. ඇත්තටම සතුටුයි මේ තරම් දුරකට , මේ වගේ තැනකට ආපු එක ගැන. උපසිරැසි නිර්මාණකරුවෙක් හැටියට මටත් ආඩම්බරයක් අද වගේ සුවිශේෂී වූ දවසකට දායකත්වය ලබාදෙන්න පුලුවන් වුන එක ගැන.
බයිස්කෝප් එකට ජයවේවා!!
Tharindu Chathuranga
Magen Unusumma unusum Subapathum. Jayawewa Baiscopelk.com keep it up!!!!!!!!!!
shann
පට්ටම සයිට් එක බයිස්කෝප් එකේ කතා 2 කක් නෑ
තවත් සබ් වගේ අලුත් තොරතුරු දස දහස් ගණනින් දෙන්න ලැබේවා!kasun viraj
එල එල උපසිරස 2000 පසුකරන බයිස්කෝප් එකට මගේ උණුසුම් සුබ පැතුම්
චිරං ජයතු බයිස්කෝප්Danuka
baiscope eke set ekatama thankx..... apita sinhala sub denvata
g-a-n-d-u
සුපිරි බයිස්කෝප් හැමදාම
Dimuth
උණුසුම් සුබ පැතුම්...ඊළඟ නැවතුම 3000 වෙත ඉක්මනින් යන්න ලැබේවා කියල පතනවා...ජය වේවා...
sameera
all the best
harsha
tawa boho kalayak apata sewaya kirimata baiscopelk ekata shakthiya labewaaa....! all the best.
nwk isanka dilshan
බයිස්කෝප් වෙබ් අඩව්යට අපගේ උණුසුම් සූබ පැතුම්.ඔබලාට ජයෙන් ජය
[chathura]
සුභම සුභ අනාගතයක් වේවා බයිස්කෝප් එකේ උපසිරසි ගන්වන අපේ සහෝදරයො ඔක්කොටම. ලිපි 2000ක් . අම්මෝ........... කොච්චර ලොකු වැඩක්ද? බයිස්කෝප් සෙට් එකේ අපේ සබ් සෙට් එකේ වැඩ්ඩන්ගෙ කොච්චර වටින කාලය මෙතන තියනවද? ජය වේවා... දිගු කාලයක් අප සමඟ රැඳීමට බයිස්කෝප් එකේ විකි අයියා ඇතුලු හැමෝටම ශක්තිය දෛර්‍ය ලැබේවා. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්
Asitha
ජය වේවා.... රොයිලි සහෝ ඈතුලු අපේ සියලු මිතුරන්ට....!!
Wish U guyz all da very BEST...!!ප්‍රශන්න
මගෙන් උණුස්ම සුභ පැතුම්....
කතාවක් කියන්න ඕන
මම ඇත්තටම ටිකක් දුකින් සහ පාලුවෙන් හිටිය කොල්ලෙක්.. යම් යම් හේතූ නිසා මගේ ජීවිතයට තදින් දුකක් දැනුන කාලයක් තමයි 2010 අවුරුද්ද.. මම මම ලැප් එකක් ගත්තේ මේ අවුරුද්දේම තමයි.. ඒ තරම් ඉන්ට්‍රෙන්ට් ගැන මගේ දැනුමක් තිබුනේ නැහැ.. ඒත් මම මේ එකට ගොඩ වැදුනේ අහම්බයෙන් වගේ.. එදා ඉදල මේ වනතෙක්ම මම මේකත් එක්කමයි. අනිවාර්යෙන්ම මම මොන දේ තිබුනත් මම කොහොම හරි ඇවිත් අළුතින් ෆිල්ම් එකක් දාලද කියල බලනවා.. ඒත් එක්කම මොන දේ තිබුනත් අනිවා ෆිල්ම් එකක් බානවා.. මේක දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි.. ඒ වගේම මගේ දුකට හා සතුටට ඒ ඒ වෙලාවට හිත හදා ගන්න සිංහලින් චිත්‍රපටියක් බලන්න පුලුවන් උන එක ගැන උබලට මට දෙන්න තියෙන එකම දේ මගේ හදවතින්න පිටකරන ,පිං, කියන වචනය සහ හදවතට ගොඩක් සමීපතම වචනේ ,ආදරයි, කියල විතරයි
ප්‍රශන්න
TV Series වලට මාව පිස්සු වට්ටපු හසන්ත සහෝ.. උඹ අනිවාර්යෙන්ම මතක් කළ යුතු පොරක්..










pattama api baiscope akka samada