මුලින් හැමෝම දැනගන්න ඇතිනේ මොකද්ද මේ අද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මම ඒ ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මොකද අපි මේ පහුකරගෙන යන කඩඉම් එන්න එන්නම වේගවත් විදිහට අපේ අභියස පෙනිහිටිනවා. එහි අදහස තමයි අපේ වේගය වෙනදට වඩා වැඩි කියලා. මොකද වෙනදා එක ලිපිය දුන්න අපේ විබපල අද දවසට උපසිරැසි 6 දෙන මට්ටමකට ඇවිත…

Search.for.Tutankhamun

මුලින් හැමෝම දැනගන්න ඇතිනේ මොකද්ද මේ අද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මම ඒ ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මොකද අපි මේ පහුකරගෙන යන කඩඉම් එන්න එන්නම වේගවත් විදිහට අපේ අභියස පෙනිහිටිනවා. එහි අදහස තමයි අපේ වේගය වෙනදට වඩා වැඩි කියලා. මොකද වෙනදා එක ලිපිය දුන්න අපේ විබපල අද දවසට උපසිරැසි 6 දෙන මට්ටමකට ඇවිත් තියෙනවා. එහෙම ඇවිත් අද ලිපි 2000 කියන සංදිස්ථානය අභියස අපි මේ දිගහරින්න හදන්නේ අපේ මේ මිතුරුකමේ තවත් පිටුවක්.

එහෙනම් චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් කියලා දීර්ගායුෂ පතන ගමන් අද මේ සුවිශේෂී දිනයේ කරන සුවිශේෂී කර්තව්‍යයේ මුල්ගල තියන්න හදන්නේ මගේ අතින්. වෙනදා කරනවට වඩා පොඩි වෙනසක් සහිතව අද මේ හදන්නේ දිනය පුරාවටම අපි ඔබ සැමගේම දැනුම වර්ධනය කරන යමක් කරන්න. මේ කියන්න යන්නේ තවත් ඉතිහාස කතාවක්. ලෝකයේ පැරණිම මෙන්ම දියුණුම මානව ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන ඊජිප්තුව පිලිබඳ වැලලුන මතකය ඔබ අතරට අද කොටසින් කොටස අපේ සහෝදර උපසිරැසිකරුවන්ගේ දායකත්වයෙන් ඔබ අතට පත්වේවි.

නයිල් නිම්නය එහෙමත් නැතිනම් නයිල් ගඟ මූලික කරගෙන වර්ධනය වූ මේ මිනිස් ශිෂ්ඨාචාරය ඉතිහාසය තුල බිහි වූ දියුණු ශිෂ්ඨාචාර වලින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ ගැන කියන්න දෙයක් නැහැ ඔවුන්ගේ හැකියාවන් වර්තමානයේ දියුණු තාක්ෂණයේ මහිමය භුක්ති විඳින අපේ නළල් රැළි නංවන්න සමත් උන නිසා. ඇත්තටම ඒ නිර්මාණ අතිවිශිෂ්ඨයි ඒ වගේ ලොව පුදුම හත තුලට ඇතුලත් වෙන්නත් සමත්කම් දක්වලා තියෙනවා.

ඉතින් මගේ මේ වෑයම ඒ අභිමානවත් ශිෂ්ඨාචාරය තුල වැලලෙන්න ගිය තවත් එක රජ පුරුකක් ලොවට නිරාවරණය වූ හැටි ඔබ වෙතට තේරෙන සිංහලෙන් සමීප කරවන්නයි. ඔහු නමින් ටුටන්කාමුන් වයස අවුරුදු 8දි බලයට පත් වූ ලොව ලාබාලතම පාරෝ සාමාජිකයා වගේම ලෝකයට මොහු ගැන ඉතිහාසය අපෙන් වසන් කරන්න පෙළඹුනත් එය අපේ අතට පත් වූ අයුරු අද මේ කොටසින් ඔබට දැකගන්න ලැබේවි. සාම්ප්‍රදායික කාලනිර්ණයට අනුව 1332 BC – 1323 BC කාලය තුල තම බලය පතුරවපු ටුටන්කාමුන් 18 වන රාජවංශයට අයත් පාරෝවරයෙක් වන අතර ටුටන්කාමුන්ගේ රාජ්‍ය කාලය ඉතාමත් කෙටි උනා. ඒ වසර නමයකට සීමා වූ රාජසමයක්. ඒ වගේම විවිධාකාර අර්බුද රැසකින් යුතු මේ කාල සීමාව තුල ඔහුගේ භාර්යාව උනේ ඔහුගේම වැඩිමහල් සොයුරියයි. මේ වසර 9 ට පසුව නිමා වූ මේ ලාබාලතම පාරෝවරයාගේ නොඉඳුල් සොහොන් ගර්භය සොයාගනු ලැබුවේ 1922 වර්ෂයේදී හොවර්ඩ් කාටර් නමැති බ්‍රිතාන්‍යය පුරාවිද්‍යාඥයා සහ හර්බට් ජෝර්ජ් විසිනුයි.

ඉතින් ඒ අරුම පුදුම අනාවරණය සිදුවූ අකාරය නාට්‍යක ස්වරූපයෙන් BBC ආයතනය විසින් 2005 වසරේදී කොටස් හයකින් ලොවට විවෘත කල රූපවාහිනී කතාමාලාවේ පළමු අදියර මවිසින් මෙලෙසින් ඔබ අතට පත් කරන වගයි.

Egypt (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

700 MB (4.2 GB) කොපිය මෙතනින් බාගන්න 2452b6216f6fd88faa56bc7c825dbceba5fa06c7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,191 downloadsDownload Egypt-E01.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                                                              Next Episode >>

Subtitles

3,191 downloadsDownload Subtitles27 KB

71 comments

  1. nihal

    patta mama asama akaka :)

  2. vee

    maxxa maxxxa :)

  3. kalinga

    නියමම කතාවක් නේ මමත් ආසයි මේවා ගැන දැන ගන්න

  4. isuru

    ado ela ela macho :)

  5. නලින්

    නියමයි හසන්ත අයියා. මෙවනේ කථා.
    කියලා වැඩක් නැහැ..

    ජය වේවා

  6. ganidu

    තැන්ක්ස් වේවා!!!

  7. wow

    wow, maru :)

  8. සoජය

    2000න්ම එල වැඩක් පටන්ගෙනනෙ හසන්ත සහෝ... බොහොම ස්තුතියි...

  9. “චූටී මල්ලි”

    අඩේ 2000 සමරන්න කියාපු බඩ්ඩ
    කොච්චර නම් ර්‍රජිප්තුවෙ දේවල් ට්ව් එකෙන් බලලා තියෙද නෙ
    මමි ගැන වැඩසටහන් එතකොට අර කාටුන් එක
    නයිල් නදි කුමරි
    තව තව ගොඩාක්
    නමුත් හරි හමන් විදියට දැනුමක් ලැබුනෙ නෑනෙ මමී ගැන එහෙම
    දැන් ඒකත් හරි වගෙ
    සබට තුති එහෙනම්
    ඔබට ජය....................

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ඇයි බං සූර පප්පලා අතරමං උනෙත් ඔයින් එකක නේද....

  10. jeewantha

    elane macho :)

  11. vernie

    maru saho

  12. niro

    wow nice bro..... biscope set ekata jaya wewa.... Best of luck...

  13. tharindu

    ela ela....sahooo niyama vadak..........mevage katha maxxahh....thanks thanks sub ekatahhhh

  14. tharanga

    සුපිරිම එකක් මේක දෙන එකට නම් මදි නොකියන්න පින්

  15. sarath

    thanks hasantha sub ekata.i like this.

  16. pubudu

    gr8 story :)

  17. ositha

    niyama wadak meyka nam

  18. කැලුම් රණවක

    මේකනම් නියම වැඩක් හසන්ත අයියා..
    මාත් දැනකියාගන්න කැමතිම පැත්තක් තමා මේ..
    ඒත් දුක කියන්නෙ නෙට් ස්ලෝ කරලා නිසා දැන්ම ඩවුන් කරගන්නවිදිහක් නැති එකයි..
    මටමනෙ වෙන්නෙ ඉතින්..කමක් නෑ...
    ඉවසනවා..ඉවසනවා...පළවෙනිදට තව දවස් 3 නේ...

  19. shann

    මම ආසයි මේවා ගැන දැන ගන්න අපේ හැමෝටම වැදගත් වෙයි මේක නම්

  20. Kolla

    tnx..

  21. Amil

    සුපිරියි හසන්ත අයියේ...
    මමත් ආසම මේ වගේ වැඩසටහන් බලන්න...
    වැඩේ නම් සුපිරියි....

  22. [chathura]

    සුභම සුභ අනාගතයක් වේවා බයිස්කෝප් එකේ උපසිරසි ගන්වන අපේ සහෝදරයො ඔක්කොටම. ලිපි 2000ක් . අම්මෝ........... කොච්චර ලොකු වැඩක්ද? බයිස්කෝප් සෙට් එකේ අපේ සබ් සෙට් එකේ වැඩ්ඩන්ගෙ කොච්චර වටින කාලය මෙතන තියනවද? ජය වේවා... දිගු කාලයක් අප සමඟ රැඳීමට බයිස්කෝප් එකේ විකි අයියා ඇතුලු හැමෝටම ශක්තිය දෛර්‍ය ලැබේවා. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්

  23. මිහාන්

    බොහෝම ස්තූතියි !

  24. ප්‍රශන්න

    වාව් වාව් මරු අයියේ ....

  25. ප්‍රශන්න

    හසන්ත වික්‍රමරත්න - මම චිත්‍රපටි සහ TV Series මට බලන්න පිස්සු වට්ටපු පොරක් තමයි උබ.. ඉස්සරනම් ඔයාට සබ් දාන්න මම පුදුම වදයක් දෙන්නේ.. මතක ඇති.. ඒත් අයියේ මට මේ දවස් වල වෙලාව මදි උබට වදේ ගහන්න.. ඔබ මට ඒකට බැනලත් තියෙනවා..

    දැන් කොල්ලට හොදයි වගේ .. දිගටම ඔහොම යමු... මොනත් නොකීවා හා කීවා මම උඹ දැන හැම එකක්ම බලනවා.. ඒත අනිවා...

    ඔයාට වගේම බයිස්කෝප් කොල්ලො කෙල්ලෝ ඔක්කොටම මගෙන් ආදරණීය සුභ පැතුම්...

  26. දිදුල Kd සිල්වා

    මේ කතා මාලාව නම් මං අනිවාර්යෙන්ම බලනවා. ඇත්තටම ලෝකයේ මේ වගේ පුදුමයනුත් තිබ්බ බව සවිස්තරාත්ම දැනගන්න දැකගන්න ලැබෙන්නෙ මේ වගේ දේකින්මනෙ.. හසන්ත සහෝ මුල්ගල් තබපු වැඩේ අද දවස තුලම අවසානයක් දකීවි. එතෙක් හැමෝම රැඳිල ඉන්න. ජයවේවා෴

  27. ශාන් විමුක්ති [විමා]

    නියමයි හසා
    අපේ බුදු පිට් එක
    මගේ කොටහේ පලෙවෙනි කෑල්ල ;)
    චිරංජයතු බයිස්කෝප්

  28. madushan

    මමත් මේ වගේ කතා වලට හරි ආසයි......

  29. udaya

    me wage kata walata harima asaiii machoooooo.... thank u....

  30. මුදියා / mudiya

    නියම වැඩක් හසන්ත සහෝ.අදම ඔක්කොම දෙයි වගේ නේද.ජයවේවා.බොහෝ..................................................ම ස්තූතියි...!

  31. ඉන්දික

    macho.....ane meka ara Viking wage atharamag nathra karanda epa mama mewa hari assawen balanne. umbalata hodakma wewa.....

  32. indika

    thnx.. sahooo

  33. සුනෙත්

    නියමයි .ඉතිහාසය නිවැරදි මුලාශ්‍ර වලින් දැනගන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්.උණුසුම් සුබ පැතුම් පටන් ගත්ත වැඩේට.හැබයි ඉතින් දැන් අන්තර්ජාල සබඳතාවය තමයි ප්‍රශ්නේ.අනේ අපිට ලාබෙට කවදා අන්ලිමිටඩ් පැකේජ් එකක් ලැබෙයිද මනදා.ඒක පිරමිඩ් එකක් හදනවටත් වඩා අමාරුයි වගේ

  34. හර්ෂ ලහිරු

    ස්තුතියි හසන්ත සහො
    හොද දේවල් ඉතින් කවදත්
    බයිස්කෝප් වලින් විත‍රයි

  35. සමීර කරුණාරත්න

    බොහොම ස්තුතියි හසන්ත අයියේ...
    මේක නියමම කතාවක් නෙව.

  36. Gayashan

    ගොඩාක් ස්තූතියි යාළුවා.

  37. kasun viraj

    ස්තුතියි හසන්ත සහො

  38. sp පියමල්

    නියම වැඩක් සහෝ

  39. Nelson

    Good post friend thanks

  40. #ChalinduDeshan (කිනා)

    එකෙන්ම පහර ඈ...
    කොටසක් බාගෙන තියෙන හන්ද ඉතුරු ටිකත් බානවා අනිවාම..
    ජයවේවා!

  41. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  42. deshan chaminda

    dear malli...
    aththatama oyaage Movies and lipi mama itha agaya karana kenek.mokada apita danuma awabodaya gena dena eewa nisa.thawath idiriyata mevani Doc.Fillms walata Sub daanna .ee wageema Spartacus ithuru tikath ikamanata pala karanna.
    tyank you .
    Deshan chaminda....

  43. Dilanka

    tnz machan,,,,,

  44. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල හසෝ...
    ඔයයි මුල්ගල තිබ්බනම් ආයේ මොන කතාද..
    එහෙනම් ඔන්න ගන්නවා..
    හැබැයි අදනම් නෙවි..
    ලබන මාසේ..
    ඒ කිව්වේ දවස් හතරකට පස්සේ...
    ජය වේවා..

  45. manju

    aththatama niyama wedak mokada me wage dewal wala danuma denawa kiyanna loku pinak thanks thanks thanks...............

  46. dushman

    thanks hasantha sahoooo
    mama hemadama kiyanawa wage mekata
    gdakma pin ethn

  47. කේ.යූ.ජී. උදාර

    මේ වටින වැඩේට කර තිබ්බට බොහොම ස්තූතියි හසන්ත............

  48. දිනිඳු සම්පත්

    ලිපි දෙදාහට ආරම්භය දීලා තියෙන්නේ අපේ හසන්ත සහෝනේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  49. අමල් ප්‍රසාද්

    මේකනම් ඇත්තටම ප්‍රයෝජනවත් ව්‍යපෘතියක්!! අපිට ඉතින් කරන්න පුලුවන් ලොකුම ගෙවීම මේ වගේ කොමෙන්ටුවක් කොටන එකනෙ.. ඒනිසා මාත් මේ ලිපි මාලාවටම කමෙන්ටු කොටනවා.. ඒක තමයි මට කරන්න පුලුවන් එකම දේ!!

  50. Kasun

    වැඩේ කියන්නේ හසන්ත මහත්තයෝ,, ඔහේලා මේ දෙන දීමට අපි කොහොමෙයි බලන්නේ මේවා.... අපිට බලන්නවත් වෙලාවක් නැති කොට ඔහේලා මේ උපසිරැසි යොදන වේගෙනම් හිතාගන්නවත් බැහැ.... "මේක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්ය" . ඔහොම යන් ඔහොම යන්...... බොහොම ඉක්මනට 3000 ට යන්න ශක්තිය ලැබේවා.....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.