Watch Trailer

Elementary [S01 : E20] Sinhala Subtitles | අවමාන තර්ජන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 20වෙනි කොටසත් සුපුරුදු පරිදි සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. මෙවර කතාවෙදි ෂර්ලොක් හෝම්ස්ට පැවරෙන්නේ අවමාන තර්ජන හෙවත් බ්ලැක්මේල් කාරයෙක් සහ ඒ බ්ලැක් මේල් කාරයගේ සහකාරයා ගැන හොයන්නයි. ඊවා නැමති තරුණ ගැහැනු ලමයෙක් ව්‍යාජ හැදුනුම්පතක් භාවිතයෙන් සමාජ ශා…

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 20වෙනි කොටසත් සුපුරුදු පරිදි සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. මෙවර කතාවෙදි ෂර්ලොක් හෝම්ස්ට පැවරෙන්නේ අවමාන තර්ජන හෙවත් බ්ලැක්මේල් කාරයෙක් සහ ඒ බ්ලැක් මේල් කාරයගේ සහකාරයා ගැන හොයන්නයි. ඊවා නැමති තරුණ ගැහැනු ලමයෙක් ව්‍යාජ හැදුනුම්පතක් භාවිතයෙන් සමාජ ශාලාවකට යනවා. එහිදි ඇයට හමුවන ග්‍රාවි නැමති පුද්ගලයෙක් ඇගේ බීම එකට යම් ද්‍රව්‍යයක් එකතු කරලා ඇයව තමන්ගෙ ගෙදරට ගෙනිහින් දූෂණයට ලක් කරනවා. මේ සම්බන්ධයෙන් ඊවා ඇගේ දෙමව්පියන් සමග පොලිසියේ පිහිට පතනවා. එහිදී ග්‍රාවි අතින් දූෂණයට ලක් උන තවත් තරුණ ගැහැනු ළමයින් දෙදෙනෙක්ද ග්‍රාවිට විරුද්ධව ඉදිරිපත් වෙනවා. තමන්ගෙ වරද පිලිගන්නා ග්‍රාවිට සිර දඬුවම් ලැබෙනවා.

සිද්ධිය එතනින් අවසානයි කියලා හිතුවත් ඒක එතනින් අවසන් වෙන්නෙ නැහැ. ටික කාලෙකට පස්සේ ඊව් ගෙ පියාට එදා රෑ ඊව් ට සිදු වූ සිද්ධිය පටිගත කල DVD තැටියක් සහ ලිපියක් තැපෑලෙන් ලැබෙනවා. එම ලිපියේ සඳහන් ගිණුම් අංකයකට ඩොලර් 10,000 ක් තැන්පත් කරන ලෙසත්, එසේ නොකලොත් එම DVD තැටිය අන්තර්ජාලයට හා මාධ්‍ය වලට නිතුක් කරන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට නොයන ලෙසත් සඳහන් වෙනවා. ඊව් ගෙ පියා මේ සම්බන්ධයෙන් කාටවත් නොකියම ලිපියේ තිබුන උපදෙස් වලට අනුව ක්‍රියා කරනවා. හැබැයි කප්පම් ගැනීම එතනින් නවතින්නෙ නැහැ. ඔහුට අවසානයේ ඔහුගෙ මිතුරෙක් මගින් ෂර්ලොක්ගෙ සහය ලබා ගැනීමට හැකි වෙනවා.

ගිණුම් අංකය පිළිබඳ විස්තර හොයාගන්නා ෂර්ලොක්ට අදාල අවමාන තර්ජන කාරයගෙ ගෙදර හොයා ගන්න ලැබෙනවා. ඒ පුද්ගලයට හොරෙන් ඔහුගෙ නිවසට ඇතුල් වෙන ෂර්ලොක්ට ඒ පුද්ගලයගෙ ලැප්ටොප් පරිගණකයේ තිබුන ඒ හා සමාන වීඩියෝ දුසිම් ගණනක් සොයා ගන්න ලැබෙනවා. එහෙම ඉන්න අතරේ අර අවමාන තර්ජන කාරයා නැවතත් තම නිවසට පැමිණෙනවා. එබැවින් පිටුපස දොරෙන් එලියට යන්න හදන ෂර්ලොක්ට පිටුපස දොරෙනුත් යම් පුද්ගලයෙක් ඇතුල් වෙන බව වැටහෙනවා. එහිදි ෂර්ලොක්ට කරන්න වෙන දෙයක් නැති නිසා ඔහු සුරක්ෂිත තැනක හැංගිලා බලාගෙන ඉන්නවා ඉදිරියට මොනවා වේවිද කියලා. ඒත් එතන සිදු වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. අර අවමාන තර්ජන කාරයව, පිටුපස දොරෙන් ඇතුල් උන පුද්ගලයා වෙඩි තබා ඝාතනය කරනවා.

ඉතින් යාළුවනේ. අවමාන තර්ජන කාරයව ඝාතනය කරන්නෙ කවුද? ඒ ඇයි? ෂර්ලොක්ට ඔහුව හඳුනාගන්න පුළුවන් වේවිද? අවමාන තර්ජන කාරයා ඝාතනයට ලක් වූ බව ඔහුගෙ සහායකයා දැන ගනීවිද? එහෙම දැනගත්තොත් අර DVD තැටි ටික අන්තර්ජාලයට හා මාධ්‍යය වලට නිකුත් වේවිද? නැත්නම් ඊට කලින් ෂර්ලොක්ට ඒ සහායකයව අල්ලගන්න පුළුවන් වේවිද? නැත්නම් අවමාන තර්ජන කාරයට කිසිම සහායකයෙක් නැද්ද? නැත්නම් සහායකයෝ එක්කෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවද? මේ අභිරහස ෂර්ලොක් හෝම්ස් විසඳන්නේ කොහොමද කියලා කතාව බලලම දැනගන්න.. හැමෝටම ජය වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,330 downloadsDownload Elementary.S01E20.zip152 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

3,330 downloadsDownload Subtitles152 KB

45 comments

  1. eranga

    pattama thama machan

  2. asiri

    bohoma pin friday wenakam inne meyke balanna txzzzz

  3. ccnp

    Thanks

  4. tharanga

    ජය වේවා!!!! බොහොම පින්

  5. ositha

    patta dinidu :D kollo

  6. vee

    maxxa machan

  7. chami

    thxxxxxxxxxxxxxxx

  8. rusuru | රුසිරු

    බොහො තුති!!!!

  9. Hasitha prasad

    ජයම වේවා සහෝට දිගටම මේකට සබ් දෙන්න

  10. f_live

    සුපිරි සහෝ මේක නම් නියමයි !

  11. bandula

    pattaiiiiiii

  12. isuru samarasinghe

    supiri dindidu

  13. නලින්

    ස්තුතියි දිනිදු අයියා

    ජය වේවා!

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල දිනිදු කොල්ලෝ...
    වැඩේ නග්ගලා යනවා නේද...
    ජය වේවා...

  15. DanaMax92

    elaz

  16. me

    Thanks

  17. viraj

    uba niyamata wade karanawa bn.... Parakkuth na, kalinuth na...wadi kaiyath na.... Niyama time ekata sub eka denawa.... Digatama wade karan yamu.... Ela ela sub walata thankz macho....

  18. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  19. නිපුන්

    ජයෙන් ජය සහෝ... නියමයි බොහෝ තුති....
    දිගටම දෙමු... Season 2 ත් මේ දිනවල විකාශනය වෙනවනේ?
    පට්ටම කතාවක්...

  20. nirosha

    meke okkoma denakan balan inne.nawaththannanam epoooo

  21. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙමු කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය.............

  22. Sandun

    මම මේක එනකන් episode එක අරගෙන බලාගෙන හිටියා. ගොඩක් ස්තුතියි... දිගටම ඕනි. දැන් මේකේ season 2 එකත් ඇවිල්ලා නේද?

  23. shani

    thanks

  24. mayura

    great work bro..........

  25. mudiya / මුදියා

    නියමයි දිනිඳුවා.
    මේක එනකං බලන් ඉන්නෙ.
    මේකෙන් පළවෙනි සීසන් එක ඉවරද.
    දෙකකුත් තියෙනවද.
    තියේ නම් ඉක්මනටම ඕනි හොඳේ.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  26. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. kasun

    thanks....

  28. Sahan

    thankz a lot bro...

  29. Imesh

    Thanzzzz sahoooo.......sub enal balagnna widihak nathuwa hitiyeeeeee.....S2 ekth ekmanata dendooooooo

  30. Yashoda Hemal

    patta

  31. Vimukthi

    Ela........
    Strike Back Tv series 1tath sub Dentako.

  32. kosala

    ithurutika kawadada enne

  33. Gayashan

    macho ekmanatana next episode aketh sub aka dannaaaa!! thanks

  34. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. dilshan

    thanks bro

  37. වරුණ නිරෝෂණ

    සුපිරි කතා මාලාවක්..... බෙොෙහා්ම ස්තුතියි...

  38. Shan Vimukthi

    බොහොම ස්තුතියි කොල්ලෝ
    මෙන්න දැන් ගන්නවා

  39. Thisara Buddhika (තිසර නියෝ)

    බොහොම ස්තුතියි කොල්ලෝ
    මෙන්න දැන් ගන්නවා

  40. vimukthi

    sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  41. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි...
    මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි...
    ජයම වේවා..

  42. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  43. Sajith Akalanka

    thanks....

  44. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය….

  45. ricadodamien

    Thank You dinidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team