Watch Trailer

Erased [S01 : E01 & E02] Sinhala Subtitles | ඝාතනයකට එරෙහිව කළ කාල තරණය [සිංහල උපසිරසි]

Erased Season 01 Sinhala Subtitles කොහොමද ඔයාට කිසිම බලයක්, යන්ත්‍රයක් අඩුම තරමෙ කාගෙ හරි උදව්වක් වත් නැතුව කාල තරණය කරන්න පුලුවන් උනොත්… ඒක වෙන්නෙත් එක්තරා වැදගත් හේතුවකට නම්… ඒකෙන් ඔයාගෙම කෙනෙක්ව මරණයෙන් බේරගන්න පුලුවන් උනොත්… ඒ වගේම ඒකෙන් ඔයාගෙ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් උනොත්… අනික ඒකෙන් කාලය හ…

Erased Erased Season 01 Sinhala Subtitles

කොහොමද ඔයාට කිසිම බලයක්, යන්ත්‍රයක් අඩුම තරමෙ කාගෙ හරි උදව්වක් වත් නැතුව කාල තරණය කරන්න පුලුවන් උනොත්… ඒක වෙන්නෙත් එක්තරා වැදගත් හේතුවකට නම්… ඒකෙන් ඔයාගෙම කෙනෙක්ව මරණයෙන් බේරගන්න පුලුවන් උනොත්… ඒ වගේම ඒකෙන් ඔයාගෙ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් උනොත්… අනික ඒකෙන් කාලය හරහා යන්නෙ ඔයාගෙ වර්තමාන පෞරුෂය විතරක් නම්…?

ඉතින් මේ වතාවෙ ඇනිමෙ ෆැන්ටසියට අරන් ආවෙ ඇනිමෙ අතරේ සැඟවුනු ඉස්තරම් කතාවක්. ඒ තරම් අලුත් නැති පරණත් නැති, හැබැයි කතාව අතින් සෑහෙන්න ඉදිරියෙන් තියන්න පුලුවන් විදිහේ විශිෂ්ට ගණයේ කතාවක්. ඒක එහෙම වෙයි කියන එකට හොඳ හැඳින්වීමක් තමයි මම මේ මුලින්ම කියල තියෙන්නෙ. ඒ තත්වය නිසා අදටත් හුඟක් දෙනා මේ කතාව ගැන කතා කරනවා. ඒ වගේම Action, Adventure, Supernatural ඇනිමෙ හුඟක් ජනප්‍රිය මේ වගේ කාලයක, මේ කතාවට කාලය වෙන කරා කියල කොහෙත්ම පාඩුවක් වෙන්නෙ නැති විදිහෙ කතාවක් තමයි මේ කතාව. ඉතින් අපි යමු මේ කතාව මොකක්ද කියල දැනගන්න.

Kei Sanbe නම් මන්ගා කතුවරයා අතින් volumes 8 ක් පුරාවට නිකුත් වුනු, ජපන් බසින් “Boku dake ga Inai Machi” නම් වුනු මන්ගාව ආශ්‍රයෙන් නිමවුනු මේ කතාව තමයි “Erased”. එහි ඉංග්‍රීසි අර්ථයෙන් ගත්තම “The Town Where Only I am Missing” විදිහට නම් වෙනවා. 2016 වසරෙදි A 1 Pictures ස්ටූඩියෝව අතින් නිර්මාණය වුනු මේ කතාව මිනිත්තු 24 ක් පුරා දිව යන මුළු කොටස් 12 කින් යුතු වෙනවා. Mystery, Suspense, Psychological, Time Travel යන Genre වලට අයත් වෙන මේ කතාව R-17+ (Violance & Profanity) යටතේ Rate වෙලා තියෙනවා. ඒ වගේම IMDB දර්ශකයේ 8.4 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.3 ක ඉහළ අගයක් ලබා ගෙන තියෙනවා. කතාවේ Theme Songs දෙකත් වෙනස්ම රසයන්ගෙන් යුතු වෙනවා. කතාවේ Opening Theme එක විදිහට “Re:Re” ගීතය Asian Kung-Fu Generation කණ්ඩායම perform කරද්දි Ending Theme එක විදිහට “Sore wa Chiisana Hikari no Youna” ගීතය Sayuri විසින් perform කරනවා. ඒ වගේම කතාවේ තියෙන නොයෙක් අවස්තාවන්ට ගැලපෙන නාද රටා වලින් ඒ මොහොතවල් අපිට වඩාත් සමීප කරනවා.

                       
    Boku dake ga Inai Machi Manga Volume 01

Erased ඇනිමෙ කතා මාලාව බොහොමයක් awards පවා දිනාගත්තු වගේම nominees ලබා ගත්තු කතාවක් වෙනවා. කිහිපයක් ගැන සඳහන් කරනවා නම් 2016 වසරෙදි IGN Summer movie awards හි Best Anime Series යටතේදී, 2017 වසරේ Crunchyroll Anime Awards හි villain of the year සහ Best drama යටතේදී සහ Anime Trending Awards හි Mystery or Psychological Anime of The Year, Anime of The Season
(Winter), Favorite Supporting Female Character, Favorite Ending Theme Song, Favorite Mystery or Psychological සහ Favorite Supernatural යන කාණ්ඩ යටතේ winner වීමට මේ කතාව සමත් වෙලා තියෙනවා. පසුව මේ ඇනිමෙ කතා මාලාව ඇසුරෙන් Erased නමින්ම Live Action Film එකක්, Television Drama එකක්, spin off manga එකක් සහ spin off light novel එකකුත් නිකුත් කෙරුනා. ඉතින් දැන් අපි යමු කතා වස්තුවේ පසුබිමට.

ෆුජිනුමා සතෝරු වයස අවුරුදු 29 ක් වෙන පීසා කඩේක රැකියාව කරන තනිකඩ තරුණයෙක්. මෙයාට හැමදේටම හිටියෙ මෙයාගෙ අම්මා විතරයි. මෙයාට කාලෙක පටන් එක්තරා අද්භූත සංසිද්ධියක් සිද්ධ වෙනවා. මෙයා ඉන්න අවට මොකක් හරි නරක දෙයක් සිද්ධ වෙන්න යනවා නම් මෙයාව මිනිත්තු කිහිපයක් කාලයේ ආපස්සට යනවා. ඒ කියන්නෙ සතෝරු අතීතයට කාල තරණය කරනවා. හැබැයි මේක වෙන්නෙ මොකුත් යන්ත්‍රයක් ආයුධයක් හෝ උපකරණයක් නැතුව සතෝරුත් නොදැන ස්වංක්‍රීයවමයි. ඒ වගේම මෙයා කාල තරණය කරද්දි තියෙන වර්තමාන පෞරුෂය තමයි කාල තරණය කරන්නෙ. ඒ කියන්නෙ මොකක්ද කියල කතාව නරඹන ඔයාටම තේරුම් ගන්න දීලා මෙතනදි මං ඒක ගැන තවත් පැහැදිලි නොකර ඉන්නම්. මේක වෙන්නෙ අර කලින් කියපු නරක දේ සිද්ධ වෙන්න කලින් ඒක නවත්තන එක අරමුණු කරගෙන කියලයි සතෝරු හිතන්නෙ. හැබැයි ඒ සිද්ධිය හරියටම මොකක්ද කොතනද කීයටද කියන එක සතෝරු විසින්ම හොයාගන්න ඕනි. ඉතින් මෙයා මේ සංසිද්ධිය “රිවයිවල්” කියලා හඳුන්වන්න පුරුදු වෙලා හිටියා. හැබැයි මේ සතෝරුගේ කාල තරණ සංසිද්ධිය දැනන් හිටියෙත් සතෝරු විතරයි.

දවසක් සතෝරු අම්මත් එක්ක ඉද්දි සිද්ධවෙන මේ වගේ රිවයිවල් සිද්ධියක් නිසා සතෝරුගේ අම්මට එක්තරා අතීත සිදුවීමක් මතක් වෙනවා. ඒ සතෝරුගේ ප්‍රාථමික පාසල් කාලයේ වුනු ළමා පැහැරගැනීමක්. මේ රිවයිවල් සිද්ධියත් එක්ක මේ අම්මා මේ අතීත සිද්ධිය ටිකක් හොයන්න ගන්නවා. මේ නිසාම සතෝරුගේ අම්මා ඝාතනයට ලක් වෙනවා. ඒ කාගෙ අතින්ද ඇයිද කියන එකත් ඔයාටම හොයාගන්න ඉඩ තියලා මම නොකියා ඉන්නම්. ඒ අතරේ මේ ඝාතනය නිසාම සතෝරු ආයෙත් රිවයිවල් එකකට මුහුණ දීලා කාල තරණය කරනවා. හැබැයි මේ පාර කාල තරණය කරන්නෙ සතෝරු විහිළුවටවත් හිතන්නෙවත් නැති කාලයකට. ඒ සතෝරුගේ මූලික පාසල් කාලයට. මෙන්න මෙතනින් තමයි කතාව පටන් අරගන්නෙ.

දැන් ඉතින් නොවිසඳුනු ප්‍රශ්න කන්දරාවක් තියෙන විත්තිය ඔයාට පේනවා ඇති. සතෝරු අම්මගෙ ඝාතනයත් එක්ක තමන්ගෙ ප්‍රාථමික පාසල් කාලයට කාල තරණය කළේ ඇයි? වින්දිතයන් කවුද? ඝාතකයින් කවුද? මේකට සතෝරු පැටලෙන්නෙ කොහොමද? මේ ගැටළු එකින් එක විසඳෙන්නෙ කොහොමද? කාල තරණය සමඟ මානුෂීය කාරණා ගැට ගැහුනු, කුතුහලය නොඅඩුව පිරුණු මේ ත්‍රාසජනක අභිරහස් ඇනිමෙ කතා මාලාව මෙතැන් පටන් දිග හැරෙනවා. ඉතින් නරඹන්න පටන් ගන්න මේ කතාව. ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Erased Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

591 downloadsDownload ERASED-S01-E01E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

591 downloadsDownload Subtitles27 KB

5 comments

  1. Anonymous

    Thanx machn... meka goda kaleka idan illapu anime ekk

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  3. darshana

    thank you godak kal idan balan hitiya puluwannam you lie in aprill denawada

  4. Pawan

    Steins gate එකටත් සබ් ගෙන්නකො සහෝ

  5. Nuwan Chaminda

    Maga nawaththapu Vinland saga ayi sub denndda