Watch Trailer

Euphoria [S02 : E08] Sinhala Subtitles | අවසානයක් නොවූ ආරම්භයක් [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ කතා සමයේ අන්තිම කොටසයි. හිතුවට වඩා පෙලක් කොටස් ගේන්න හොඳටම පරක්කු වුණා. ඉතින් ඒවාට සමාව ඉල්ලනවා. කෙසේ හෝ කතාමාලාව ඉවරවෙලා සතියක් යන්නත් කලින් අපිට හැකි වුණා මුලු කතා මාලාවටම උපසිරැසි යොදන්න. මං හිතනවා මෙහෙම හරි ඉක්මන්ට දුන්න එක හොඳයි කියලා. මොකද අපි හිතන් හිටියේ කතා මා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ කතා සමයේ අන්තිම කොටසයි. හිතුවට වඩා පෙලක් කොටස් ගේන්න හොඳටම පරක්කු වුණා. ඉතින් ඒවාට සමාව ඉල්ලනවා. කෙසේ හෝ කතාමාලාව ඉවරවෙලා සතියක් යන්නත් කලින් අපිට හැකි වුණා මුලු කතා මාලාවටම උපසිරැසි යොදන්න. මං හිතනවා මෙහෙම හරි ඉක්මන්ට දුන්න එක හොඳයි කියලා. මොකද අපි හිතන් හිටියේ කතා මාලාව ඉවර වුණාම ඔක්කොම එක පාර උපසිරැසි ගන්නවලා දෙන්නයි. එහෙම කළා නම් උපසිරැසි ලැබෙන්න මීට වඩා කල් යන්න තිබ්බා, ඒත් චාමර සම්පත් අයියගේ අදහසට අනුව අපි සතිය ගානෙ එන කොටසට උපසිරැසි දෙන්න හිතුවා. ඉතිං ඒකෙන් ඔයාලට ඉක්මන්ට උපසිරැසි ගන්න අවස්ථාව ලැබුනා. එහෙනම් පරක්කු වුණ ඒවාට සමාව ඉල්ලන ගමන් අපි කතාව පැත්තට යමු,

කලින් කොටසෙන් ඔයාලට ලෙක්සිගේ නාට්ටිය බලාගන්න හැකි වුණා. ඒක ලෙක්සිගේ හීනයක්. ලෙක්සි කියන්නේ අනුන් ගැන හිතන කෙනෙක්, තමන් වෙනුවෙන් කියලා එයා කරගත්ත එකම දේ මේ නාට්ටියයි. ඒත් මේ නාට්ටිය එයාට හොඳින් කරගන්න හැකි වෙයිද?. මතකයිනේ කලින් කොටසෙදී නේට්ගෙ චරිතෙට දරුනු විදිහට අපහස වුණ නිසා නේට්ට තරහ ගිහින් එතනින් යනවා. ඒතරහටම එයා කැසී එක්ක තියෙන සම්බන්දෙත් නවත්තනවා. ඒකෙ පීඩනේට කැසී මේ නාට්ටියට මොනවගේ දෙයක් කරයිද?. ඔයාලට ඒක මේ කොටසින් බලාගන්න හැකි වෙයි. පොඩි කාලෙ ඉදන් තිබ්බ මේ පස් දෙනාගෙ යාලුකම ගැන පෙන්නලා ලෙක්සි හදපු මේ නාට්ටිය කෙතරම් දුරට සාර්ථක වේද කියලත් මේක බලලාම තේරුම් ගන්න.

අවසාන කොටස නිසා වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද ඔයාල මේ කොටස බලලාම ඒක විදින්න ඕන දෙයක්. මේ කොටස විකාශය වුණේ 2022 පෙබරවාරි 27 වෙනිදා. පිටපත් අන්තර්ජාලෙට නිකුත් වෙද්දි වෙනද වගේම 28 දවල් වුණා. IMDb දර්ශකේ 8.4 අගයක් මේ වෙනකොට ගන්න හැකි වෙනවා. එහෙනම් නැවතත් අපි තුන් වෙනි කතා මාලාව සමඟ හමුවෙමු. ඒකත් අපිට 2023 අගදි හරි 2024 මුලදි හරි බලාගැනීමට හැකිවෙයි.

එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පලවෙනි කතා මාලාවට වගේම මේ කතා මාලාවටත් උපසිරැසි කරන්න කතා කළාම බෑ නොකියා ආපු යුරාන් ධනුක සහෝට වගේම රවිඳු රුක්ෂාන් සහෝටත් ගොඩක් ස්තූති කරනවා සහ මෙච්චර දවසක් අපිට අදහසක් දාල සහයෝගය දුන් ඔයාලටත් ස්තූති කරන ගමන් මං නවතිනවා. ජය වේවා!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,819 downloadsDownload Euphoria-S02-E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

5,819 downloadsDownload Subtitles23 KB

14 comments

  1. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤❤❤❤

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    Thanks jayawewa....!

  5. Ayan

    archive 81 tv series ekt sub denwada

  6. Rasindu V Perera

    සබ් එකට ස්තුතියි..

    ඔයාලගේ vote කරන එක මොකදෝ වෙලා. Chrome එකෙන් හරියට පෙන්නනේ නැ.

  7. Malaka prasad

    Thanx bro jaya wewa

  8. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Sumith Kumara

    Best of luck

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dasun dammika

    thanks saho sub ekata...good luck

  12. Pasidu

    Season 3 one

  13. Sachithra Madushanka

    Season 03 Danne nedda Lagadi

  14. Sachithra Madushanka

    Season 03 Ta Sub Eka Danne nedda