සුභ උදෑසනක් වේවා! Attack on Titan Season 04 Episode 24 : Pride කියන කථාංගයටයි මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. ඊට කලින් ගිය ඉරිදා කථාංගය ගැන වචනයක් දෙකක් කතා කරලා ඉමු නේද? එදා කතාව Rumbling එකේ අතුරු ප්‍රතිඵල ගොඩක් විස්තර කරන එකක් වුණා. එරන්ගේ අරමුණ වුනේ Wall එකෙන් එළියේ හිටපු Marley Forces සහ මුළු ලෝක…

සුභ උදෑසනක් වේවා!

Attack on Titan Season 04 Episode 24 : Pride කියන කථාංගයටයි මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. ඊට කලින් ගිය ඉරිදා කථාංගය ගැන වචනයක් දෙකක් කතා කරලා ඉමු නේද?

එදා කතාව Rumbling එකේ අතුරු ප්‍රතිඵල ගොඩක් විස්තර කරන එකක් වුණා. එරන්ගේ අරමුණ වුනේ Wall එකෙන් එළියේ හිටපු Marley Forces සහ මුළු ලෝකෙම සමතලා කරලා දාන එකයි. ඒත් ඒකෙන් එයාගෙම මිනිස්සුන්ටත් මැරෙන්න වුණා. මේක ගැන Paradise වල අය වගේම බලන් ඉන්න අපිත් වාද භේද කරන්න පුළුවන්. මොකද සමහර අයට එයාලගේ වටින අය නැති වෙනවා. ඒත් සමහරු කියනවා ජයග්‍රහණය ලබන්නනම්, කැපකිරීමක් තියෙන්න ඕනේ කියලයි. ඒකත් පොඩ්ඩක් සාධාරණයි තමයි. ඒත් යුද්ධයක් සාධාරණීය කරන්න බෑනේ.

දැන් අපේ Season 1 Villain ආපහු කරලියට ඇවිල්ලා ඉන්නේ. එයා අවුරුදු හතරක් Crystalize වෙලා හිටියට හොඳ සිහියෙන් තමා ඉඳලා තියෙන්නේ. එයා එයාගේ ජීවිත කතාව හිට්ච්ට කියනවා. ආර්මින් මළපැනලා යනවා කෝනීව නවත්තන්න. Yeageristලා (යේගර්වාදීන්) ආපහු එකට එකතු වෙලා රටේ පාලනය අතට ගන්න හදනවා. එරන් මාස දහයකට කලින් ෆ්ලොක්ට එයාගේ සැලැස්ම කිව්වා කියලත් කියනවා. ෆ්ලොක් Volunteersලට කියනවා Yeagerist ලා එක්ක එකතු වෙන්න කියලා. කෝනී එයාගේ අම්මව ආපහු හරවන්න රාගාකෝ වලට යනවා. අන්තිමට Episode එක ඉවර වෙන්නේ, හන්ජි පීක් සහ මගත් ඉස්සරහට එන එකෙනුයි.

ඉතින් අද බලා ගන්න පුලුවන් කෝනී එයාගේ අම්මට ෆැල්කෝව කවලා ආපහු මනුස්සයෙක් කරන්න හිතන් හිටපු අදහසට මොන වගේ ප්‍රතිචාරයක් ආර්මින් දෙයිද කියලා. ගොඩක් හිනා වෙලා අය ඉන්නේ පට්ටම දුකකින් කියන්න හොඳම උදාහරණයක් තමයි කෝනී. පස්සේ ආර්මින්ටයි කෝනිටයි හම්බවෙන්නේ කවුද? එයාලා මොනා කරන්න හදයිද? එකට එකතු වෙලා සහයෝගෙන් වැඩ කරයිද, නැත්තම් දෙපැත්තකට වෙලා ආයෙත් මරා ගනීද? බලලම තීරණය කරන්නකෝ එහෙනම්. සුභ දවසක්!

Shinzou wo Sasageyo!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,194 downloadsDownload Attack-on-Titan-S04E24.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,194 downloadsDownload Subtitles16 KB

56 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Scorpian

    අම්මෝ එනකම් හිටියේ...ආදරෙයි ඉතිම්

  3. Anonymus

    සුපිරී අයියේ....ඉස්සරහට එන ඒවටත් මේ විදිහටම සබ් දෙන්න

    1. Anonymous

      ade Wena kauruth nadda oi sub krna aot ekta.mekta ena ena parta sub dala na.sathiyak ynwa sub ekak denna

  4. Xkalu

    ❤️

    1. Anonymous

      Ade bn.ube sub eka enkn sathiyak bln inna onada bn.☹️

  5. Xkalu

    ❤️

  6. Anonymous

    Sub Ekata Thanks Bro.. Puluwnnam The Never Promised Land Season 2 Ekatath Sub Denna,,

  7. Levi

    ෂබ් එකනම් සුපිරී... දිගටම ඔහොම දෙමු

  8. Anonymous

    බොහොම ස්තූතියි සහෝ❤️

  9. Anonymous

    එනකම් හිටියෙ ආදරෙයි ❤❤

  10. thiyura thilakshana

    EP 25 SUB eka denne nadda

  11. Anonymous

    Ep 25 ටත් සබ් ඕනා

  12. Pavith Wijesooriya

    ස්තූතියි සබට සහෝ,ඊළග එකත් ඉක්මටම දෙන්න,ජය!

  13. Deshan Kalhara

    Ep 25 sub oneeee

  14. Anishka

    25 dapan yakoooo

  15. Anonymous

    25 den nadda bng ithin

  16. Anishka

    25 adinne ai bn ithin dapanko

  17. lakshan

    bro ep25 one , ada 26 awa

  18. Anonymous

    25,26 dekama dannko

  19. Anonymous

    yako 26 th awa 25 dapanko

  20. eran yegar

    ado ikmanata 25 wath deepankoooooooo

  21. Deshan Kalhara

    Ko bn 25

  22. gotabaya

    uda denne nandda bn?

    what the fu**

  23. PB Tech

    Episode 25 danna nadda???
    Episode 26 Release unaa..

  24. Anishka

    uba merunada bn hellooo

  25. Anishka

    mcn plz hetawath dapan dekama

  26. Anonymous

    ikmanata dapan bn, ubata moko wela thiyenne

  27. levi acherman

    e kollo umba hodin neda.ane mokawath wennanam epa me kathawa sub dila iwarawenakan.ane kollo ikmanata sub tika dennako.

  28. Anonymous

    Ado next ep dekama avilla bn one ikmanata

  29. thiyura thilakshana

    Sub titles left 25 26 denne na lu

  30. Anishka

    sub eka dapan ballooooooooo

    1. Anonymous

      adoo me

  31. sanla dilneth

    ai eeee denna bari please dannako koolloooooooooooo..... ane bn api asarena wela innee ane baiscope adime kenek hari kiyannakoooo.................................................

  32. Anonymous

    අනේ sub එක පරක්කු වෙලා දුන්නත් කමක් නෑ
    මේකට Sub දෙන එක නම් නවත්තන්න එපා බන් please........
    කවුරු උබට මොනා කිව්වත් මෙච්චර කල් අපි AOT S04 තේරෙන සිංහලෙන් බැලුවේ ඔය sub එක පරක්කු උනාම ටිපර් වෙලා කෑ ගහන එවුන් නිසා නෙමෙයි උබ නිසා❤❤
    මොකද අපි එක පාරකුත් අවුරුද්දක් විතර මේකෙ S04 part 1 එකට sub නැති නිසා බලන එක නවත්තන්න වුණා
    ඊට පස්සෙ උබ තමයි site එකට අළුතෙන්ම join වෙලා හරියට English තේරෙන්නෙ නැති අපි ගැන හිතලා උබගේ පළවෙනි sub එකේ ඉඳල අද වෙනකම් මේකට sub දෙන්න පටන් ගත්තේ
    ඒක නිසා උබට මේ දවස්වල මොනා හරි වැඩක් තියේ නම් ඒක කරගෙන පරක්කු වෙලා හරි කමක් නෑ please S04 නවත්තන්නෙ නැතුව sub ටික දීල complete කරල දෙන්න.

  33. Anonymous

    පරක්කු උනාට අවුලක් නැහැ සබ් එක දෙන එක මගින් නතර කරන්න එපා.මෙහෙම හරි බලන්නෙ උඹ නිසා.පරක්කු උනාට අවුලක් නැහැ සබ් එක දෙන්න.

  34. Deshan Kalhara

    karu hari gawa 25 tai 26i sub thiyanawada

  35. ano nimas

    bosa plz dapanko

  36. vidumina

    25 ta sub nadda bro

  37. Healith Gunaweera

    මෙක sub කරන මල්ලි මෙ අවුරුද්දේ o/l ලියන කෙනෙක් ඒක හින්දා එයාට වෙලාම මදි ඇති මෙක sub කරන්න.
    පොඩ්ඩක් කල් යයි. කට්ටිය එක හින්දා rude comments දන්න එපා එයා වෙලාවක් ආපුවාම sub එක දායි.
    පොඩ්ඩක් හිතන්න විභාග අස්සෙ මේ විදිහටවත් sub කරපු එක ගැන

    1. විමා

      ඔන්න තේරුනා වැඩේ.
      එක්සෑම් එකෙන් පස්සෙ කොල්ල වැඩේ කරල දේවි.
      සබ් එක්ක බලන්න නම් ඉතිං ටිකක් ඉවසල ඉන්න.
      මේක හැමෝටම සබ් කරන්න පුළුවන් කතාවකුත් නෙමෙයි.

  38. xsfs

    badu nadd bosa

  39. Anonymous

    Ado oi wade baragathan iwara krpnko.meke admila nidida. sathiyak gnwa bn sub ekak denna.daws 2,3k nm kamak na.dan anthimta epi tiktath sub na.nedakin

  40. mala penala inne

    wena ekekta hari danna kiypanko uberta welawak nettam

  41. Anonymous

    Ador o/l thiyan sub hadanna gatte ai.aot th epar wenawa..

  42. විමා

    මොකක් හරි කතාවකට සබ් දීගෙන ඇවිල්ල යම් විධියකට ඒක අඩාල වෙච්ච ගමන් ගොඩක් අය කියන්නේ, කරන්න බැරි නම් වෙන කෙනෙක්ට දෙන්න කියන තුප්පහි කතාව. තමන්ගේ අවශ්‍යතාවය ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී උන් තමයි ඔය කතාව කියන්නේ.

    ඇරෝ කරනකම්ම, පොඩ්ඩක් පරක්කු වෙනකොට ඒක කරපු දෙතුන් දෙනාට සබ් කිරිල්ල එපාවෙනකම්ම බැන්නා. පුළුවන් එකෙක්ට කරන්න දෙන්න කිව්වා. ඊට පස්සෙ ෆ්ලෑෂ්. ඒක කලෙත් කවිඳුමයි ඊට පස්සෙ නුවන්ත දුලාන් කළා, පරක්කු වෙච්ච ගමන් කිව්වේ කරන්න බැරි නම් වෙන එකෙක්ට දීපල්ලා කියල.

    ඔන්න ඒ කොල්ල කරගෙන යනකොට පරක්කු උන ගමන් උගේ පලු අරින්න ගත්ත "කරන කෙනෙක්ට දීපන් බන් එපා වෙනවා කියල." ඊට පස්සෙ නුවන්ත ඔතනින් එහාට මම දෙන්නේ නැහැ කියල සීසන් 6 ඉවරයක් වෙන්නම දීලා සබ් දෙන එක නැවැත්තුව. දැන් සීසන් 7 සහ 8 කරන්න කිසිම කෙනෙක් බාරගන්න කැමති නැහැ.

    ඇටෑක් ඔන් ටයිටන් සබ් දෙන්න ගත්තෙ නවෝදනී, එයාගේ පෞද්ගලික වැඩ වගයක් නිසා සබ් දෙන්න බැරි උනා එයාට ටිකඩ් අවසක්. මේකේ ලොකු අයියල ටික අමු තිරිසන් කමෙන්ට් දාල තිබ්බ. ගොඩක් ඒවා මම ඩිලීට් කළා. ඒ සහෝදරිය ඇඩ්මින් පැනල් එකෙත් වැඩ කළා අන්තිමේ සබ් කරන එක විතරක් නෙමෙයි ඇඩ්මින් එකෙන් පවා අයින් වෙලා ගියා.

    ඕන කෙනෙකුට කියන්න පුළුවන් "කරන්න බැරි නම් වෙන එකෙක්ට දීපන්" කියල, හැබැයි හරිහමන් විධියට සබ් කරන්න කෙනෙක්ව ලෙසියකට එහෙම හම්බවෙන්නේ නැහැ. පඳුරකට පයින් ගැහුවම විසිවෙන තරමට සබ් කරන අය දැන් හිටියට, කතාව සම්බන්ධව යමක් දැනගෙන සබ් කරන කෙනෙක්ගේ සබ් වලයි ඔහේ කරන්නම් වාලේ කරන කෙනෙක්ගෙයි සබ් වල වෙනස පැහැදිලිවම ඕන කෙනෙක්ට පේනවා.

    "කරන්න බැරි නම් වෙන එකෙක්ට දීපන්" කියල කියන තරමට ලේසි නැහැ වෙන එකෙක් ඇවිල්ල අදාළ සිරිස් එක කරගෙන යන්න පටන් ගන්න...

    AOT එකටත්, නවොදනිගෙන් පස්සෙ මේ මල්ලිව හම්බවෙනකන්ම මේක කරගෙන යන්න කිසිම කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. ඒ නිසා සබ් කරන මිනිස්සුන්ටත් තව වැඩ තියෙනව කියන කරනේ ඔලුවේ තියාගෙන ඉන්න. සබ් කරන හැමෝමත් කරන්න බැරි නිසා වෙන කෙනෙක්ට කියල කරගන්න කියලා, ආත්මාර්ථකාමී වෙන්න ගත්ත දවසට උන් ඒ සිරිස් එක බලල නිකම් ඉඳීවි, සබ් නොකරම. ටික ටික යන්නේ ඒ පැත්තට දැන් කොහොමත්. මම උනත් බලල නිකම් ඉන්නව මිසක් ගොඩක් ඒවා පන්න පන්න සබ් කරන්න යන්නේ නැහැ දැන්. :)

    ඒ නිසා පිං අයිතිවෙයි මේ කොල්ලට මුලින් සාමාන්‍ය පෙළ ලියාගන්න ඉඩ දීපල්ලා, කොල්ල එක්සෑම් එකෙන් පස්සෙ ඇවිල්ල සබ් ටික කරලා දේවි. එක්සෑම් අනාගත්තට පස්සෙ ඔය කවුරුත් ඇවිල්ල e කොල්ලට කන්න බොන්න දීලා උගේ අනාගතේ ගැන බලාගන්නේ නැහැ.

    1. Lakshan

      අවුරුදු ගානක මහන්සිය කැපවීම මත ගොඩනැගුන සයිට් එකක් මේක. අදටත් මේකෙන් දෙනකල් බලන් ඉන්නවා සබ්. හදිස්සිකාරයෝ නිසා ගොඩක් හොදට සබ් දුන්න කට්ටිය මේකෙන් අයින් වෙලා. පට්ටම දුකයි. පොඩ්ඩක් ඉවසන්න පුරුදුවෙමු. මොකද ඒ අයටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා . වැඩ තියෙනවා . ලේසි දෙයක් නෙමෙයි ගුණාත්මක සබ්ටයිටල් එකක් හදනවා කියන්නේ . ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන අදටත් බලාගෙන ඉන්නවා බ්ලැක් ලිස්ට් එකට කවදහරි දවසක සබ් දෙයි කියලා . සප් එකක් දීලා මේ අයව දිරිමත් කරපල්ලා, එහෙම නැතුව දොස් පවරලා මේකත් නැති කරගන්න හදන්න එපා .

    2. මධුසංඛ සංජය බණ්ඩාර

      එක්සෑම් ගොඩදාගනින් කොල්ලෝ. මොකා මොනව කීවත් ගණන් ගන්න එපා. උබට උදව්වට උං එන්නෙ නෑ උං එන්නෙ උඹලා මහන්සි වෙලා නිකන් දෙන සබ් එක ගන්න එක්සෑම් ඉවරවෙලා සබ් එක කරන්න ගමු. සුබපැතුම් ❤️

  43. Armin

    Exam eka Goda daganin Collo Awilla sub eka diyn api innawa uba ekka ,Good Luck ❤️

  44. Thisandha

    machan oya free nam exam iwaranam meke ithuru tika danna exam wada ekka mewa karanna epa exam eka goda daganna good luck!

  45. මධුසංඛ සංජය බණ්ඩාර

    එක්සෑම් ගොඩදාගනින් කොල්ලෝ. මොකා මොනව කීවත් ගණන් ගන්න එපා. උබට උදව්වට උං එන්නෙ නෑ උං එන්නෙ උඹලා මහන්සි වෙලා නිකන් දෙන සබ් එක ගන්න. හැබැයි මේ කෑගහන උං කියන ඒවා අහලා සබ් කරන එක මෙතනින් නවත්තන්න එපා. දිගටම කරන්න එක්සෑම් ඉවරවෙලා ආයෙ මේකට සබ් එක කරන්න ගමු. සුබපැතුම් හොඳින් ලියන්න ❤️ 

  46. Yasindu Kalana

    Thank You!

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  49. Akila Dilhara

    Thanks Brother...❤

  50. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.