Watch Trailer

EXO Next Door [EP 15 – 16] | අසල්වැසි EXO… (50) [සිංහල උපසිරැසි සමඟ]

50යි…..50යි……බොහොම සතුටුයි!! 2014 අගෝස්තු 21 වෙනිදා හා හා පුරා කියලා මමත් ආවා බයිස්කෝප් පවුලට. එදා මම ඉස්සෙල්ලම අරගෙන ආවෙ කොරියානු හොල්මන් චිත්‍රපටයක්. ඊට පස්සෙ තවත් චිත්‍රපට, නාට්‍ය බොහොම ගණනකට උපසිරැසි යෙදුවා. ඒත් මම ගොඩක්ම කැමති වුනේ කොරියානු කතා වලට. ඒ ගැන තේරුම් ගත්ත වගේම මට ඉල්ලීම් ආවෙත් කොරි…

EXO Next Door 50

50යි…..50යි……බොහොම සතුටුයි!! 2014 අගෝස්තු 21 වෙනිදා හා හා පුරා කියලා මමත් ආවා බයිස්කෝප් පවුලට. එදා මම ඉස්සෙල්ලම අරගෙන ආවෙ කොරියානු හොල්මන් චිත්‍රපටයක්. ඊට පස්සෙ තවත් චිත්‍රපට, නාට්‍ය බොහොම ගණනකට උපසිරැසි යෙදුවා. ඒත් මම ගොඩක්ම කැමති වුනේ කොරියානු කතා වලට. ඒ ගැන තේරුම් ගත්ත වගේම මට ඉල්ලීම් ආවෙත් කොරියානු නිපැයුම් වලටමයි. ඒ විදිහට උපසිරැසි යොදලා මෙන්න දැන් ඒක 50ක් වෙනකල්ම ඇවිත්. ආසාවට කරන්න ගත්ත මේ වැඩේ මේ තරම් දුර එන්න පුලුවන් වෙයි කියලනම් හිතුවෙත් නෑ.ඒත් කොච්චර වැඩ කටයුතු තිබ්බත් මේ වැඩේටත් කොහොම හරි වෙලාව වෙන් කරගත්තේ ඒක ඒ තරම්ම රසවත් නිසයි. ඒ විදිහට වැඩ පරක්කු වෙද්දි නොබැන ඒ වෙනුවෙන් වෙලාව දුන්න ඇඩ්මින්වරුන්ටත් බොහොම ස්තූතියි. ඒ උපසිරැසි බලපු අය දෙන අදහස් බලද්දි හරිම සතුටුයි. හැමදාම හැමෝම ගොඩක් හොඳ අදහස් දෙනවා. ඒ හැම අදහසකටම හැමෝටම ස්තූතියි. ඉස්සරහටත්  මට ඔයාලගෙ සහයත්, අදහසුත් මම බලාපොරොත්තු වෙනවා.   හැමෝටම බුදු සරණයි !!!

Kanishkaa 50 wish

15 කොටස
D.O.ට එන ඇමතුමෙන් කියවෙන්නෙ සුහෝ අතුරුදහන් වෙලා කියලයි. ඒ ගැන දැනගත්තම මේ සාමාජිකයො හැමෝටම තමන් කරන්න හිටිය දේවල් හැම දෙයක්ම අමතක වෙලා යනවා. ඔවුන් බොහොම මහන්සි වෙනවා ඔහුව හොයාගන්න. මේ කිසිම දෙයක් නොදන්න ඉයොන්හී ඇවිදින්න යන්න ලෑස්ති වෙලා තමන් කියපු තැනට වෙලා තමන්ගෙ පෙම්වතා එනකල් මගබලාගෙන ඉන්නවා.

16 කොටස
තමන් ආදරය කරන ගෑණු ළමයා තමන්ගෙ පෙම්වතා එනකල් සීතලේ බලන් ඉන්නවා කියල දැනගත්තම D.O.ට හරිම දුකක් දැනෙනවා. ඔහු හිතනවා මේ පණිවිඩය චන්ඉයොල්ට කියනවද නැද්ද කියලා…….
හැමදේම හොඳින් සිදුවීගෙන එද්දි EXO ක ණ්ඩායමට ආයෙමත් සංචාරයකට යන්න වෙනවා. මේක චන්ඉයොල්ට හරිම දුකක් වෙනවා. පුරුදු පරිදි නිවසේ වැඩට එන ඉයොන්හීට දකින්නට ලැබෙන්නෙ තමන් නැවත එන බවට චන්ඉයොල් තබා ගිය ලියුමකුයි. ඔහු නැවත එයිද ඔවුන්ගේ ආදරය ජයගනීද??

එහෙනම් ඒ කතාවත් ඉවරයි. ඒක නම් ආදර කතාවක් නේද? ලස්සනද කතාව? ඔන්න ඒ කතාව නම් බොහොම පොඩි MB ගානක කතාවක් නිසා කාටත් බලල සතුටු වෙන්න පුලුවන්. මම ඔයාලගෙ අදහස් දැනගන්න බලන් ඉන්නවා…

.......  on IMDb

 

 

55 MB සහ 59 MB කොපි මෙතනින් බාගන්න

3113a02984506377bb217fc7cec39ff351e4ccc5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

730 downloadsDownload EXO-Next-Door-EP-15-16.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Two Episodes              All Episodes                

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

730 downloadsDownload Subtitles16 KB

56 comments

  1. සිතාරා

    බොහෝම sthuthi

  2. Tharu

    50වෙනි උපසිරසට සුබ පැතුම්.තව තවත් උපසිරසි දෙන්න ලැබෙවා !!!!

  3. Elderman

    Niyamai sahodari. Dannema nathuwa 50k kala neh. Subapathum. Me speed ekenma 100th ahamu hode. Thnkz

  4. jayamini

    thank u... keep it up..

  5. Tharaka

    50ta suba pathum

  6. කැලුම් ගුණසේකර

    ඔයාගේ උපසිරැසි නම් බලල ම නෑ. ඒත් සුභ පතනවා 50 උපසිරැසියට. ඉක්මණින් ම 100 කඩඉම පසුකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  7. නලින්

    සුභ පැතුම් කනිෂ්කා සහෝදරියට... මෙතැනින් නොනැවති දිග ගමනක් යමු!

    ජය වේවා!

  8. හසන්ත

    50 වෙනි උපසිරසට සුබ පතනවා !!! කොරියන් කතා නම් බලන්නෙම නැහැ එත් ඒ බලන පිරිස වෙනුවෙන් කරන සේවය අගය කරනවා. ඉදිරියේදී වෙනස් වෙනස් නිර්මාණ වලින් මුණ ගැහෙමු. ජය වේවා !!!

  9. මධුකප්‍රිය පෙරේරා

    මම ඔයාගේ උපසිරසිවත් කොරියන් කතාවත් බලලා නැහැ.
    නමුත් 50වෙනි කඩඉම පසුකිරීම ගැන සුබ පතනවා..
    දිගටම බයිස්කෝප් සමගින් රැදී සිටිමින් 100වෙනි කඩඉම පසු කිරීමටත් ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජය...

  10. තාරක නුවන් දිල්හාර

    මමත් කොරියන් ඒවා නම් බලන්නේ නෑ..
    ඒත් බලන අය වෙනුවෙන් කරනා සේවයට හදවතින්ම අගය කරනවා
    මෙතනින් නොනැවතී තව දිගු ගමනක් යමු.
    50 අගට තව බින්දු ටිකක් එකතු කරගම්මු.
    ජයෙන් ජය..
    100දි හමුවෙමු..

  11. supun

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් !!!!
    තවත් කොරියන් එකකට ඉක්මනටම සබ් දෙමු නේද?
    ජය වේවා සුබ පැතුම්.....!!!!

  12. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  13. namale

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...

    ඒ වගේම කොරියන් කතා නම් සුපිරි

  14. danuka

    50 වෙනි උපසිරසියට සුබ පැතුම්

    බොහෝමත්ම ස්තූතියි .

  15. gamage

    සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  16. Nadeeka

    oyage sub godak hodai.suba pethum 50 weni sub ekata.digatama karagena yanna sahodari........

  17. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මාත් සුබ පැතුම් එකතු කරනවා...............
    ඉක්මනට ම 100 ත් ගහමු. සිංහල සබට බොහොම ස්තූතියි.

  18. pasindu

    සුබපැතුම්!ඉක්මනට 100ක් දෙන්න.පුලුවන්නම් gu family book එකත් දෙන්න.

  19. Rasidu

    Niyamayi. 50ta Suba Pathum. Mamath Korean ewanam balan na. Comnt nam danawa. 100weni Sub ekata issalla English Tv Series walatath Sub demu. Sub ekata Thanx.

  20. ශාන් විමුක්ති [විමා]

    මුලින්ම පනස්වෙනි උපසිරසට සුභපැතුම්
    අවුරුද්දකට අඩු කාලයකදී පනහ ගහල තියෙනව එහෙනම්

    වැඩිය කොරියන් කතා නම් බලන්නේ නැහැ

    නැත්තටම නැහැ වගේ තමා ඉතින් :(

    වෙන මුකුත් නිසා නෙමේ සෑහෙන දිගට ඇදිල යන නිසා

    ඒත් අපේ ගොඩක් අය ඉන්නවනෙ කොරියන් කතා වලට වහ වැටුන, දුක් වෙන්න දෙයක් නැහැ ඉතින් ඒ ගැන ;)

    එහෙනම් කනිෂ්කා සහෝ ඉලක්කම් තුනේ කඩයිමත් පහු කරන්නට ලැබේවා!

    බොහොම ස්තුතියි

    ජය! :D

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම මේ දාන මුල්ම කමෙන්ට් එක මම හිතන්නේ..
    ඒ වුනාට මේ ඔක්කොම කොරියානු කතා බැලුවා..
    නියමෙටම සබ් කරලා තිබුණා දිගටම කොරියානු කතාම ගේන්න.
    එකක්වත් අතාරින්නෙ නැහැ..

    50 ට සුභ පැතුම්!!
    100 ත් ගහමු දෙයියනේ කියලා...

  22. gayan

    50 ට සුභ පැතුම්!!
    100 ත් ගහමු දෙයියනේ කියලා…

  23. ඉසුරු දිල්ශාන්

    50වෙනි සබට සුභ පැතුම්!

  24. madu

    මුලින්ම 50 වෙනි උපසිරසයට සුභ පැතුම්....!!!
    ඔයා ලස්සනට සබ් ටික දෙනවා අක්කෝ.....
    තවත් ලස්සන කොරියන් එකක් දෙන්න.......... :) :)

  25. සමීර චතුරංග

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝදරි. දිගටම උපසිරැසි අරගෙන එන්න. ඒ වගේම කොරියන් නිර්මාණ වලට අමතරව අනිත් එව්වත් අරගෙන එන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා!!!

  26. muthu

    Chookha hamnida unni.
    supiri k dramas walata sub denne labewa.

  27. පැතුමි ඉෂාර

    50 වෙනි සබට සුභපැතුමි❕... කීප් ඉටි අප්✌ ආහ් අක්කේ පුලුවන්නමි Pinocchio එකටත් සබි දෙන්නකො...

  28. එල්.සි. දමැල්

    කමෙන්ට් කරන්න ප්‍රමාද වුණාට සමාවෙන්න!
    50 වෙනි උපසිරසට නිර්මාණයට සුභ පැතුම් කණිෂ්කා සහෝදරී...
    දිගටම උපසිරස දෙන්න කාලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන ගමන්ම 100ත් හැකි ඉක්මනින් දෙන්න පුළුවන් වේවා කියාත් උපසිරස වැඩකටයුතු මෙන්ම එදිනෙදා ජීවිතයේත් වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා...
    ඔයාට ජයෙන් ජය...

  29. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අක්කේ!!!
    සුපිරි වැඩක්.
    මාත් වැඩිය කොරියන් කතා බලන්නේ නම් නෑ.
    එහෙම කිව්වාට එකම එකයි බැලුවේ, ඒත් ඉවර වෙනකම් බැලුවේ නෑ.
    ඔයාගේ සබ් එක්ක මට තාම එක කතාවක් වත් බලන්න බැරි උනා.
    කමක් නෑ, අපේ අඩවියෙ ඉන්නවා නේ කොරියන් එව්වාට වහ වැටුණු අය. එයාලට ඔයාගේ කැපවීම ගොඩාක් වටිනවා.
    කුඩා කාලයකින් 50ත් ගහලා. සුපිරි වෑඩක්.
    50 වෙනි උපසිරැසි නිර්මාණයට හෘදයාංගමය උණුසුම් සුබ පැතුම් අක්කේ!!!
    දිගටම ඔහොම යමු.
    ඉක්මනින් 100ත් ගහන්න ලැබේවා!!!
    ඒ ටික තුල කොහොම හරි ඉංග්‍රීසි කතාවක් කරන්න බලන්ඩෝ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  30. Dish

    50වෙනි උපසිරැසියට සුබ පැතුම් !!! ජයෙන් ජයම වේවා!!!

  31. Kulanjana Maduranga

    poddak parakku una wish krnn...sry hode...sub 50k neda.....lesi na....issellama hadawathinma suba pathanawa KANISHKA Sis oyata........ape rasawindanya wenuwen oyage kalaya shramaya waya krlakrpu sewayata godak pin....e wgema Sis oyage idiri wada katauthu sarthaka wenn suba pathanawa....digatama api wenu wen sub denn shakthiya labewa.....Wish you a great future.

  32. චාමික දිල්හාර (දිලා)

    50වෙනි උපසිරැසියට සුබ පැතුම් !!!
    100 එක්මනට දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
    එල.............. එල............

  33. R.M.C

    50වෙනි උපසිරසට සුබ පැතුම් (y) My GF Is A Gumiho Korean Drama ekatath sub denna try karanna :D

  34. අදිත ප්‍රවීන්

    50 වෙනි උපසිරසියට සුබ පැතුම් !
    මම නම් කොරියන් කතා නොබැලුවට බොහොම පින් බලන්නේ නෑ.
    ඒත් බොහොම ස්තුතියි කැපකරපු වටිනා කාලයට ශ්‍රමයට .
    100 වෙනි එකත් ඉක්මනට දෙමු.

  35. Ravindu

    50ta suba pathum.. :D kathawa maru..thawath korean ekak aran enna..lv story or comedy or action types walin korean ekak denawa nam maru hode..podi size dipu eka nam hugak hoday :D :D

  36. Saliya

    බලපු පළවෙනි කොරියානු කතාව.නියම වැඩක්.සුභ පැතුම් ඔබට 50 වෙනි නිර්මාණයට සුභ පැතුම්.තව ඉදිරියට තව තව සබ අරන් එන්න.:-):-):-):-):-):-)

  37. රොයිලි

    උණුසුම්ම උණුසුම් සුබපැතුම් කණිෂ්කා. කොරියන් කතා රසිකයෝ නම් ඔයාගේ නම කිව්වම හොඳටම අදුනන කෙනෙක් තමා ඔයා. බයිස්කෝප් අඩවියේ කොරියන් කතා වැඩියෙන්ම කරල තියෙන්නෙ ඔයාද මන්දා. ඉතින් මෙතනින් නොනැවතී ඉක්මනින්ම 100 ට යමු එහෙනම්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසි 50 ටම. ජය෴෴ :P :P

  38. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    50ට සුබපැතුම් සහෝදරී.
    100ත් සමරන්න හැකියාව , කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගින් දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  39. chacha

    ithuru ewa liyannadhhdaaa...

  40. Asela

    suba pethum.ikmanata thawa kathawak one drrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

  41. tharanga

    godak tnx sub walata.puluwannam "Princess Hours" ekata sub denawada

  42. Dhanushka Sajith

    All The Best Akki..... :)

  43. Hiruni

    Wish you all the best, nanga..
    We need subtitles for Chup chup ke (2006) movie please.. :) This is its IMDB link.. A funniest hindi movie ever. :D Thank you!

    http://www.imdb.com/title/tt0464160/

  44. Chamara Sampath

    මුලින්ම පහුවෙලා කමෙන්ට් කොටන එකට සමාවෙන්න. දෙයියන් පල්ලා මං මම ඇත්තටම දැන් දැක්කේ කනිෂ්කා සහෝදරි 50 කඩයීම පහු කරලා කියලා....
    * සුභ පතනවා 50 වෙනි උපසිරැසි නිර්මාණයට, ඒවගේම ඉදිරියට තව තව උපසිරැසි දෙන්න පුලුවන් වේවා ,ඒවගේම තව තවත් කොරියානු කතා වලින් ප්‍රේක්ෂකයන් වසග කරගන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා........
    ......... ජයෙන් ජය..............

  45. #ChalinduDeshan (කිනා)

    එල එකක් එල එකක්.
    50කුත් ගැහුවනේ ඒනං.
    ගෙසටම සීයටත් යමු.ජය!!!

  46. sajeevi

    50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්....

  47. “චූටී මල්ලි”

    niyamyi akke
    digatama demu 50ta suba patum

  48. තිසර නියෝ

    කමෙන්ට් ඒකක දාන්න පරක්කු උනාට සමාවෙන්න ඕනා...
    හදවතින්ම සුබ පතනවා 50 වන කඩයිමට....
    උපසිරැසියට තුති…
    ඉක්මනටම 100 කඩයිමට ලඟා වන්නට සුබ පතනවා
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  49. Sachee

    50 subtitles akata congrz ekmanata thawa Korean kathawak danna plz

  50. බ්ලැක් පැන්තර් ( පූසා )

    අප්පද බොල.
    තවත් අක්ක කෙනෙක් 50 ගහලා නොවැ. :D
    සන්තෝසයි සන්තෝසයි බයිස්කෝප් අපිත් එක්ක ඉන්න සීමිත කාන්තා පාර්ශවයෙන් තවත් අක්ක කෙනක් 50 ගහපු එක ගැන.
    අර හසා අයියා කිවුවා වගේ මාත් කොරියන් නම් බලන්නේ නෑ තමා.
    ඒත් ඒ කතා බලන අය වෙනුවෙන් සබ් දාලා දෙන එකට අක්කට ගොඩක් පින්.
    එහෙනම් අක්කේ 100න් හම්බවෙමු.
    ජය වේවා...!!!

Load more comments