යාළුවනේ… කොහොමද ඔයාලට? මාස 2ක විතර ලොකු නිවාඩුවකට පස්සෙ මම මේ පැත්තෙ ආවෙ මාස ගණනාවකට කලින් උන පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඒත් ඒකත් පරක්කු වෙලා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න පහුගිය අප්‍රේල් මාසෙ 21 වෙනිදා ස්කෝපියන් කතා මාලාවේ පළමු අදියරයේ අවසානයෙන් පස්සෙ කට්ටිය දෙවන අදියරය එනකම් නොඉවසිලිවන්තව…
යාළුවනේ… කොහොමද ඔයාලට? මාස 2ක විතර ලොකු නිවාඩුවකට පස්සෙ මම මේ පැත්තෙ ආවෙ මාස ගණනාවකට කලින් උන පොරොන්දුවක් ඉෂ්ට කරන්න. ඒත් ඒකත් පරක්කු වෙලා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. ඉතින් ඔන්න පහුගිය අප්‍රේල් මාසෙ 21 වෙනිදා ස්කෝපියන් කතා මාලාවේ පළමු අදියරයේ අවසානයෙන් පස්සෙ කට්ටිය දෙවන අදියරය එනකම් නොඉවසිලිවන්තව හිටියා කියලා මං දන්නවා. ඒත් මම නම් බොහොම සතුටින් හිටියේ දෙවන අදියරය සැප්තැම්බර් වල පටන් ගන්න එකට. මොකද එතකොට මගේ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අවසාන වෙලා නිසා. එහෙමම හිතාගෙන හිටියට තාමත් ඒ වැඩ කටයුතු වල අවසාන භාගයේ වැඩ හිර වෙලා නිසා අදත් උපසිරැසිය ගෙන එන්න පරක්කු උනා. ඒ ගැන බොහොම ඉවසීමෙන් කටයුතු කරන අපේ ඇඩ්මින් මණ්ඩලයට ඇත්තටම බොහොම ස්තූතියි. 🙂 දැන් ඉතින් මං ගැන පම්පෝරි ඇති. කතාව ගැන බලමුකෝ.
පහුගිය අදියරය ගැන කතා කළොත්, මොළකාරයන් 4 දෙනෙක්, සාමාන්‍ය කාන්තාවක් සහ රජයේ නියෝජිතයෙක්ගෙන් සමන්විත උන ස්කෝපියන් කණ්ඩායමේ ආරම්භය සහ ඔවුන් මුහුණ දුන් විවිධ සිදුවීම්, හැලහැප්පිලි සහ එක් එක් චරිත වල ස්වභාවය ආදි නොයෙකුත් දේවල් අපිට දැක ගන්න ලැබුණා. කෙසේ වෙතත් කතාව අවසානයේ බොහොම බැරෑරුම් ලෙස වෙන් වෙලා යන්න හදපු කණ්ඩායම නැවත එකතු උනේ වෝල්ටර් මුහුණ දීපු අනතුර නිසා. ඒකෙන් වෝල්ටර්ට ලොකු හානියක් උනත් කතාවේ දෙවන අදියරයේ වෙන්න පුළුවන් සමහර දේවල් ගැන අපිට පොඩි පොඩි ඉඟි පළ උනා.
දෙවන අදියරය ආරම්භ වෙන්නෙ මාස ගණනාවක් පුරාවට වෝල්ටර් නැතුව ඔහේ ඇදි ඇදී යන ස්කෝපියන් කණ්ඩායමට අළුත් වැඩක් ලැබීමත් සමඟින්. වෝ්ල්ටර් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබලා නෑ. ඒත් ඉතින් වැඩක් කිව්වොත් මේ අයට ඒවා අදාල නෑනේ. ඒ එක්කම කතාවට අළුතින් චරිතයක් එකතු වෙලා තියෙනවා. ඒ අපි බොහොම ආසාවෙන් බලපු Forever කතා මාලාවේ ජෝ මාටිනස්ට රඟපෑ Alana De La Garza මෙහි ඇඩ්‍රියානා මොලීනා ලෙසින් දායක වෙනවා. ඒ මොන විදියේ චරිතයකටද කියලා කතාව බලලම දැන ගන්නකෝ.
අද කතාව ගැන කියනවා නම් මෙයාලට සිද්ධ වෙනවා පෘථිවියේ ගැටීමට නියමිත චන්ද්‍රිකාවක ගමන් මාර්ගය වෙනස් කරලා ඒක මුහුදට වැටෙන්න සලස්වන්න. ඒක පොළව එක්ක ගැටුණොතින් න්‍යෂ්ටික පිපිරීමක් තරමටම බරපතල වෙන නිසා. ඉතින් මේ ප්‍රශ්ණෙට විසඳුමක් හොයා ගන්නෙ කොහොමද කියල කතාව බලලම දැන ගන්නකො. අද වෝල්ටර් වැඩ කරන්නෙ වම් අතින් විතරයි. ඒ ඇයි කියලාත් බලන්නකො. කතාව අවසාන වෙද්දි සමහර අය සමහර සිද්ධාන්ත ඇත්තටම නිවැරදිද කියලා පරීක්ෂා කරන්නත් යනවා. ඒ මොකක්ද කියලත් මම කියන්නෙ නෑ. දෙවන අදියරයේ පළමු කොටස එහෙමනම් ඔන්න අද ඉඳන් පටන් ගන්නවා. එහෙනම් ලබන සතියේ දෙවන කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු.
බයිස්කෝප් අඩවියට ජය !!!
3EEE86A180DB6C280764D294825E109D662BCDF2
197 MB HEVC කොපිය මෙතනින් බාගන්න
0CD4D9B7A3396CD0B9FACEC89618E94D4BDE3525 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,986 downloadsDownload Scorpion-S02-E01.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
60 comments
ප්‍රණීත් රණසිංහ
Kasun Widusha
tnx akke sub ekata...............
Roshan
Thanks Sherin
sanath indika
thx u sisis
Ayesh
wow. great.. man meka enakam maga balan hitiye gdk dukin. anyway thnx a lot akki.. gd luck...
Dila
මේක එනකම් බලන් හිටියේ සහෝ.... අනිත් සෙට් එකත් දෙන්න පුලුවන් වේවා... ස්තුති සහෝ..
Tilantha hansanath
මේක එනකම් බලන් හිටියේ උපසිරැසියට බොහෝම ස්තුතියි.
Danushka
Thank you wewa!!!!!!!!!!!!!!!
thushara
මට නම් හිතා ගනන්වත් බැ මෙක පටන් ගත්තා කිඋවාම එළ සුපිරි හොදේ
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!eranga
tnx sis......
රවිඳු තේනබදු
අයියෝ. අපරාදෙ. මං සබ් නැතුව ඊයෙ බැලුවා. කමක් නෑ. ඊළඟ එකට සබ දෙනකල් ඉවසනව ඉවසනවමයි. :-D
අදිත ප්‍රවීන්
දෙනකම් බලාගෙන හිටියේ.
බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ උපසිරසියට !
දිගටම දෙමු.R.D
බොහොම ස්තුතියි අක්කේ.........මේක අනිවාර්යෙන් බයිස්කෝප් එකෙන් දෙනවා කියලා දන්නා නිසා බලන්නේ නැතුව හිටියේ සබ් එක ගේනකල්.දැන් සිංහලෙන්ම බලන්ඩ පුලුවන්.
Rasidu
මේක එනකන් බලන් හිටියේ...ඊයේම බාගෙන බලන් හිටියේ සබ් එක දෙනකන්...
නියමයි...සබ් එකට තැන්ක්ස්...pramudaya
THNKYOU WEWA !!!!! sprrbb kathwakk
kasun
thank you very much...
Sanju prasad
patta pata pata
shrin akka thanku wewa.
godak kal idala balagena htye onna
JAya WeWaaමධුකප්‍රිය පෙරේරා
හේ හේ බොහොම ස්තුතියි උපසිරසියට ..
පොඩ්ඩක් ප්‍රමාද වුනාට කමක් නැහැ ..උපසිරසි ලැබෙනවනම් එච්චරයි...
හම්මේ මේ පාරවත් වෝල්ටර් අයියයි පේජ් අක්කයි සෙට් වෙයිද දන්නේ නැහැ..Kulanjana Maduranga
ammo meka denakm thamai balan hitiye.....danma banawa..thanks SHERIN sis..sub ekata..digatama sub demu.jaya wewa……
R@ndi
Thanks...
thisal
ටාම්මො අති යාන්තම් දෙනකම් බාල බලගෙන හ්ටියෙ තැන්ක්ස් සහොදටිය
harsha
මම කැමති වර්ගයේ කතාවක් නැතිවයි මේ ටිකේම හිටියේ. මේක දැක්කාම ඉහේ මලක් පිපුනා වගේ උනා. එහෙනම් ශෙරින් ඔන්න බාගන්නවා ජයවේවා
lashan
බොහොම ස්තුතියි .....................
chanuka wijesundara
ammo athi yantham balanna deyak nathuwa wali wali hitiye thanks machan kanthareta wathura hambuna wage
achi
දෙනකන් ඉවසන් හිටියෙ....
ගොඩක් ස්තූති..
ජය!!!Damith
Saho Tnx...
balagena Hitiye Scorpion Enakam....Ela aea... ;)Pasindu
Thanx Thanx Thanx
Max
Thankzzzz akkiyo....
ns
බොහොම ස්තුතියි
MAHESH
sub ekata thanx aaaaaaaaaaaa
Sajeevi
Wow...... thanks
Dilshan
sub වලට් බොහොම ස්තූතියි ෂෙරින්. මේ season එකත් fatta එකක් වේවි.
charitha
Ela ela enakan balan indiye thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
uditha
Thax balagenama hitiya enakam
Sanka
thanks thanks thanks
bavantha
thanx akki
Avishka
thanx.........
මම අහිංසකයි
Thanks for the sub . Keep it up ur great work
Isuru
Thank you................
ela ela............kisal
අති යාන්තම් දෙනකම් බාල බලගෙන හ්ටියෙ
sub වලට් බොහොම ස්තූතියිරොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. අනිවා බැලිල්ලක් තමා. ජය෴෴ :P :P
Udamith Damith (b\k )
බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ.........
lakshitha
sherin akke thanx a lot :D
Isuru Sky
thnxxx aaa
D Chamara
bohoma sthuthi sub ekata...
Dila
ෙදවනි කැල්ල දෙනකන බලන් ඉන්නේ........
nimesh
scorpion s2 e2 sinhala sub ikmanata dendoooooo
nalin serasinha
scorpion s2 e2 ikmanata demu
Advertisement
![Scorpion [S02 : E01] with Sinhala Subtitles | මොළකාරයන්ගේ දෙවන ආගමනය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

ඔන්න එහෙනං ගන්නවා ඈ....
මේක එනකං කාලයක් තිස්සේ බලාගෙනයි හිටියේ.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
ආයු -බෝ -වේවා !!!