Fallout [S01 E01] Sinhala Subtitles බයිස්කෝප්වාසී වගේම එසේ නොවන සියළුම දෙනාටත් සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා!! ඉතින් මේ අලුත් අවුරුදු නිවාඩුවේ ගෙදර ඉඳන් රසවිඳින්න ලස්සන සිනමාපට වගේම රූපවාහිනී කතාමාලා රැසක් තෑගිකරන්න අපේ බයිස්කෝප් කණ්ඩායම සෑහෙන වෙහෙසක් දැරුවා. දැනටමත් ඔයාලට සමහරක් උපසිරසි ලැබ…

Fallout Sinhala Subtitles

බයිස්කෝප්වාසී වගේම එසේ නොවන සියළුම දෙනාටත් සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා!!
ඉතින් මේ අලුත් අවුරුදු නිවාඩුවේ ගෙදර ඉඳන් රසවිඳින්න ලස්සන සිනමාපට වගේම
රූපවාහිනී කතාමාලා රැසක් තෑගිකරන්න අපේ බයිස්කෝප් කණ්ඩායම සෑහෙන වෙහෙසක් දැරුවා.
දැනටමත් ඔයාලට සමහරක් උපසිරසි ලැබිලා ඇති, ඉතිරි ඒවා අද-හෙට දවස් දෙකේදි ලැබෙයි.
ඉතින් මේ නිවාඩුවත් කැපකරගෙන ඔයාලට මේ වගේ දේවල් ලබාදෙනවට
මම පෞද්ගලිකවම බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලටත්, ඒ වෙහෙසකර කාර්යයට
සහය දීපු හැම උපසිරසිකරුවෙක්ටමත් ස්තූතිය පුද කරනවා…

ඉතින් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට පෙරේදා Amazon Prime වෙත නිකුත් වුන
Fallout කතාමාලාවේ පලවෙනි කතාංගය අරගෙනයි මේ ලහි ලහියෙම ආවේ.
මේ කාලයේදි Live Action කතාමාලා සෑහෙන ප්‍රමාණයක් පරිගණක ක්‍රීඩා
පාදක කරගෙන නිර්මාණය වුනා වගේම Fallout කතාමාලාවත්
Fallout පරිගණක ක්‍රීඩා මාලාව පාදක කරගෙන නිර්මාණය වෙලා තියෙන්නේ.
BaiscopeTelegram Group එකෙන් ඔයාලට මේකේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

IMDb දර්ශකයේ 8.7 ක ඉහල අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 94% ක මනාප ප්‍රතිචාරයකුත්
ලොවපුරා පරිගණක ක්‍රීඩකයන්ගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ අදස් වලට අනුව නම්
Fallout පරිගණක ක්‍රීඩා මාලාවේ කතාවට කිසිම හානියක් නොවෙන විදිහට
මේ කතාමාලාව නිර්මාණය කරන්න Graham Wagner, Geneva Robertson-Dworet සමත් වෙලා තියනවා.
අපි මේකේ කතාව දිහාට හැරුනොත් ගොඩක් පරමාණුක යුද්ධයකින් පස්සේ
යන Future Post Apocalyptic World එකක කතාවක් ඔස්සේ මේක දිවයන්නේ.
මෙතනදි මේ යුද්ධය නිසා ලෝකය දෙකඩ වෙනවා. සල්ලිකාර පවුල් එයාලට යුද්ධයේ විකිරණශීලී
බලපෑම් වලින් බේරෙන්න පොළව යට සුරක්ෂිතාගාර වලට ගිහින් ජීවත්වෙනවා.
ඉතුරු අයගෙන් යුද්ධයෙන් බේරුන කට්ටිය පොළව උඩ Brothehood of Metal
(ලෝහමය සහෝදරත්වය) කියලා සංවිධානයක් හදාගෙන ජීවත්වෙනවා.
ඉතින් මේ සුරක්ෂිතාගාර වල ඉන්න අය එකිනෙකා අතර සම්බන්ධතා තියාගෙන ඉන්නවා.

අද කොටසින් ඔයාලට මතුපිට ලොකයේ අවසානය වගේම
33 වෙනි සුරක්ෂිතාගාරයේ ඉන්න ලුසී මැක්ලේන් 32 වෙනි සුරක්ෂිතාගාරයේ
කොල්ලෙක් එක්ක සිද්ධ වෙන විවාහය බලාගන්න පුළුවන් .
හැබැයි මේ විවාහය අවසන් වෙන්නේ සෑහෙන ගාලගෝට්ටියකින්
අන්තිමේදී මේ 32වෙනි සුරක්ෂිතාගාරයේ ඉන්න අය
ලුසීගේ තාත්තව පැහැරගෙන මතුපිට ලෝකයට අරගෙන යනවා.
ඉතින් ලුසී තාත්තව හොයාගෙන තනියම මතුපිට ලෝකයට යනවා.
ඉතින් මේ 32වෙනි සුරක්ෂිතාගාරයේ අය මොනවගේ ජංජාලයක් නටයිද??
ලුසීට තාත්තව හොයාගන්න ලැබෙයිද??
දිගටම රැඳිලා ඉන්න මේ කතාමාලාව සමඟින් ,ඉක්මනින්ම ඉතිරි උපසිරසි ටික
ලබාදෙන බලාපොරොත්තුව දීලා එහෙනම් ගිහින් එන්නම්.

 

Fallout,Fallout Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

9,715 downloadsDownload Fallout-S01-E01.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

9,715 downloadsDownload Subtitles22 KB

22 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    සුබම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් සහෝදරවරු ඇතුලු අපි වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරමින් උපසිරැසි ලබා දෙන සහෝදර සියලුම උපසිරැසියකරුවන්ටත්...

  2. Kasun

    ස්තූතී. පුලුවන්නම් 3 body problem sub දෙන්නකෝ

  3. Vinod

    Nice

  4. lakmal

    thanks bro

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. Thli

    Thanks bro❤️

  7. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  8. Akila Dilhara

    Thanks for Sub...

  9. Buddhika Lakmal

    සුබම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා සහෝ ඔයාටයි පවුලේ හැමෝටමයි..........
    බයිස්කෝප් ටීම් එකේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....

    සබට බොහෝම ස්තූතියි................

  10. viraj

    thanks............

  11. Anonymous

    3 body problems Sinhala subtitles please

    1. Sanupa Ranmeth - Admin

      ඉදිරියේදී දේවි සහෝ

  12. KALANA

    Thanks Brother...

  13. Anonymous

    Thanks Brother

  14. Supun

    Okkoma sub oni ikmanata..

  15. Sahan Gayantha

    thanks a lot Nirmal saho sub ekata

  16. Lahiru Lakshan

    thanks machn....

  17. chinthaka chathuranga

    thanks machan

  18. Dewadithya

    Thanks for Sub!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  21. Ashan lankanath

    thanks......