Watch Trailer

Masters of the Air [S01 : E01] Sinhala Subtitles | පළමු මෙහෙයුම [සිංහල උපසිරසි]

Masters of the Air Sinhala Subtitles සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. අද මේ අරගෙන ආවේ Masters of the Air සීරිස් එකේ පළමු කතාංගයේ සිංහල උපසිරසි. මුලින්ම සමාව ඉල්ලනවා මේකට සබ් ගේන්න පරක්කු වෙච්ච එක ගැන. මිලිට‍රි පැත්තේ කතාවක් නිසා හුරුපුරුදු නැති වචන සහ වාක්‍ය ගොඩයි. ඉතින් ඒවා හ…

Masters of the Air Sinhala Subtitles

සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. අද මේ අරගෙන ආවේ Masters of the Air සීරිස් එකේ පළමු කතාංගයේ සිංහල උපසිරසි. මුලින්ම සමාව ඉල්ලනවා මේකට සබ් ගේන්න පරක්කු වෙච්ච එක ගැන. මිලිට‍රි පැත්තේ කතාවක් නිසා හුරුපුරුදු නැති වචන සහ වාක්‍ය ගොඩයි. ඉතින් ඒවා හොය හොයා පරිවර්තනය කරනකොට වෙලා ගියා දන්නෙම නැතුව. එහෙනම්, විමා අයියාගේ ලිපියත් කියවගෙනම සබ් එක අරගන්නකෝ. දෙවෙනි එපියේ සබ් එක අපේ හිරාන් අයියා ඔයාලට අරගෙන ඒවි. එහෙනම්, අලුත් උපසිරසියකින් ආයේ හමුවෙමු. පීස් ✌️

Masters of the Air Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් 2024 වසරේ බලාපොරොත්තු සහගතම ටීවී සිරිස් එකක් අරගෙන එන්නයි හදන්නේ.

ඔයාල බ්‍රෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් ටීවී සිරිස් එක හරි ද පැසිෆික් ටීවී සිරිස් එක හරි බලල තියෙනවද? ඔයාලට ඒ ටීවී සිරිස් දෙකෙන් එක්ක හරි හිතට ඇල්ලුවද? එහෙනම් ආයේ දෙපාරක් හිතන්න එපා. මේක බලන්න ගන්න. මොකද මේ කතාවේ විධායක නිෂ්පාදකයින් වෙන්නේ මම ඔයාලට මතක් කරපු කතා මාලා දෙකේම විධායක නිෂ්පාදකයින් තිදෙනා වන ටොම් හෑන්ක්ස්, ස්ටීවන් ස්පිල්බර්ග් සහ ගැරී ගියොට්මන් තිදෙනා විසින්. ඒ වගේම මෙහි නිර්මාපකයා වග ජෝන් ඕලොෆ් බ්‍රෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතා මාලාව නිර්මාණය කිරීමටත් දායක වෙනවා. ඉතිං ආයේ ආයේ කියන්න දෙයක් නැහැනේ මේක අනිවාර්යෙන්ම සුපිරි පිරිසකගේ නිර්මාණයක් බව?

ඉතිං කලින් කතා දෙක වගේම මේකත් HBO එකේ තමයි විකාශය වෙන්න නියමිතව තිබුනේ හැබැයි යම් යම් හේතුන් නිසා මේක ඇපල් + එකට ගියා. ඒකට ලොකුම හේතුව වෙලා තියෙන්නේ ඇපල් + එකෙන් ලොකු ගානක් දීල තියෙනවා HBO එකට වඩා ඉතිං. එහෙම තරඟයක් දීල අරගන්න නම් අනිවාර්යෙන්ම සිරිස් එක හොඳ වෙන්නම එපයි නේද? 😀

Masters of the Air Sinhala Subtitles

අද කොටසින්,

කතාව පටන් ගන්නේ මෙහෙමයි, USAAF (එක්සත් ජනපද ගුවන් හමුදාව) මේජර් ගේල් ක්ලෙවන් සහ ජෝන් ඊගන් කියන්නේ ගජ යාළුවෝ දෙන්නක්. එක්සත් ජනපදයේ කරපු පුහුණුවීම්වලට පස්සේ මෙයාලා ඇතුළු 100 වෙනි බලඇණිය යනවා නාසි ජර්මනියට විරුද්ධව, එංගලන්තයේ සිදුවන සටනට මුහුණ දෙන්න. ඒත් එහේ තත්වේ මෙයාලට හිතන්නත් බැරි තරම් දරුණුයි. මෙයාලට පැවරෙණ පළවෙනි ම මෙහෙයුම තමයි ජර්මනියට අයිති සබ්මැරීන නවත්වන අංගනයක් විනාශ කරන එක. මේක දවල් කාලයේ දී සිදු කරන මෙහෙයුමක්. ඉතින් මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වේවිද? නැත්නම් පළවෙනි මෙහෙයුමෙන්ම මිය යන්න සිදුවෙයිද?

Masters of the Air Sinhala Subtitles

එහෙනම් ලෝක යුද්ධ සමයේ සිදුවූ සිදුවීම් ඇසුරින් නිර්මාණය වෙන කතාවලට කැමති කෙනෙක් නම් ඔයා. ඔන්න එහෙනම් බලන්න ගන්න. දෙවැනි කොටසින් හමුවෙමු අපි ඉක්මනටම.

සබ් අරගෙන එන්න ඉතිං කමෙන්ට් එකක් දාලා ඔයාල අපිට ලබාදෙන සැලකිල්ල බලපාන බව කියන්න ඕන නැහැනේ ආයේ ඉතිං නේ? 😉

ලිපිය:- ශාන් විමුක්ති (විමා)

 

S01.E01

Director : Cary Joji Fukunaga

Writers : Donald L. Miller, John Orloff, 

IMDB : 8.0 (Feb.07 2024)

Episode Airs : Jan 26, 2024

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,610 downloadsDownload Masters-of-Air-S01-E01-Sinhala-Subtitles.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Masters of the Air Sinhala Subtitles

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Masters of the Air Sinhala Subtitles

 

All BT1

Next BT1

Masters of the Air Sinhala Subtitles

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

5,610 downloadsDownload Subtitles36 KB

14 comments

  1. Kavinda Robertson

    patta thnk you balagena htye ,,,, me wgema Ahsoka star wars series ekatath sub dennko pls balagena innawa gdk kal dn

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    හැකි නම් Halo S02 - ep 06,06,08 සිංහල උපසිරැසි ලබා දෙන්න...

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. Buddhika Lakmal

    පරක්කුවෙලා හරි සබ් දුන්නට බොහෝම ස්තූතියි සහෝ.........
    සබට තෑන්ක්ස්....
    ජයවේවා.....

  6. mmp mahesh

    thanks

  7. Anonymous

    බොහොම ස්තූතියි මේ සීරිස් එකට සබ් දුන්නට ඔයාලා හැමෝටම. ජයෙන් ජය වේවා හැමෝටම..

  8. Anonymous

    Thanks Brother

  9. Lakshan

    Thank you sahoo mekata sub enakan balan hitiye

  10. Lakshan

    Thank you sahoo

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. pvt sahan

    thanks sir

  13. sahan malinga

    Thank you-.

  14. Akila Dilhara

    Thanks for Sub....❤