Fallout [S01 E08] Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් බලා හිටිය FALLOUT දෙවෙනි සීරීස් එක ඊයෙ නිකුත් උනා. අද අපි ඒකෙ මුල් කතාංගයෙ උප සිරැසිය ගෙන එනවා. මේ දවස් වල සේරම පුරුදු වෙලා හිටියෙ ගෙඩි පිටින් එක පාරම සීරීස් බාගෙන එක දිගට බලා ගෙන යන්න. අපිත් දිනපතා කොටසින් කොටස සබ් දුන්නා. එහෙත්…

Fallout Sinhala Subtitles

ආයුබෝවන්, ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් බලා හිටිය FALLOUT දෙවෙනි සීරීස් එක ඊයෙ නිකුත් උනා. අද අපි ඒකෙ මුල් කතාංගයෙ උප සිරැසිය ගෙන එනවා. මේ දවස් වල සේරම පුරුදු වෙලා හිටියෙ ගෙඩි පිටින් එක පාරම සීරීස් බාගෙන එක දිගට බලා ගෙන යන්න. අපිත් දිනපතා කොටසින් කොටස සබ් දුන්නා. එහෙත් මේකෙදි එහෙම නෑ කතාංගයක් නිකුත් වෙන්නෙ සතියකට සැරයක් ඒ නිසා මේ කොටස බලල සතියක් බලා ඉන්න වෙනව ඊළඟ කොටසට.

මේකෙ කලින් සීරීස් එක නොබලපු අයට මේක බලන්න කලින් ඒක බලන්නම වෙනවා. අළුත් කතාවක් නෙමෙයි මේක යන්නෙ ඒකෙම දිගුවක් හැටියට. ඉතිං අපේ සයිට් එක හරහා ඒක බා ගන්න. සියළු විස්තර එතන තියෙනවා. ඒත් පොඩි සමාලෝකනයක් කරන්න ඕනැනෙ.

මේ සීරීස් එක හැදෙන්නෙ Fallout පරිගණක ක්‍රීඩා මාලාව පාදක කරගෙන. Graham Wagner,Geneva Robertson-Dworet විසින් රචනා කරන ලද කොටස් අට බැගින් වම මේ මේ මාලාවේ මුල් එක 2024 අප්‍රේල් 10 දින සිට Amazon Prime Video මගින් තමයි මුදා හැරෙන්නේ. දෙවන කතා මාලාව 2025 දෙසැම්බර් 17 මුදා හැරීම ආරම්භ කරනවා. ඉතා විශාල ප්‍රතිචාර රාශියක් මැද විකාශනය වූ මෙම කතා මාලාව සම්මාන බර ගණනකට නිර්දේශ වෙනව වගේම සම්මාන ගණනාවක් දිනා ගන්නවා. ඉතිං ඒ සාර්ට්තකත්වය මත තමයි ඔවුන් දෙවෙනි සීරීස් එකකට යන්නෙ.

මේක වැටෙන්නෙ post-apocalyptic drama එකක් යටතට. ඒ කියන්නේ අනාගතයේදී ලෝකය විනාශයකට මුහුණ දී නැවත ගොඩ නැගෙන සමයක් පාදක කර ගෙන නිපදවෙන සිනමාවක් ලෝකයේ තියෙනවා. Mad Max, A Quiet Place, War of the Worlds The Walking Dead වගේ චිත්‍රපට ඔබට මතක ඇතිනෙ,

ඉතිං මේකෙදි 2077 දී, ලොස් ඇන්ජලීස් වෙත න්‍යශ්ඨික බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා. ඒ සමගම ලෝකය අධි විකිරණ තත්වයක් යටතේ ජීවත් වීමට අමාරු පාරිසරික තත්වයක් නිර්මාණය වෙද්දී කොටසක් මේ පිළිබඳව කලින් පුරෝකථනයන් මත තනාගත් භූගත සුරක්ෂිතාගාර වලට ජනාවාස රැගෙන යනවා. ඒ නැවත වායු ගෝලයේ විකිරණශීලීතාවය පහව ගිය පසු නැවත මතු පිටට පැමිණෙන අදහසින්. සුළු කාලයක් නෙමෙයි අවුරුදු 200ක් ඉක්ම ගිහින් ඔවුන් තාම සුරක්ෂිතාගාර වල. සුරක්ෂිතාගාර වලින් පිට මතු පිට භූමිවලත් විවිධ පිරිස් යම් යම් නගර වල ඒක රාශී වී සිටිනවා. ඉතා කර්කශ ජීවන තත්වයන් යටතේ විකිරණ වලට ගොදුරුව ඊට හැඩ ගැසුණු කිසි නීතියක් රහිත ලෝකයක් මෙන්ම ලෝක ආධිපත්‍ය ලබා ගැනීමට විවිධ දියුණු තාක්ෂණ මෙවලම් පසු පස හඹා යන පිරිස්ද මතු පිට මෙන්න්ම අභ්‍යවකාශයේද ඉන්නවා.

ලුසී නැමති තරුණිය වසර 200කට පසු සුරක්ෂිතාගාරයකින් මතුපිටට එන්නේ පැහැර ගෙන යන තමන්ගේ පියා සොයා යාමට. ඉතිං විශාල අත්දැකීම් සමුදායකටම මුහුණ දෙන ඇය ඔහුව සොයා ගත්තත් ඔහුගේ නියම ස්වරූපය තේරුම් ගන්නේ එහිදී. ඊය පස්සේ දෙවෙනි කතා මාලාවෙන් ඇය සිය නවතම සගයා ගූල් නැත්තම් අවතාරය ලෙස හඳුන්වන කූපර් සමග ලාස් වේගාස් බලා යාමට පිටත් වෙනවා. ඉතිං ඉදිරියේදී කතාව මෙන්ම චරිත පිළිබඳ විස්තර දිග හරින්නම්. මුල සිට බලන අය වෙනුවෙන් ස්පොයිල් නොකිරීමට ඉඩ දී ගෙන.

එහෙනම් නැවත හමු වෙමු. ආයුබෝවන්

Fallout,Fallout Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

1,576 downloadsDownload Fallout-2025-S02EP01.zip29 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

1,576 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Viraj

    Thanks

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ ඔයාගේ සුපුරුදු මලයාලම්වලින් බැහැරවෙලා මේ සිරිස්එකට සිංහල සබ් දෙනවට......

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  4. Kavinda Robertson

    e02 sub oneeeeeeeeeeeeeeeee bro ..

  5. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

  6. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●