Fist of the North Star Season 01 Sinhala Subtitles මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North…

මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North Star ඇනිමෙ කතා මාලාවේ 3 සහ 4 කොටස් වල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නේ. ඉතින් මේ කතාව ඇනිමෙ රසිකයන්ට කරන නවීන පන්නයේ මතක් කිරීමක් වේවි.
මතක් කිරීමක් කළොත් කතාවේ පළවෙනිම කොටසෙදි දකින්න ලැබුනෙ කතාවේ තියෙන ලෝකයේ ස්වභාවය සහ “කෙන්” කියන ආගන්තුකයාගේ පැමිණීම. අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරල කෙන් අසරණ මිනිස්සුන්ට උදව් කරන හැටි දකින්න ලැබුනා. ඒකෙදි මෙයාගේ “හොකුටෝ ෂින්කෙන්” කියන අද්භූත සටන් කලාව ප්‍රධානව කැපිල පෙනුනා. ඒ විදිහට උදව් කරමින් නගරයෙන් නගරයට යන කෙන්, දෙයක් හොයන පාටක් පේනවා. ඒ අතරෙ තමයි මේ හැමදෙයක්ම පාලනය කරන “කින්ග්” කියන කෙනා ගැන අහන්න ලැබෙන්නෙ. කින්ග් කියන්නෙ කවුද? කෙන් ඇත්තටම හොයන්නෙ මොනවද? අපි නොදන්න දෙයක් මෙතන තියෙනවද? මේ කොටස් දෙකේදි අපිට ඒක දැනගන්න පුලුවන්.
බලන්න එහෙනම් මේ කොටස් දෙකත්. මුලින් කිව්වත් වගේම සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Fist of the North Star හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසි නිර්මාණය වෙන්නෙ Hokuto no Ken (2026) (Fist of the North Star) – S01 [1080p] (Weekly) කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම web වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode 03
Episode Name – Southern Cross
IMDB Rating – 7.7 (at 2026.04.28)
Released Date – 2026.04.17
• Episode 04
Episode Name – Flames of Obsession
IMDB Rating – 8.0 (at 2026.04.28)
Released Date – 2026.04.17
Fist of the North Star Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
92 downloadsDownload Fist-of-the-north-star-S01-E03-E04-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fist of the North Star [S01 : E03 & E04] Sinhala Subtitles | එකම කාසියක දෙපැත්ත! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/FotNS_banner_01.jpeg)


