Watch Trailer

Fist of the North Star [S01 : E13] Sinhala Subtitles | කූටෝපායාත්මක උගුල [සිංහල උපසිරසි]

Fist of the North Star Season 01 Sinhala Subtitles මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North…

Fist of the North Star Season 01 Sinhala Subtitles

මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North Star ඇනිමෙ කතා මාලාවේ 13 කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නේ. ඉතින් මේ කතාව ඇනිමෙ රසිකයන්ට කරන නවීන පන්නයේ මතක් කිරීමක් වේවි. තොරතුරු නිකුත් වෙලා තියෙන විදිහට මුළු කොටස් 14 කින් Fist of the North Star Season 1 අවසන් වෙනවා. ඒ අනුව මේක තමයි අවසාන කොටසට පෙර කොටස.

තමන්ගේ ස්වයංපෝෂිත ගමට එල්ල වෙන තර්ජන වළක්වන්න කෙන් සහ රෙයි එකතු වෙලා ෆැන්ග් කියන මැර කල්ලිය විනාශ කරන්න පිටත් උනා. ඒකට ගමේ මමියා කියන නායිකාවත් එකතු වුනා. හැබැයි රෙයි ඉන්නෙ තමන්ගේ නංගි වෙනුවෙන් පපුවෙ කැලැල් හතක් තියෙන කෙනාගෙන් පලිගන්න බලාගෙන. ඒ කවුද කියන එක තාමත් රහසක්. ඒ අතරේ රෙයිගේ නංගි තාමත් ජීවතුන් අතර හිටියොත් රෙයි මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීවිද? ඒ වගේම කල්ලියේ නායකයාත් ටිකක් දරුණු නුවණක්කාරයෙක් වුනොත්, ඒකට කෙන්, රෙයි සහ මමියා මුහුණ දෙන්නෙ කොහොමද? කාට කාටත් තමන්ගේම පැත්තක් තෝරගන්න සිද්ධ උනොත්…? මේ කොටසෙදි මොකද වෙන්නෙ? බලන්නකො මේ කොටස.

මුලින් කිව්වත් වගේම සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Fist of the North Star හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ  Fist of the North Star HOKUTO NO KEN S01 1080p AMZN WEB-DL DUAL DDP2.0 H.265 (Dual-Audio, Multi-Subs) කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම web වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟට 14 වෙනි කොටස හෙවත් Season 1 හි අවසාන කොටසින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – A Bloody Trap
• IMDB Rating – 8.1 (at 2026.06.22)
• Released Date – 2026.06.19

Fist of the North Star Season 01 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

85 downloadsDownload Fist-of-the-north-star-S01-E13-Sinhala-Subtitles.zip14 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

85 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.