Watch Trailer

Fringe [S03 : E22] Sinhala Subtitles | අපි මැරුන දවස.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කතා වාරයේ අවසානයට ආවා. ඒ නිසා මම මෙතෙක් කතාවම කෙටියෙන් විස්තර කරලා ඉන්නම්. පීටර් තමන්ගේ පුතා කියලා ඒත්තු ගන්නලා වෝල්ටනේට්, පීටර් එක්ක එයාගෙ ලෝකයට ගියා. මේ නිසා ඔලිවියා, වෝල්ටර් ඇතුළු පිරිසට පීටර්ව නැවත මේ ලෝකයට ගේන්න යන්න සිද්ධ වුනා. ඒ කොටස් දෙවනි කතා වාරයෙයි සිදු වුනේ. පීටර් න…

ඔන්න එහෙනම් තුන්වෙනි කතා වාරයේ අවසානයට ආවා. ඒ නිසා මම මෙතෙක් කතාවම කෙටියෙන් විස්තර කරලා ඉන්නම්.

පීටර් තමන්ගේ පුතා කියලා ඒත්තු ගන්නලා වෝල්ටනේට්, පීටර් එක්ක එයාගෙ ලෝකයට ගියා. මේ නිසා ඔලිවියා, වෝල්ටර් ඇතුළු පිරිසට පීටර්ව නැවත මේ ලෝකයට ගේන්න යන්න සිද්ධ වුනා. ඒ කොටස් දෙවනි කතා වාරයෙයි සිදු වුනේ. පීටර් නැවත මේ ලෝකයට එන්න කැමති වුනේ ඔලිවියාගෙ කීම අහලා. “ඔයා අයිති මට, ඔයා මාත් එක්කයි ඉන්න ඕනෙ..” ඔලිවියා කියපු නිසා පීටර් නැවත ඔවුන් සමඟ මේ ලෝකයට ආවා. ඒත් වෝල්ටනේට් කපටි සැලැස්මක් ක්‍රියාත්මක කරලා, එයාලගේ ඔලිවියා එහෙමත් නැත්නම් බොලිවියාව මේ පැත්තට එව්වා. මේ පැත්තෙ fringe කණ්ඩායම හිතුවේ ඒ ඉන්නෙ ඇත්ත ඔලිවියා කියලා.

එහෙම ආව බොලිවියා බොහොම කපටි විදියට වෝල්ටනේට්ගෙ සැලස්ම ක්‍රියාත්මක කරා. මුලින්ම ලෝක විනාශ යන්ත්‍රයේ කොටස් එකින් එක හම්බෙන්න ගත්තම, ඒ ගැන වෝල්ටනේට් දැනුවත් කරා. මුහුණු මාරු කරන්නෝ අහු වෙන්න ගිය හැම වතාවෙම ඔවුන්ගෙ මතක තැටි පැන්නුවා, ඒ තොරතුරු පීටර්ලාගෙන් වසන් කරා. අවසානයේ යන්ත්‍රයේ සියලු කොටස් තියන ස්ථාන හොයා ගන්න මේ පැත්තේ fringe ඒකකයට හැකි වෙනවා.

ඔය අතර සමාන්තර විශ්වයේ ඔලිවියාට විවිධ ඖෂධ ලබා දෙමින්, ඇය බොලිවියා කියලා ඒත්තු ගන්නන්න උත්සහ කරා. ඒක සාර්ථක වෙලා ඔලිවියා, බොලිවියාගෙ මතකය, හැකියා ආදි හැමදේම ලබා ගත්තා. නමුත් පීටර් විටින් විට ඔලිවියාට පේන්න ගත්තා, ඇයට අනතුරු අඟවන්න ගත්තා. වෝල්ටනේට්, ඔලිවියා යොදා ගෙන විශ්වයන් අතර ගමන් කරන්න ඇයට හැකියාව ලැබුනෙ කොහොමද පරීක්ෂා කරා. එතකොට තමන් අයිති ලෝකයට එක මොහොතකට යන්න ඔලිවියාට හැකි වුනා. එයින් ඇය තේරුම් ගත්තා සිද්ධ වෙන දේ. මේ නිසා හොරෙන්ම නැවත සංවේදන විහිනතා ටැංකියට බැහැලා ඇගේ ලෝකයට ගියා, ගිහින් පීටර්ට පණිවුඩයක් යැව්වා.

ඒ පණිවුඩේ ලැබුන පීටර්ට දෙලෝ රත් වුනා. මොකද ඒ වෙද්දිත් ඔහු බොලිවියා එක්ක සම්බන්ධය දුර දිග ගිහින් තිබුන නිසා. ඒකෙ කෙලවර වුනේ යන්ත්‍රයෙ වැදගත්ම කොටසක් අරන් බොලිවියා තමන්ගෙ මෙහෙයුම සම්පූර්ණ කරලා අනික් පැත්තට පැනලා ගිය එක. ඊට සමගාමිව ඔලිවියා, ඒ පැත්තෙ කර්නල් බ්‍රොයිල්ස්ගෙ උදව්වෙන් මේ පැත්තට ආවා. නමුත්, අවාසනාවකට ඒ නිසා ඒ පැත්තෙ කර්නල් බ්‍රොයිල්ස් ජීවිතයෙන් වන්දි ගෙව්වා.

මේ පැත්තට ඇවිත් බලද්දි ඔලිවියා අපේක්ෂා භංගත්වෙට පත් වුනා. බොලිවියා, පීටර් සම්බන්ධය ගැන ඇය කළකිරුනා. නමුත් කාලෙ යද්දි ඇයට තේරුම් ගියා. දෙන්නා ආයෙත් ආදරේ කරන්න පටන් ගත්තා. මුල් මිනිස්සු පොත ලිව්වේ සෑම් වයිස් කියලා හොයාගත්ත නීනා, සෑම් මුණ ගැහිලා, ලෝක විනාශය ගැන ඇහුවා. ඔහු කිව්වේ පීටර් තෝර ගන්නෙ මොන ඔලිවියද, ඒ පැත්ත පවතී කියලා.

ඔය අතරේ කවුරුවත් නොහිතපු දෙයක් වුනා. බොලිවියාට, පීටර්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්න බව වෝල්ටනේට් දැන ගත්තා. ඉතින් ගර්භනී බව වේගවත් කරා. එතනින් පැනලා ආව බොලිවියාට දරුවා ප්‍රසූත කරන්න ලින්කන්, හෙන්රි දෙන්නා උදව් කරා. එහෙම ඉපදුන දරුවගෙ වර්ණදේහ වලින් වෝල්ටනේට් යන්ත්‍රෙ පණ ගැන්නුවා.

ඒ පැත්තෙ යන්ත්‍රෙ පණ ගැන්වුන නිසා මේ පැත්තෙ යන්ත්‍රෙත් ක්වොන්ටම් පටලැවිල්ලකට හසු වෙලා පණ ගැන්වුනා. මේ නිසා මේ පැත්තෙ මහා පරිමාණ ව්‍යයසන වෙන්න ගත්තා. මේක නතර කරන්න පීටර් යන්‍ත්‍රය ඇතුළට ගියත් ඔහුව ප්‍රතික්ෂේප වුනා. මේ අවුල ලිහන්න සෑම් වයිස්, ඔලිවියාට උදව් කරා. ඒ අනුව ඔලිවියා තමයි පීටර් ට යන්ත්‍රය ඇතුළට යන්න ඒක විවෘත කරලා දෙන්න ඕනෙ. ඉතින් පීටර් යන්ත්‍රය ඇතුළට සාර්ථකව ගියා. එතනින් පස්සේ එයා අනාගතයට ගිය බවක් තමයි පේන්න තියෙන්නෙ. ඔහු එතනදි 2001 සැප්තැම්බර් අනුස්මරණයක් දැක්කා. ඒ කියන්නෙ 2001 වසර එහෙමත් නැත්නම් පීටර් යන්ත්‍රයට ඇතුල් වෙන්න කලින් ජීවත් වුන වසරේ විශාල විනාශයක් සිද්ධ වෙලා. යන්ත්‍රයෙන් පෙන්නන්නෙ මොකක්ද? මහා අනතුර වලක්වා නොගත්තොත්, අනාගතය කොහොම වෙයිද කියන එකද?

4 වෙනි කතා වාරයෙන් හමු වෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,157 downloadsDownload Fringe-S03-E22.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

3,157 downloadsDownload Subtitles23 KB

21 comments

  1. හේමාලි

    අපි මැරුනු දවස මගෙ උපන් දවසයි..
    ස්තූතියි සීසන් එකම දුන්නට අක්කී

    1. Helili Hemamali

      අම්මෝ මයුර. යූ ආර් වෙරි ෆනී ගයි. කීප් ඉට් අප්.

  2. Anonymous

    Thanks akke ituru season 2t ikmanata one❤️

  3. akila

    akila

  4. Akila

    121212

  5. Chamil Mihiran

    Sub ekata thanx.Season 4 sub ekath denna

  6. Anushka Sanjuna

    අම්මො.. 4 ත් දෙනවනම් සුපිරි.. ආදරෙයි ඉතිං ඈ :D

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    4 වන කතාසමයෙන් නැවත හමු වෙමු
    ජය

  8. indika75

    thanks..

  9. Shanaka

    Me sub akata thanx mch.puluvannam el chapo tv series akath karanna.

  10. Shanaka

    Me sub akata thanx sis.puluvannam el chapo tv series akath karanna.

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්....
    Season 4 එකත් ඉක්මනටම අරන් එමු...

  12. Anonymous

    බොහොම ස්තූතියි
    4 වන කතා සමයත් ඉක්මනට දාන්න සහෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Anonymous

    Thnx 4 ඉක්මනට denna

  15. chinthaka.max4

    thankx dr

  16. UDARA DAMITH

    zv

  17. kevin D...

    Thanks...

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  19. Udara Damith

    elllllllllllllllllllllllllllll

  20. Dewadithya

    Thanks for sub!