Watch Trailer

Fringe [S04 : E01] Sinhala Subtitles | මෙහෙත් නෑ, එහෙත් නෑ. [සිංහල උපසිරසි සමඟ]

4 වෙනි කතාවාරේ මුල්ම කොටස අරගෙනයි ආවේ. 3 වෙනි කතාවාරේ වගේම මේකෙත් කොටස් 22 ක් තියනවා. ඔන්න ඉතින් ඒ 22 ට අද ඉඳන් සිංහල උපසිරැසිය ලැබේවි. 3 වෙනි කතාවාරය අවසන් වුන හැටි කෙටියෙන් මතක් කරන්නම්. පීටර්ට ඇතුළු වෙන්න යන්ත්‍රය විවෘත කරන්න හැකියාව තිබුනෙ ඔලිවියාට. මොකද ඇයට අධි මානසික බලයක් තියනවා. ඒක පාවිච්චි…

4 වෙනි කතාවාරේ මුල්ම කොටස අරගෙනයි ආවේ. 3 වෙනි කතාවාරේ වගේම මේකෙත් කොටස් 22 ක් තියනවා. ඔන්න ඉතින් ඒ 22 ට අද ඉඳන් සිංහල උපසිරැසිය ලැබේවි. 3 වෙනි කතාවාරය අවසන් වුන හැටි කෙටියෙන් මතක් කරන්නම්.

පීටර්ට ඇතුළු වෙන්න යන්ත්‍රය විවෘත කරන්න හැකියාව තිබුනෙ ඔලිවියාට. මොකද ඇයට අධි මානසික බලයක් තියනවා. ඒක පාවිච්චි කරලා, ඔලිවියා, පීටර් වෙනුවෙ යන්ත්‍රය විවෘත කරා. යන්ත්‍රය ඇතුළට ගිය පීටර් අනාගතයට පිවිසුනා. ඒ අනාගතය ඒ තරම් සුන්දර අනාගතයක් වුනේ නෑ. අතීතයේ පීටර් මේ ලෝකය බේරගෙන තිබුනත් ඔහු අතින් වෝල්ටනේට්ගෙ ලෝකය විනාශ වෙලා තිබුනා. පළිගැනීමෙ අරමුණින් වෝල්ටනේට් දවස් අවසාන කරන්නන් කියන පිරිස ලවා මේ ලෝකයේ නිර්මිතයට හානි පමුණවන්න පටන් ගත්තා. නමුත් ඔවුන් ඊට යොදා ගත්ත විදුලි බෝම්බයේ තාක්ෂණය තේරුම් ගන්න පීටර්ට බැරි වුනා.

මේ වෙනකොට වෝල්ටර් හිටියේ සිර ගත කරලා. ලෝක විනාශයෙන් ලෝකය ගලව ගන්න පීටර් අතීතයේ සමත් වුනත්, එවැනි ව්‍යයසනයට ලෝකයාට මුහුණ පාන්න වුනේ වෝල්ටර් හේතු වුන නිසා ඔහුව වැරදිකරු කරලා සිරගත කරලා තිබුනා. ඉතින් ලෝක විනාශයට පාර කපන විදුලි බෝම්බ තාක්ෂණේ තේරුම් ගන්න පීටර්, වෝල්ටර්ගෙ උදව් පැතුවා.

මේ වෙනකොට ඔලිවියා, පීටර් දෙන්නා විවාහ වෙලා අවුරුදු හතලිස් ගණන් ගත කරන, FBI ඉහළ නිලධාරීන් දෙන්නෙක්. ඔලිවියා එයාගේ යටපත් වෙලා තිබුන අධි මානසික හැකියාවෙන් ප්‍රයෝජන ගන්න තරම් පුහුණු වෙලා තිබුනා. එතකොට ඔලිවියාගේ සහෝදරියගෙ දුව, එලාත් FBI නියෝජිතවරියක් වෙලා හිටියා.

කොහොමහරි, වෝල්ටර් විදුලි බෝම්බෙ ගැන තේරුම් ගනිද්දි, ඒකෙ නිර්මාතෘ වෝල්ටනේට්, පීටර්ට අනතුරු ඇඟෙව්වා, අතීතයේ පීටර් වෝල්ටනේට්ගෙ ලෝකය විනාශ කරා වගේ, දැන් එයා පීටර්ගෙ ලෝකය විනාශ කරනවා කියලා. වෝල්ටනේට් එහෙම කියල නිකන් හිටියෙ නෑ, ඔලිවියාව මරලා දැම්මා. මේ නිසා පීටර් විශාල දුකකට පත් වුනා.

ඒ අතරේ වෝල්ටර්ට ලෝක විනාශ යන්ත්‍රයේ සත්‍යය වැටහුනා. අවුරුදු ගානකට කලින් පීටර් යන්ත්‍රය ඇතුළට ගිහින් එක් ලෝකයක් බේරන්, අනෙක විනාශ කරපු එක නිසයි අද ඔලිවියාටත් මැරෙන්න වුනේ කියන දේ වෝල්ටර්, පීටර්ට තේරුම් කරා. ඒ අනුව පීටර්ට නැවතත් යන්ත්‍රය ඇතුළට ගිහින් ලෝක දෙකම බේරගන්න කියලා වෝල්ටර් කිව්වා.

ඔන්න එතකොටම පීටර්, අනාගතයෙන් වර්තමානයට ආවා. පීටර් ලෝක දෙකේම නිර්මිතයට වුන හානි වහලා පාලමක් හදලා තිබුනා. මේ නිසා වෝල්ටර්නේට්, බොලිවියා වගේ ඒ පැත්තෙ කීප දෙනෙකුත් මේ පැත්තට ආවා. ලෝක දෙකම බේරගන්න නම් දෙගොල්ලොම එකතු වෙලා වැඩ කරන්න ඕන කියන දේ පීටර් එයාලට කිව්වා. හැබැයි ඒ හැමදේම එක මොහොතකට විතරක් සීමා වෙලා පීටර් අතුරුදහන් වුනා. ලෝක දෙකේ කිසි කෙනෙක්ට පීටර් ගැන මතක නැති වුනා. නිරීක්ෂකයෝ මේ සේරම බලා හිටියා. පීටර් එයාගේ මෙහෙවර ඉටු කරා කියලා එයාලා කිව්වා.

ඒකේ තේරුම පීටර් ආයෙත් එන්නැති වෙයිද?  එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,384 downloadsDownload Fringe-S04-E01.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,384 downloadsDownload Subtitles23 KB

10 comments

  1. Anonymous

    Thanks

  2. Anonymous

    Ammooo thnks akke❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. indika75

    thanks..

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 4 එකත් ඉකමටම අරන් ඇවිත්...
    දිගටම සබ් දෙමු....

  6. podda

    ammooo season 4 patan gena
    thanks sis!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. lakshan

    බොහොම ස්තූතී සබ් එකට . :) ජය වේවා.

  9. chinthaka.max4

    thankx dr

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!