ඔලිවියා ඩංහැම්, පිස්සු වැටුන විද්‍යාඥයෙක් හොයන් සෙන්ට් ක්ලෙයාස් මානසික රෝහලට යද්දි හිතුවද වෝල්ටර් බිෂොප් කියන්නෙ මේ තරම් බුද්ධිමතෙක් කියලා? කපටි මොළෙන් මිනිස්සු රවට්ට රවට්ට ගතමනාව සරි කරගත්ත පීටර් බිෂොප් දකිද්දි හිතුනද එයා දවසක ඔලිවියා ඩංහැම්ගේ සදාතනික සහකාරයා වෙයි කියලා? විශ්වයන් දෙකක ගැලවුම්කාරයා…

ඔලිවියා ඩංහැම්, පිස්සු වැටුන විද්‍යාඥයෙක් හොයන් සෙන්ට් ක්ලෙයාස් මානසික රෝහලට යද්දි හිතුවද වෝල්ටර් බිෂොප් කියන්නෙ මේ තරම් බුද්ධිමතෙක් කියලා?
කපටි මොළෙන් මිනිස්සු රවට්ට රවට්ට ගතමනාව සරි කරගත්ත පීටර් බිෂොප් දකිද්දි හිතුනද එයා දවසක ඔලිවියා ඩංහැම්ගේ සදාතනික සහකාරයා වෙයි කියලා? විශ්වයන් දෙකක ගැලවුම්කාරයා වෙයි කියලා?
කඩියෙක් වගේ කොතනත් වැඩ පෙන්නන ඔලිවියා ඩංහැම් දකිද්දි හිතුනද එයාට අසාමාන්‍ය හැකියා ගොන්නක් තියනවා කියලා?
කොටින්ම ෆ්‍රින්ජ් කියන කතාව පටන් ගත්ත දවසේ හිතුනද සීසන් 5 ම ඉවර වෙද්දි මේක සුපිරියක් වෙයි කියලා, හැමදාටම මතකෙ රැඳිලා තියන ජාතියේ එකක් වෙයි කියලා?!
ඔන්න ඒ ෆ්‍රින්ජ් කතා මාලාවේ අවසාන කොටසට අද සිංහල උපසිරැසිය ලැබෙන්නෙ. මේ කතා මාලාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නෙ දිනේෂ් සහෝ. ඊට පස්සේ අචින්ත උදයංග සහෝ සහ මම මේ කතා මාලාවට සිංහල උපසිරැසි ගෙනාවා. Fringe කතා වාර 5 ක කොටස් 100 ක් අතුරින් කොටස් 67 කට මං මේ වෙද්දි උපසිරැසි දීලා තියනවා. Fringe කතා මාලාව මගේ උපසිරැසි ජීවිතයේ වැදගත් මතකයක් වෙන්නෙ මං වැඩිම උපසිරැසි ප්‍රමාණයක් ගෙනාව කතා මාලාව විදියට. මේ කතා මාලාවේ චරිත කවදාවත් මට නම් අමතක වෙන්නෙ නෑ, ඒ තරම් මගේ හදවතට මේ කතා මාලාව සමීප වෙලා තියෙන්නෙ.
ඇත්තටම මේ විදියට උපසිරැසි ගන්වන්න මාව දිරිමත් කළේ අපේ ඇඩ්මින් මණ්ඩලේ හසන්ත අයියා. අපි හැමෝගෙම ස්තූතිය ඔහුට පිරිනමන්න ඕනෙ මේ වෙලාවේ. ස්තූතිය හිමි වෙන්න ඕන අනික් අය තමයි කලට වෙලාවට උපසිරැසිය පළ කරපු ඇඩ්මින් චාමර මල්ලි සහ වීඩියෝ පිටපත් හොයලා දුන්න ඉසුරු මල්ලි. බයිස්කෝප්වාසි ඔබටත් ස්තූතියි දිගටම රැඳී හිටියාට!
එහෙමනම් ඔන්න මං වුන පොරොන්දුව ඉෂ්ට කරා. හැමෝටම සුබ දවසක්!
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,620 downloadsDownload Fringe-S05-E13.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
20 comments
මයුර
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් උපසිරැසියකින් හමු වෙමුමේ කතාමාලව සම්පූර්ණ කිරීම වෙනුවෙන් නැවත වරක් හෙලිලි අක්කාට සහ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් සහෝදරවරුන්ට ස්තූතියි
ජයGathsara Umesh
බොහොම ස්තුතියි අක්කෙ..කතව ඉවරයක් කලට..බලන්නම වටින කතවක්..ආඉත් කියන්නම් බොහොම බොහොම බොහොම ස්තුතියි..
ආයිත් මෙවගෙම හොද කතවකින් ඉක්මනට මුනගැහෙමු අක්කෙ..එතෙක් ජයවෙවා..!!Anonymous
Thanks akke kiwwa wagema dunnta
shelby
Thanks <3
Ravidu
Sub akata thanks.
Future man tv series akath karannako.Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සුපිරි වැඩක් season 5ක් ඉවර වෙනකන් සබ් අරන් ආපු එක...
සුපිරිම කතාවක් ආසාවෙන් බලපු....
ඉස්සරහටත් මේ වගේ කතා මාලා වලට සබ් අරන් එමු....Kavinu
බොහොම ස්තූතියි අක්කෙ. කාලෙකට කලින් බාගයක් බැලුවත් අතරමඟ නැවතුනා. දැන් සබ දුන්නහම ආයෙ බලන්න පටන් ගත්තා කතාව....
හැබැයි කම්ප්ලීට් බලලා ඉවර කරන්න නම් අවුරුද්දක් විතර යයි වගේ මට (සතියට එකයි)බොහොම ස්තූතියි සීරීස් එක ඉවර වෙනකන්ම ගෙනාවට. කතාංග ගාන ටිකක් වැඩි වුනත් ඉහළින්ම රෙකමන්ඩ් කරනව හැමෝටම!!! ❤️
Dineth Siriwardhana
ගොඩක් ගොඩක් ස්තූතී ඇත්තටම ඔයාලා ඔයාලගෙ වැඩේ හරියටම කරා ඇත්තටම මට අන්තිම ඒවගෙ සබ් දෙනකනුත් ඉන්න බැරි උනා ඒත් සබ් එක්කත් ආයෙ ඹැලුවා ගොඩාක් ගොඩාක් ස්තූතී
සුබපතනවා ඔක්කොටමChamara sampath
Comment ekak danna parakku una good job nangi. Nathara wela tibuna series ekak oya goda demma. Oyagen thawa illimak karanna one nathara wela tyna BLACKLIST/BLINDSPOT/SUPERGIRL season tikath puluwan nam goda dannako sub dunna nisa oyalage anith admin lata pinsidda wenna api me katha beluwa eth den maga nathara wela puluwan mama oya kiyapu katha tikath goda danna illimak withrai thnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chameera
sub eka kohomadha ganne
Anonymous
බොහොම ස්තුතියි!!! ඔයා නිසා ඔක්කොම season ටික බැලුවා...
kevin D...
Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Kasun Malinga
මම අවුරුදු ගානක් මෙකෙන් sub ගන්නවා. ඒත් මේ tv series එකේ විතරයි ඔයාව දැක්කේ. ඒ කියන්නේ දැන් sub කරන්නේ නෑ ? අපරාදේ. The x files, The black list එක්ක සමාන format එකක් තියෙන පට්ටම series එකක්. Thank u ඔයාටයි අනිත් දෙන්නටයි.
kevin D
Thanks...
Maduranga Dissanayaka
thanks.....
Dineth Kanishka
උපසිරස දුන්න ඔක්කොටම ස්තුතියි...
Anonymous
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මේ කරපු මෙහෙවරට මගේ ආචාරය සහෝදරී
සයිටෙ තිබ්බ තවත් අඩුවක් හෙලිලිගෙ කරපිටින් අවසන් ගමන් ගියා.
ආයෙත් ස්තූතියි..