From S02 Sinhala Subtitles ආයුබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම. මේ වෙද්දි ඔයාලා From පළමු කතාසමය නරඹලා කතාමාලවේ හොඳ රසිකයෙක් වෙලා ඇති කියලා මම හිතනවා. ඒ නිසාම ඔන්න ඉක්මනින්ම අපි දෙවන කතාමාලවේ උපසිරසිත් ඉක්මනටම අරගෙන ආවා. පළමු කතාංගයේදී මම මේ සීරීස් එක හැදුන විදිය ගැන සහ මේකේ චරිත ගැන පොඩි හැඳින්වීමක් කල…

ආයුබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම. මේ වෙද්දි ඔයාලා From පළමු කතාසමය නරඹලා කතාමාලවේ හොඳ රසිකයෙක් වෙලා ඇති කියලා මම හිතනවා. ඒ නිසාම ඔන්න ඉක්මනින්ම අපි දෙවන කතාමාලවේ උපසිරසිත් ඉක්මනටම අරගෙන ආවා. පළමු කතාංගයේදී මම මේ සීරීස් එක හැදුන විදිය ගැන සහ මේකේ චරිත ගැන පොඩි හැඳින්වීමක් කලා. ඒ වගේම කලින් කතා සමයේ මොනාද උනේ කියලා ආපහු ඔයාලට මතක් කරන්න ඕන නෑ කියලත් හිතනවා.
From S02 Sinhala Subtitlesපලමු කතා සමයේ පළමු කොටසේ මුල් ටික ගැනනම් කියලා වැඩක් නෑ. මෑත කාලයේ ටීවී සීරීස් එකක ප්‍රේක්ෂකයව භීතීයෙන් කම්පනය කරපු හොඳම ආරම්භය කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ වගේම ඉතිරි කොටස් ටිකෙත් කතාවට හොඳ සාධාරණයක් කලා. හොඳ චරිත ගොඩනැගීමකුත් තිබුනා. ආස කරන වගේම එපා කරන චරිත කීපයකුත් අපිට හම්බුනා. එක කතාමාලාවක් අවසන් උනත් අපිට තාමත් මේ අමුතු ගම්මානය සහ බියකරු නිශාචර රාක්ෂයෝ ගැන හරිහමන් උත්තරයක් ලැබුනේ නෑ. ඒ වගේම ගමේ ඉන්න ගොඩක් අයගේ පසුබිම් කතාව ගැනත් අපි තාම වැඩි විස්තරයක් දන්නේ නෑ. මේ සීසන් එකෙන් ගොඩක් දෙනෙක්ගේ පසුබිම එහෙමත් නැත්තම් මේ අද්භූත ගම්මානයේ හිරකාරයෝ වෙන්න කලින් හිටපු හැටි බලාගන්න පුළුවන් වෙයි. පළමු කතාමාලාවේ අවසන් කොටසෙදි ජිම් හදපු රේඩීයෝ එක සාර්ථකත්ව වැඩ කරත් ඒකෙන් ඇහුන කටහඩ කියපු දේ නිසා හැමෝගෙම බලාපොරොත්තු කඩවුනා වගේම අන්තිමට අපිට දකින්න ලැබුනේ තවත් සෙනඟ පිරුන බස් රථයක් අවාසනාවන්ත විදියට මේ ගම්මානයට ඇතුළු වෙන විදියයි. ඉතිං මේ බස් එක මොකක්ද? ජිම්ට රේඩියෝ එකෙන් ඇහුන කඩහඩ කාගේද? මේ පාර ලැබෙන අභියෝග මොනවද කියලා අද ඉඳන් ඔයාලට දැනගන්න පුළුවන්.
From S02 Sinhala Subtitlesපලමු සීසන් එක වගේම දෙවෙනි සීසන් එක අරගෙන එන්නෙත් විමා සහෝගේ මූලිකත්වයෙන් සහ බන්දුල අයියා, රුකා, දිනිදු සම්පත්, රවිදු රුක්ෂාන්, මයුර සුරාජ්, සුචිත්‍ර ප්‍රනාන්දු සහ සුජිත් ප්‍රියංකර සහෝලා එකතු වෙලා තමයි. සුපුරුදු විදියටම ඊළඟ කොටස දිනිදු සහෝ ඔයාලට අරගෙන එයි.
ඒ වගේම මේ කතාමාලාවට හරිහමන් ගුණාත්මක උපසිරසි තියෙන්නේ බයිස්කෝප් අඩවියේ විතරයි කියලා නැවතත් ඔයාලට මතක් කරන්න ඕන. එහෙනම් මාවත් මේ කතාමාලාවට සම්බන්ධ කරගත්ත විමා සහෝට ස්තූති කරන ගමන් මම ගිහින් එන්නම්. තෙවෙනි කතා මාලාවෙන් නැවත හමුවෙමු.
From S02 Sinhala Subtitlesකතාංගයේ නම – “Strangers in a Strange Land”
කතා රචනය – John Griffin & Jeff Pinkner
අධ්‍යක්ෂනය – Jack Bender
විකාශය වූ දිනය – 2023 අප්‍රේල් 23
IMDb අගය – 7.8
මීළඟ කතාංගය – “The Kindness of Strangers”
From S02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,743 downloadsDownload From.S02E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S02 Sinhala Subtitles
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- Action
- Drama
- Thriller
- Horror
- Romance
- Adult
- Supernatural
- Crime
- Detective
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Coming-of-age
- Suspense
- #Catalina Sandino Moreno
- #David Alpay
- #Editor's Pick
- #Elizabeth Saunders
- #Eoin Baily
- #Hannah Cheramy
- #Harold Perrineau
- #MaxxA
- #Offbeat
- #Ricky He
- #Scott McCord
- #Shaun Majumder
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Nipun Lakshitha
Das
ආසාවෙන් බලනවා
Buddhika Lakmal
ස්තූතියි යුරාන් සහෝ සීසන් 2ට සබ් ගේනවට...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයAnonymous
Thank you bro
Sahan Gayantha
Thanks a lot Yuran saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S02 : E01] Sinhala Subtitles | නිශාචර රාක්ෂයන්ගේ වාසස්ථානය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S02-b.jpg)



ස්තූතියි බයිස්කොප්.. පුලුවන් නම් වොකින් ඩෙඩ් එකේ අනිත් ඒවාටත් සබ් දෙන්නකෝ..