From S01 Sinhala Subtitles ඔන්න ඉතිං From කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කතාංගයට උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ මේ පළවෙනි කොටසෙදි මේ නගරෙට එන බස් රථයක් සහ එහි ඉන්න පිරිස ඒ නගරෙන් පිටවෙන්න හදනකොට ඩෝනා විසින් ඒක වලක්වනවා. එතනදි ඒ බස් රථයෙ ආව මගීන් කිහිපදෙනෙක් එතනින් පැනලා යනවා. ඒ අතර…

ඔන්න ඉතිං From කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කතාංගයට උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ මේ පළවෙනි කොටසෙදි මේ නගරෙට එන බස් රථයක් සහ එහි ඉන්න පිරිස ඒ නගරෙන් පිටවෙන්න හදනකොට ඩෝනා විසින් ඒක වලක්වනවා. එතනදි ඒ බස් රථයෙ ආව මගීන් කිහිපදෙනෙක් එතනින් පැනලා යනවා. ඒ අතරේ ගුහාවක හිර වෙලා ඉන්න බොයිඩ් ට අමුත්තෙක් හම්බෙනවා. මේ අමුත්තා බිත්තියකට දම්වැල් වලින් ගැටගහලයි ඉන්නේ. ඒ අමුත්තා බොයිඩ්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ව මරලා දාන්න කියලා.
එතන සිද්ධිය එහෙම වෙද්දී උමං මාර්ගයක් ගවේශණය කරන්න ගිය වික්ටර් සහ ටැබතා ඒ උමං මාර්ගයේ ඉන්න රාක්ෂයෝ අවදි වේගෙන එනවා කියලා දැනගත්තම එතනින් පැනලා යනවා. හැබැයි එතකොටත් ඉර බැහැලා ගිහින් ඉවරයි.
From S01 Sinhala Subtitles Sinhala Subtitlesමෙවර කොටසින් පෙන්නන්නේ වික්ටර් සහ ටැබතා කොහොමහරි අර උමං මාර්ගයෙන් එලියට ඇවිත් හැංගෙන්න තැනක් හොයනකොට වික්ටර් ටැබතාව අතඇරලා දාපු ට්‍රක් රථයක් ඇතුලට එක්කන් යනවා. ඒ අතරේ බොයිඩ් ට හමුඋන අමුත්තා බොයිඩ් වැටිලා ඉන්න වලෙන් බේරගන්න කැමති වෙනවා. හැබැයි එක කොන්දේසියක් මත. ඒ තමන්ව මරාදාන්න කියන එකයි. නමුත් බොයිඩ් ඒ දේට කැමති වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු ඒ පුද්ගලයාව දම්වැල් වලින් බේරගන්න උත්සාහ කරනවා. එතන සිද්ධිය එහෙම වෙන අතරේ ඩෝනා විසින් අර බස් රථයේ හිටිය පිරිස බලහත්කාරයෙන් වගේ ඩයිනර් එක ඇතුලට ගන්නවා. ඒත් එතන ඉන්න ඇතැම් පුද්ගලයින් ඒකට කැමති වෙන්නෙ නෑ. එයාලගෙන් සමහරක් අය එළියෙ රාක්ෂයෝ ඉන්නවා කියලා කියන කතාව පිළිගන්නෙ නෑ. ඒ අතරේ අර කඩා වැටුන නිවස ඇතුලේ ටොම් ඇතුළු කිහිප දෙනෙක් හිරවෙලා ඉන්නවා.
From S01 Sinhala Subtitles Sinhala Subtitlesඉතිං යාළුවනේ. වික්ටර් සහ ටැබතා හැංගෙන්න තෝරගත්ත ට්‍රක් රථය මොකද්ද? බොයිඩ්ට හමුඋන අමුත්තා ඇයි දම්වැල් වලින් බැඳලා දාලා ඉන්නේ? බොයිඩ්ට අර දම්වැල් වලින් බැඳලා ඉන්න අමුත්තා බේරගන්න පුළුවන් වේවිද? ඒ අමුත්තා බොයිඩ්ට ඉදිරිපත් කරන කොන්දේසිය මොකද්ද? ඩයිනර් එක ඇතුලෙ ඉන්න අය මොන විදිහට හැසිරේවිද? අර කඩා වැටුන නිවසේ හිරවුණු පුද්ගලයින් රාක්ෂයන්ට ගොදුරු වේවිද? කියලා කතාව බලලම දැනගන්න. එහෙනම් හැමෝටම ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,919 downloadsDownload From.S02E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S01 Sinhala Subtitles Sinhala SubtitlesSubtitles by
දිනිඳු සම්පත්
Subtitles
2 comments
sachintha
Buddhika Lakmal
ස්තූතියි සහෝ මේ සබට...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S02 : E02] Sinhala Subtitles | ආගන්තුකයන්ගේ කරුණාව. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S02-b.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය