From S02 Sinhala Subtitles ඉතිං යාළුවනේ ඔන්න From රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ 04 වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස රූපවාහිනියේ විකාශය වෙලා තියෙන්නේ 2023 මැයි 14 වෙනිදා. විනාඩි 48ක් පුරා දිවෙන මෙම කතාංගයට IMDb හි 6.6/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. From S02 Sinhal…

ඉතිං යාළුවනේ ඔන්න From රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ 04 වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස රූපවාහිනියේ විකාශය වෙලා තියෙන්නේ 2023 මැයි 14 වෙනිදා. විනාඩි 48ක් පුරා දිවෙන මෙම කතාංගයට IMDb හි 6.6/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
From S02 Sinhala Subtitles Sinhala Subtitlesඉතිං කතාව ගැනත් ටිකක් කියන්නම්. ඔයාලට මතක ඇතිනේ පසුගිය කතාංග වලදි හමු උන සාරා…? මේ කොටසෙදි අහම්බෙන් වගේ කෙනී ට සාරා ව හම්බවෙනවා. ඒ නිවසක බිම් මහලේ ඉඳලා. ඉතිං යාළුවනේ මේ කෙනී ගෙ තාත්තා මැරෙන්නේ සාරා අර අමනුස්සයින්ට ඇතුළට එන්න දොර ඇරපු නිසා කියලා මේ වෙනකොට බොයිඩ් විතරයි දැනගෙන ඉන්නේ. හැබැයි බොයිඩ් ඒක කෙනී ට දැනගන්න ඉඩ තියන්නෙ නෑ. ඒ අතරේ බොයිඩ් ගෙ හම යට ඉන්න පණුවෝ වගේ ජාතිය නිසාද මන්දා බොයිඩ් ට එක එක විදිහේ රෝග ලක්ෂණ පහළ වෙන්න ගන්නවා. ඒ රෝග ලක්ෂණ අතරේ මිය ගිය කට්රි පියතුමාව බොයිඩ් ට පේන්න ගන්න එකත් එක ලක්ෂණයක්.
From S02 Sinhala Subtitles Sinhala Subtitlesජිම් තමන්ට රේඩියෝවෙන් ඇහුණු කටහඬ ගැන ටැබතා ට කියනවා. ඒ වගේම ඒ කටහඬ ඩෝනාටත් ඇහුන වග ජිම් දන්න නිසා ඒ ගැන තහවුරු කරගන්න ඩෝනා හමුවෙන්න ජිම් යනවා. ඒ අතරේ අලුත් හාදයා – රැන්ඩල් ඩෝනා එක්ක වලියක් දා ගන්නවා. ඒ නිසා ඩෝනා තීරණය කරනවා රැන්ඩල්ව වෙන තැනක පදිංචි කරවන්න.
ඉතිං යාළුවනේ, සාරා නිසා කෙනී ගෙ තාත්තා මිය ගිය බව කෙනී දැනගනීවිද? සාරා කලින් කරපු මිනීමැරුමට සහ අර පොඩි ළමයව මරන්න හදපු එකට ඇයට දඬුවමක් ලැබේවිද? ඇයි රැන්ඩල් සහ ඩෝනා අතර රණ්ඩුවක් ඇති වෙන්නේ? රැන්ඩල්ව ඩෝනා අලුතින් පදිංචි කරවන්නෙ කොහේද? ජිම් ට ඇහුණ කටහඬ තමන්ටත් ඇහුණු බව ඩෝනා පිළිගනීවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,245 downloadsDownload From.S02E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S01 Sinhala Subtitles Sinhala SubtitlesSubtitles by
දිනිඳු සම්පත්
Subtitles
4 comments
Thilakarathnage sandanuwan Thilakarathna
Buddhika Lakmal
ස්තූතියි මචං සබට..
ජයවේවා
..sachintha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයSahan Gayantha
Thanks a lot Dinidu saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![From [S02 : E04] Sinhala Subtitles | සාරා ආයෙත්…? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/From-S02-b.jpg)



the wheel of time tv series eke sub denna barida