Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles 2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 4 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් ක…

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 4 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් කතා සමයට දැන් හැම චරිතයක්ම පාහේ එකතු වෙලයි ඉන්නේ. ඉතින් රසවින්දනයේ කිසිම අඩු පාඩුවක් නැතුව අපිට කතාව රසවිඳින්න පුලුවන්. හැබැයි තාම අපිට අඩු පාඩුවකට තියෙන්නෙ යක්ෂයෙක් විතරයි.

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

විශ්‍රාම ගිය දක්ෂ හශිරාවරයෙක් වෙන ශබ්ද හෂිරා උසුයි ටෙන්ගන් සමඟ තන්ජිරෝට තිබුනු පුහුණු සැසියටත් තන්ජිරෝ සහභාගී වෙනවා. ඉහළ හයවෙනි යක්ෂයා එක්ක සිද්ධ වුනු සටන නිසා ඇති වුනු දරුණු අහිමි වීම් වලට පසුවත් ශබ්ද හෂිරාගේ හැකියාවේ කිසිම අඩුවක් නැති බව අපිට දකින්න ලැබුනා. හෂිරා පුහුණුවේ මූලික අදියර විදිහට අනිත් හෂිරාවරු එක්ක තියෙන පුහුණුවට සූදානම් කිරීමේ අරමුණින් ශරීර ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව වැඩි කිරීම තමයි උසුයිට භාර වෙලා තිබුනේ. උසුයිගේ මේ පුහුණු සැසි වලට මුහුණ දෙන හුඟක් යක්ෂ නාශකයො පුහුණුව ඇති වෙලා මඟදීම බිම වැටෙන විදිහ දකින්න පුලුවන් වුනා. ඒත් තන්ජිරෝ මේ හැම පුහුණුවක්ම කිසිම ගානක් නැතුව කරගෙන කරගෙන ඉස්සරහට යනවා. ඉහළ නිලයේ යක්ෂයින්ටත් මුහුණ දුන්නු කෙනෙක් අන්න ඒ වගේ කියල සෙසු පුහුණු වන්නො පුදුම වෙනවා.

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

ඒත් එක්කම මුලදී සහභාගී වීම ප්‍රතික්ෂේප කරපු ජල හෂිරා ගියූ ටොමියෝකාත් දැන් හෂිරා පුහුණුවට එකතු වෙලයි ඉන්නෙ. සෙසු හෂිරාවරුත් තමගේ ළඟට එන පුහුණු වන්නන්ට හොඳ හොඳ පාඩම් කියල දෙන විදිහත් අපිට බලාගන්න පුලුවන් වුනා. තන්ජිරෝගේ ආරම්භක පුහුණුවෙන්ම තන්ජිරෝට උසුයි එක්ක වැඩි දෙයක් ඉගෙන ගන්න පුහුණු වෙන්න තිබුනේ නෑ. ඉතින් තන්ජිරෝ මීළඟ ගුරුතුමා ළඟට යනවා. ඒ තමයි මීදුම් හෂිරා මුයිචිරෝ තොකිතෝ. මීදුම් හෂිරා එක්ක තියෙන පුහුණු සැසිය මොන වගේ එකක්ද? ඒකෙදි මොන දේවල් සිද්ධ වෙයිද? ඒ වගේම මේ හැම දෙයක් දිහාම තව අභිරහස් කෙනෙක් රහසේම ඇහැ ගහගෙනයි ඉන්නේ. ඒ කවුද? එයා බලන්නෙ හොයන්නෙ මොනවද? බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. එහෙනම් Demon Slayer Season 4 හි පස්වෙනි කොටසින් මීළඟ සතියෙදි හමුවෙමු.

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

ලංකන් Weebs වෙනුවෙන් – දොන් ධනංජය


Episode Name – To Bring a Smile to One’s Face

Aired Date – 2024.06.02

IMDB Rating – 7.1 (2024.06.04)

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

6,334 downloadsDownload Demon-Slayer-S04-E04-Sinhala-Subtitles.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

Subtitles

6,334 downloadsDownload Subtitles15 KB

5 comments

  1. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

  2. Anonymous

    torrent link aka ahema nedda

  3. zoro

    thanks

  4. Akila Dilhara

    Thanks for Sub...❤

    1. waruna

      Baiscopedownloads site eke video copy eka denne nadda ?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.