From S04 Sinhala Subtitles From Season 3 අවසාන කොටස අපිට ගෙනාවේ ඔළුව විකාර වෙන තරමේ රහස් ගොඩක්. මතකනේ ෆාතිමාගේ ඒ අද්භූත දරු ප්‍රසූතිය? අන්තිමේදී ඒකෙන් එළියට ආවේ කලින් මැරුණු ස්මයිලි යක්ෂයාමයි කියලා දැක්කම කතාවේ ත්‍රාසය උපරිමයටම ගියා. ඒ වගේම ටැබිතා සහ ජේඩ් කියන්නේ ඇත්තටම මිරැන්ඩා සහ ක්‍රිස්ටෝෆර් කිය…

From Season 3 අවසාන කොටස අපිට ගෙනාවේ ඔළුව විකාර වෙන තරමේ රහස් ගොඩක්. මතකනේ ෆාතිමාගේ ඒ අද්භූත දරු ප්‍රසූතිය? අන්තිමේදී ඒකෙන් එළියට ආවේ කලින් මැරුණු ස්මයිලි යක්ෂයාමයි කියලා දැක්කම කතාවේ ත්‍රාසය උපරිමයටම ගියා. ඒ වගේම ටැබිතා සහ ජේඩ් කියන්නේ ඇත්තටම මිරැන්ඩා සහ ක්‍රිස්ටෝෆර් කියන දෙන්නගේ පුනරුත්පත්තියක් කියන එකත්, එයාලා අර ළමයි ටික බේරගන්න කාලයක් තිස්සේ ආයේ ආයේ මේ නගරෙට එමින් චක්‍රයක හිරවෙලා ඉන්නවා කියන එකත් මේ වෙනකන් කතාවේ තිබුණු ලොකුම අභිරහසක් එළියට දැම්මා.
අනෙක් පැත්තෙන්, ජූලී කාලය හරහා අතීතයට ගිහින් දේවල් වෙනස් කරන්න කොච්චර උත්සාහ කළත් ඒක කරන්න බැරි වුණා. ඒකේ අවසන් ප්‍රතිඵලය විදිහට කහ පාට ඇඳුමක් ඇඳගත්ත අභිරහස් මිනිහා අතින් ජිම් ඝාතනය වෙන හැටි දැක්කම හැමෝම කම්පනයට පත් වුණා. මේ සේරමත් එක්ක යක්ෂයින්ට තියෙන අමරණීයභාවය ගැනත්, මේ නගරේ හැංගිලා තියෙන ලොකුම ශාපය ගැනත් ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලයි කලින් සීසන් එක ඉවර වුණේ.
ඉතින් ඔන්න ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්න From Season 4 දැන් පටන් අරන් තියෙනවා! ඔයාලා ගොඩක් මගබලාගෙන හිටපු නිසාම, මේ අලුත්ම සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකටත් මම උපසිරැසි ගැන්වීම කළා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,302 downloadsDownload From-S04E01-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S04 Sinhala Subtitles
From S04 Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
8 comments
Viraj
Chama
thanks brother <3
Buddhika laKMal
ස්තුතියි දමිදු සහෝ මේ සීරිස්එකට සිංහල සබ් දෙන්න පටං ගත්තට
Anonymous
Thanks bosa
Sandaru Nimsara
Thanks
Hashan Madhusanka
ගොඩාක් ස්තූතියි සබ් එක දුන්නට. එනකම් බලන් හිටපු Tv Series එකක්.
Anonymous
Thanks
Sahan Gayantha
thanks a lot Chathushan saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks