Watch Trailer

Full House [EP 08] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක […

Full House

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.

නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.

ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…

මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.

ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.

එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)

Full House (2004) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

300 MB කොපිය (4.40GB) මෙතනින් බාගන්න

6d10317bae60c56a456044abe929521cfbeddeac

300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න

b55067a30d3c2448c93563eb618fbe034b8e66e9

700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න

f50654da474750f3d56722833e0c43480006f4c5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

2,202 downloadsDownload FullHouse.E08.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

2,202 downloadsDownload Subtitles24 KB

26 comments

  1. Sisira Hegoda

    Thanks

  2. anuradha

    නියමයි ! හිතුවට වඩා ඉක්මනින් සබ් හමබවෙනවනේ thank you so much

  3. saber

    Thanks sis

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සෙව්වන්දි :P :P ජයවේවා

  5. KH7

    Thanks Sister...

  6. nishshanka ruwan

    ස්තුතියි :)

  7. shanaka

    Thanks sister.......waiting for EP9

  8. වරුණ රංගජිත් (වරූ)

    නියමයි අනේ... ඔක්කොම කොටස් බාගෙන ඉන්නේ
    සබ් 1 විතරයි දැන් අඩු...
    ඉක්මනට දෙන්න අනේ
    මම තාම බලන්න පටන් ගත්තෙ නෑ සබ් නැති නිසා...
    ඉක්මනට දෙන්න එහෙනම්..
    ජය වේවා....

  9. hiru

    හප්පේ කෙල්ලේ මරු දවස ගානේ දෙන්න අෆ්ෆා වඳ වෙලා ගිය කෙල්ලෝ අතරේ මෙන්න කෙල්ලෝ

  10. Kulanjana Maduranga

    niyamai..dn ikmanatama sub denawa ne.thanks SEWWANDI akke.digatama sub denna..jaya wewa.........

    1. Kulanjana Maduranga

      SEWWANDI akke ”The Heirs” korean drama 1tath sub dennn?

  11. AsanTha AkiLa

    pata gaala sub denawane... :) ara love rain eke sub thamath naa :( kohoma unath thanxx

  12. Ela Buwa

    niyamai........thankssssxxxx......

  13. sarath

    thanks sew.

  14. danushka

    thanks sahodare.....

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  16. Kokila Harshani

    niyamai......thanQ....

  17. Pushpika Chathu

    niyamai supirima kathawak thanxxx..............kiyanna wachana naha...............

  18. kavinda gamage

    බොහොම ස්තුතියි

  19. Theekshana kelum

    Niyamai. Anith sub tikath ikmanata daanna

  20. රොයිලි

    බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. prabadi

    Thankoo akki ithuru tikath ikmnta denkoo

  22. Quickstepz

    :D thanku akki ithuru tikath ikmanata denna

  23. nilanka

    patta aaa anith ewath ikmanata denna

  24. Imesh

    kooo anith tika ikmanata onaaaa

  25. විමා

    බොහොම ස්තුතියි උපසිරසට
    මෙන්න ගන්නවා :D