Watch Trailer

Full House [EP 09] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක […

Full House

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.

නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.

ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…

මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.

ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.

එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)

Full House (2004) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

300 MB කොපිය (4.40GB) මෙතනින් බාගන්න

6d10317bae60c56a456044abe929521cfbeddeac

300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න

b55067a30d3c2448c93563eb618fbe034b8e66e9

700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න

f50654da474750f3d56722833e0c43480006f4c5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

2,187 downloadsDownload Full.House_.E09.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

2,187 downloadsDownload Subtitles25 KB

28 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. Anuradha

    thanks

  3. වරුණ රංගජිත් (වරූ)

    thanks

  4. sachira

    ගොඩක් ස්තුතියි අක්කේ...............
    ඊළඟ උපසිරැසියත්
    ඉක්මනින් දෙන්න
    අක්කට තෙරුවන් සරනයි

  5. sarath

    thanks.....

  6. D.chamara

    niyamai niyamai ohoma yan thawa sub karamu jaya.... :D

  7. පසිඳු සහෝ

    බොහොම ස්තුතියි අක්කේ....
    උපසිරසියට ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ.....

    1. chethana

      akke godaak pin,,,ekmanata anith sub tikath ewanna,plzzz,,

  8. KH7

    Thanks Sister... :D

  9. Quickstepz

    thax thax! ithuru tikath puluwan tharam ikmanata denna :D

  10. danushka

    thanks sahodare,,,,

  11. Kulanjana Maduranga

    thanks SEWWANDI akke.denakm unne.ithiri tikath me wge ikmanata denn.jaya wewa......

    SEWWANDI akke meken passe ''The Heirs'' korean drama 1ta sub denna.....

  12. prabadi

    thankooooooooooooooooo akki

  13. nuwan

    thank you...........!

  14. Hasitha

    secret Garden එකටත් sub දෙන්න

  15. Hasitha

    සමාවෙන්න බොහොම ස්තුති

  16. ස්වර්ණරේඛා සෙව්වන්දි

    දිගටම රැදී ඉන්න හැමෝටම බොහොම ස්තුතියි ,:D
    දිගටම බලන් යන්න කියලත් ආරාධනා කරනවා,

    ඔයාලගේ රසවින්දනය වෙනුවෙන්ම.........
    මේ ඩ්‍රාමා එකේ ''සින්දුවල '' ......: D
    තේරුම් හොයලා සබ් එකට එකතු කලා .

    ඉතිං මේක බලලා සතුටු වෙන්න ,
    aja aja figthing!!! :D :D

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

  18. kavinda gamage

    බොහොම ස්තුතියි අක්කේ….

  19. Vimukthi Dinesh

    Thawa korean TV serias Tikaka Danna adahasak nadda.......... Dan korean film &amp; tv serias walata godak kattiya kamathy.......

  20. hiru

    figthing!!! :D :D එල මැණිකේ එල කෙල්ලෝ උනාම මෙහෙම තම ඉන්න ඕනේ

  21. lahiru dilshan

    Thanks Sis...!!!

  22. rangi

    “ස්වර්ණරේඛා සෙව්වන්දි” akke mata oyawa contact krganna puluwanda????

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      පුලුවන්, මේ මගේ මේල් address එක;
      [email protected]

      සමාවෙන්න ඕනේ, දැක්කේ පරක්කු වෙලා ඒකයි :D

  23. nishshanka ruwan

    ස්තුතියි :)

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සෙව්වන්දි :P :P ජය

  25. රොයිලි

    බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. විමා

    බොහොම ස්තුතියි උපසිරසට
    මෙන්න ගන්නවා ;)