Watch Trailer

Full House [EP 13] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක […

Full House

මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.

නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.

ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…

මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.

ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.

එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)

Full House (2004) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

300 MB කොපිය (4.40GB) මෙතනින් බාගන්න

6d10317bae60c56a456044abe929521cfbeddeac

300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න

b55067a30d3c2448c93563eb618fbe034b8e66e9

700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න

f50654da474750f3d56722833e0c43480006f4c5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

2,123 downloadsDownload FullHouse.E13.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

2,123 downloadsDownload Subtitles20 KB

31 comments

  1. Givantha Arshakularathne

    එලකිරි අක්කෙ නියමයි.
    උපසිරෑසියට තුති.

  2. Sisira Hegoda

    Thanks.

  3. sanjaya

    Godaaak thnx akke. Ituru tikath ikmanatama dannooo !!! :)

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. hiru

    ස්වර්ණරේඛා සෙව්වන්දි =D දැන් නම් දුකයි අෆ්ෆා පට්ට ආතල් එකේ බලපු DRAMA එක ඉවරවෙන්න යන්නේ ඉතින් ආයෙත් අපේ මේ ජිවිත පොජ්ජ ඔයාටම බාරයි මේවගේ සැප සංවේදී කොරියන් එකක් අරන් එන්ඩෝ ඈ මේක ඉවර උනාම කොරියන් ඈ අනික්වා දැන් දිරවන්නේ නැහැ මෙයා

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      මටත් දුකේ බෑ,මම සබ් දාලා ඉවරයිනේ,
      මේක බලන එකවගේම සබ් දාන එකත් ජොලි :D
      රණ්ඩුමනේ තියෙන්නේ,
      ඔයාලා මේක රසවිදිනවා කියන්නේ
      මටත් ලොකු සතුටක් :D :D :D,
      දිගටම බැලුවට ස්තුතියි,

    2. Aruna Fernando

      Full house episode 13 era download katana kramayak dannawada ? Plz dannawanam kiyanna..youtube eke anit okkoma tiyenawa ..

  6. ..Ravi...

    sub ට තුති..!! great work..keep this up..!! :-D

  7. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    නියමයි සෙව්වන්දි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)

  8. Geethika

    උපසිරැසියට තුති……

  9. chethana

    tnz akke,,,ethuru tikath ewanna,,tnz tnz,,

  10. chanuka senewirathna

    Sewuwandi මානි චුවායෝ.. කම්සා හම්නිදා !!! අර්ස්සෝ?

  11. prabadi

    Thanqq akkooo

  12. Kulanjana Maduranga

    thanks SEWWANDI akke.onna mmth sub1ka gatta.dn meka iwara wenna lagai neda.ithiri sub tikath ikmanata ona.ane akke meken passe '' The Heirs '' korean drama 1ta sub denn balanna...... jaya wewa......

  13. ayesha gunarathna

    my girl korean drama eketh sub dennako ikmanatama plzzz

  14. nuwan

    thank you.............!

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය….

  16. D.chamara

    niyamai niyamai .... sub walata bohoma sthuthi akkiyo

  17. Nishshanka ruwan

    ස්තුතියි :)

  18. Ela Buwa

    thanxxxxxx..... Anith 3tath ikmanata dennakooooo......

  19. danushka

    sthuthi sahodare,,,,,

  20. Sachira Bhanu

    මේකට පස්සෙ තවත් ලස්සන කොරියානු කතාවක් දෙන්න අක්කි

  21. KH7

    Thanks Sister...

  22. ayesha gunarathna

    Thanx saho
    meke sub dila iwara unama MY GIRL eketh sub denna plzz
    thanks again

  23. රොයිලි

    බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සෙව්වන්දි :P ජය

  25. පසිඳු උදාර

    බොහොම ස්තුතියි උපසිරසියට :)

  26. විමා

    බොහොම ස්තුතියි උපසිරසට
    මෙන්න ගන්නවා

  27. Adithya Gimhana

    thanks akke sub walata...me Maasa 1k athulatha akka sub dipu serama korean tv series tika balala iwara kara....
    puluwan nam akke me wage thawa hoda romantic korean tv series ekakta sub dennkoooo.......
    (y)

  28. Sandeepsmds

    episode 13 download krgnna link ekk ewnna dannwanm

  29. Anonymous

    me 13 weni sub eke aulak thiyenawane