මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක […
මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.
නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.
ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…
මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.
ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.
එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
300 MB කොපිය (4.40GB) මෙතනින් බාගන්න
6d10317bae60c56a456044abe929521cfbeddeac300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න
b55067a30d3c2448c93563eb618fbe034b8e66e9700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න
f50654da474750f3d56722833e0c43480006f4c5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,045 downloadsDownload Full.House_.-E14.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
34 comments
තිසර නියෝ (Thisara Buddhika)
Sisira Hegoda
Thanks.
Sisira Hegoda
24 walata maru wela wage.
ඇඩ්මින්
Opps...
දැන් හරි..:)
shanaka
Thanks sewwadni....2 more...........
..Ravi...
තෑන්ක් යූ වේවා..!! :-D මෙය එන තුරු දෑස් දල්වා බලා සිටියා.. :-D
..Ravi...
හපෝයි..වැරදි sub එකක් upload වෙලා තියෙන්නේ...හරිගස්සන්ඩෝ... :-P
ඇඩ්මින්
දැන් හරි..:)
Ela Buwa
thanxxxxxxxx............
Ela Buwa
me weekend 1e ithuru 2th kohomahari damuuuu......
සුරංජීව
24 sub ne download wenne
ඇඩ්මින්
දැන් හරි..:)
Ranjith
song hye-kyo ගේ මේ ටිකත් දෙන්න බලන්න,
That Winter, The Wind Blows
The World That They Live In
Rays of Sunshine
All In
Guardian Angel
Hotelier
Autumn Tale
Sweet BrideTHANKS
White Nights 3.98dananjaya
මචෝ සබ් මාරු වෙලා
ඇඩ්මින්
දැන් හරි..:)
chethana
TNZ AKKE,,,
hiru
එල අෆ්ෆා උම්මා අනිත් දෙකත් අදම දෙනවනම් මරු
hiru
සෙව්වන්දි මේක කොහමද ඔයාට sub කරන්න http://en.wikipedia.org/wiki/All_In_(TV_series)
sanjaya
Thnx a lot akkeeee !!!!
sarath
thanks.
වරුණ රංගජිත් (වරූ)
thanks lot
jaya wewaKulanjana Maduranga
niyamai dn ikmanatama sub denawa.thanks SEWWANDI akke.jaya wewa....
SEWWANDI akke meken passe ” The Heirs ” korean drama 1ta sub denn......
KH7
Tnx Sis...
“චූටී මල්ලි”
එල දැන් දවසට
1ක් හම්බවෙනවා
සබට තුති
ඔබට ජය.....D.chamara
bohoma pin me dariweta......
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම. සෙව්වන්දි මේක sub කරන්න
nuwan
thank you...........!
රොයිලි
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danushka
thanks sahodare,,,,jaya wewa,,,,,ela ela,,,,
Nishshanka ruwan
ස්තූතියි :)
Quickstepz
meka iwara unama thawath Korean drama ehekata sub denna :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සෙව්වන්දි :P ජය
Menu
Thank you sooooooooooooooooooo much akkiiiiyooo :)
විමා
බොහොම ස්තුතියි උපසිරසට
මෙන්න ගන්නවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Full House [EP 14] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Full-House1.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)