එහෙනම් අද අරන් ආවා තුන්වැනි කතාව. ඒ වගේම මේක මගේ ඉලක්කම් දෙකක පළවෙනි එක. ඒ කියන්නෙ 10 වැනි උපසිරැසිය. ටික දුරක් ආපු එක ගොඩක් සතුටක්. බලමු ඉතින්. තවත් ඉලක්කම් වැඩිකරගන්න පුළුවන් වෙයි. මේ කාලෙම මගේ උපසිරැසිකරණයට උදව් කරපු හසන්ත වික්‍රමරත්න අයියාට ගොඩක් ස්තූති වෙනව මේ වෙලාවෙම. අපි කතාව පැත්තට යමුකො. ප…
එහෙනම් අද අරන් ආවා තුන්වැනි කතාව. ඒ වගේම මේක මගේ ඉලක්කම් දෙකක පළවෙනි එක. ඒ කියන්නෙ 10 වැනි උපසිරැසිය. ටික දුරක් ආපු එක ගොඩක් සතුටක්. බලමු ඉතින්. තවත් ඉලක්කම් වැඩිකරගන්න පුළුවන් වෙයි. මේ කාලෙම මගේ උපසිරැසිකරණයට උදව් කරපු හසන්ත වික්‍රමරත්න අයියාට ගොඩක් ස්තූති වෙනව මේ වෙලාවෙම.
අපි කතාව පැත්තට යමුකො. පහුගිය කතාව තිබුණෙ ගොඩක්ම අපේක්ෂකයෙක් විදිහට ඉද්දි ෆැල්කොට උන වැඩනෙ. ඒ වගේම ස්ටෑෂ්ට ෆැල්කොව සැකයි වගේ නේද. ඒ සැකය දිගටම තියෙනවා. ඒක නිසා කතාව තවත් ආස හිතෙන එකක් වෙනව ඉදිරියට. බලාගෙන ඉන්නකො.
අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.. අද කතාවෙදි ෆැල්කෝට පොඩ්ඩක් දුක හිතෙන දෙයක් වෙනවා. එයාගෙ හොඳම යාළුවෙක්ට කරදරයක් වෙනවා. යාළුවා කවුද කියන්නෙ නෑ මම. කතාව බලන්නකො ඒකට. ඒ වගේම ඒ යාළුවා නිසා ෆැල්කෝට තවත් කල්ලියේ උඩට යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒත්, හැමවෙලේම වගේ ෆැල්කෝගෙ ප්‍රධානම හතුරො, ඩාර්කෝ ස්ටෑෂ් දෙන්නගෙන් කෙනෙකුත් ඒ තනතුරට ෆැල්කෝ එක්ක තරඟෙට එනවා. බලන්නකො ඒකත්. ඒ වගේම ෆැල්කෝගෙ පෙම්වතියටත් එයා ගැන සැක හිතෙනව. ඒකනම් ඉතින් හොඳ දෙයක් නෙවෙයි. කතාව බලල අදහසක් දාලම යන්න. ඒ වගේම මම මේක ගැන හොයල බලද්දි imdb සයිට් එකේ තිබුණ ප්‍රශ්නයක් අහන්නම් ඔයාලගෙනුත්.. උත්තරේ comment එකක් විදිහට දාල යන්නකො. ප්‍රශ්නෙ තමයි.. කවුද මේ කල්ලියේ හොඳම වාගෝස්? ඔයාලගෙ අදහස දාල යන්න. එහෙනම් මේ වතාවෙ Hell’s Angels කට්ටිය ගැන තොරතුරු..
Hell’s Angels කියන්නෙත් වාගෝස්ල වගේම මෝටර්සයිකල් ක්ලබ් එකක්. මෙයාලගෙ අතීතයත් අනිත් අයගෙ වගේම තමයි. සාමාන්‍ය විදිහට පටන්ගෙන අන්තිමට මිනීමැරුම් වෙනකල්ම ගිහින් තියෙනවා. ඉස්සෙල්ලම මේ Hell’s Angels මෝටර්සයිකල් ක්ලබ් එක පටන්ගෙන තියෙන්නෙ 1948 දි. ඒ කියන්නෙ ඉතින් දැනට සෑහෙන දිග අතීතයක් තියෙනව මෙයාලට. ලෝකෙ පුරාවටම කලාප 29 ක් තියෙන මේ කල්ලියේ ඉන්න සාමාජිකයින් ගාන නම් සඳහන්වෙලා තිබුණෙ නෑ කොහෙවත්.
මේ Hell’s Angels කට්ටියගෙ සාමාජිකයෙක් වෙන්න ඕනි කෙනෙක්ට මුලින්ම වාගෝස්ලගෙ වගේම අපේක්ෂකයෙක් වෙන්න වෙනවා. ඒ වගේම එයාලට තියෙන්න ඕනි රියදුරු බලපත්‍රයක් වගේම 750cc ඉක්මවපු බයිසිකල් එකක්. කොහොමද ඒකෙ වැඩේ. මෙයාලගෙ තව තවත් තොරතුරු තියෙනව අන්තර්ජාලයේ. ඕනි කෙනෙක්ට හොයල බලන්න මෙයාලගෙ සයිට් එකකුත් තියෙනවා.
එහෙනම් මම යනවෝ.. ඊළඟ කතාවෙන් හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න
0A9F49E83103CB165BE8C6D7797CBBA2C2DEBFE2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
666 downloadsDownload Gangland-Undercover-2015-EP03.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
14 comments
Kulanjana Maduranga
Dimuthu
ස්තූතිය සහෝදරයා ඉක්මනිනම් 3 වැනි කොටසත් ලබා දුන්නට. මේක කාලෙකින් බලපු සුපිරි ස්ටෝරියක්....... සුබ අලුත් අවුරුද්දක් වේවා.............
රවිඳු තේනබදු
:-).... ආසයි කියල අහන්න ලැබුණු එක සතුටක් මචෝ.. ඉතුරු 3 ත් හෙට දවස ඇතුලත දාල ඉවරවෙයි...
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tilantha hansanath
thanks sub aekata mamath aluth tv series aekak hoya hoya hitiye meke 180MB aeken naedda saho
රවිඳු තේනබදු
මේකෙ STICK වර්ශන් එකක් තියෙනව මචං. ඒකෙ 200- 230 MB විතර. ඒ කොපියත් හොඳයි. ටොරන්ට් සයිට් එකක සර්ච් එකක් දැම්මම ඉස්සෙල්ලම එයි.
රවිඳු තේනබදු
මේ ලින්ක් එක මචං..
https://kickass.to/gangland-undercover-s01e03-patched-in-hd…
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
Jack
ස්තුතියි මචන්.
ජය.“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........>>>ලහිරු භානුක
එළ කිරි සහෝ..
සබට ස්තුතියි…
පට්ට කතාව...
ජය වේවා…!Lahiru Wijesinghe
Thanks for Sinhala subtitle.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gangland Undercover (2015) EP03 | රීනෝවල අපරාධය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Gangland-Undercover-2.jpg)

niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......