ආයෙත් හමුවුනා Gangland Undercover series එකේ දෙවෙනි කතාවෙන්. ඔක්කොටම කලින් මේ සබ් එක එක ගානේ දාන එකට හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්‍තූතිකරන්න ඕනි. ඒ වගේම මේ කතාවෙදි පොඩි අඩුපාඩුවක් උනාද මන්ද මගෙන්. හේතුව මේකයි, මට බයිසිකල් ගැන ලොකු දැනුමක් නෑ. කෙටියෙන් කිව්වොත් පොඩි දැනුමක්වත් නෑ. ඒක නිසා මේකෙ බයිසික…

Gangland Undercover 2

ආයෙත් හමුවුනා Gangland Undercover series එකේ දෙවෙනි කතාවෙන්. ඔක්කොටම කලින් මේ සබ් එක  එක ගානේ  දාන එකට හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්‍තූතිකරන්න ඕනි.  ඒ වගේම මේ කතාවෙදි පොඩි අඩුපාඩුවක් උනාද මන්ද මගෙන්. හේතුව මේකයි, මට බයිසිකල් ගැන ලොකු දැනුමක් නෑ. කෙටියෙන් කිව්වොත් පොඩි දැනුමක්වත් නෑ. ඒක නිසා මේකෙ බයිසිකල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනව කතාවෙ බයිසිකල් ගැන විශේෂඥයා, ඒ කියන්නෙ ලිසාඩ්ගෙන්. මට ඒ කොටස්වලදි සමහර දේවල් දන්නෙ නැති නිසා අහගෙන ඉඳල ඒකම ගහන්න වුනා. ඒක නිසා වැරදීමක් තියෙනව නම් සමාවෙන්න හැමදේටම.

පහුගිය කොටසින් අපි දැක්කා ෆැල්කෝට අළුත් වැඩක් ලැබුණා වාගෝස්ලගෙ කණ්ඩායමට සම්බන්ධවෙලා ඔත්තුකාරයෙක් වෙන්න. ඔත්තුකාරයෙක් කිව්වට ඒ වැඩේ වැරදුනොත් මළා තමයි. අපි දැක්කනෙ කිඩ් කැමතිවුනා ෆැල්කෝව අපේක්ෂකයෙක් විදිහට තියාගන්න. ඒ වගේම පහුගිය කොටසෙ දැක්කනෙ ඒ වෙද්දි අපේක්ෂකයෙක් විදිහට හිටපු ස්ටෑෂ්ට අපේක්ෂකයෙක් විදිහට ඉන්න ගමන් කරන්න වුන දේවල්. ඒව ඒ විදිහටම ෆැල්කෝටත් ලැබෙන විදිහ බලාගන්න පුළුවන් මේ කතාවෙන්. කතාවෙ අන්තිමට ෆැල්කෝට කල්ලියට තවත් ලංවෙන්න අවස්ථාවක් ලැබෙනවා. බලමුකො ඉතින්.

මං කලින් එකේදි කිව්ව වගේම මේ පාර බයිසිකල් කල්ලියක් ගැන තොරතුරු අරන් ආවා. මේ වතාවෙ කතාවෙ ප්‍රධානම කට්ටිය වාගෝස්ලා ගැන තමයි අරන් ආවෙ. වාගෝස්ලාව “Green Nation”කියලත් හඳුන්වනවා. මේ වාගෝස් කල්ලියේ ආරම්භය තියෙන්නෙ 1965 දි කියල තමයි Wikipedia එකේ සඳහන් වෙන්නෙ. කොහොමත් මුලින් සාමාන්‍ය මෝටර්සයිකල් ක්ලබ් එකක් විදිහට පටන්ගත්ත වාගෝස් කල්ලිය පස්සෙ පස්සෙ නීතිවිරෝධී වැඩවලට යොමුවුනා. 

විකිපීඩියා එකේ කියන විදිහට නම් මේ වාගෝස් සාමාජිකයින් ගාන 4000 ක් විතර වෙනවලු. මේ 4000 ක් දෙනා කලාප 47 ක පැතිරිලා ඉඳල තියෙනවා. මුලින් ඇමෙරිකාවේ කැලිෆෝනියාව වටකරගෙන පටන්ගත්ත මේ කල්ලිය පස්සෙ ලෝකෙ වටේම පැතිරිලා තියෙනව. දැන් කියන විදිහට නම් එයාල ඔස්ට්‍රේලියාවෙත් ඉන්නවලු. වාගෝස්ලගෙ ප්‍රධානම හතුරා තමයි Hell’s Angels කට්ටිය. මෙයාල ගැන පොඩ්ඩක් පොඩ්ඩක් කියනව කතාව ඇතුලදිත්. තව තොරතුරු ඕනිනම් සෑහෙන්න තියෙනවා විකිපීඩියා සයිට් එකේ. තව මෙයාලගෙ සයිට් එකකුත් තියෙනවා. හොයල බලන්න. එහෙනම් ඊළඟ වතාවෙදි මේ වාගෝස්ලගෙ ප්‍රධානම හතුරා, ඒ කියන්නෙ Hell’s Angels ලා ගැන තොරතුරු ගේන්නම්. මේකෙදි ගොඩක් තොරතුරු ගේන්න විදිහක් නෑ එහෙම ගෙනාවොත් කතාව කියවෙයි. ඒකෙ තේරුම තමයි මේ කතාවෙ තියෙන්නෙ වාගෝස්ලගෙ ලොකුම වැටලීමක්. බලමුකො මොකද වෙන්නෙ කියලා…

එහෙනම් තුන්වැනි කතාවෙන් හමුවෙමු. Comment දාල යන්නත් අමතක කරන්න එපා… ජය වේවා.!

Gangland Undercover (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB කොපිය (2.04 GB) මෙතනින් බාගන්න

0A9F49E83103CB165BE8C6D7797CBBA2C2DEBFE2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

693 downloadsDownload Gangland-Undercover-2015-EP02.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous  Episode                  All Episodes                    Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

693 downloadsDownload Subtitles29 KB

8 comments

  1. pasii

    tnx machan ela ela..,,. suba aluth awuruddak wewa hamotama......

  2. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. රොයිලි

    බොහොම ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sajeevi

    thanks

  6. Jack

    ස්තුතියි මචන්.
    ජය.

  7. “චූටී මල්ලි”

    තව සබ්ස් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  8. Lahiru Wijesinghe

    Thank you very much for Sinhala subtitle.