Watch Trailer

Gen V [S01 : E01] Sinhala Subtitles | සුපිරි වීරයින් හදන්නේ මෙහෙයි! (18+) [සිංහල උපසිරසි]

සුපිරි වීරයෝ ගැන අපෙ ඔලුවල මැවිල තිබ්බ ප්‍රතිරූපේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු කතා මාලාවක් විදිහට The Boys නම් කරන්න පුලුවන්. එකම තාලේ කොමික් චිත්‍රපට/ ටීවි කතා මාලාවන් නරඹලා හති වැටිලා උන්නු රසිකයින්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් Eric Kripke විසින් 2019 දි The Boys හරහා අරන් ආවා. මේ වෙනස නිසාම අතිශය…

සුපිරි වීරයෝ ගැන අපෙ ඔලුවල මැවිල තිබ්බ ප්‍රතිරූපේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු කතා මාලාවක් විදිහට The Boys නම් කරන්න පුලුවන්. එකම තාලේ කොමික් චිත්‍රපට/ ටීවි කතා මාලාවන් නරඹලා හති වැටිලා උන්නු රසිකයින්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් Eric Kripke විසින් 2019 දි The Boys හරහා අරන් ආවා. මේ වෙනස නිසාම අතිශය ජනප්‍රිය වුණු මේ විශ්වය තවත් පුලුල් කරන්න Amazon Prime Video දෙපාරක් හිතුවෙ නෑ. ඒ ප්‍රතිපලයක් විදිහටයි ඊයෙ පෙරේදා Gen V නමින් අලුත්ම ලයිව් ඇක්ශන් කතා මාලාවක් නිකුත් වුණේ. The Boys විශ්වයෙ නිකුත් කළ තුන්වෙනි ස්පින් ඕෆ් එක තමයි මේ.

ප්‍රචණ්ඩත්වයට සහ සීමා නැති ලිංගික නිරුවත් දර්ශනවලට නම් දරාපු The Boys කතා මාලාවේ ඒ දේවල් ඊට නොදෙවෙනි වෙන්න නිර්මාණය කරන ගමන් අලුත් චරිත සහ අලුත් සිදුවීම් එක්කයි මේ අපූරු Gen V සීරීස් එක ගොඩනගලා තියෙන්නේ.

The Boys විශ්වයේ වීරයින් වෝට් ආයතනයෙන් ලබාදුන්නු බෙහෙතක් නිසා බලය ලැබුණු අය මිසක් ඔවුන් ඉහළ පරිණාමය නිසා හෝ පිටසක්වළ ජීවීන් නිසා බලය ලැබුණු අය නෙවෙයි කියන කාරණේ දැනටමත් ඔප්පු වෙලා ඉවරයි. මේ ආන්දෝලානාත්මක හෙලිදරව්ව නිසා වෝට් එකේ ඉහළ පුටුවල ඉන්න අයට කොයි තරම් ප්‍රශ්න තොගේකට මුහුණ දෙන්න වුණාද කියලා ඔයාලට මතක ඇතිනේ. මේ වෙද්දී වෝට් එකේ සම්පූර්ණ බලයම තියෙන්නේ හෝම්ලෑන්ඩර් අතේ. ඒ අස්සේ හෝම්ලෑන්ඩරුත් දැන් ප්‍රසිද්ධියෙම පිස්සු කෙලිනවා.

ඉතිං ඔය වගේ කාලෙක “ගොඩොල්කින්” කියන සුපිරි වීරයින් සඳහා වෙන් වුණු පාසලක සිද්ද වෙන අමුතුම සිදුවීම් මාලාවක් පාදක කරගෙනයි අලුත්ම Gen V කතා මාලාව දිග හැරෙන්නෙ.

Godolkin විශ්ව විද්‍යාලය ගැන හඳුන්වාදීමක්


(නිළ ලාංචනය)

The Boys විශ්වයේ ඉන්න තරුණ සුපිරි බලයන් ලැබූ අය (සූප්ලා) එකතු කරගෙන, ඔවුන්ට තමන්ගෙ බලයන් පාලනය කරගන්න, ඒවා පාවිච්චි කරන්න උඟන්වන ප්‍රමුඛ පෙලේ පාසලක් තමයි මේ Godolkin University එක කෙටියෙන් “God U” කියල හඳුන්වන්නේ.

මේ පාසල ආරම්ඹ කරලා තියෙන්නේ පැට්‍රික් ගොඩොල්කින් (කොමික්වල ජෝන් ගොඩොල්කින්) කියන කෙනා විසින්. මේ පැට්‍රික් වගේම ගොඩොල්කි විශ්ව විද්‍යාලයත් Marvel ලගේ X-Men ලගේ පැරොඩි වර්ශන් එකක් විදිහටයි නිර්මාණය කරල තියෙන්නෙ.

මේ විශ්ව විද්‍යාලය තුළින් සූප් කෙනෙක්ට අවශ්‍යය හැම පැතිකඩකම දැනුම ලබාදෙනවා. ඒ දැනුම කළා ක්ෂේත්‍රය සහ අපරාධවලට එරෙහිව සටන් කිරීම කියන ප්‍රධාන නිපුණතා වර්ග දෙකකින් ඉඟෙන ගන්න පුලුවන්. අනික මේ විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගන්නෙත් බොහොම ප්‍රවේශමින් තෝරල බේරලා. හැමෝටම ඒ අවස්තාව උදාවෙන්නෙත් නෑ.

ඉතිං උපාධි ලබාදීම හරහා දහස් ගණනක් තරුණ සූප්ලට නිසි අධ්‍යාපනය ලබාදෙමින්, අදාල ශිෂ්‍යයින්ව සළකා බලල ඔවුන්ව සුපිරිවීරයින් විදිහට අපරාධවලට එරෙහිව හෝ කලා ක්ෂෙත්‍රයට යොමු කිරීමත් මේ විශ්ව විද්‍යාලයෙන් සිදුවෙනවා. ඒ වගේම මෙයාලා සෑම වසරෙම හොඳම ශිෂ්‍යයින් දස දෙනෙක්ව තෝරාගෙන ඔවුන්ව සෙවන් ඇතුලු ප්‍රමුඛ පෙලේ සුපිරි වීර කණ්ඩායම්වලත් යොමු කරෙනවා. කුයින් මේව්, ඒ- ට්‍රේන් වගේම ඩීප් කියන්නෙත් ගොඩොල්කින් එක හරහා දස්කම් දක්වලා හොඳම 10 අතරට ගිහින් සෙවන් එකේ තමන්ගෙ ස්ථාන දිනාගත්තු අයයි.

ඉතිං මේ අපූරු පාසල ගැන වැඩිපුර විස්තර ඔයාල Amazon ලාම නිර්මාණය කරපු නිළ ගොඩොල්කින් වෙබ් අඩවියට ගිහින්ම බලන්න පුලුවන්.
https://www.godolkinuniversity.com/

The Boys විශ්වය කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ දූෂිත එකක්නේ. ඉතිං මේ ගොඩොල්කින් එකෙත් ඇති වෙනසක් නෑ. කතාව දිගටම බලන් යද්දි ඔයාලට තේරෙයි මේක ඇතුලේ මොන තරම් දරුණු වගේම අමුතු දේවල් සිද්ද වෙනවද කියලා.

ඉතිං තමන්ගෙ වැරදි හදාගෙන අලුත් ආරම්ඹයක් අරගන්න හිතාගෙන ගොඩොල්කින් එකට යන පොඩි කෙල්ලෙක්ට මැදිවෙන්න සිද්ද වෙන දරුණු අත්දැකීම් මාලාවක් තමයි Gen V කතා මාලාවෙන් අරන් එන්නෙ.

සුපුරුදු පරිදි Amazon Prime Video වෙනුවෙන් මේක නිර්මාණය කරල තියෙන්නේ Erik Kripke විසින්. Jaz Sinclair, Chance Perdomo, Lizzie Broadway, Maddie Phillips, Derek Luh ප්‍රධාන චරිත ලෙසින් එකතු වෙනවා. The Boys එකේ චරිත ප්‍රධාන චරිත විදිහට මේකට එකතු වෙන්නෙ නෑ. ඒත් The Boys එකේ මුහුණු ගොඩක් කැමියෝ විදිහට කතා මාලාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සරහ කතාංගවලින් අපිට සොල්ජර් බෝයිවත් දැකගන්න අවස්තාව තියෙනව කියලයි අහන්න ලැබුණේ. මම මේ ලිපිය ලියන වෙලාව වෙද්දී 8.1 ක IMDB අගයක් වගේම 95% ක Rotten Tomatoes අගයකුත් කතා මාලාව වාර්ථා කරලා තියෙනවා.

The Boys වගේම මේකත් TV-MA රේටින් එකට නිර්මාණය කරල තියෙන්නේ. ඉතිං මේ සීරීස් එක පුරාම අසභ්‍යය වචන, නිරුවත් දර්ශන, මත්ද්‍රව්‍යය භාවිතය එක්ක පටන් ගත්තු වෙලාවෙ ඉඳන් අතිශය දරුණු ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුලත් වෙනවා. ඒ නිසා වයස 18 ට වැඩි අය විතරක් මේක බැලුවා නම් තමයි සුදුසු . අනිත් කාරණාව තමයි මේක The Boys එකේ ස්පින් ඕෆ් එකක් වෙන නිසා මේ සීරීස් එක The Boys එකට කෙලින්ම සම්බන්ඳ වෙනවා. ඒ නිසා The Boys බලල මේ විශ්වය ගැන දැනුම ටිකක් අරන් මේක බලන්න ගත්ත නම් හොඳයි කියලයි මම නම් කියන්නේ. නැත්තන් කතාවෙන් පෙන්වන ඊසටර් එග්ස් එහෙම ඔයාලට මගහැරිලා කතාවෙ නියම රසය අරගන්න බැරි වෙයි.

මේ සිකුරාදා පළවෙනි කොටස් තුනම එක වර රිලීස් වුණා. ඉතුරු එපි දෙකත් ඉක්මණටම සයිට් එකෙන් පල කරාවි. එහෙනම් දිගටම Gen V එක්ක රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් මම සමුගන්නවා. ජය වේවා…!

 

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

21,801 downloadsDownload Gen-V-S01-E01-Sinhala-Subtitles.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

21,801 downloadsDownload Subtitles34 KB

20 comments

  1. Dinidu

    Adarei.. itiri tikat onea...

  2. Shaggy

    Thank you brother

    1. Nima.

      ade thanx machoo. anith epi tikatath saub ikmanta dendooo. ❤️

  3. Pasiya

    Supirii!
    anith epi dekatath ikmnta one!

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සචින්ත සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Bimsara Yashan(ඔලිව)

    මේකට උපසිරැසි ගේන එක නම් වටිනවා. උපසිරැසියට බොහොම ස්තූතියි සචින්ත. ජයවේවා!

  6. nisa

    sub akata thnx kollo

  7. Sithum

    එල එල මේ website එකේ තමයි පළවෙනියටම sub දාන්නේ.මේකෙ දැම්මට පස්සේ තමය් අනිත් අයත් දන්නේ. එල baiscope.lk ජය වීවා!❤❤❤

  8. Anonymous

    Thanks jayawewa....!

  9. chinthaka.max4

    thanks machan

  10. Buddhika Lakmal

    අඩෝ සුපිරි මචං....
    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  12. Akila Dilhara

    Thanks Brother...❤

  13. Dewadithya

    Thanks for Sub!

  14. Anonymous

    Tsnx

  15. Ruchira

    Thanks for the sub!!!

  16. Sahan Gayantha

    Thanks a lot Sachintha saho sub ekata

  17. jack

    කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

  18. Kavee

    Thank you Sahoo!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P