Watch Trailer

Gen V [S01 : E07] Sinhala Subtitles | ඉඟුරු දී මිරිස් ගැනීමක්? [සිංහල උපසිරසි] (18+)

Gen V [S01 : E07] Sinhala Subtitles කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. අද ඔයාලට අරගෙන ආවේ මේ ටිකේ නැගල යන සිරිස් එකක් වෙන ජෙන් V සිරිස් එකේ හත්වෙනි එපිසෝඩ් එක. තව එක එපිසෝඩ් එකකින් පලවෙනි සීසන් එක නිමා වෙනවා. හැබැයි දෙවැනි සීසන් එකක් එන නිසා අවුලක් වෙන්නේ නැතිවෙයි ඉතිං. 🙂 මෙතෙක් ආ මග… […]

Gen V  Sinhala Subtitles

Gen V Sinhala Subtitles

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. අද ඔයාලට අරගෙන ආවේ මේ ටිකේ නැගල යන සිරිස් එකක් වෙන ජෙන් V සිරිස් එකේ හත්වෙනි එපිසෝඩ් එක. තව එක එපිසෝඩ් එකකින් පලවෙනි සීසන් එක නිමා වෙනවා. හැබැයි දෙවැනි සීසන් එකක් එන නිසා අවුලක් වෙන්නේ නැතිවෙයි ඉතිං. 🙂

මෙතෙක් ආ මග…

ගෝල්ඩන් බෝයිගේ සියදිවිහානිකරගැනීම මුලු ගෝඩ්ල්කින් පාසලම කැලබීමට පත් කරපු කාරණාවක් වුනා. අමතක කරන්න හොද නෑ බ්‍රින්ක් ගෝල්ඩන් බෝයිගේ අතින් මැරුම් කෑවා කියලා. බලාපොරොත්තු පොදි බැදගෙන සුපිරිවීර පාසලට ආව මරී මොරූ ටත් නොහිතපු සිදුවීම් ටිකක් උනා. අන්තිමට උනේ ඒකෙන් මරී පාසලේ ශ්‍රේනිගත කිරීම් වලින් දෙවෙනි ස්ථානයට පත් වුන එක. මේ ගැන අනිත් ලමයි අකමැත්තෙන් හිටියත් ඒ අයට කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නෑ. විශේශයෙන්ම ජෝඩන්ට. තමන් මරීට වඩා පහල ශ්‍රේණිගතකිරීමක ඉන්න එක ගැන ජෝඩන් කනස්සල්ලෙන් ඉන්නේ. ඒ මේ අතරේ අභිරහස් එකින් එක එලිදරව් වෙන්න පටං ගන්නවා. හැමෝම මැරුණයි කියලා හිතාගෙන හිටපු ගෝල්ඩන් බෝයිගේ මල්ලි සෑම් පණපිටින් ඉන්නවා සහ වූඩ්ස් කියල තැනක එයාව හිරකරගෙන ඉන්නවා කියලා අන්ඩ්‍රේ ඇතුලු පිරිසට දැනගන්න ලැබෙනවා.

ඉතින් අන්ඩ්‍රේ තීරණය කරනවා එමා ලව්වා වූඩ්ස් එක ගැන ඔත්තු බලන්න. ඒ වඩේ හරියන්නේ නෑ. එමා වත් අහුවෙන්න යනවා. ඒ නිසා සෑම් තීරණය කරනවා එමාවත් බේරගෙන එතනින් පැනලා යන්න. අපිට දකින්න ලැබෙනවා සෑම් ගෝල්ඩන් බෝයිට වඩා ගොඩක් ශක්තිමත්, ඒ වගේම කුරිරුයි කියලා. වුඩ්ස් වල හිටපු ආරක්ශකයන්ගෙන් භාගයක් විතර මරලා දාලා සෑම් එතනින් පැනගන්නවා. සෑම්ට මොකක් හරි මානසික ගැටලුවක් තියෙනවා කියලත් අපට පැහැදිලිව පේනවා. අන්තිමට ඩීන් ශෙටීත් මේ වුඩ්ස් එකේ වැඩ වලට හවුල් කියලා අනිත් අයට දැනගන්න ලැබෙනවා. පස් වෙනි කොටසෙදි දැනගන්න ලැබෙනවා කේට් එයාගේ යාලුවෝ හැමෝටම ද්‍රෝහි වුනා කියලා.

කේට් කියන්නේ ද්‍රෝහියෙක්. කාටවත් මේ වෙලාවේ එයාව විශ්වාස කරන්න ඕනි නෑ. අන්ඩ්‍රේ ඇතුලු අය කේට්ගේ ද්‍රෝහිකටම ප්‍රතිචාර දක්වන විදිහ අපි දැක්කා. ගෝල්ඩන් බෝයි ඇත්තටම සියදිවිනහගන්න තිබ්බ හේතුවත් අපි දැක්ක. තමන්ගේ හොඳම යාළුවා එක්ක තමන්ගේ පෙම්වතිය හිටියා කියල ගෝල්ඩන් බෝයි දැනගෙන හිටියේ නැති බවත් අපි දැක්කා. ඒ වගේම හැමෝගෙම කිල්ලෝටවල කුණු තිබුණු බව පෙන්නපු එපියක් වුනා  6වෙනි එපිය. ඒ වගේම සූප්ලව පාලනය් කරන්න පුළුවන් වෛරස් එකේ ප්‍රගතිය අපිට දැකගන්න ලැබුනා

අද කොටසින්…

කේට් හරහා ගිහින් වුඩ් එක ගැන හෙළිදරව් කරන්නයි කට්ටිය සැරසෙන්නේ. ඒ අස්සේ සෑම් අද වෙනම දෙයක් ඔලුවට දාගන්නවා. ඒ හෝම්ලෑන්ඩර් ක්‍රියා කරන විධිය හරි කියල හිතන සූප්ල පිරිසක් නිසා. ඒ වගේම අද එක චරිතයක් කතාවෙන් සමුගන්නවා, අලුත් චරිතයක් කතාවට එකතු වෙනවා. ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ දෙයක් මම හිතන්නේ මේ කොටසින් වෙන්නේ. මේ සීසන් එකේ හොඳම එපිය මේකදත් මන්දා.

එහෙනම් ඔන්න මෙතනින් එහාට ඔයාලට බාරයි. ලබන සුමානේ අන්තිම කොටස.

Sick

Director : Shana Stein

Writers : Chelsea Grate, Craig Rosenberg, Evan Goldberg

IMDB : 8.8 (Oct 27, 2023 )

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,561 downloadsDownload Gen.V.S01E07.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Gen V Sinhala Subtitles, Gen V, Gen V sinhala sub

 

Previous BT1

Next BT1

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

12,561 downloadsDownload Subtitles32 KB

14 comments

  1. Usitha Sahan Nawarathna

    Sub ekat tnx ayye

  2. Kosala

    Thanks collo. Final episode eke sub ekanm twa tikk ikmnta denna try ekk denna blnna. ❤️

  3. Anonymous

    Feat the walking dead eke session 06 idn subtitle dennko puluwannm

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ. ජයවේවා!

  5. Anonymous

    Thanks.....jayawewa.....!

  6. viraj

    thanks...........

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. chinthaka.max4

    thanks machan

  9. Akila Dilhara

    Thanks Brother...❤

  10. Dewadithya

    Thanks for Sub!

  11. Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  13. jack

    කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P