Watch Trailer

Invincible [S01 : E03] Sinhala Subtitles | අලුත් ගාඩියන්ස්ලා… [සිංහල උපසිරසි]

Invincible [S01 : E03] Sinhala Subtitles මේ අරගෙන ආවේ Invincible කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එකේ නම තමයි “Who You Calling Ugly”. ලිපියේ මාතෘකාවේ තියෙන විදියට, අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් මියගිය ගාඩියන්ස්ලා වෙනුවට අලුතින් ගාඩියන්ස්ලා පත් කරන හැටි. පසුගිය කතාංගයෙන්……

Invincible  Sinhala Subtitles

Invincible Sinhala Subtitles

මේ අරගෙන ආවේ Invincible කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එකේ නම තමයි “Who You Calling Ugly”. ලිපියේ මාතෘකාවේ තියෙන විදියට, අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් මියගිය ගාඩියන්ස්ලා වෙනුවට අලුතින් ගාඩියන්ස්ලා පත් කරන හැටි.

පසුගිය කතාංගයෙන්…

කතාංගය පටන් ගත්තේ සීසල් ඇතුළු ගෝලීය ආරක්ෂණ කාර්යාංශය (Global Defense Agency – GDA) ගාඩියන්ස්ලගේ මරණය ගැන හොයාගන්න තැනින්. පණපිටින් ඉතුරුවෙලා ඉන්න එකම කෙනා ඔම්නි-මෑන් විතරයි. එයා වුණත් බරපතළ තුවාල ලබලා ඉන්නේ. ඉතින් එයාව හොස්පිටල් එකක තියාගෙන සත්කාර කරන්න සිද්ධවෙනවා. දැන් ඔම්නි-මෑන් වෙනුවෙන් ලෝකේ ආරක්ෂා කරන්න වෙන්නේ එයාගේ පුතා, මාර්ක් ග්‍රේසන් හෙවත් ඉන්වින්සිබල්ටයි. ඒ අතරේ තමයි ෆ්ලැක්සන්ස්ලා වෙනත් මානයක ඉඳන් පෘථිවිය ආක්‍රමණය කරන්නේ.

ඒක තමයි මාර්ක්ගේ පළවෙනි සටන. ඉතින් එයාට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙන හැටි මතක ඇති නේ. ඒ වෙලාවේ තමයි එයාට ටීන් ටීම් එකේ උදව් ලැබෙන්නේ. ඇටම් ඊව්, රෙක්ස්ප්ලෝඩ්, රොබොට් සහ ඩුප්ලි-කේට්ගෙන් සමන්විත මේ කණ්ඩායම්ත් එකක් ඉන්වින්සිබල් ඉක්මනින්ම මිතුරු වෙනවා. ඇටම් ඊව් හෙවත් ඊව් විල්කින්ස් ත් යන්නේ මාර්ක් යන ඉස්කෝලෙටමයි. එයාලා දෙවෙනි වරටත් ෆ්ලැක්සන්ලට මුහුණ දෙන අතරේදී ඉන්වින්සිබල් පාවිච්චි කරන්න දන්නේ නැති වුණාට එයා ළඟ කොච්චර බලයක් තියෙනවද කියන එක දකින්න ඇති නේ.

දෙවෙනි එපිසෝඩ් එකෙන් සිද්ධවුණු වැදගත්ම දෙයක් තමයි Allen the Alien ව අපට හඳුන්වා දීම. “ග්‍රහලෝක සමගි සන්ධානය” හෙවත් Coalition of Planets වෙනුවෙන් වැඩ කරන එයා ඉන්වින්සිබල් ෆෑන්ස්ලගේ Fan-favourite චරිතයක්. ඒවගේම ඉස්සරහට Invincible කතාමාලාවට සෑහෙන්න වැදගත් වෙන චරිතයක්. එයා සහ ඉන්වින්සිබල් මිතුරු වුණත් දකින්න ඇතිනේ. මාර්ක් ඒ හදාගත්තේ ඉස්සරහට බොහොම බලගතු යාළුවෙක්.

මේ අතරේ මාර්ක්ගේ තාත්තට හොඳ වෙනවා. එයා ගැන කට්ටියට කොච්චර විශ්වාසයිද කියනවා නම් සීසල් ඇර වෙන කිසිම කෙනෙක්ට එයා ගැන කිසිම සැකයක් නෑ. ඔම්නි-මෑන් කියන්නේ කොච්චර බලගතු හාදයෙක්ද කියල තුන්වෙනි ෆ්ලැක්සන් ආක්‍රමණයේදී අපට දකින්න ලැබුණා. තප්පර දෙක තුනක් ඇතුළත එයා දහස් ගාණකින් යුතු හමුදාවක් විනාස කරලා දැම්මා. ඒ විතරක් නෙමෙයි, එයාලගේ මානයට ගිහිල්ලා එයාලගේ මුළු ලෝකයට බිමට සමතලා කරලා දැම්මා. තනි විල්ටෘමයිට් කෙනෙක්ට කරන්න පුළුවන් හරිය පේනවනේ. එපිසෝඩ් එක අවසාන වුණේ ගාඩියන්ස්වරු මැරුණ බව මාධ්‍යවලින් මහජනයාට දැනුම් දීමත් එක්ක.

එතනින් පස්සේ වෙන ටික අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. එහෙනම් එපිය බලන්නකෝ. හතරවෙනි කොටසේ උපසිරසි සමඟින් හෙට හමුවෙමු. පීස් ✌️.

“Remember. You’re not just a superhero, Mark. You’re a Viltrumite. We have… responsibilities… that normal humans don’t.”

“මතක තියාගන්න. ඔයා සුපිරිවීරයෙක් විතරක් නෙමෙයි, මාර්ක්. ඔයා විල්ටෘමයිට් කෙනෙක්. අපට තියෙනවා… වගකීම්… සාමාන්‍ය මිනිස්සුන්ට නැති.”


Invincible Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,082 downloadsDownload Invincible-S01-E03-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

3,082 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.