Good American Family Sinhala Subtitles පෙර කොටසින්… නතාලිය පරික්ෂකවරයෙකුට බානෙට් පවුලෙදි තමන්ට වුණ දේවල් කියනවා. මෙතනදි නතාලිය ගොඩක් අවංක වුණා, තමන් කරපු වැරදි දේ පවා ඔහේ කියාගෙන ගියා. ගෙදරක තනියම නතාලිය දුක් විඳන කතාව ආයේ පෙන්වන්න මෙතනින් එහාට පටන් ගත්තා. කෑම තියන ටින් එකක්වත් හරියට ඇරගන්න මේ පොඩි…
Good American Family Sinhala Subtitles
පෙර කොටසින්…
නතාලිය පරික්ෂකවරයෙකුට බානෙට් පවුලෙදි තමන්ට වුණ දේවල් කියනවා. මෙතනදි නතාලිය ගොඩක් අවංක වුණා, තමන් කරපු වැරදි දේ පවා ඔහේ කියාගෙන ගියා. ගෙදරක තනියම නතාලිය දුක් විඳන කතාව ආයේ පෙන්වන්න මෙතනින් එහාට පටන් ගත්තා. කෑම තියන ටින් එකක්වත් හරියට ඇරගන්න මේ පොඩි කෙල්ලට තේරුමක් තිබුණේ නෑ, කුණු හැමතැනම, අස්පස් කරගන්නත් තේරුමක් නෑ. හරියටම පොඩි ළමයෙක් වගේමයි. හරිහමන් කෑමක් කාලෙකින් නොගත්ත නිසා නතාලිය අල්ලපු ගෙදරකට හොරෙන් රිංගලා ඩෝනට් වගයක් කෑවා. මෙතනදි මේ ගෙදර හිටපු වයසක ගැනු මනුස්සයා නතාලියා එක්ක හාද වෙනවා. තමන්ට 22යි පෙනුමට වඩා මාව ලොකුවට පේන්නේ කිව්ව කතාව ඒ මනුස්සයා විශ්වාස කරා. ද් ස්පාර්ක් කියන ක්‍රිස්ටීන්ගේ පොත ගැන TV එකේ දැකලා ඒක ගන්න කෙල්ල පුස්තකාලයකට ගියා. මෙතනදි තමන් මේ පොතේ නැති බව නතාලියාට තේරෙනවා. තමන්ව කපලා අයින් කරලා දාලා තියන එකට කෙල්ලට හොඳටම දුක හිතෙනවා. ඊට පස්සේ පුස්තකාලේ හිටපු කොල්ලෙකුටත් ගහලා පිස්සුවක් නටලා අර පොතත් හොරකම් කරගෙන නතාලිය ගෙදර එනවා. පස්සේ මයිකල් ඇවිත් නතාලියගේ ගෙදර විදුලි බිලත් ගෙවලා, කෑම බඩු ටිකකුත් තියලා කෙල්ල හොඳින් ඉන්න බවට වීඩියෝ සාක්ෂියකුත් අරගෙන යන්න හදනවා. මේ වෙලාවේ “අනේ මාවත් ගෙදර අරගෙන යන්න, තාත්තේ” කියලා කෙල්ල මයිකල්ගේ කකුල් දෙක අල්ලන් වැද වැටෙනවා. මෙතනදි තරමක් මයිකල් සංවේදි වුණත් නතාලියාව දාලා යන්න යනවා. අර නතාලියාට හිතවත් වුණ අල්ලපු ගෙදර වයසක කාන්තාවගේ පුතා එක්ක නතාලියා තමන් කලින් හිටපු බානෙට් ගෙදරට ගමනක් යනවා. මෙයාලා මේ ගමනෙදි අතරමන් වෙනවා. තව නතාලියා ක්‍රිස්ටීන්ගේ හොඳම මිතුරිය වැල්ගෙන් දැනගන්නවා බානෙට්ලා කැනඩාවට පදිංචි වෙන්න ගිහිල්ලා කියලා. අවසානයේ හැමෝගෙන්ම දොස් බැනුම් අහන නතාලියා මානසිකව තවත් පහළට වැටෙනවා. ඊට පස්සේ ක්‍රිස්ටීන් ඇවිල්ලා මේ කරපු දේවල් වලට නතාලියට දඬුවමක් වශයෙන් හිටයටත් වඩා පහත් මට්ටමේ නිවාස කාමරයක් සහ පළාතක අතඇරලා දාලා යනවා. යන්න කලින් කෙල්ලගේ මූණට ගම්මිරිස් ස්ප්‍රේ කරලා වේදනාවක් දීලා යන්නත් ක්‍රිස්ටීන් අමතක කළේ නෑ.
අද කොටසින්…
නතාලියාට හිතෙනවා තමන්ට උදව් කරන්න ආපු අමුතු පිරිසක් ගැන විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ඇගේ අතීතය ගැන ප්‍රශ්න මතු වෙද්දි මතකයන් එළියට එනවා. නතාලියාගේ මේ තත්ත්වයෙන් කෙනෙක් අයුතු ප්‍රයෝජනත් ගන්නවා.
Good American Family Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
296 downloadsDownload Good-American-Family-S01E06-baiscopelk-sinhala-subtitle.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Good American Family Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
1 comment
Buddhika laKMal
Advertisement
![Good American Family [S01 : E06] Sinhala Subtitles | හයක් හතරක් නොතේරෙන අහිංසකීගේ පිහිටට එන අලුත් අම්මා [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/Good-American-Family-1.jpg)



තෑන්ක්ස් මචං සබට