Watch Trailer

Gotham [S01- E20] with Sinhala Subtitles | ඕගර් දඩයම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ප්‍රමාදයකින් තොරව 20 වෙනි කොටස අරගෙන ආවා. මේක ඊයෙම ඉරවර කරගන්න පුළුවන් උනත් ඊයේ වෙබ් අඩවියේ තිබ්බ ගැටළුකාරී තත්වය නිසා අද තමයි පල කරන්න පුළුවන් උනේ. ඒ වගේම කලින් කොටසේ ලිපිය ගැන හැමෝටම පුදුම හිතිලා තිබුනා මම දැක්කා. ගිය සතියේදී එහෙම වෙන්න හේතුව උනේ ලිපියක් ලියාගන්න තරම් වත් නිදහස් කාල ව…

Gotham TV3

ඔන්න එහෙනම් ප්‍රමාදයකින් තොරව 20 වෙනි කොටස අරගෙන ආවා. මේක ඊයෙම ඉරවර කරගන්න පුළුවන් උනත් ඊයේ වෙබ් අඩවියේ තිබ්බ ගැටළුකාරී තත්වය නිසා අද තමයි පල කරන්න පුළුවන් උනේ. ඒ වගේම කලින් කොටසේ ලිපිය ගැන හැමෝටම පුදුම හිතිලා තිබුනා මම දැක්කා. ගිය සතියේදී එහෙම වෙන්න හේතුව උනේ ලිපියක් ලියාගන්න තරම් වත් නිදහස් කාල වෙලාවක් ලැබුනේ නැහැ. උපසිරස අවසන් කරන්න මගේ එක දවසක රාත්‍රී නින්ද කැපකරන්න සිද්ධ උනා. ඉතින් එවෙලේ ලිපියක් ලිව්වා නම් මොනවා ලියයිද කියල හිතා ගන්න බැරි නිසා පළවෙනි වතාවට එක පේලියෙන් ලිපියක් ලියන්න සිද්ධ උනා.

අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් මේ වෙබ් අඩවියේ හිටපු කෙනෙක් විදිහට මම උපසිරැසි ගන්න අයගෙන් දැකපු එක දෙයක් තමා අපේ අතින් වෙන ප්‍රමාදය ගැන මානුෂික විදිහට බලන්න පුරුදු වෙලා ඉන්නේ බොහොම සුළු පිරිසයි. බහුතරයක් හිතාගෙන ඉන්නේ හඳෙන් හරි උපසිරැසි ගෙනත් දෙන්න ඕනේ කියන මතයේ. ඒ පිරිස දන්නේ නැහැ මේවා හදන්න උපසිරැසි කරුවන් මහන්සි වෙන හැටි සහ එහෙම කරන්නේ එයාල වගේම මිනිස්සු කියලත්. එයාලට ලැබෙන්නේ මොනවගේ ලාභයක්ද කියලත් එයාල දන්නේ නැහැ. මේ ගැන ඉතින් හැමදාම කිව්වත් කවදත් එකම දේ තමයි වෙන්නේ. ඒ වෙනුවට ලැබෙන්නේ කවදාවත් නොලැබෙන කොමෙන්ට්. ඒකෙන් කමක් නැහැ. ඒ නිසා මට යම් තීරණයක් ගන්න ඒක පහසුවක් උනා. ඒ ගැන මේ කතා මාලාව අවසානයේ කියන්නම්කො. අපි දැන් ලංකාවෙන් ගෝතම් වලට යමු.

කලින් කොටස තුලදී මම චරිතයක් හඳුන්වා දෙන්න හිටියත් ඒක කරගන්න උනේ නැහැ. ඒ නිසා ඒ චරිතය සහ තවත් චරිතයක් ගැන අද ලිපිය තුල හඳුන්වා දෙන්නම්.

කලින් කොටස ආරම්භයේදී ගෝතම් වල තත්වය සාරාංශගත කලෝතින්,

ෆිෂ් මූනිට සිද්ධ උනා තවත් හිරගෙදරකට කොටුවෙන්න. ඒ එක්තරා අරුම පුදුම දොස්තර කෙනෙකුගේ හිරකාරියක් වෙන්න. මේ දොස්තර තමයි නමින් ෆ්‍රැන්සිස් ඩුල්මාකර්. එයා මම හඳුන්වා දෙනවා කියපු එක චරිතයක් සහ මේ මනුස්සයා ගැන ඔයාලට මුලින් අහන්න ලැබුන මතකද දන්නේ නැහැ සෙලිනා කයිල්ව සහ තව ළමයි පිරිසක් පැහැරගෙන යනවා එක ගැහැණු කෙනෙක් සහ තව පිරිසක් එකතු වෙලා. එතැනදී ඔයාලට අහන්න ලැබුනා ඩොල් මේකර් හෙවත් බෝනික්කෝ හදන්නා කියන නම. දැන් ඒ චරිතය කවුද ඉන්නේ කොහෙද කරන්නේ මොනවද ඒ හැම දෙයක්ම ෆිෂ් මූනිට අත් විඳින්න ලැබිලා. ඩුල්මාකර් කියන නම ඔහු කරන අරුම පුදුම සැත්කම් නිසා ඩොල් මේකර් බවට පත්වෙලා. මෙයාගේ ජීවිකාව තමයි මිනිස්සු පැහැරගෙන ඇවිත් එයාලගේ ශරීර අවයව ධනවත් පුද්ගලයන්ට බද්ධ කරන එක. කොටින්ම කියනවා නම් ඩොල්මේකර් කියන්නේ අවයව වෙළෙන්දෙක්. ඉතින් මේ මනුස්සය දරුණු වැඩ කලාට ෆිෂ් මූනි කියන්නේ කපටිකමේ ගෞරව උපාධි ගත්තු ගැහැණියෙක්. එයා සිරකරුවෙකු වෙලා ඉඳලා එතන ඉන්න ප්‍රධාන වෛද්‍ය සහයක තනතුර දක්වා ඉහලට එනවා එයාගේ කපටි මොළේට පින්සිද්ධ වෙන්න. එහෙම වෙලා අන්තිමේ ඩොල්මේකර්වත් රවට්ටලා මුහුදෙන් වටවූ ඒ යක්ෂ දූපතෙන් පිටවෙන්න ෆිෂ් මූනි සමත් උනා. ෆිෂ් මූනි කිව්වම ගෝතම් බලන් අයට කියන ඕනේ ඒ චරිතය රඟ පාන නිළිය අපි හැමෝම දන්න තවත් දක්ෂ නළුවනේ දෙදෙනෙක්ට බිරිඳක් සහ මවක් වන කෙනෙක්. සමහරු නම් දන්නවා ඇති එත් මම දැනගත්තේ ලඟකදී. ඒ දෙන්න කවුරුත් නෙමේ විල් ස්මිත් සහ එයාගේ පුත්‍රයා ජේඩන් ස්මිත්. කොටින්ම කියනවා නම් මේ දක්‍ෂ නිළිය විල් ස්මිත්ගේ බිරිඳ.

ජිම් ගෝර්ඩන් ගැන සැලකුවොත් එයා බාබරාගෙන් වෙන් වෙලා දැන් අලුත් පෙම්වතියක් එක්ක ඉන්නේ. එයා තමයි ගෝතම් පොලිසියේ අලුත් වෛද්‍ය නිලධාරියා නමින් ලෙස්ලි තොම්ප්ස්කින්. එයා ගැන මම කලින් හැඳින්වීමක් කලා මතක ඇති. ඒ වගේම 18 වෙනි කොටසේදී ජිම් ගෝතම් පොලිස් කොමසාරිස් වල ලොයිබ් කියන දූෂිත නිලධාරියා පස්සෙන් ගියා එයාගේ වැරදි හොයාගෙන. එතැනදී ජිම් කොහොමහරි ලොයිබ්ව බ්ලැක්මේල් කරලා ගෝතම් පොලිස් සංගම් සභාපති බවට පත් වෙනවා. දැන් මේ දෙන්නා අතරේ තියෙන්නේ ලෝකෙට පෙන්න මිත්‍රත්වයක් එත් ඇතුලෙන් ලොකු වෛරයක්. ඒ වෛරයේ ප්‍රතිපලයක් විදිහට තමයි කලින් කොටසේදී ජිම් ගෝර්ඩන්ට දරුණු මිනිමරුවෙක් පස්සෙන් යන්න සිද්ධ වෙන්නේ. ඒ මිනීමරුවා නමින් ඕගර්. මේ තමයි මම කියපු දෙවන චරිතය සහ කලින් කොටසේදී එයා ගැන ඔයාල දකින්න ඇති. මේ චරිතය කරලියට එන්නේ 1996 පල වූ බැට්මෑන් කොමික් කලාප 535 දී. ගෝතම් රූපවාහිනී කතාවට එනකොට ගොඩක් චරිත වල ඓතිහාසික පසුබිම වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපේ කතාවේදී ඕගර් කියන්නේ උපතින් විකෘති මුහුණක් තිබු අයෙක් සහ පසුකාලීනව මුහුණ වෙනස් කරගෙන කාන්තාවන් රවටාගෙන ඔවුන් මරා දමන මිනිමරුවෙක්. අපිට ඒ ගැන කලින් කොටසේදී දැකගන්න ලැබුනා. අද කොටස ගලා යන්නෙත් ඒ ඔස්සේ. ඒ වගේම ජිම්ගේ හිටපු පෙම්වතිය අලුත් පියවරක් තියනවා අද අවසානයේ. බලමු ඒ ගැන 21 වෙනි කොටසේදී.

ඒ එක්කම ඔයාල දන්නවනේ ප්‍රෙහේලිකාකරුවා හෙවත් නිග්මා ගැන. එයා තමයි රිඩ්ලර් නමින් හැඳින්වෙන චරිතය රඟ දක්වන්නේ. හැම වෙලේම ප්‍රෙහේලිකා එක්ක ජීවත් වෙන මේ පුද්ගලයා මේතාක් කලකට අපිට නරකයි කියල කියන්න තරම් දෙයක් කරලා නැහැ. එත් අද ඔයාලට දැකගන්න පුළුවන් රිඩ්ලර් එයාගේ පලවෙනි අපරාධය සිද්ධ කරන හැටි.

එතකොට අපේ ප්‍රධාන චරිතය වෙන පුංචි බැට්මෑන් කලින් කොටසේදී එයාගේ පලවෙනි අපරාධය කරනවා. එයා නොකලත් ඇත්තටම ඔහු අපරාධ සහයකයෙක්. මතකනේ බෘස්ගේ ගෙදරට ඇල්ෆ්‍රඩ්ගේ මිත්‍රයෙක් ආවා. ඒ ආවේ වෙයින් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුදැනුම මත බෘස් මොනවද එයාල ගැන විමර්ශනය කරන්නේ කියල හොයාගෙන එන්න. ඇල්ෆ්‍රඩ්ගේ මිතරයෙක් වන මේ රෙජිනෝල්ඩ් පෙයින් කියන පුද්ගලයා බෘස් නිවසින් ඒ විස්තර සමග පැනලා යන්නේ ඇල්ෆ්‍රඩ්ට පිහි ඇනුමක් සිද්ධ කරලා. දැන් බෘස් තනිවෙලා ඇල්ෆ්‍රඩ්ට තුවාල නිසා තනියම හොයන්න පටන් අරගෙන වෙයින් සමාගමේ කවුද මෙහෙම දෙයක් කරන්නේ කියල. ඒ විමර්ශනයේ තවත් කොටසක් අද කතාවේදී දැකගන්න පුළුවන්.

ඔහොම තමා ගෝතම් වල වර්තමාන තත්වය 20 වෙනි කොටස අවසානයේදී. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය පතනවා!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,847 downloadsDownload Gotham-S01E20.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,847 downloadsDownload Subtitles77 KB

44 comments

  1. Thisan

    thank u brov

    1. ඉසු ඩිපි (Isu DP)

      ඔන්න මටනම් පොඩි දෙයක් කියන්න තියෙනවා.
      මට නිකන් ඉවෙන් වගේ තෙරෙනවා Gotham එකේ අන්තිමේදී කියන්න යන දේ එච්චර හොද දෙයක් නෙමෙයි කියලා. :-(
      අහසින් කඩා පාත් වුන අය නිසා ගත්ත තිරනේ, ඇත්තටම මේ වැඩේ අගය කරන අය වෙනුවෙන් වෙනස් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
      මොකද ඒ දෙගොල්ලොන්ටම ඒ තිරනේ එකවගේ බාලපාන නිසා.
      සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. !

  2. Dilanka

    Thanks bn ^_^

  3. Rasidu

    නියමයි
    sub එකට බොහොම ස්තූතියි.

  4. R.D

    පට්ට පට පට.අද උදේම සබ් ටික පෝලිමට දෙනවා........නියමයි.මේක දෙනකල් බලාගෙන හිටියේ.බොහෝම ස්තුතියි හසන්ත අයියේ.....
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.සුබ දවසක්.

  5. lakmal

    thanq uuuuuuuuuu

  6. සුපුන් බුදිධික

    මේ තියෙන්නේ ගිය සතියටත් එක්ක ලිපිය ලෙසටම ලියලා..
    සිතූතියි සහෝ සබ් එකට..
    දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

    1. සුපුන් බුදිධික

      මේ කතාව අවසානේ මොකක්දෝ කියන්න යන්නේ..
      අපේ සබ් එකක් දෙනම්කම් ටිකක් ඉවසන්න බැරි යාලුවො නිසා
      සබ් දෙන එකනම් නතර කරන්න එපෝ..
      ටිකක් පරක්කු උනත් නතර නොකර සබ් දෙන එකයි වටින්නේ..
      Black Sails උනත් ඔයා අපිව අවසානේට වෙනකම්ම ඇදගෙන ගියා..
      මට මතකයි පරක්කු උනාම ඒවගේ තිබ්බ කමේට්..
      මොනව උනත් මේ කරන වඩේ දිගටම කරගෙන යන්න..

      ජය වේවා !!!

  7. S.K.Ruchiranga

    thank machooooooo ela

  8. Kulanjana Maduranga

    Niyamai...thanks HASANTHA Aiye sub ekata..digatama sub demu.jaya wewa...

  9. Jayz වනිගනෙත්ති

    Thanx saho.. me paranam ikmaninma deela tiyenne. Thank you very much. Jayen jayama wewa..!! Flash, SHIELD and Arrow dena yaluwoth ikmantama sub denna hixe.. kattiyatama Budusaranai...!!

  10. Bhathiya

    Thanks.....sub ekata. jaya wewa....!

  11. nuwan

    කවද දුන්නත් අපිනම් බලන් ඉන්නවා අයියේ එහෙම කලබලයක් නෑ....කිසිදු මුදලක් නැතුව මේ කරන සේවයට ස්තුත්යි....

  12. මධුකප්‍රිය පෙරේරා

    ආ sස්තූතිවනe්ත වෙනව සහෝ මේ කරන වැඩේට ..
    සබ් එකක් හදන එක කාලය ගොඩක් වැය වෙන වැඩක් ..
    ඉතින් සහෝ අපි වෙනුවෙන් කරන සේවයට ඔබට බොහොම තුති ..
    ඔබට ජය ...

  13. Piumal Rathanayake

    බොහෝම ස්තුතියි සහෝ,
    මාසයක් ගිහින් හරි කමක් නෑ, sub එක දෙනවනම් ඒක ලොකු දෙයක්. ඒක හින්දා පරක්කු වුනාට කමක් නෑ.

  14. Ravindu Adithya

    පරක්කු උනත් නැතත් Baiscope site එකහ් හින්දා තමයි අපි තේරෙන බාසාවෙන් මේවා බලන්නේ .
    ඒකට ස්තුතිවන්ත වෙනවා .
    බොහෝම ස්තුතියි.

  15. PD rox

    Niyamai niyamai..... :D

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  18. vinuk ashan

    lte unata kamak naa ayye..pe paara klin sud aka dunnt gdaak tnq

  19. Akila

    ලංකාවේ මිනිස්සු හරිම වෙනස් අදහස් තියෙන අය.තමන්ගේ කාර්ය සිදු වුනාද එය කුමන අකාරයකින් සිදු වුනාද යන්න ඔවුන්න වැඩක් නෑ.ඒක තේරුම් ගන්න මගේ මිත්‍රයා.තමන් පටන ගත්තු ගමනක් කවදාවත් අන් අය නිසා නවත්තන්න එපා.තීරණය ඔබ සතුයි.

  20. dev

    bohoma stuti saho.... .. .

  21. harsha

    ස්තූතියි මචෝ සබට. පසුගිය ලිපියට ලැබුන ප්‍රතිචාර ගැන එතරම් හිතන්න එපා මචං. ඒ කවුරුත් මේ කරන මෙහෙය සුලුකොට තකලා නෑ. මේ කරන දේ සුලුවෙන් ගනන් අරන් නෑ. වෙනසකටත් එක්ක එහෙම දේවල් ඉඳලා හිටලා කරන එක හොඳයි. උප සිරසිය සමඟ කතාව බලලා ලබන වින්දනය වගේම දෙයක් එවැනි පුදුම කිරීම තුලින් ලබන්න පුලුවන්. මම හිතනවා කවදාවත් කොමෙන්ටුවක් දාන්න උවමනාවක් නැති අයත් මොනවා හරි ලියන්න ඇති. ඉතින් එකත් නරකම නෑනේද ? ජයවේවා

  22. sajeevi

    thanks

  23. pasa

    ස්තූතියි මචෝ

  24. Pavan

    Bohomo sthuthisub ekata . parakku unata kamak na apita sub eka kohomahari denawane thnkz :)

  25. Pulasthi

    Thanks bro

  26. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. නලින්

    ස්තුතියි හසන්ත අයියා!

    ජයෙන් ජයම වේවා!

  28. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  29. thisal

    tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  30. Keshan Wasala

    සමාවෙන්න අයියේ කමෙන්ට් කරන්න පරක්කු උනාට ගොඩක් ස්තුතියි සබ් එකට :) ඒ වගේම මේ වැඩේ කරගෙන යන්න දිගටම ඔය එක එක එවුන් කියන එව්වා ගණන් ගන්න එපා පරක්කු උනත් අයියා කොහොම හරි මේක අපිට ගේනවනේ ඒ ඇති :D

  31. Sadis M.

    thanku macho!! parakku wela hari sub denakanma innawa api. koma hari denawa ne. welawata baluwe na kyla katat padu wenne na ne. godak sthuthi sub denawata!!!!

  32. Asela

    Thanks machooo... :)

  33. Ruchira

    sub 1ට ස්තුතියි.......

  34. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  35. kavinda

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.

  36. Deshan

    සබ් එකට ගොඩක් ස්තුතියි

  37. Nishan Lahiru

    ස්තුතියි හසන්ත අයියා :D

  38. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  39. Sanath Perera

    thanks for sub bro...

  40. chamith555

    ft

  41. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය

  42. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️