ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල පටන් ගත්ත ගෝතම් අන්දරයේ පලවෙනි සීමා මාලකය පහුකරන්නයි මේ හදන්නේ. ඒ කියන්නේ අදින් ගෝතම් නගරයේ විස්තර රැගත් පලවෙනි කතා සමය අවසන් වෙනවා. හැමෝම දන්නවනේ මේ ගෝතම් කියන්නේ මනඃකල්පිත නගරයක්. කොටින්ම කියනවා නම් කොමික් චරිත රාශියක නිජ භූමියක්. ඒ ගැන හොඳ විස්තරයක් ලබා දුන්න අපේ තිස…
ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල පටන් ගත්ත ගෝතම් අන්දරයේ පලවෙනි සීමා මාලකය පහුකරන්නයි මේ හදන්නේ. ඒ කියන්නේ අදින් ගෝතම් නගරයේ විස්තර රැගත් පලවෙනි කතා සමය අවසන් වෙනවා. හැමෝම දන්නවනේ මේ ගෝතම් කියන්නේ මනඃකල්පිත නගරයක්. කොටින්ම කියනවා නම් කොමික් චරිත රාශියක නිජ භූමියක්. ඒ ගැන හොඳ විස්තරයක් ලබා දුන්න අපේ තිසර සහෝ මේ කතාව ආරම්භයේදීම. ඒ වගේම සමහර චරිත ගැන මම හැකි ලෙසින් ඔයාලව දැනුවත් කළා. බැට් මෑන් කියන ප්‍රසිද්ධ කොමික් වීරයාගේ බල ප්‍රදේශය වෙන්නෙත් මේ ගෝතම් නගරයයි. එත් ගෝතම් කියන ටෙලිකතා මාලාව තුල හැමෝටම කියල දෙන කාරණය තමයි, කොහොමද මේ හොඳ සහ නරක කොමික් චරිත එනම් සුපිරි වීරයෝ සහ සුපිරි දුෂ්ඨයෝ ගෝතම් වලට පය තැබුවේ කියන දේ.
උදාහරණයක් ගත්තොත් ඔයාල මෙතෙක් කලක් දැක්ක බෘස් වෙයින්, සෙලිනා කයිල් හෙවත් කැට් වුමන්, එතකොට ජේම්ස් ගෝර්ඩන්, රිඩ්ලර්, ජෝකර් වගේ චරිත අපි චිත්‍රපට තුලින් දකිනවට වඩා ගොඩක් ප්‍රාතමික අවධියක තමයි මේ ටෙලිකතා මාලාව තුල ගෙවන්නේ. එයාලගේ සුපිරි වීර හෝ සුපිරි දුෂ්ඨ ආගමනය පෙන්නුම් කරන එකම කතාව තමයි ගෝතම්. ඉතින් මෙතෙක් කල් මේ කතාව ගැන කිව්වොත්, යම් චරිත කීපයක් තියෙනවා මේ කතාව තුල දිගටම එකම කතාවක් රැගෙන ගිය. එයාල තමයි
බෘස් වෙයින්, සෙලිනා කයිල්, පෙන්ගුයින්, රිඩ්ලර්, ෆිෂ් මූනි, ජේම්ස් ගෝර්ඩන්, දොන් ෆැල්කොන් සහ දොන් මැරෝනි. මේ පිරිස අතර විවිධාකාරයෙන් වෙනස් වෙනස් විදිහට සම්බන්ධ වෙමින් කතාවක් මේතාක් දුරට ගලාගෙන ආවා. ෆිෂ් මූනි සහ පෙන්ගුයින් අතර තියෙන කෝන්තරය. බෘස් වෙයින් සහ සෙලිනා කයිල් අතර තියෙන මිත්‍රත්වය. එතකොට ජේම්ස් ගෝර්ඩන් සහ බෘස් වෙයින් කොහොමද මිත්‍රයෝ වෙන්නේ. රිඩ්ලර් කොහොමද දුෂ්ඨයෙක් වෙන්නේ මේ දේවල් අපි 21 වෙනි කොටස තෙක් දැක ගත්තා. අද කොටස ගොඩක් විශේෂිතයි මොකද මේ කෝන්තර සහ මිත්‍රත්ව තවත් වැඩි වෙන කොටස තමයි අවසාන කොටස වෙන්නේ. අද ගොඩක් ක්‍රියාදාම සහිත කොටසක් හැමෝටම දැක ගන්න ලැබේවි. මොකද මම දැක්කා ෆිෂ් මූනි ආයෙත් ගෝතම් වලට පය ගහනවා අමුතුම රැඩිකල් විලාසිතාවක් සමගින්. ඒ එන්නේ මොකටද කියල දන්නවනේ පෙන්ගුයින් හොයාගෙන. ඒ වගේම පෙන්ගුයින් කරපු කපටි වැඩක් නිසා ගෝතම් නගරයේ ප්‍රධාන දොන්ලා දෙන්නා දැන් යුධ ප්‍රකාශ කරලා. ඒ වගේම බෘස් වෙයින් එයාගේ තාත්තගේ ජීවිතේ සැඟවුන පැත්ත හොයන්න අරගෙන. ඒ හැම එකක්ම දෙවන කතා සමය තුලදී තේරුම් බේරුම් කරන්න සියල්ල සූදානම් කරලා කියලයි ආරංචිය.
එත් මම මීට කලින් කිව්වනේ යම් කාරණාවක් ගැන අන්තිම කොටසේදී කියනවා කියල. ඇත්තටම කාරණාවක් නෙමේ කාරනා දෙකක්. ඒ තමයි දෙවන කතා සමයේදී ඒ තේරුම් බේරුම් කරන දේවල් ඔයාල එක්ක සිංහලෙන් බෙදාගන්න මට එකතු වෙන්න විදිහක් නැහැ කියන කාරණාව. ඊට හේතු කීපයක්ම බලපෑවා. එකක් තමයි මට දැන් මේ වගේ කතාවක් වෙනුවෙන් බලන් ඉඳල ඒ කතාවට ඉක්මනින් උපසිරසි ගෙන්න වෙලාවක් නැති කම. තවත් කරුණු කාරණා ටිකක් බලපෑවා ඒක කොහොම උනත් මේ තීරණයට 75% ක් පමණ බලපෑවේ මගේ කාර්යබහුලත්වය. ඒ වගේම මම මීට පස්සේ කලින් විකාශිත අධ්‍යාපනික වශයෙන් වැදගත් වන රූපවාහිනී වැඩසටහනක් ඇරෙන්න කිසිම සමගාමී රූපවාහිනී වැඩසටහනකට උපසිරසි නොදී ඉන්නත් තීරණය කළා. මොකද සමගාමී විකාශය එක්ක උපසිරසි දෙන එක කැපවීමකින් කලයුතු වැඩක්. අපේ ප්‍රමාදයක් නිසා කතාව බලන අය අතරමං කරන එක හරිමදී නිසා ඉදිරියේ පළවීමට නියමිත 24 කතා මාලාවේ කලින් කල උපසිරැසි 3ක් ඇරෙන්න නැවත ටෙලිකතා මාලාවකින් ඔයාලව මුණ ගැහෙන්න එන එකක් නැති වේවි. ඒ වගේම චිත්‍රපට වලට වැඩි අවධානයක් දෙන්න පුළුවන් වෙයි 😉 මෙතෙක් කලක් ගෝතම් එක්ක ඉඳල මේ කතාව මගෙත් එක්ක ඉවසීමෙන් යුතුව බලපු, සහ නොඉවසිල්ලක් නැතුව මේ කතාව බලපු හැමෝටම කෘතවේදී වෙනගමන් මම ගෝතම් වලින් සමුගන්නම්. හැමෝටම ජයෙන් ජය පතනවා !!!
අනික් කාරණය තමයි වැදගත්ම එක, මොකද දෙවෙන කතා සමය වෙනුවෙන් මට වඩා හොඳ දක්ෂ උපසිරසිකරුවෙක් මග බලාගෙන ඉන්නවා ගෝතම් නගරයේ නැවුම් විත්ති ඉක්මනින් ඔයාලට රැගෙන එන්න. ඒ කෙනා මේ සැප්තැම්බර් වල ඉඳන් දෙවන කතා සමය සමඟින් ඔයාලත් එක්ක එකතු වේවි.
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,816 downloadsDownload Gotham-S01E22.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Season 2>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
72 comments
R.D
ඉසු ඩිපි (Isu DP)
කොහොම උනත් තිරනේ ගැන ආයිත් හිතන්න කියන ඉල්ලීම මුලින්ම කරනවා.
කතාව මුල ඉදන්ම නියමෙට ගෙනාවට බොහොම ස්තුතියි.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !
47
Thank you....
Ravindu Adithya
කතාවට දිගටම උපසිරදීපු ඔබට මාගේ හදපිරි ස්තූතිය පුදකරමි.
නැවත උපසිරසකින් ඉක්මන්ටම හම්බවෙමු කියලා ප්‍රාර්ථනා කරමිChamara Sampath
හම්මේ බොහොම ස්තුතියි හසන්ත අයියේ.මමත් මේ කතාව බලපු කෙනෙක්.ඒත් ඉතින් මට තාම මේ කොටස බලන්න බැරි උනා.,නමුත් උපසිරැසිය බාගත්තා.ස්තුතියි.! මෙතෙක්කල් GOTHAM කතා මාලාව ගෙනාවට ගොඩක් ස්තුතියි.!මේ ඒක නෙවේ කවුද අර මේකේ season 2 දෙන්න හදන දක්ෂ උපසිරැසිකරුවා?
Roach
tnx ayyaaa..., :)
S.K.Ruchiranga
ela machoo thz ikmnatama dunnata
DjU9
මුල ඉදන්ම කතාව එක්ක හිටියා..
සබ් දුන්න නිසා තමයි මේ කතාව ගොඩක්ම රසවත් වුනේ..
බොහොම ස්තුති ඔබට !!!Sasindu
ayiywa mona unath amathaka wenna naha. mechara kal karapu me meheyata thanx
Kulanjana Maduranga
niayamai…Great work.thanks HASANTHA Aiye.sub ekata..digatama sub demu.jaya wewa.....
Nivandaka
atthatama sub dena 1 amarui, meka api hameoma asawen balapau kathawak. asawen balanne sub tiyana nisa akai attha.digatama makata sub thunnata gudak sthuthi. me kathawa sarthakawa karanna habuna wage oyage wada katauthuth sarathakawa karanna labewai pathanawa.
මධුකප්‍රිය පෙරේරා
බොහොම අගය කරනවා සහෝගේ ක්‍රියාව...මෙතුවක් කල් නොකඩවා අපිට සබ දෙන්න සහෝ ගොඩක් වෙහෙස වුනා..
එකට ගොඩක් ස්තුතියි ..වගේම අපට ඉදිරියටත් මේ වගේ තවත් කතාංග ගෙන එන්න ශක්තිය ධෛර්ය සහෝට ලැබේවා..
ඇත්තටම සහෝ කවුද ඊලග කතාමාලාවේ උපසිරසි දෙන්නේ ?? සහෝ අවසානයේ අපට පැනයකුත් දීලම සමුගන්නද
හදන්නේ ??Timmy Reed
Thanks machan
madsuhan
Thank youu...
kalana
thanx bro. ehenam aye tv series 1kin hamba wenne nne. welawak thibunot aye sub danda patan gnna. tv series walta
Bhathiya
සියලුම උපසිරසි වලට බොහොම ස්තුතියි.. හසන්ත අයියේ..
ඔන්න ඉතින් මෙකත් ඉවරයිනේ. පුලුවන්නම් sinbad tv series (2012) එකට
sub දෙන්න. ජය වේවා....!Rashmika
thanks lot saho season ekt supiriyt sub 1ka dunnt..JAYA WEWA!!!
m2
thanks ,,, s2 ekath kohoma hari demuu...
අනුරුද්ධ(ලියෝ)
පොස්ට් එකේ අන්තිම ටිකෙනම් ටිකක් දුක හිතුනා.ගෝතම කතා මාලාවේ එපි 10ක් එනකම්ම මම මේක බැලුවේ නෑ.ඒත් යාලුවෙක් කියපු නිසා බලන්න පටන් ගත්තා.හොඳ සිංහල සබ් එකක් එක්කම බලපු නිසාම දිනෙන් දින ආසාව වැඩි වුනා.අද ගෝතම ඉවර වෙනවා.මේ මාසේ ඉවර වෙද්දී ඇරෝ,ෆ්ලෑෂ් ඉවර වෙනවා.අනේ මන්දා......මොනා උනත් දක්ෂ උපසිරස්කරුවෙක්ගේ අවසාන කතා මාලාව වෙන එකනම් ගොඩක් අවුල්.කතාව කොච්චර හොඳ වුනත් හොඳ සබක් නැතුව මෙලෝ වැඩක් නෑ.(ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ කතාව දිහා බලාගෙන ඉන්න එකනේ කරන්න තියෙන්නේ )..මොනා වුනත් ඉදිරි වැඩවලට ජය ශ්‍රී....බුදු සරණයි...දෙවි පිහිටයි...
Hiran Rathnayake
Thx. Jaya wewa!
vimukthi
බොහොම ස්තුති යි සහෝ....
thisal
බොහොම ස්තුති ඔබට
sahan
බොහොම ස්තුතියි…
R.M Chandananda
thanx ayya jayawewaaaaaaaaaa------------------>
Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ මේ කතාව අපිට කාර්යබහුල වුනත් ගෙනාවට සමහර කොටස් පරක්කු උනත් අයියා කොහොම හරි ගෙනාවා මෙන්න සබ් එක ගත්තා :D
isuru
monawa kiyannada hemadama beluwa ela
Nisala udara
Meccara dawasak apita gotham dunnata stuti
nuwan
මෙතෙක් කල් කල සේවයට හදපිරි ප්‍රණාමය.........:O
MAD
මෙතෙක් කල් කතා මාලාවට උපසිරස ලබා දුන් ඔබට බොහෝමත් ස්තූතියි. ඔබගේ ඉදිරි කටයුතු වලට සදා ජය .
නලින්
ස්තුතියි හසන්ත අයියේ.. සමගාමී ටෙලි කතාවකට සබ් දෙනවා කියන්නේ.. ඉතින්.. යකා බැද ගත්තා වගේ තමයි. අපිට කොච්චර රාජකාරි තිබුනත්, අපි ඒ කතාව බලන අය වෙනුවෙන්, අසාධාරණයක් නොකර සබ් දෙන්න කොච්චර කට්ටක් කනවද කියලා අපි හොදටම දන්නවා. ඉතින් හසන්ත අයියා දහාසක් වැඩ රාජකාරි මධ්‍යයේ අපි වෙනුවෙන් මෙතුවක් කරපු මේ ව්‍යයාමෙට මගේ ගෞරව ආචාරය අයියට. ඉඩ ලැබෙන හැටියට සබ් දෙන්න අයියට හැකි වේවා!
ජය වේවා!
kavinda
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා අයියා! එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub දෙන්නකෝ.Chamila
thankx bro for everthig..!!!..you done great work 4 us..
simply "Patta" !!!
wish you all da best 4 your future works..චතුරංග සුරාජ් පෙරේරා
thanks sub walata meka supiri kathawak s2 eketh sub denna kiyala illanawa !!!
anushka
(y)
dila
ela ela
thxxxxxxxxx brooooooosajeevi
thanks a lot.
sandun
Metek oba pala kala Sub walata mage hadapiri pranamaya,
Obata jayaudara
methek kal gotham gena aluth news argena aapu obta gdak isthuthi....well done broooooo....thnx
Sadis M.
බොහොම ස්තුතියි…
Supun Madhusanka (Bunny)
Godak thanks saho. obata jayen jaya.....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ඔයා මේක අතාරිනවා කියන්නෙ නම් අපරාධයක් හැබැයි. ජය෴෴ :P :P
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
මේච්චර කාලයක් කරපු මේ දේ අගය කරනවා සහෝ..
මමනම් කියන්නේ ටිකක් කල්පනා කරලා බලලා අයෙත් සබ් දෙන්න සමගාමී කතා මලා වලට..
Black Sails අමතක කරන්න එපො..
එහෙනම් සහෝ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා..ජය වේවා !!!
sameera
ජය වේවා !!!
PD Rox
Tanx Gotham tv series aka dunnata. :D
thilina
බොහොම ස්තුතියි අයියේ ඔයා ගොඩක් කාර්යබහුල වුනත් මේ කතාව අපිට ගෙනාවට සමහර කොටස් පරක්කු උනත් අයියා කොහොම හරි ගෙනාවානේ බොහොම තුතියි
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
#Sajith_Uditha
aiyo hasantha aiya! Gotham ekata sub nodunnta film walta sub denwa neda? Kauda daksha upasirasikaruwa? Matanam arrow, flash, gotham ekakwath thawama baganda hambune ne. Me tike mama kara mulatama hirawela inne.
Sub ekta tnx godakma. Ayeth sub karnda ikmanin hitha wenas wewa kiyala prarthana karnwa. Jayen jaya!
@~Sãjïth Udîthå~@
Good Luck!
“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය.......Ama
ගොඩක් ස්තුතියි සහෝ!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S01- E22] with Sinhala Subtitles | අවසානයේදී… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/GOTVSNEW1.jpg)

අද ඉක්මනටම ගෙනල්ලා...........බොහෝම ස්තුතියි සහෝ..............