මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ, පළමු කතා සමයේ 12 වන කතාංගයයි. ගියවර කොටස ගැන අද නම් මතක් කරන්න වෙන්නේ බොහොම කෙටියෙන්. ඒ නිසා ගියවර කොටසේ ප්‍රධාන ජවනිකාව වුනු ක්ලෙයාර් සහ ගේලිස්ගේ නඩු විභාගය සම්බන්ධයෙන් මතක් කරන්න අවශ්‍ය කරුණු කීපයක් පමණක් මතක් කරන්නම්. මතක ඇති ක්ලෙයාර්ට ලියමනක් ලැබෙනවා ගේලී…

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ, පළමු කතා සමයේ 12 වන කතාංගයයි. ගියවර කොටස ගැන අද නම් මතක් කරන්න වෙන්නේ බොහොම කෙටියෙන්. ඒ නිසා ගියවර කොටසේ ප්‍රධාන ජවනිකාව වුනු ක්ලෙයාර් සහ ගේලිස්ගේ නඩු විභාගය සම්බන්ධයෙන් මතක් කරන්න අවශ්‍ය කරුණු කීපයක් පමණක් මතක් කරන්නම්.
මතක ඇති ක්ලෙයාර්ට ලියමනක් ලැබෙනවා ගේලීස්ගෙන් ඇයගේ නිවසට පැමිණෙන්නට කියා. ඒ අනුව එහේ යන ක්ලෙයාර්ට දැනගන්නට ලැබෙන්නේ ඒ ලියමන ගේලිස් විසින් එවූවක් නොවන බවයි. ඒ නිසාවෙන් ක්ලෙයාර් ගේලීස්ට අනතුරු අඟවනවා ඉක්මනින්ම ගම්මානයෙන් පිටවෙන ලෙසට. නමුත් ඇය ඒ බව නොසලකන නිසා, ඔවුන් දෙපළම අත්අඩංගුවට පත් වෙනවා. සිරගත කිරීමට ගෙනයන අවස්ථාවේ ක්ලෙයාර් තේරුම් ගන්නවා, මෙය ලැහෙයිරීගේ කුමන්ත්‍රණයක් බව.
නඩු විභාගයේදී ඔවුන් දෙපළ වෙනුවෙන් පෙනී සිටින්නට පැමිණෙන්නේ, ලියෝහ් මාළිගයේ නෙඩ් ගවන්. ඔහු පැමිණ තිබුණේ කොලම්ගේ අවසරයක් නැතිවයි. කොහොම නමුත් පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ සියලු සාක්ෂි නෙඩ් ගවන් දක්ෂ ලෙස තමන්ගේ පැත්තට හසුරුවාගන්නට සමත් වෙනවා. ඇත්තෙන්ම ඒ නඩු විභාගය ඉතාම ශක්තිමත් ජවනිකාවක් විදියට අරන් එන්න අධ්‍යක්ෂකවරුන් සමන්විත වුනු බවක් පේන්න තිබුණා. ඔවුන් දෙදෙනා වෙත එල්ලවී තිබුණු ප්‍රධානම චෝදනාව වූයේ මායාකර්ම සිදු කරන මායාකාරියන් යන්නයි. කොහොම නමුත් ක්ලෙයාර්ට අවබෝධ වී තිබුණා නඩුව කොයි අතට හැරුණත් මිනිසුන්ට ඕන කරලා තියෙන්නේ මොන විදියකින් හරි මායාකාරියන්ව පුච්චලා මරන්න, කියන කාරණාව.
නඩු විභාගයේදී, සාක්ෂිකරුවෙක් විදියට පැමිණෙනවා, ක්ලෙයාර් විසින් මීට පෙර සතුරු කරගත් බේන් පියතුමන්. ඔහු ඉතාම සූක්ෂමාකාරයෙන් ක්ලෙයාර්ට පක්ෂව සාක්ෂි දෙන ආකාරයක් රඟ දක්වනවා. නමුත් අවසානයේදී ඔහුවත් මායාවකට හසු කරගෙන ඇතැයි නැඟෙන චෝදනාවක් නිසාවෙන් ක්ලෙයාර් තේරුම්ගන්නවා, තමන්ව කර මුලින්ම හිර කිරීමට බේන් පියතුමන් උත්සහ කර ඇති බව.
කොහොම නමුත් අවසානයේ විනිසුරු තම තීරණය දෙන්න කලින් නෙඩ් ගවන් කෙටි විවේකයක් ඉල්ලා ගනිමින් ගේලීස් සහ ක්ලෙයාර් සමඟ සාකච්ඡා කර කියා සිටින්නේ, ගේලීස්ව බේරා ගත නොහැකි තරම් චෝදනා බරපතළ බවත්, නමුත් ඇය විසින් ක්ලෙයාර්ව වශී කරගෙන් ඇය ලවා වැඩ කරගත් බව, ක්ලෙයාර් පවසන්නේ නම් ඇයට දිවි බේරාගත හැකි බවයි. නමුත් ක්ලෙයාර් එසේ කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඒ අවස්ථාවේ ගේලීස් ක්ලෙයාර්ගෙන් විමසා සිටිනවා, මෙහෙට ආවේ ඇයි කියලා. තමන් ආවේ අහම්බෙන් බව ක්ලෙයාර් ප්‍රකාශ කරනවා. ඒ අනුව ගේලීස් තේරුම්ගන්නවා ක්ලෙයාර් පැමිණ සිටින්නේ කිසිවක් වෙනස් කරන්න හිතාගෙන නොවන බව. නැවත විත්ති කූඩුවට පැමිණෙන ඔවුන් දෙපළට විනිසුරු තීන්දුව ලබා දෙනවා. ඒ අවස්ථාවේ ක්ලෙයාර් ඔවුනට දොස් පවරමින් කෑ ගහනවා. ඒ අතරතුර ගේලීස් සඳහන් කරනවා 1968 වර්ෂය ගැන. ක්ලෙයාර්ගේ හැසිරීම නිසාවෙන් විනිසුරු තීරණය කරනවා ඇයට කස පහර ලබා දෙන්න. ඇයට කස පහර ලබා දෙන අවස්ථාවේ ජෙමී පැමිණියත්, ඔහුට කළ හැකි දෙයක් නොහැකි නිසාවෙන් ගේලීස් කියා සිටිනවා, ක්ලෙයාර් මායාකාරියක් නොවන නමුත් තමන් මායාකාරියක් බව. ඒ වගේම තමන් විසින් යක්ෂයාගේ සලකුණ දරන බවත්, තම කුස තුළ යක්ෂයාට දාව දරුවෙකු සිටින බවත්. ඒ සමඟම කලබල වන මිනිසුන් ඇයව පණ පිටින් පුළුස්සන්න රැගෙන යනවා. ලද අවසරයෙන් ක්ලෙයාර්ව රැගෙන ජෙමී පලා යනවා.
ගියවර කොටස අවසානයේ, ක්ලෙයාර් විසින් තමන් පිළිබඳ සැබෑ තතු ජෙමී හමුවේ හෙළි කරනවා. ජෙමීට ඒ කිසිම දෙයක් වැටහුනේ නැතත්, ඔහු ඒ සියල්ල විශ්වාස කරන බව පැවසුවා. ඒ එක්කම ක්ලෙයාර් අවධාරණය කරගත් වැදගත්ම කාරණය වුනේ, ගේලීස් ඩන්කන්ද තමන් වගේම අනාගතයෙන් පැමිණිය තැනැත්තියක් බව. ඇය යක්ෂයාගේ සලකුණ ලෙස පෙන්වූයේ වසූරිය එන්නත නිසාවෙන් ඇති වුනු කැළැලක් බව ඇය තේරුම්ගන්නවා. නමුත් ගේලීස්ගෙන් ඒ සම්බන්ධයෙන් ඇයට වෙනත් කිසිවක් දැනගන්නට හැකි වන්නේ නැහැ. කොහොම නමුත්, ක්ලෙයාර් කියූ දේවල් විශ්වාස කරන ජෙමී, ඇයව ඉන්වර්නර්ස් වල ගල් කුළුණු වළල්ල වෙත රැගෙන යන්නේ, ඇයට නැවතත් තමන්ගේ ගෙදරට යන්නට ඉඩ සලසා දෙමින්. නමුත් ක්ලෙයාර් තීරණය කරනවා ඒ වෙනුවට ලැලීබ්රෝක්හ් වල ජෙමීගේ නිවෙස වෙත ගොස් ඔහු සමඟ ජීවත් වන්නට.
ඔය විදියට තමයි ගියවර කොටස අවසන් වුනේ. ජෙමී සමඟ ලැලීබ්රෝක්හ් වෙත යන ක්ලෙයාර් තමන්ගේ ජීවිතය ඒ පරිසරය තුළ මොන විදියට සකස් කරගනීද? අද කොටස නරඹන්න. බාගත කරන පිරිසට අදහසක් පළ කරන්න කියලා යෝජනා කරනවා, නිකන්ම උපසිරැසිය අරගෙන යන්නේ නැතිව. ජයම වේවා..!
126AE668C58A59E86D542756A32606802219D916 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
919 downloadsDownload Outlander_2014.S01E12_baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
21 comments
චාමික දිල්හාර (දිලා)
Caulson
eloo! Waiting for the Agents of shield sub!
chinthaka
thanx bro
isuru
thanks bro!
sampath
athtatama meka enakal balagena hitiye niyama/////habai poddak parakkui.........thanks wade niyamai
sampath
thank.....
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි යශෝද..
බොහොම ස්තුතියි මේ වගේ කතාවක්, සුපිරි කතාවක් බලන්න පෙළබෙව්වට...
හරිම ලස්සනට සරළව, හාස්‍යජනකව කතාව ගලාගෙන යනවා..
ක්ලේයාගේ ගැස්සිලි පැද්දිලි වලට, ඉඟි බිඟි වලට මමත් දැන් වශී වෙලා..
ඒ වගේම සින්ග් මි අ සෝන්ග් තීම් සෝන්ග් ඒකත් පට්ට හොදේ...
වෙනදා නම් ඒ ටික යැව්වා.. දැන් නම් ඒකත් බලනවා..
එහෙනම් ඔන්න සබ් එක ගන්නවා..
ජය වේවා..Bhathiya
බොහොම ස්තුතියි උපසිරසට ජය වේවා....!
අබා
බොහෝම ස්තුතියි සමීර..ඉක්මනින්ම උපසිරැසිය දුන්නට....ජයවේවා...ආසාවෙන් බලනවා අපි...!!!
sadun
thanks yaluwa digatama yamu.
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
krish
බොහොම පින්
Achintha Sameera
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ් එකට
13ත් ඇවිත් තියෙන්නේ මචෝ“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය.......නයන
BOHOMA STHUTHI SAHO....
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
oshan
well done thanx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම පින් යශෝධ අයියේ එල......