කොහොමද ඉතින් කට්ටියට. හීනෙන්වත් හිතපු නැති වැඩකට තමා මට අත අගහන්න වුණේ. බුකියේ සැරි සර සර ඉන්නකොට එක පාරට මැසේජ් එකක් ආවා. බලද්දී හසන්ත අයියා. චැට් ඕෆ් කොරලා තියෙන නිසා මිනිහට හොයාගන්න බැරිවෙලා හරියටම මම ඉන්නවද ඔන්ලයින් නැද්ද කියලා. ඉතින් මිනිහා මට මැසේජ් එකක් දාලා “පූස්ස්, උඹ ඉන්නවද” කියලා. මම ඉති…

කොහොමද ඉතින් කට්ටියට. හීනෙන්වත් හිතපු නැති වැඩකට තමා මට අත අගහන්න වුණේ. බුකියේ සැරි සර සර ඉන්නකොට එක පාරට මැසේජ් එකක් ආවා. බලද්දී හසන්ත අයියා. චැට් ඕෆ් කොරලා තියෙන නිසා මිනිහට හොයාගන්න බැරිවෙලා හරියටම මම ඉන්නවද ඔන්ලයින් නැද්ද කියලා. ඉතින් මිනිහා මට මැසේජ් එකක් දාලා “පූස්ස්, උඹ ඉන්නවද” කියලා. මම ඉතින් දන්නවා මිනිහා මැසේජ් එකක් දාන්නෙ “ආ මචන්, කාලද බීලද “කියලා දුක සැප අහලා බලන්න නෙවෙයි කියලා 😛 දැන් ඉතින් 100%ක් ෂුවර් සබක් කොටන්න වෙනවා කියන එක. මාත් ඉතින් “ ඔව් ඉන්නවා” කියලා රිප් කොලාම මෙන්න මැසේජ් එකක් ආවා “ගෝතම් සීසන් 2 කරමුද” කියලා… මම ඇස්දෙක ආයෙමත් පිහිදාලා බැලුවා වැරදිලාවත්ද කියලා. ඇත්තම කිවුවොත් මම ඒ වෙනකොට, අඩුමගානේ මේ සබ් එක කරද්දීවත් ගෝතම් සීසන් 1 සම්පූර්ණයෙන් බලලා තිබ්බේ නෑ. වෙලාවක් තිබ්බේ නෑ තිබ්බ වැඩත් එක්ක. ඉතින් මම ඇහුවා ඇයි කළින් කෙනා කරන්නෙ නැද්ද, කවුද කළින් එක කළේ කියලා??? මෑන් රිප් කරනවා” යකෝ මමයි කළේ කියලා” 😀 දැන් ඉතින් හසා අයියා සීයා කෙනෙක් නිසා මුනුපුරු මිනිබිරියන් එක්ක කාලෙ ගත කරන්න ඕනැලු. ඒ නිසා පොඩ්ඩක් රිලැක්ස් වෙනවලු සතිපතා එන ටීවී සීරියස් වලින් අයින් වෙලා. 😛 ඉතින් මොනා කරන්නද. මම ගෝතම් සීසන් 2 වැඩේ බාරගත්තා. කට්ටියට මතක ඇතිනේ හසා අයියා ගෝතම් සීසන් 1 අන්තිම ලිපියේදී එයා සීසන් 2 වෙන කෙනෙක්ට දෙනවා කිවුවා කියලා. ඒ සීසන් 2 ලබාගැනීමේ භාග්‍යය ( හෝ අභාග්‍යය :P) ලැබුණේ ඔන්න මට තමා. DC ලෝලියෙක් වෙන මට ලැබිච්ච අවස්ථාව ගැනත් පොඩ්ඩක් විතර සතුටුයි ඉතින්. 😀 හැබැයි ඉතින් හසා අයියා කියලා තිබ්බේ සීසන් 2 අරගෙන එන්නෙ හසා අයියා වගේම දක්ෂ උපසිරැසි කරුවෙක් කියලා. අනේ ඉතින් මම කියන්නම ඕනා මම නම් හසා අයියා තරම් දක්ෂ නෑ ඔන්න. සබ් කරද්දී මම හසා අයියගෙන් ලබා ගත්ත සමහර දේවල් අනන්තයි. ඒ නිසා මම හසා අයියගේ මට්ටමේ නම් නෑ. හැබැයි ඉතින් මම මගෙ පුළුවන් උපරිමෙන් සබ් එක කළා. මේ ලිපියෙ මම ලියන කොටස ලියද්දි පාන්දර 5.30යි.මෙහෙම නිදි මැරුවට මට අම්බානෙට උණ හැදිලා ඉන්නෙ. ඒ තියෙද්දිත් තමා මේ නිදි මරාගෙන ඔයාලට ඉක්මනටම උපසිරැසිය දෙන්න ඕන නිසා පණ දාගෙන සබ කොටන්නෙ. මට සීසන් 1 තාමත් සම්පූර්ණයෙන්ම බලන්න බැරි වුන නිසා ලිපිය ලියන්න දුන්නෙ අපේ ලංකාවේ හයිඩ්‍රා නියෝජිත තිසර නියෝ හෙවත් තිසර බුද්ධිකයට. අනේ ඉතින් කොල්ලා බෑ නොකියම පැයක් යන්න ඉස්සෙල්ලා වැඩේ කොරලා දුන්නා. එහෙනම් කට්ටිය දැන් ඉතින් තිසර කොල්ලගේ ලිපිය කියවගෙනම යන්නකෝ.
ගෝතම් කතාවේ පලවෙනි අදියර හසන්ත අයිය අරගෙන ආවා කට්ටියට මතකයිනේ. හැබැයි දෙවෙනි අදියරේදී මේ පාර මේකට අහු උනේ අපේ පූසා. මේපාර දෙවෙනි අදියරේ පලවෙනි කොටසට පූර්විකාවක් දෙන්න කියල ඉල්ලුව නිසා ඔන්න ඉතින් කලින් අදියර ගැන පොඩි හැඳින්වීමක් දෙන්න තමයි මම ආවේ. හැමදාම වගේ මුහුණුපොතේ කොමික් ස්ක්‍රිප්ට් කණ්ඩායම තමයි උදව්වට ආවේ.
අපි මේ කතාකරන්නේ ගෝතම් කතාව ගැන. අපි බලමු ගෝතම් කතාවේ සීසන් 2 මොන වගේ වෙයිද කියන එක. හැබයි ඊට කලින් මේ කතාව ගැන මුලික තොරතුරු ටික බලලා ඉමු.
- DC කොමික් වල එන Gotham කියන මනකල්පිත නගරය වටා ගොඩ නැගී ඇත
- නිෂ්පාදන සමාගම – DC Entertainment, Primrose Hill Productions, Warner Bros. Television
- බෙදා හැරීමේ අයිතිය – Warner Bros. Television Distribution
- විකාශය වෙන නාලිකාව – Fox
- විකාශය ආරම්භ වූ දිනය – 2014 සැප්තැම්බර් 22
- නිර්මාණකරණය – Danny Cannon, Bruno Heller, John Stephens, Ben Edlund, Scott White
- විකාශය වී ඇති සීසන් ගණන – 1
- විකාශය වී ඇති කොටස් ගණන – 22
- සීසන් 2 පලවෙනි කොටස නිකුත් විය
කතා මාලාවක් සාර්ථක වෙන්න චරිත මොන තරම් බලපානවාද කියලා පෙන්වන මෑත කාලයේ ආපු හොදම උදාහරණයක් විදිහට ගෝතම් කතාව හදුන්වන්න පුළුවන්. ආරම්භයේ ඉදන්ම චරිත නිරුපනය අතින් ගෝතම් කතා මාලාව ඉස්සරහින් හිටියා. ඒ මට්ටමට ආවේ කොමික් තේමාවක් ගත්ත කතා මාලා අතරින් ඩෙයාඩෙවිල් කතා ව විතරයි. ඒ හින්දාම ආරම්බයේ සුළු සුළු අඩු පාඩු තිබුනත් ගෝතම් කතා මාලාව අවසානයේ දී ගොඩක් ජනප්‍රිය උනා.
පලවෙනි සීසන් එක ඉවර වෙද්දී ගෝතම් නගරය වසා ගෙන හිටපු විවිධ මට්ටමේ අපරාධ කල්ලි විනාශ වෙලා පෙන්ගුවින් තමන්ගේ ආධිපත්‍ය පතුරුවන්න පටන් ගත්තා. ඇත්තම ගෝතම් කියන්නේ වීදී තක්කඩියෝ රස්තියාදු ගහන තැනක් නෙවේ. ඊට වඩා මොලේ කචල් අපරාධ කාරයෝ සැරිසරන තැනක්. ඒකට අවශ්‍ය පසුබිම ගෝතම් පලවෙනි සීසන් එකෙන් අපිට ලබා දුන්නා. අපි කොච්චර ආස කෙරුවත් ෆිෂ් මුනිට පවා ගෝතම් වලින් ඉවත් වෙන්න උනේ මේ හින්දා. ගෝතම් කතාමාලාවේ හිටපු දක්ෂ නිලියක් තමයි Jada Pinkett Smith. හැබයි අවාසනාවකට වගේ මේ චරිතය දෙවෙනි සීසන් එකට ගෙනියන්නේ නෑ. හැබයි පලවෙනි සීසන් එක තුල කරපු දේ හින්දා මේ චරිතය අපිට ලේසියෙන් අමතක වෙන්නේ නෑ.
දැන් ගෝතම් වල ඉන්නේ පෙන්ගුවින්. එයාගේ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගෝතම් නගරයේ බලය අල්ලා ගන්න එක තමයි පෙන්ගුවින් ගේ එකම අරමුණ උනේ. ගෝතම් කතා මාලව ඇතුලේ දී අපිට පෙන්ගුවින් ගේ නැගී සිටීම හොදටම දැක ගන්න පුළුවන් උනා. ඒ වෙනුවෙන් පෙන්ගුවින් මහන්සි උන විදිහ ඇත්තටම පුදුමාකාරයි. ෆැල්කෝනි ස්වකැමැත්තෙන් විශ්‍රාම ගැනීමත් එක්ක (ඒ නැතත් ෆැල්කෝනි ගේ අධිරාජ්‍ය දෙදරලා ගිහින් තිබ්බේ) පෙන්ගුවින් නිකම්ම ගෝතම් නගරයේ අපරාධ කල්ලියේ නායකයා උනා. අවසානේ දී පෙන්ගුවින් එයාගේ සිහිනය සැබෑ කර ගත්තා ඇත්තම කියනවා නම් පෙන්ගුවින් කියන්නේ එක්තරා විදිහකින් ගෝතම් නගරයේ සංවර්ධනය ට දායක උණු කෙනෙක්. වේන් පවුල දුප්පත් කෙනා ගේ ඉදලා දියුණුව ඇතිකරන්න කටයුතු කරද්දී පෙන්ගුවින් ඕනෑම ක්‍රමයකින් හරි සල්ලි හොයන්න බැලුවා. ඒ සල්ලි එයා නගරයේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කෙරුවා. යොදා ගත්තේ කළු සල්ලි උණාට ගෝතම් නගරය යම් තැනකට ගේන්න ඒක උදව් උනා.
ගෝතම් කතාවේ දී මේ දක්වා අපිට දුෂ්ටයෝ කිහිප දෙනක් ගැනම ඉඟි දුන්නාට ලොකුවට මතුවෙලා ආවේ පෙන්ගුවින් සහ නිග්මා. හැබැයි තාම නිග්මා ගේ චරිතය සම්පුර්ණයෙන්ම එලියට දැම්මේ නෑ. එයා ගැන වැඩි විස්තර බලා ගන්න අපිට පුළුවන් වෙනවා ඉස්සරහට. ඒ වගේම මේ දක්වා පොඩි විස්තර ලබා දුන්නු ස්කෙයාක්‍රෝ ගැනත් අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. හාර්වි ඩෙන්ට් ප්‍රබල නිරුපනයක් කෙරුවට දැන්මම එයා ටූ ෆේස් වෙයිද කියන්නත් බෑ. එතනින් ගිහාම වික්ටර් සාස් එහෙමත් අමතක කරන්න බෑ. හැබයි අපේ ලොකුම අවධානය මේ කවුරුත් නෙවේ, ජෝකර්. දැනට ආරංචි තොරතුරු අනුව බැට් මෑන් ගේ ලොකු විලන් කෙනෙක් සීසන්2 වල දී හඳුන්වා දෙනවා. මෙහෙම කියද්දී මතක් වෙන්නේ අපිට ජෝකර් වනේ. ඔයලාට මතක නම් සීසන් 1 පුරාම ලබා දුන්නු ජෝකර් ඊස්ටර් එග් වලින් වැදගත්ම එක ජෙරොම් කියන ලමයා ගැන කියලා. එයා සීසන් 2 වලට එකතු වෙනවා කියන්නේ මේ මතය තවත් තහවුරු වෙනවා. මීට අමතරව සීසන් 2 වලට Mr. Freeze, Clayfaceසහ Mad Hatter කියන චරිත එකතු වෙන්න නියමිතයි.
නරක අය ගැන කතා කරද්දී සෙලිනා ගැන කතා නොකරම බෑනේ. කතාව අවසානේ දී සෙලිනා ට උනේ මොකක්ද කියන එක හැමෝටම අවුලක් උනා. කොහොමත් සෙලිනා කියන්නේ මුල් කාලේ දී බැට් මෑන් ගේ දුෂ්ටයෙක් නේ. එයා ගේ ඒ චරිතය ඉස්සරහට ගෙනියන්න වෙනවා. ඒ හින්දා දෙවෙනි සීසන් එකේ දී හොදටම නරක් උණු සෙලිනා කෙනෙක් දකින්න පුළුවන් වෙයි අපිට. අමතක කරන්න එපා පොයිසන් අයිවී ඉන්නෙත් මෙයා එක්කම කියන එක. කතාවේ දකින්න ලැබුණු අමුතුම සිදුවීම තමයි සෙලිනා ගේ වෙනස් වීම. සෙලිනා තමන් අතින් කෙනෙක් මැරුණා කියන කාරණය ගැන පසුතැවිලි වෙන්නේ නෑ. ඒත් මේ කාරණය එයා අයහපත් මාර්ගයට ඇදලා දාන්න තරම් බරපතල ද කියන සැකය තියනවා. ඒත් අපිට කොමික් වල කරුණු සම්පුර්ණයෙන්ම අමතක කරන්න බෑ. මොකද කොමික් වල දී කැට් වුමන් කියන්නේ බැට් මෑන් ට එරෙහිව ක්‍රියා කරන කෙනෙක්. අඩු ගානේ මුල් කාලයේ දී. ඒ හින්දා මේ සිදුවීම අපි බලාපොරොත්තු විය යුතු දෙයක්.
හැබයි ඩොක්ටර් ලෙස්ලිව මරන්න හදපු බාබරා ගේ චරිතය මොන පැත්තකට ගෙනියනවාද කියන එක නම් කියන්න අමාරුයි දැන්ම. ඩොක්ටර් ලෙස්ලි සහ බාබරා අතර දර්ශනය ඇත්තටම කතාවේ තේමාවෙන් පිට ගිය එකක් විදිහට ගන්න පුලුවන්. පලවෙනි සීසන් එක ඉවර උනත් අපිට බාබරා ගේ චරිතය මොන විදිහට සකස් වෙයිද කියන්න බෑ. හැබයි දැන් තියන තත්ත්වය අනුව නම් ගෝර්ඩන් සහ බාබරා අතර සම්බන්ධයක් ගැන හිතන්න අමාරුයි
නරක අය වගේම හොඳ අය ගැනත් කියන්න වෙනවා නේ. ගෝර්ඩන් වටා ඉන්න මිතුරු පිරිස දිගටම කතාවේ ඉන්නවා. කතාවේ මුල් කොටස් වල අපිට මුණ ගැහුණුRenee Montoya සහ Crispus Allen දෙන්නා අමතක කරන්න බෑ අපිට. මේ දෙන්නා ගොඩක් වැදගත් දෙන්නෙක් කියලා අපි කිව්වා මතක ඇතිනේ. ඒකට හේතුව තමයි අනාගතයේ මේ දෙන්නා The Question සහ Spectre වෙනවනේ. හැබයි මේ සිද්දිය සීසන් 2 දී නම් වෙන්නේ නැතිවෙයි. හැබයි මෙයාලට කලින් මේ තනතුර දරපු Vic Sage සහ Jim Corrigan ගැන නම් අපිට බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් කියලා හිතනවා.
අන්තිමට තමයි බ්රුස් වේන් ගැන. කතාව ඉවර උනේ එයා බැට් කේව් එක හොයා ගන්න තැනින් නේ. ගෝතම් කතාවේ ආරම්භයේ ඉදන්ම කියපු කතාවක් තමයි මේ සීසන් එක ඉවර වෙන්නේ බ්රුස් බැට් කේව් එක හොයාගෙන කියලා. අපිට දකින්න හම්බුනු රහස් මාර්ගය පැහැදිලිවම බැට් කේව් එකට යන පඩි පෙළ. අපිට ගෝතම් කතා මාලාවේ බැට් මෑන් දකින්න බැරි උනත් ඒ පසුබිම දකින්න පුළුවන් වෙනවා. වැදගත්ම කාරනය තමයි බ්රුස් ගේ තාත්තා බැට් කේව් එක ඇතුලේ ඉදන් මොකක්ද කෙරුවේ කියන එක. අපි මේ වෙද්දී ෆ්ලෑෂ් පොයින්ට් කතා මාලාවේ දී සහ Earth 2 යුනිවර්ස් එකේ දී තෝමස් වේන් බැට් මෑන් විදිහට ඉන්නවා දැකලා තියනවා. ගෝතම් කතා වේ දී අපිට මේ කාරණය දකින්න බැරි උණාට පැහැදිලිවම තෝමස් වේන් මේ රහස් කුටිය භාවිතා කරන්න නම් ලොකු හේතුවක් තියෙන්නම ඕනේ. මොකද තවමත්Fox ආයතනයට බැට් මෑන් කියන නම කතාවට යොදා ගන්න අවසර නෑ. ඒ හින්දා සීසන් 2 වල දී ත් බැට් මෑන් නම් එන්නේ නැති වෙයි.
ගෝතම් දෙවෙනි සීසන් එකේ දී. ඇත්තටම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ පෙන්ගුවින් ගේ නායකත්වයෙන් යුතු අලුත් ගෝතම් නගරයක්. ඒ ඇතුලේ අපිට නිග්මා වගේ චරිත වල නැගී සිටීම වගේම ජෝකර් වගේ චරිත වල බිහිවීමත් දැක ගන්න පුළුවන් වෙයි. ඊට අමතරව මේ කතා මාලාව පුරා අපිට මුණ ගැහුණු ගොඩක් චරිත ඊළඟ සීසන් එක ඇතුලේ දැක ගන්න පුළුවන් වෙයි. පැහැදිලිවම පෙන්ගුවින් සහ බ්රුස් නගරයේ යහපත වෙනුවෙන් කැප වෙන (ආකාර දෙකක යහපත, ඇත්තටම පෙන්ගුවින් ගෝතම් නගරය ඇතුලේ පිළිවෙලක් සකස් කෙරුවා) විදිහ දැක ගන්න පුළුවන්.
පූසා ලිපියක් දෙන්න කීවට මුහුණුපොතේ Comic Script සහෝදරවරු අපූර්ව ලිපි පෙළක් කලින් දීල තිබුනා. ඉතින් උඩ ඔයාල කියවපු මේ තොරතුරු එයාලගේ ලිපි කිහිපයක් එකතු කරලා තමයි මම අරගෙන ආවේ.
එහෙනම් දෙවෙනි අදියර බලලම කට්ට්ය මේ අදියර ගැනත් දැනගන්නකො…. ජයවේවා..
#Hail_Hydra
ලිපිය පට්ටයිනේ… 😀 ලිපියෙන් මාව ගොඩ දාලා දුන්න තිසර කොලුවටයි, අපේ කොමික් ස්ක්‍රිප්ට් ඇඩ්මින්ලා සෙට් එකටයි ආයේ පාරක් මම ස්තූති කරන ගමන් සමුගන්නවා. එහෙනම් ලබන සතියේ දෙවනි එපියෙන් හම්බෙමුකෝ…
ජය වේවා…!!!
“ You can’t have both happiness and the truth.You have to choose”
~ Thomas Wayne ~
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,025 downloadsDownload Gotham-S02E01-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
80 comments
D Chamara
Nilupul Madukapriya Perera
හත්වලාමේ ...මෙන්න මේක දාලා .. හේ හේ මරු..
ලෙඩ අස්සේ අමාරුවෙන් සබ හදපු සමන් සහෝට සහ ලිපිය ලියපු තිසර නියෝ
සහොටත් ස්තුතියි... කැමැත්තෙන්ම මග බලන් උන්නු කතාවක් ..
ආයේ දෙකක් නැහැ ගින්දර වගේ තියෙයි සීසන් 2..
ඉතින් හැමදාම අපි වගේ ඉක්මනට උපසිරසි බලාපොරොත්තුවෙන් ඉන්නවා ..
ඔබට ජය...Nilupul Madukapriya Perera
හත්වලාමේ ...මෙන්න මේක දාලා .. හේ හේ මරු..
ලෙඩ අස්සේ අමාරුවෙන් සබ හදපු සමන් සහෝට සහ ලිපිය ලියපු තිසර නියෝ
සහොටත් ස්තුතියි... කැමැත්තෙන්ම මග බලන් උන්නු කතාවක් ..
ආයේ දෙකක් නැහැ ගින්දර වගේ තියෙයි සීසන් 2..
ඉතින් හැමදාම අපි මේවගේ ඉක්මනට උපසිරසි බලාපොරොත්තුවෙන් ඉන්නවා ..
ඔබට ජය...ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
තාම පලවෙනි සීසන් එක බලන්න බැරිවුනා!
යථා කාලේදී සෙට් වෙන්නම්!
ජය!!!!!!!rio rulzz
patta bn mechara ikmnta dewi kiyala hiyjunema nha thnkzzzzzzzzzzzzzzzzzz
achi
S02 ඇවිල්ලනේ.
උපසිරැසියට ගොඩක් ස්තූති සහෝ!!!
ලිපිය ලියපු තිසර නියෝ සහොටත් ස්තූති.
ජය!!!Ama
දෙන්නටම බොහෝම පින් !!!
S.K.Ruchiranga
thz machooo
thisal
තැන්ක්ස් මචො සුපිරි
Mathisha
thanx broh
chamila
thankx a lot much..patta..
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
බුදු සරණයි! දෙවි පිහිටයි!
සමන් ප්‍රසාද් [පූසා]
මම දැකලා තියෙනවා ඔයා හැමදාම වගේ Smallville සබ් එක දෙන්න කියලා ඉල්ලනවා.
අපිටත් තේරෙනවා කොල්ලෝ ඔයාලගෙ තියෙන උනන්දුවයි ආසාවයි ඒකට සබ් එක ගන්න.
අපි කට්ටිය එක්ක කතා කරලා ඒ ගැන පොඩ්ඩක් සළකලා බලන්නම්... :)
අදහස් දැක්වීමට ස්තූතියි කොල්ලෝ... :)
නලින්
එළ පුසා! කලින්ම බාගත්තා ඉතිං පුසා දෙනවා කියලා දන්න නිසා!
දිගටම ඕනේ...
ජය වේවා!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ මේක කරන්න ගත්තට..
මේක කලින් ආපු එපිය..Release වෙන්න තියෙන්නේ Sep 21..ඒ එපියටත් පොඩි එකක් දෙමු..
එහෙනම් අමරු අස්සේ මේ කරන සේවයට ස්තූතියි සහෝ.ජය වේවා !!!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ මේක කරන්න ගත්තට..
මේක කලින් ආපු එපිය..Release වෙන්න තියෙන්නේ Sep 21..ඒ එපියටත් පොඩි Update එකක් දෙමු..
එහෙනම් අමරු අස්සේ මේ කරන සේවයට ස්තූතියි සහෝ.ජය වේවා !!!
Sadu..
tnkz
නිර්මාණි
අප්පා. පූස් මල්ලි සීඝ්‍රගාමීව දීලානෙ. දෙනකන් මඟ බලන් හිටියත් ඉතින් බලන්න වෙලාවක් නෙ නැත්තෙ. තව දවස් දහයක් දොළහක් ඉවසන් ඉන්න එපැයි බලන්න. ඒ හන්දා ඔන්න බැලුවද බැලුවද අහන්න එපා :D දැන්ම බලන්න වෙන්නෙ නෑ. ආහ් උපසිරසියට ස්තූතියි. හසන්ත අයියාගෙ කොලිටියට නොතිබ්බොත් බලාගමු. හෙ හේ :D
Sameera
ජය වේවා…!!!
Rasidu
අම්මෝ මේක ඇවිතුත් එක්ක...නියමයි...sub එකට තැන්ක්ස්....
නිලංක ලහිරු විමුක්ති
එල කොලුවෝ..
chamith
enakam dan na ne...thankz saho
ශාන් විමුක්ති [විමා]
"හසා අයියා සීයා කෙනෙක් නිසා මුනුපුරු මිනිබිරියන් එක්ක කාලෙ ගත කරන්න ඕනැලු"
තරුණ කොල්ලන්ට ඔහොම කියන්ඩ එපා බන් කෑල්ලක් ටෝක් කරගන්න බැරිවෙයි
ඊළඟ සබවත් ඉක්මනට දිහන් අතගගා ඉන්නේ නැතුව මෙතන
නැත්නම් මේකට සබ් කරන්න ළමයෙකුට දීපන් පුසෝ
සබට තුති බන් මෙන්න ගන්නව
සද්ද දැම්මට තවම මේක බාලවත් නෑ :pdilan
supiri macho..thanks. puluwannam hd vidEo ekata sub danna web ela ecchara supiri ne.
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
waruna
thnkxx mcn sub ekt.puluwannam me tv series eketh sub denda puluwanda "The Bastard Executioner""
Pradeep Anuruddha Dissanayake
හම්මේ.බුකියේ පොඩි කසුකුසුවක් ගියපු නිසා පොඩ්ඩක් විපරම් කරලා බලද්දී ගිනි බෝලෙට භූමිතෙල් ගැහුවා වගේ සබ දීලා.තැන්කු තැන්කු බ්‍රෝ....
pramuk
thanx bro....................
Oshan
Patta lipiya mathakaya aluth una . Digatama denna api oba samagai thanks
yumal
thamkzzzzzzzzzzzzz bro balan hitiye denakan meka
tharindu
thanks machan digatama sub aka danta.
sajeevi
thanks
maithree
thank you !!!!!!!!!!!!!!
සුරිත විතාරණ
sub 1ට ස්තුතියි........
sandun
Ela ela,niyamai, thanx machan .digatama sub demu
Suresh Jayathilaka
Superb!
sanath indika
මෙක ඒනකන් තමා බලාගෙන ඉදියේ. ස්තුතියි සහෝ
sulakshana
***maru katawak*** season 2 digatama dendaa
first season ekat okkama baluwa
site ekata log wenna hari amarui mokada eeYsa
ade mekath awillada,s01 baluweth langandi.ela ela saho.....4n 1n site 1ta enda tikak awl hinda dawas ganakata passe me patte awe...niyamai sahoooo....digatama demu....jaya wewaaaa....
sami
lipiya nm supiri hode dennagema :D thanx foe de sub ..... !!!
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ගැලපෙනම කෙනාට කතාව ලැබිල තියෙන්නේ. එහෙනම් බැලිල්ලක් විතරමයි. ජය෴෴ :P :P
Anonymous 007
Sub ekta bohoma sthuthi..me rip eka nm hari na.next eke idn hoda rip ekakata sub denna.
ඇනොනිමස් කොල්ලා
සබ දුන්නු එකට thx බ්‍රෝ......
ඉදහන්කො මමත් සබක් කොටාගෙන කොටාගෙන යනව ....
ලගදිම දානම්....
එලManoj
බොහොම ස්තූතියි සහෝ
Nowty SaSha
kiyavanna hena gemakdunna bn .....ilaga sare script eka short karala dahan a
Nowty SaSha
and thanks
ishan
Me season ekath digatama diyan mcn. gotham is my favorite jaya wewa
Vidura
sub dunna ekata thax :)
Greatlahiru
kawda bole me pusa...oya wagema speed eken issarahatath demu ne..elzz bro
Supun Madhusanka (Bunny)
Thanks saho..... get well soon.....
olympus camera repairs
I wanted to visit and let you know how great I appreciated discovering your blog today. I would consider it the honor to operate at my office and be able to use the tips provided on your website and also be a part of visitors' comments like this. Should a position of guest author become offered at your end, make sure you let me know. holiday in cuba
chiran maduranga
Dan TV series bar eka podi handa mata meka thawa podden maga harenawa. Hoda welawata search parak damme.
Sub ekata thanxxxx :-)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

yakoo daiyak namai dewalayak denakam balagen hitiya niyami sahoo niyami
degatma karagena yamooo jaya....... :D