අද නම් හොඳටම පරක්කුයි. මොකද ඉතින් මේ ටිකේ විදුලි බලය සැරින් සැරේ ඇන හිටින නිසා. ලබන සතියේ නම් පරක්කු වෙන එකක් නෑ මේ වගේ. මුලින්ම ස්තූති කරන්න ඕනා අපේ කළින් ගෝතම් සබ් නිර්මාතෘ හසා අයියට. මොකද අද එපියේ ලයින් 800+ තියෙනවා. ඉතින් ලයින් 200+ ගානක් කරලා දුන්නෙ හසා අයියා තමා. බොහොම පින් හසා අයියේ වැඩේට. […

අද නම් හොඳටම පරක්කුයි. මොකද ඉතින් මේ ටිකේ විදුලි බලය සැරින් සැරේ ඇන හිටින නිසා. ලබන සතියේ නම් පරක්කු වෙන එකක් නෑ මේ වගේ. මුලින්ම ස්තූති කරන්න ඕනා අපේ කළින් ගෝතම් සබ් නිර්මාතෘ හසා අයියට. මොකද අද එපියේ ලයින් 800+ තියෙනවා. ඉතින් ලයින් 200+ ගානක් කරලා දුන්නෙ හසා අයියා තමා. බොහොම පින් හසා අයියේ වැඩේට. 😀 එහෙනම් අද කතාව බලමුකො. ගිය සතියේ අන්තිමට මතක ඇතිනෙ ෆ්‍රීස් එනවා. ඉතින් හැබැයි අද කතාවේ නම් ෆ්‍රීස් නෑ. හැබැයි පරණ කෝන්තරයක් අද ඇදලා ගන්නවා. ඒ මොකද්ද? ඒ තමා ක්‍රින්ගල් කෝ කියන එක. ලී තමා මේක හොයන්න මුල පුරන්නෙ. එඩ්ට දැන් මේක ගැන යකා නැගලා ඉන්නෙ. ඒ අතරෙ ඔන්න පෙන්ගුයින්වත් ආකම් වලින් නිදහස් කරනවා. හැබැයි හියුගෝ ඒක කරන්නෙ හිතේ යටි අරමුණක් තියාගෙන. මිසිස් පීබොඩී එතනදී එතනදී කියනවා අර්ධ මිනිස් අර්ධ සත්ව මිනිස්සු හදන පරීක්‍ෂණයක් ගැන. කා ගැනද මේ කියන්නෙ???
ඉස්සරහටම තමා ඒ ගැන බලාගන්න වෙන්නෙ. මොකද මෙතන ලොකු දෙයක් වෙනවා වෙන්න ඕනා. මොකද අපි ගිය සතියේ දැක්කනෙ තියෝ සහ තවත් දෙන්නෙක්( තියෝට පස්සෙ හිටපු කෙනා ජෙරොම් වෙන්න ඕනා) ඉන්නවා. ඉතින් මොනා වුණත් ස්ට්‍රේන්ජ් ලොකු වැඩකට අත ගහලා තියෙනවා කියලා පේනවා. ඒ වගේම අද ප්‍රධානම එක බෲස් මැචෙස්ව මරනවාද නැද්ද??? බලන්න. එපියේ අන්තිමට ඉතින් මොනා වුණත් නොකියා කියනවා බැට්මෑන් ගැන. අන්තිමට අහසේ හඳ පායලා තියෙනවා පෙන්නන එකෙන් මට හිතුනෙ බැට් සිග්නල් එක නොවුනත් ඒ අනාගත බැට් සිග්නල් එක ගැන තමා කියන්නෙ කියලා. අනික අද ඉන්න ජෙරී. මොනා වුණත් මට ජෙරීව සීයට 60ක් විතර පෙනුනෙ හීත් ලෙජර් විදිහට. මං කියන්නෙ හීත්ගෙ ඇක්ටින් අනුකරණය කළා කියන එක.
කණ්නාඩිය ළඟ වාඩි වෙලා ඉන්නකොට ඇඟිල්ල දික් කරන විදිහ, තුවක්කුව අරගෙන ඔළුවට තියාගන්න විදිහ.ඒවා නම් ගෙඩි පිටින්ම හීත්ගෙ ඇක්ටින් වගේ. අනික ගෝතම් පොලීසිය ඇතුලෙදි හැසිරෙන විදිහ. මොනා වුණත් ජෙරී මට ආයෙම හීත් ලෙජර්ව මතක් කළා අද. එහෙනම් සුපර්ගර්ල් එක්ක හම්බෙමු. පොඩ්ඩක් පරක්කු වෙයි. මේ දවස් දෙකම ක්ලාස්. :/ ඒකයි. එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!! ආ… එපිය බලන්න කළින් පල්ලෙහා තියෙන එඩ්ගෙ ප්‍රේහෙලිකාවට උත්තරෙත් කොටාගෙනම යන්නකෝ පුළුවන් නම්… 😉 ( ඇමැන්ඩා වොලර් වගේ I have google කියලා කියන්න එපා ඉතිං. ට්‍රයි කරලා බලන්න හිතාගන්න පුළුවන්ද කියලා 😉 )
“I’m strong as a rock, but a word can destroy me.
What am I? “
~ Ed ~
Due to copyright issues, we do not provide any torrent links.
Gotham S02E14 720p HDTV [720p]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,826 downloadsDownload Gotham-S02E14.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
38 comments
Ravindu Adithya
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana
thannkksssssssssssssssss............
Kavindu Jananga
අද මම 2.ස්තුති සහෝ සබට.උත්තරේ නිශ්ශබ්ද තාවයද?
SAJITH UDITHA
උත්තරේ "චරිතෙ" වෙන්නැති.
Kavindu Jananga
:3
Namesh
Ada mamath 3 lu.... ..... onna mamath baanna dammoooooo........ elama...elama....sub ekata thx bro....
Sajeevi
Thanks
Buddila Nilaksha
sub ekata thanx sahoo
SAJITH UDITHA
සබ් එකට තෑන්ක්ස් ආ. අළුත් වැඩේනං එලකිරිම තමා. ඔන්න ඔහොම හැමදාම Riddlerගෙ Riddles එක ගානෙ දාන්නකො. මාත් ඕවා හොය හොයා ඉන්නෙ. නියම වැඩේ ඒක.!!!
ජයවේවා!!!
SAJITH UDITHA
Answer is "Silence"
Kasun Upeksha
ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට
Lakshan
Thanks
Vidura
Thanks Bro
Haritha Dayanga
පිළිතුර නිෂ්ශබ්දතාවය
සබට ස්තූතී
එලහ් වැඩක් Riddles දාන එකHasanka Sanjana
Thanks Sub ekata...
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Sanath Indika
ස්තුතියි සහෝ
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
pramk
thanx bro.....
chamila
thankx sahooo
silent$
Pattaaaaaaaaaaa!!!!!!!!!
D Chamara
bohoma sthuthii sahooo niyamai degatama karagena yamao
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
මධුකප්‍රිය පෙරේරා
මේ කරන්ට් ජරමරේ නිසා අද තමා මේ සතියෙම
කතා ටික බලන්න වෙලාවක් ලැබුනේ..
සබට ස්තුති පූසා සහ හසා මාමිට...Thevindu Kumarage
Thanx Bro!"Silence"?
Ruchira
sub1 ට ස්තුතියි......
yumal
thankzzzzzzzzzzzz bro
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. හපොයි දවස් 13 කට විතර පස්සේ ඔක්කොම කතා ටික බලන්නේ දැන් මෙන්න එහෙනං මේකෙත් සබ් එක ගත්තා ජය වේවා !!
Janaka Prasad
සුබ් එකට බොහොම ස්තුතියි සහෝ
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Kasun
Wadak n ekakwath hariyata set wenne na,
විමා
අපි සබ් එක දීල තියෙන කොපිය ඩව්න්ලෝඩ් කරගන්න.
www.BaBaiscopedownloads.co වෙබ් එකෙ හරියටම හරියන කොපිය දෙනව.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

I am silence. :-) :-)
kalinma epiya balanna una bro. mama hituwe naa powercut eka nisa adama sub dewi kiyala.
thankx.