Watch Trailer

Gotham [S03 : E01] with Sinhala Subtitles | අමනුස්ස දඩයම ඇරඹේ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියට. ගෝතම් තෙවැනි කතා සමයේ පළවෙනි කතාවත් අරගෙන ඔන්න ආවා. දෙවනි කතා මාලාව ඉවර වෙද්දි මං මේක කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට අන්තිමට කරනවා කියලා හිතා ගත්තා. මොකද මේ ටිකේ කරන්න වෙන කෙනෙක්වත් හොයාගන්න අමාරු නිසයි, මේ වගේ සීරියස් එකකට සබ් නොදී ඉන්න එක අපරාධයක් නිසයි. ඉතින් ඔන්න ආයෙම මං ආ…

Gotham S3-1

කොහොමද ඉතින් කස්ටියට. ගෝතම් තෙවැනි කතා සමයේ පළවෙනි කතාවත් අරගෙන ඔන්න ආවා. දෙවනි කතා මාලාව ඉවර වෙද්දි මං මේක කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට අන්තිමට කරනවා කියලා හිතා ගත්තා. මොකද මේ ටිකේ කරන්න වෙන කෙනෙක්වත් හොයාගන්න අමාරු නිසයි, මේ වගේ සීරියස් එකකට සබ් නොදී ඉන්න එක අපරාධයක් නිසයි. ඉතින් ඔන්න ආයෙම මං ආවා ගෝතම් අරගෙන. හැබැයි ඉතින් මට ජනවාරි වලින් වගේ පස්සෙ මේකට වෙන කෙනෙක්ව හොයාගන්න වෙන හැඩක් තමා තියෙන්නෙ මේක පටන් ගත්තට. බලමු ඒ වෙනකම් එහෙම වුණොත් මං කරනවා. ඉතින් එහෙනම් අද කතාව දිහා පොඩ්ඩක් බලමුකො.

මතකනෙ, දෙවනි කතා මාලාව ඉවර වුණේ ස්ට්‍රේන්ජ්ව පොලීසියට අහුවෙලා අන්තිමට ඉන්ඩියන් හිල් එකේ හිටපු අමනුස්සයෝ ටික ගෝතම් නගරෙට නිදහස් වුණාට පස්සෙනෙ. දැන් ඉතින් ගෝතම් වල අමුතු අමුතු ජාතියේ අමනුස්සයෝ පිරිලා. අපේ ජිම් ගෝඩ්න්ගෙ රාජකාරිය තමා දැන් සල්ලිවලට මේ අමනුස්සයින්ව අල්ලලා ගෝතම් පොලීසියට බාර දෙන එක. මේක ඉතින් වෙන්නෙ ජිම්, ලීව හම්බවෙන්න ගියාට පස්සෙ ලීගෙ ජීවිතේ දැන් වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සෙ. ඒත් ඉතින් ජිම් තාමත් ලීට ආදරෙයි. බාබරයි ටැබතයි එකතු වෙලා දැන් ක්ලබ් එකක් කරනවා. ටැබතා බුච්ට සපත්තුවක් කවලා. බුච් ඉතින් ඒ දීපු සපත්තුව කාගෙන පෙන්ගුයින් එක්ක වැඩ කරනවා. දන්නවනෙ ඉතින් දැන් පෙන්ගුයින්ට තියෙන ලොකුම අවුල. ඔව් ඔව් මූනි තමා. මූනි ආයෙම ඇවිල්ලා නිසා දැන් පෙන්ගුයින්ට හෙන අවුල. පෙන්ගුයින් ඉඳන් ෆිෂ්ව අල්ලලා දෙන කෙනෙක්ට ඩොලර් මිලියනයක් දෙනවා කියලා ආරංචිය යවනවා. ඒ අතරෙ තව හුඟක් දේවල් වෙනවා. කියනවට වඩා බලන එකම තමා හොඳ. දන්නවනෙ, මේ සීසන් එකේදි අළුත් චරිත හුඟාක් එන්න ඉන්නවා කියලා. කිවුවත් වගේ ඔන්න මෑඩ් හැටර් එනවා කියලා තහවුරු වුණා. ඒ වගේම අළුත් පොයිසන් අයිවි. මෙච්චර කල් අයිවි කියලා කිවුවට පොයිසන් කෑල්ල කියවුනේ නෑනෙ(මට මතක විදිහට. දැන් මුල් සීසන් මතකත් නෑ අප්පා. ආයෙම බලන්න ඕනා). අද තමා මං හිතන්නෙ අයිවිව නිළ වශයෙන්ම පොයිසන් අයිවි වෙන්නෙ. අපද්‍රව්‍ය බෙදාහරින නලයක් ඇතුළට අයිවිව වැටෙනවා බලාගන්න පුළුවන්. ඒ තමා ඉතින් පොයිසන් අයිවිගේ ආරම්භය වෙන්න ඕනා(මං හිතන්නෙ). බලමුකො ඉතින් ඉස්සරහට. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු.

බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

ප.ලි. : බයිස්කෝප් ඉතිහාසයේ පළවෙනි වතාවට පත් වෙච්ච කාන්තා ඇඩ්මින්වරියට සුභ පතන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඇඩ්මින් වැඩේ සාර්ථකව කරන්න ශක්තිය එහෙම හම්බෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. 😉

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E01.720p.HDTV.2CH.x265.HEVC-PSA

Gotham.S03E01.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E01.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,645 downloadsDownload Gotham.S03E01.Baiscopelk.com_.rar25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                   All Episodes                         Next Episode>>

 

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

5,645 downloadsDownload Subtitles25 KB

57 comments

  1. KB

    එල සහෝ දිගටම අඑන් යන්න සුභ පතනවා.....

  2. Lakmal Wanniarachi

    tanx bro,puluwan nam lucifer akatath sub aka deana.

  3. sanoj

    බොහොම ස්තුතියි බ්‍රෝ

  4. Kaveesha

    Thanx bro iwasillak nethuwa hitiye me danakam.

  5. මධුකප්‍රිය පෙරේරා

    මම දැනන් උන්නා උබ මේක කරන්න බැහැ කිවේ බොරුවට බව.
    පූසා හොදයි ඩිසි කතාවක් අත අරින්න.
    සීසන් 3 ආරම්භයම සුපිරියක් ..
    උපසිරසියට තුති..
    කවුද බන් ඔය කාන්තා ඇඩ්මින්???

  6. praneeth madu

    tnx saho

  7. Udara Damith B/K

    මාත් අලුත් එක්කෙනාට සුබ පතනවා .
    ජනවාරි වෙනකල් නෙමෙයි මේක ඉවර වෙනකම්ම උපසිරස දෙන්ඩ ඕනි

  8. Sajeevi

    Thanks

  9. ***ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා***

    Thnkz aiye...

  10. Samitha Sandaruwan

    Sub ekata thankz....lucifer season 2 eke palaweni epiyath awa.ekatath sub demu........බයිස්කෝප් එකට ජය...!!!

  11. mathisha

    thankz

  12. srkpoorna

    lucifer SEASON 2 AWA kauda eke sub karanne ?

  13. John

    Thank for share

  14. Hasanka Sanjana

    Thank you

  15. Gathsara Umesh Kumara

    හම්මෝ අපේ පූසා අයියට මාව මතජ දන්නෙ නෑ..දැන් ඉස්කෝලෙ ගිහුල්ල ආපුගමන් බාන දැම්මා...මේක දෙන්කම් බලාගෙන ඉදියේ ඊයෙ රෑ ඉදල.පූස සහෝ මේක කරන්වා කියල මමනම් අනිවා දැනන් ඉදිය.මොකද මේ ව් නතෙක් පූස සහෝ පටන් ගත්ත හැම කතාවක්ම සීසන් කීයක් ආවත් ඉවර කලා.එනේ.ඔන්න මමනම් කතාව ඉවර වෙනකම්ම පූස සහෝඑක් ඉන්නවා...එහෙනම් දෙවෙනි එපියෙන් හමුවෙමු....

  16. Gathsara Umesh Kumara

    අහ්හ්...කෝ ෂීල්ඩ් කතාවෙ හතරවෙනි එක......
    ඒකට් සබ් ඔනේ.......

  17. S.K.Ruchiranga

    thz machooo digtama demu sub

  18. Ravindu Rukshan

    ela ela dekan hitiye sub eka

  19. රයන් ද සිල්වා

    ගෝඩාක් ස්තූතියි සමන් සහෝ
    ඔයා මේ කතාසමයත් බරගෙන සබ් දානවට
    මේක ඔයාම දිගටම සබ් දාන්න සහෝ ටිකක් පරක්කු උනාට අවුලක් නෑ
    එහෙනම් ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  20. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් හමු වෙමු

  21. lakmal

    thanx sahooooo

  22. nuwan

    ado sub eke kotune yanne moko karanne bn ekata

    1. සමන් ප්‍රසාද්

      KM Player එක හරි Codec player එක හරි පාවිච්චි කරලා බලන්න සහෝ.

  23. chanuka

    thanksssssssssssss

  24. Yumal

    thankZZ bro!!!!!!!!

  25. madushan

    THNAks....

  26. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. D.Chamara

    hamme me thiyan koi wela daida kiyala balagena hitiya bohoma sthuthiu sahoo niyamai degatama karagena yamoo

  28. Sanath Indika

    thx brooo

  29. Muditha Praboth

    Nothing words.......... ThankQ bro.....

  30. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ
    මොකද්ද මේ කාන්තා ඇඩ්මින් කතාව..
    Lusifar එකට සබ් දෙන්නේ කවුද දන්නේ නෑ නේ?? උදේ ඉදන් බලන් ඉන්නවා ඩවුන්ලෝඩ් කරන්..

  31. chamila

    thnks bro..

  32. දිල්ශාන් සචින්ත

    නියමයි සමන් අයියා...මමනම් ඉතින් දන්නවා.කවුරු මොනවා කිවුවත් උබනම් මේක ලොවෙත් අතාරින්නේ නෑ කියලා...ඉස්සරහට සබ් කරන්න ඔනිකරන ශක්තිය හා කාලය ලැබේවා...

  33. Manoj

    THanks bro

  34. chanuka

    Ela ela machan .... thanks ....... !!!

  35. Saketha Pulasthi

    සීසන් 2 එකනම් අපෙ ජෙරොම් අයිය බැහැල සුපිරියටම නග්ගල ගත්තනේ....මේකත් එහෙම වෙයි කියල හිතනවා..
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  36. ලහිරු ප්‍රසාද්

    ස්තූතියි සහෝ සබ් එකට.
    ආයෙ ඉතින් පට්ටම කතාව.
    අනිවා බලනවා. සුපිරි.
    ජය..

  37. TV Pissa

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ

  38. nisala udara

    lusifer and agent of sheld sub puluwan nan denna

  39. Thashila Rachithra

    උබ සබ් නොකලොත් කතාව බලලත් වැඩක් නෑ බන්.

  40. දිල්ශාන් සචින්ත

    niyami saman ayya kiyanna wachana na ithi..
    api dannawane ube sub gana.
    bohoma sthuthi.issarahatath demu mekata

  41. silent$

    Patttaaaaaaaaaaaaaaaaa

  42. Shan

    Tn Q Wewaa :D

  43. Gihan Iddamalgoda

    අද තමයි දැක්කෙ GOTHAM season 3 ආවා කියලා.
    එකයි comment 1ක් දන්න පරක්කු වුනෙ.
    ඔයා ඉක්මනටම සබ් දෙන හින්දා අවුලක් නැ.
    දිගටම සබ් දෙන්න සමන් අයියා. thanx 4 sub

  44. Piyum

    S3 E 2 awae bro.. sub ikmanta danna plz... thanks

  45. Ishara Ruchiranga

    Thankz broo...

  46. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Kaazz_bat

    අම්මෝ,. අන්තිමේදි ආවා,. බලාගෙන හිටපු දවස් ගාන මතක්ත් නෑ,. එල එලම බ්‍රෝ,. තෑන්ස් සබ් එකට,.

  48. Ruwantha Ratnayake

    can someone inbox me the torrent download links to season 3 E01,02 and 03

  49. madhawa ranasinghe

    gun power aketh sub dannakoooooo

Load more comments