Watch Trailer

Marco Polo (2014) [S02 : E07] with Sinhala Subtitles | අහිමි ආදරය… (18+) [සිංහල උපසිරසි සමඟ]

හයවන කොටසින්, කුබ්ලායි ෂැනඩු වෙත කෙළින්ම නොගොස් රාජකීය දඩයම් පිටියට ගිහින් තම ප්‍රධානීන් සමඟ විනෝද වෙන අතරේ අහමඩ්ගේ ආරාධනාවෙන් කයිදු තම මව සමඟ කැම්බුලැක් එනවා. කුබ්ලායිගේ මාළිගයේ වෙසෙන කයිදු තම අතීතය මතක් කරනවා. ඒ කුටුලන්ට ජීවිතය දීම සඳහා තමන්ගේ බිරිඳව කැප කරපු ආකාරය ගැන. මීට පෙර අවස්ථාවේ කුබ්ලායි…

Marco Polo-S2P2

හයවන කොටසින්,

කුබ්ලායි ෂැනඩු වෙත කෙළින්ම නොගොස් රාජකීය දඩයම් පිටියට ගිහින් තම ප්‍රධානීන් සමඟ විනෝද වෙන අතරේ අහමඩ්ගේ ආරාධනාවෙන් කයිදු තම මව සමඟ කැම්බුලැක් එනවා. කුබ්ලායිගේ මාළිගයේ වෙසෙන කයිදු තම අතීතය මතක් කරනවා. ඒ කුටුලන්ට ජීවිතය දීම සඳහා තමන්ගේ බිරිඳව කැප කරපු ආකාරය ගැන. මීට පෙර අවස්ථාවේ කුබ්ලායි කුරුල්තායි දිනාගත් විට ඔහුගේ මව තම වංශයෙන් පළිගත් ආකාරයත් කයිදුගේ මව පවසනවා. මේ අතරේ අහමඩ් අපේක්ෂා කළ අයුරින් නයන් කුමරු කුබ්ලායි හමුවීමට කැම්බුලැක් වෙත එනවා. අවසානයේ අහමඩ්, නයන්ට ලින්ග් ලින්ග් දීලා කුබ්ලායි ඛාන්ට එරෙහිව ඔහු හා කයිදු අතරේ එකඟතාවයක් ඇති කරනවා. හේවායෙකු ලෙස දකුනු චීනය බලා යන බියම්බා වෙඩි බෙහෙත් බැරල් පැටවු කරත්ත දැකීමෙන් ඒ පසුපස හඹා යාමට තීරණය කරනවා. අර්බාන් විසින් කුබ්ලායිට තෑගි දුන් අශ්වයෙක්ට හානි කරලා තිබෙනවා ජින්ගිම් හා මාර්කෝ දකිනවා. ඒ ගැන සැක කරන්නෙත් කයිදුව තමයි. නමුත් කුබ්ලායි නම් ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. තම පියාගේ වැඩපිළිවෙලට කුටුලන් අකමැති උනත් කුරුල්තායි වෙනුවෙන් ඕරස් සමඟින් තම පියා පසෙකින් සිටීමට ඇය තීරණය කරනවා. අහමඩ්ගේ සැලසුම එසේ සාර්ථක වෙද්දි කුබ්ලායි තම ප්‍රධානීන්ගේ කැමැත්ත තමා වෙතට හරවගන්නවා. නීල කුමරියත් නෙගුයිව අත හරින පාටක් නැහැ. සෑමවිටම ඇය පසුපස එනවා. මේ හේතුවෙන් ඇය වගේම චැබි ආර්යාවත් අපහසුතාවයට පත්වෙනවා. මේ කරදර නිසා මෙතනින් පලායාමට සුදානම්ව නෙගුයි මාර්කෝගෙන් සමුගැනීමට එනවා. ඒ වෙලාවේ දී තමයි නෙගුයි දැන ගන්නේ අශ්වයාට හානි කර තිබෙන්නේ තමන් විසින් බව. මාර්කෝ විසින් උමතුවෙන් හැසිරෙන නෙගුයිව චැබි වෙත ගෙනයනවා. කෙසේ නමුත් අවසානයේ නීල කුමරියගේ නැවත පැමිණීම නෙගුයිගේ සිතේ ඇති වූ මායාවක් බව පෙනී යනවා. මාර්කෝ විසින් නෙගුයිව තමා වෙතට ගෙන ඒම නිසා චැබිගේ සිතේ මාර්කෝ ගැන පැහැදීමකුත් ඇතිවෙනවා.

දැන් ඉතින් කතාව අවසානයට ළඟාවෙමින් තිබෙන නිසා ගැටළු ටික ටික ලිහන්නයි හදන්නේ. පහුගිය ටිකේ සියක් දෑස් නම් ටිකක් කණස්සල්ලෙන් හිටියේ. ළමා අධිරාජ්‍යයාගේ රැකවලාත් ඔහුව බලන්න ආවා. ඔන්න අද බලාගන්න පුළුවන් මේ දෙන්නා එකිනෙකා හඳුනන්නේ කොහොමද කියලා. “සියක් දෑස්“ විශේෂ කොටස බලපු අයට නම් මේ කතාව පහසුවෙන් ගළපගන්න හැකිවේවි. අහමඩ්, කයිදු, නයන් තුන්කට්ටුවේ සැලැස්මට අනුව කුටුලන් හා ඕරස් විශේෂ යමක් කරනවා. මේකේ ප්‍රතිඵලය ලැබෙන්නේ නම් කුබ්ලායිට. ඉතින් අහමඩ් සැලැස්මට වැඩ කරන අතරේ මෙයි ලින් කවුරුත් නොහිතන විදිහේ තීරණයක් ගන්නවා. ඊට අමතරව සුවිශේෂි සිදුවීම් ගණනාවක් වෙනවා.

Marco Polo on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

marco.polo.2014.s02e07.webrip.xvid-fum

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,040 downloadsDownload marco.polo_.2014.s02e07.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                  Next Episode >>

Subtitles

1,040 downloadsDownload Subtitles21 KB

14 comments

  1. Isuru Chamara

    THXXX SIS

  2. රයන් ද සිල්වා

    තෑන්ක්ස් සහෝදරී
    8 ත් හැකි ඉක්මනට දාමු

  3. කවීන් ලහිරු

    එලම සහෝදරී
    මේ කතාසමය ඉවර කරලම දාමු හොදේ…..

  4. මිතුල් ලක්ශිත

    එල පට්ට පදිරි…. ගින්දර…………….
    Thanks, සහෝදරී..!!!
    **ජය**

  5. උදාර දිල්ශාන්

    ස්තූතියි සජීවී සහෝදරී සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  6. කනිශ්ක ලක්මාල්

    නියමයි.. නියමයි..
    සබ් එකට ස්තූතියි..
    **ජය**

  7. ඩිලාන් හසිත

    :) බොහෝම ස්තූතියි :) සජීවි උපසිරැසියට….
    ෴෴ජයවේවා෴෴

  8. chamika

    thankz for sub

  9. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis.sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. mayura_lanka

    බො‍හෝ‍ම ස්‍‍තු‍ති‍යි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍ර‍ස‍ට ‍ජ‍ය‍වෙ‍වා ......

  12. suranuwan

    thanks.....

  13. Stranger

    thanks

  14. chinthaka.max4

    thanks machan